Watch Trailer

Da Vinci’s Demons [S01 E01] | අනුපමේයයි! අසමසමයි! උත්කෘෂ්ටයි! [සිංහල උපසිරැසි සමඟ]

“ඔහුගේ චින්තනය සහ පෞරුෂත්වය අපට පෙනෙන්නේ පරමෝත්තමයෙකු විලසින්, මේ මිනිසා එතරම්ම ගුප්තයි සහ අනාසන්නයි.” – කලා ඉතිහාසඥ Helen Gardner- ඔහුව හඳුන්වා දෙන්නට මීට වඩා හොඳ ප්‍රකාශයක් ඇත්තේ නැහැ. ඔහු එතරම්ම අනුපමේයයි! අසමසමයි! උත්කෘෂ්ටයි! බහුශ්‍රැතයි! අද දක්වාම මේ මිහිතලය මත විසූ අද්විතීය මහාප්‍රාඥයා ලෙස ලෝ…

DaVincisDemons_1920x1200_1“ඔහුගේ චින්තනය සහ පෞරුෂත්වය අපට පෙනෙන්නේ පරමෝත්තමයෙකු විලසින්, මේ මිනිසා එතරම්ම ගුප්තයි සහ අනාසන්නයි.” – කලා ඉතිහාසඥ Helen Gardner-

ඔහුව හඳුන්වා දෙන්නට මීට වඩා හොඳ ප්‍රකාශයක් ඇත්තේ නැහැ. ඔහු එතරම්ම අනුපමේයයි! අසමසමයි! උත්කෘෂ්ටයි! බහුශ්‍රැතයි! අද දක්වාම මේ මිහිතලය මත විසූ අද්විතීය මහාප්‍රාඥයා ලෙස ලෝකයක බුහුමන් ලබන්නේ ඔහුයි! ඔහු ඊට නිතැතින්ම සුදුසුයි. හේතුව; ඔහු “කි’කලෙක හෝ විසූ විශිෂ්ටතම සිත්තරා ලෙස පමණක් නොවෙයි, කි’කලෙක හෝ විසූ වඩාත් විස්තීර්ණතම හැකියාවන් සහිත තැනැත්තා ලෙසද සැලකෙන නිසා!” මෝනාලීසා/ අවසන් භෝජනය යන සිත්තම් දෙකම ඇති ඔහුගේ නම අමරණීය කරන්නට. නමුත් ඔහු එතැනින් නැවතුණේ නැහැ. ඔහුගේ විෂය පථය මේ ලොව මිනිසෙකුට ඔරොත්තු නොදෙන තරමට අති විශාලයි. ඒ වගේම ඔහුගේ සංකල්පයනුත් අති සුවිශේෂයි. එනිසාවෙන්ම වන්නට ඇති ‘ලොව බිහි වූ අද්විතීයම මහා ප්‍රාඥයා ලෙස අදටත් ඔහු සැලකුම් ලබන්නේ…’

ඔහු ලියනාඩෝ ඩා වින්සි(Leonardo da Vinci). වර්තමානයේ දී ඉතාලිය නමින් හැඳින්වෙන රටේ වින්සි කියන ගමේ ඉපදුණු මේ අනභිබවනීය මිනිසා ඔහුගේ කාලයට වඩා යුග ගණනක් ඉදිරියෙන් සිටි මිනිසෙක්. ලෝකයේ බිහි වූ අනර්ගතම චිත්‍ර ශිල්පීන් අතුරින් ඉහළම දක්ෂයෙක්. අදටත් විද්‍යාඥයන්ට විසඳිය නොහැකි අභිරහසක් බවට පත්ව තිබෙන මෝනාලීසා සිත්තම ඔහුගේ නිර්මාණයක්. මේ නිර්මාණය තරම් විද්‍යාත්මක පර්යේෂණවලට තුඩුදුන් වෙනත් කිසිදු කලාත්මක නිර්මාණයක් නැති තරම්. මෑතක කරන ලද අධ්‍යයනයකින් මේ චිත්‍රය නිර්මාණය කිරීම සඳහා ඩා වින්සි නැනෝ අණු භාවිතා කරගෙන ඇති බවට හෙළි දරව්වක් පසුගිය දිනයෙක ප්‍රකාශයට පත් කෙරුණා. මොනවා?? නැනෝ අණු?? ඔහු කොහොමද එවැන්නක් කළේ. නැනෝ තාක්ෂණය නූතන ලෝකයේ තාක්ෂණයක්නේ! ඇරත් තවමත් එය පවතින්නේ ළාබාල අවධියේ! එහෙනම් ඔහුගේ යුගයෙන් යුග සිය ගණනක් ඔබ්බෙහි වූ තාක්ෂණයන් භාවිත කරන්නට මේ මිනිසාට හැකි වුණේ කොහොමද? එය හුදු ඔහුගේ’ම දක්ෂතාවයද? නැතිනම් වෙනත් බාහිර බලවේගයකින් ඔහුට මේ කෙරෙහි යම් උත්ප්‍රේරණයක් ලැබුණාවත්ද? සිය මරණයෙනුත් වසර සිය ගණනකින් පසු ලොවට පහළ වන නවනිමැවුම්වල සටහන් ඇඳ තබන්නට තරම් ඔහුගේ මොළය තීක්ෂණ වුණේ කොහොමද?

