කොහොමද ඉතින් බයිස්කෝප් යාලුවනෙ. මම අහම්බෙන් නරඹපු චිත්‍රපටයක් තමයි Willow කියන්නෙ. නිකුත් වුන වර්ෂය 1988. Adventure,Fantasy චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය වෙලා තියෙනවා. IMDB 7.2 ඉහල අගයක් ලබාගෙන තියෙනවා. Willow රූපවාහිනී කතාමාලාවකුත් මේ වසරේ නිකුත් වීමට නියමිතයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Ron…

කොහොමද ඉතින් බයිස්කෝප් යාලුවනෙ. මම අහම්බෙන් නරඹපු චිත්‍රපටයක් තමයි Willow කියන්නෙ. නිකුත් වුන වර්ෂය 1988. Adventure,Fantasy චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය වෙලා තියෙනවා. IMDB 7.2 ඉහල අගයක් ලබාගෙන තියෙනවා. Willow රූපවාහිනී කතාමාලාවකුත් මේ වසරේ නිකුත් වීමට නියමිතයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Ron Howard.ඒ කියන්නෙ Angels and Demons, Inferno, In the heart of the sea, The davinci code, A beautiful mind වගේ ඉතා උසස් තත්වයේ චිත්‍රපට අධ්‍යක්ෂනය කරපු කෙනා.

සිංහල උපසිරස නැති නිසා මම හිතුවා අනිත් අයටත් බලන්නත් එක්ක උපසිරස කරන්න ඕනි කියල. වර්ෂය නම් ටිකක් පරණයි.ඒත් චිත්‍රපටක් වර්ෂයෙන් මනින එක නම් මම අනුමත කරන්නෙ නෑ. මොකද ඒ කාලෙයි අද කාලෙයි කියල වෙනසක් නෑ.

හොඳයි දැන් චිත්‍රපට පැත්තට යමු.

මේක ටිකක් Lord Of The Ring කතා වාලාව වගේ ටිකක්. ඒකට හේතුව මේ⁣ කතාවෙ කුරුමිට්ටො ඉන්නවා. මේ කතාවෙ මිනිසුන් වර්ග 3ක් ඉන්නවා. ඩයිකිනී, නෙල්වින්ස්, බ්‍රවුනිස්.⁣ ඩයිකිනී කියන්නෙ සාමාන්‍ය මිනිසුන්. නෙල්වින්ස් කියන්නෙ කුරුමිට්ටො , බ්‍රවුනිස් කියන්නෙ ගොඩක්ම පොඩි මිනිස්සු.

විලෝ කියන්නෙ නෙල්වින්ස් කෙනෙක්. පෙරනිමිත්තක කියවෙනවා අතේ සළකුනක් තියෙන ගෑනු දරුවෙක් ඉපදුනොත් ඒ දරුවා ලොකුවෙලා ඒ රටේ රැජින විනාශ කරල රජ වෙනවා කියලා. ඉතින් පෙරනිමිත්තතෙ විදිහට එහෙම දරුවෙක් ඉපදෙනවා.මේ කතාව රැජින දැනගන්න කලින් ඒ දරුවව දුර ඈතකට අරන් ගිහින් ගඟේ පා කරල යවනවා. ඒ යද්දි තමා විලෝට මේ බබාව හම්බවෙන්නෙ.

ඉතින් ඊට වඩා කියන්න යන්නෙ නෑ. කාලෙකින් බලපු ලස්සන කතාවක්. මාරම ලස්සනයි.

හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න කියලා.
එහෙනම් ආයෙත් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,533 downloadsDownload Willow.1988.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “‍ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

‍ලක්ෂාන්

Subtitles

2,533 downloadsDownload Subtitles44 KB

13 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක් මේකේ ට්වි සිරියස් එකත් ගෙන්න .

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Anonymous

    thanks

  4. indika 75

    thanks..

  5. Anonymous

    Dr strange sub dynko bn

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  9. Dewadithya

    Thanks for Sub!

  10. Udara Damith

    ela

  11. Anonymous

    Thanks Brother

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!