ඔහු තමාගේ ඒ සංකල්පයන් ගැන සටහන් තබා ඇති බව ඇතැම්විට ඔබ දන්නවාත් විය හැකියි; ඇතැම්විට නොදන්නවාත් විය හැකියි! නමුත් ඔහු සිය සටහන් අතර; මුල්ම හෙලිකොප්ටර ආකෘතිය, යුධ ටැංකි ආකෘතිය, මැෂින් ගන් ආකෘතිය, සූර්ය බලශක්ති සංකල්පය, ගණක යන්ත්‍රයක ආකෘතිය, පරාවලයික මාලිමා ආකෘතිය, කාලතුවක්කු ආකෘතිය වැනි අරුම පුදුම අදහා ගත නොහැකි දේවල් සටහන් තබා තිබුණා. ඒ විතරක් නොවෙයි පැරෂූටයේ ව්‍යූහය/ ස්වර්ණමය චන්ද්‍රවංක පාලම් ව්‍යූහය/ ජවරෝදයේ ආකෘතිය වැනි ආකෘති සටහන් සිත්තම් කර තිබුණා. ඒ පමණකුත් නොවෙයි මිනිසුනට දිය මත ඇවිද යා හැකි උපකරණයක් ගැන පවා ඔහුගේ සටහන් අතර සඳහන් වුණා.

ප්‍රථම වරට මානව ව්‍යුහවේදය ගැන ගැඹුරින් විද්‍යානුකූල අධ්‍යයනයක් සිදු කරන්නේ ඔහුයි. මව්කුස තුළ දරුවෙකු පිහිටන ආකාරය/ මිනිස් සිරුරේ අවයව සැදී ඇති ආකාරය වැනි අධ්‍යයන සටහන් ඔහුගේ සටහන් අතර තිබුණා. මිනිස් හිස්කබලේ ස්වරූපය/ අවයව පිහිටන ආකාරය ඔහු පිරික්සුමට ලක් කළේ ව්‍යවච්ඡේදවේදය සම්බන්ධ අධ්‍යයනයකදී. එමතුදු නොවෙයි, ඔහු සතුන් හා මිනිසුන් අතර සන්සන්දනාත්මක අධ්‍යයනයන් ද සිදු කළා. භූගර්භ විද්‍යාවෙහි තතු සොයමින් මහාද්වීප ප්ලාවිතය යන සංකල්පයේ ප්‍රාථමික අදහස ඉදිරිපත් කළා. තෘණවිද්‍යාව/ සිතියම්වේදය/ ද්‍රවගති විද්‍යාව/ තාරකා ශාස්ත්‍රය/ රසවිද්‍යාව/ ජ්‍යාමිතිය/ මැවිසුරුවේදය/ යාන්ත්‍රණවිද්‍යාව/ යුධ ශිල්පය/ පියාසර විද්‍යාව/ සංගීතය විතරක් නොවෙයි අද වන විට සිනමාවේ මූලික සහ අත්‍යවශ්‍ය භාවිතයක් වන පර්යාලෝකය හෙවත් දෘෂ්ඨි කෝණය පිළිබඳවත් ඔහු අධ්‍යයනය කළා. ඔබ සැවොම දන්නා සුප්‍රසිද්ධම නිර්මාණයක් වන ගූඪධාරකය මතක ඇති Da Vinci Code සිනමාපටයෙන් දු‍ටු! එයත් ඔහුගේම නිර්මාණයක් තමයි.

ලොව මත මෙතෙක් විසූ ඉතාමත්ම පැතිරුණු දැනුමක් සහිත පුද්ගලයා ලෙස අදටත් ඇගැයුම් ලබන්නට තරම්, මෙතරම් එකිනෙකට වෙනස් ක්ෂේත්‍රයන් ගණනාවක් කෙරෙහි ඔහු දක්ෂතා දැක්වුවේ කොහොමද? එතරම් දැනුම් සම්භාරයක් ඔහු ලැබුවේ කොහොමද? පල්ලියේ දැඩි, කෲර බලපෑම් හමුවේ තම නවනිර්මාණකරණය ඉදිරියට ගෙන ගියේ කොහොමද? ඇවිදින විශ්වකෝෂයක් බඳු මිනිසෙකු වන්නට තරම් ඔහුගේ සුවිශේෂීත්වය කුමක්ද? තමන් ජීවත් වන අවධියට වඩා යුග ගණනක් ඉදිරියෙන් ඉන්නට ඔහු සතු වූ හැකියාව කොහින් ලැබුණිද? අදත් ලොව මවිත කරවන, අසාමාන්‍ය, ඇදහිය නොහෙන මෙවන් පෘථුල දැනුම් ගබඩාවක් බවට ඔහු පත් වුණේ කොහොමද? ඇතැමුන් කියන විදිහට ඒ යම්කිසි අදිසි බලවේගයක බලපෑමක් ද? ඒ බලවේගය කුමක් විය හැකි ද? ඒ දෙවියන් ද? යක්ෂයන් ද? පිටසක්වල ජීවීන් ද? නැතිනම් අනිකුත් මිනිසුන්ට වඩා ඉහළ ධාරිතාවයකින් යුතු ඔහුගේම මොළය ද?

මේ මස 12 දා සිට STARZ නාලිකාවෙන් විකාශය වීම ඇරඹූ මේ රූපවාහිනී මාලානාටකය ඔබ වෙත සිංහල සමග ගෙන එන්නට අප තීරණය කළේ මෙවන් මිනිසෙකු ගැන තැනෙන කතාවක් කුතුහලයත්, විමතියත්, ආකර්ෂණයත් අගතැන් පත් වූවක් බව අමුතුවෙන් නොකිව’මනා නිසා. ඒ වගේම වෙසෙසින්ම සඳහන් කළ යුතුයි මේ කතා මාලාවේ නිර්මාණකරු පිළිබඳව! Dark Knight-Trilogy/ Blade-Trilogy/ Ghost Rider-2/ The Unborn/ Jumper ඔහුගේ අතින් ලියවුණු ඒවා. ඒ වාගේම, ජූනි 14 තිරයට එන්නට නියමිත Man of Steel සහ දැනට ප්‍රතිනිර්මාණය කෙරෙන Godzilla රචනා වෙලා තියෙන්නේත් ඔහු අතින්මයි. The Unborn/ The Invisible/ Blade: Trinity ඔහුගේ අතින් මෙහෙයවුණු ඒවා. මේ කතා මාලාවත් ඔහුගේ අධ්‍යක්ෂණ කාර්යයක්! මේ විස්තරේ දුටුවහම’ම ඔබට තවත් උල්පන්දම් වුවමනා නෑ මේක බලන්ඩ. 😉

අද මේ ගෙනෙන්නේ මෙහි නියාමක කොටස. එහෙමනම් අද ඉඳන් ඉදිරියට, හැම සතියකම, මේ කතාවේ නවතම කොටස් සමගින් හමුවෙමු.

ඒ වගේම ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුභ නව වසරක් වේවා..!සුභ නව වසරක්

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි HDTV පිටපත් සඳහා  අදාළ වේ.

12,313 downloadsDownload Da.Vincis.Demon_.S01E01.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                                                                                 Next Episode >>

 

Subtitles

12,313 downloadsDownload Subtitles315 B

108 comments

  1. lasidu

    අලුත් අවුරුද්දේ පට්ටම එකක් දෙන්න පටන් ගෙන තියෙන්නේ,, ජයම වේවා ඒ වගේම සුභ නව වසරක් !

  2. hh

    patta patta machan elazzzzzz happy new year

  3. naleen

    thxxx meyka nam pattai.... wish u happy new year

  4. Anjalo Anushanga

    Ela Ela,Happy New Year

  5. ositha

    supiri,,,, suba nawa wasarak

  6. Shan ගමගේ

    අෆ්ෆට සිරි මාරම ටිවි සිරීස් එකක් නේ දීල තියෙන්නේ....බොහෝම ස්තුතියි හසත්න සහෝ.. :) :) :)

    ඔබටත් ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.......

  7. tharanga

    ජයම වේවා පට්ට පතුරු ඒ වගේම සුභ නව වසරක් !!!!!

  8. ccnp

    Thanks

  9. jana

    loweth supiri saho..

  10. shann

    පට්ට පට්ට මෙන්න කතා අනිවා බලනවා, සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

  11. wow

    wow,,, maru :D

  12. mihin ලංකා

    මැක්සා බන් ,, අවුරුද්දට හොදම පහරක් දිලානේ, නියමයි

  13. Dina

    හසන්ත (ස්පාටකස්) අයියා අලුත් වැඩකට අත ගහලා වගේ.. එල එල...මම මේක කොහොමත් බලන්නමයි හිටියේ හසන්ත අයියට පින් සිද්ද වෙන්න දැන් ඉතින් එලකිරි සහ ජලය වගේ බැලුවේකි..හසන්ත අයියා ඇතුලු බයිස්කෝප් එකේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....!!1

  14. prashanna

    hasantha aiyee maru a e wagema සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

  15. vee

    HAPPY NEW YEAR!!!

  16. chethiya

    super aiya

  17. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පට සිරි, ඇස්දෙකටම ඇඩෙනවා නේ.... පත විස්තරයක් නේ දීලා තියෙන්නේ,මටත් මටක් ඉස්කෝලේ යන කාලේ ඩා වින්සි ගැන ඉගෙන ගත්තා...හත්වලාමේ ඒත් මෙහෙම සීන් එකක් ගැන දැනගත්තේ අද නොවැ.... ඉතින් මේක නොබලා කොහොමද.... අව්රුද්දට නියමම තෑග්ගක් දීලා තියෙන්නේ....
    එහෙනම් ජය වේවා... ඔබ සැම සියලු දෙනාට සුභ නව වසරක් වේවා....

  18. Rashmika

    සුභ නව වසරක් වේවා හසන්ත සහෝටත් බයිස්කෝප් එකටත්!!!!!

  19. rusuru | රුසිරු

    මේක පට්ටටම එකක්,, අනිවා බලහල්ලා.. සුපිරි ඒ වගේ නව වසරට ආසිරි

  20. HarshA

    gr8 machan

  21. uda

    සේරටම කලින්; බයිස්කෝප් සිංහලෙන් වාසී සැමටත් ලක්වාසී සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා'යි ප්‍රාර්ථනා එක්කර සිටිනවා.

    නිසැකවම සහෝ, ඩා වින්සි කියන්නේ අදටත් නොවිසදුණු ලොකුම අභිරහසක්. ලොව බිහි වූ දා පටන් හමුවන අරුම පුදුමම මිනිසා'යි කිව්වත් වැරදි නැහැ මයෙ හිතේ! එතරම්ම ගුප්තයි, ශ්‍රේෂ්ටයි වගේම අනභිබවනීයයි. ඇත්තෙන්ම ඔහු විශ්වකර්මයෙක් තමයි.

    ඔහු තමන්ගේ පොත්වල සටහන් තබා තිබුණු ඇතැම් දෑ පසුකාලීනව අත්හදා බලන්නට යෙදුණා, ඒවා යම්තාක් දුරකට සාර්ථක බවත් හෙළි වුණා. ඔහුගේ හෙලිකොප්ටරයේ ක්‍රියාත්මක කරවිය හැකි ආකෘතියක් පවා නිර්මාණය කෙරී තිබෙනවා ඔහු සම්බන්ධ පර්යේෂණයන් කරන උදවිය අතින්! ඔහුට මේවා සැබැවින්ම නිර්මාණය කිරීමට තිබූ එකම බාධාව ඒවා එම යුගයට ඔබ්බෙන් තිබූ ඒවා වීමම තමයි. හේතුව අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගන්නට ක්‍රමයක් නොතිබීම. එසේ තිබියදී පවා ඔහු එතරම් දුරක් ගොස් තිබීම ඇස් උඩ ඉදුවන දෙයක්ම තමා :O

    ඉතින් එවැනි මිනිසෙක් ගැන තැනෙන කතාවක් සිංහල කරන්නටත් එය අපගේ මිනිසුන්ට සමීප කරමින් රසය විතරක් නොවෙයි දැනුමත් බෙදන්නටත් ගන්නා මේ වෑයමට බොහොමත්ම තුති සහෝ! ජයෙන් ජය!

    මීට වඩා හොද තේමාවක් ආයෙත් කාලෙකට එන එකක් නැහැ. අනිවා බලනවා.
    බයිස්කොප්පුවට ජයෙන් ජය! දිගටම කරන් යමු! :D

  22. chamath cafe

    නියමයි මචං අනර්ග වැඩක් !

  23. Dasaya

    බොහොම ස්තුති සහෝ

  24. දීනු

    ඔන්න එහෙනම් ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා සුභ පැතුවා. මේ අවුරුද්දත් අළුත්ම ෆිල්ම් බලන්න ලැබෙන පට්ටම පට්ට අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    මම මේක ඩවුන් කලේ ඊයේ, රාත්‍රියේම බලලා ඉවර කළා. දැන් සබ් තියෙන නිසා ආයෙත් බලන්න පුළුවන්. ස්තුතියි හසන්න සහෝ.... !!

  25. සයිලන්ට් හන්ට(ර්)

    අඩු සයිස් නැද්ද

  26. ositha

    maxxxaaa saho

  27. daham

    maru aiyee pissu hadei.. ane aiye taraha wenna epa mekata wagema godak asai spartacus ekata ane aiye ekath adapa puluwannam dipankoo balagena inne dan dawas 5k..... suba aluth auruddak

  28. කේ.යු.ජී.උදාර

    අලුත් අවුරුද්දේ හසන්ත අලුත් වැඩකට අත තියල තියෙන්නෙ.......
    සිංහල සබට බොහොම ස්තූතියි.
    හැමෝටම සුබ නව වසරක් වේවා!!!

  29. was

    නියමයි.... සහෝ සුපිරි වැඩක්.. :) ජය

    Happy NEW YEAR :P

  30. Pathan

    Thanx,
    Happy New Year........

  31. dananjaya prabath

    මේ වගේ science පැත්තට බර series දැං ගොඩක් අය බලත්ඩ කැමතියි.මේක පටන්ගත්ත එකට බොහොම ස්තුතියි.දිගටම අවසාන වෙනකම්ම කොටස් ටික දෙන්න.Wish u all the best and happy new year.

  32. thumula

    macho mama hithanne me awurudde palaweni comt eka mage hadawathinma suba pathanawa me gamana issarahatama yanna labenna kiyala hoda wada digatama karagena yanna labenna kiyala budu saranai suba nawa wasarak wewa

  33. ishara

    niyama wadak saho thxxxxx

  34. Ishara

    obatath subama suba nawa wasarak wewa

  35. ශාන් විමුක්ති [වීමා]

    අම්මටසිරි මේකට ඔයාම අතගහලනෙ, එල හසන්ත අයියා!
    අනිවා, ඩාවින්චි කියන්නෙ එක පැත්තකින් බැලුවම ටිකක් ගුප්ත කෙනෙක්.
    මම මේ ලගදි සගරාවක දැක්ක මොනාලිසා කියන්නෙ ඩාවින්චිගෙම රූපෙ කියල, මොකද එයාට තිබුනු පෙනුම ගෑනු කෙනෙක්ගෙ වගේලු, ඒක ඇත්ත්ද බොරුද කියලනම් දන්නෙ නෑ හැබැයි. කොහොම උනත් ඔයා කියනව වගේම ඔහු සෑම දෙයක් ගැනම වැඩිදුර හදාරපු කෙනෙක්, මම O/L වලට චිත්‍ර කලාව කෙරුවෙ. මට මතකයි අපේ චිත්‍ර සර් The Virgin and Child with St. Anne කියන සිතුවම ගැන ගොඩක් දේවල් කිවුව, ඒ සිතුවමේ තිබුනු හැගීම් සෑහෙන දුරක් විස්තර කලා, මයිකල් ආන්ජලෝගෙ සිතුවම් කලාවට ටිකක් සමාන ආකාරකින් තම්යි එයත් සිතුවම් කරල තියෙන්නෙත්. ඒ වගේම මෙයා විද්‍යාවට අදාල නිපදවීම් කරලත් තියනව, එයා සැලසුම් වලින් විතරක් නැවතිලා නෑ. තවත් එක්තරාසියල්ල දත්තෙක් කියල තමා කියන්න තියෙන්නෙ ඉතින්

    එහෙමනම් හසන්ත අයියා, ඔයාව තවත් අමාරුවේ නොවැටේවා ;) කියලත් කියන ගමන් උපසිරසියට වගේම අපි වෙනුවෙන් වෙන මහන්සියට බොහොම ස්තුතියි! :)
    ජය වේවා ඒ වගේම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!

  36. kalinga

    සුභ නව වසරක් සුපිරි කතා මාලාවක ඇරබුම. ජය

  37. srk

    happy new year macho, thanks for sub

  38. geeth

    pattahhhhh hiode

  39. “චූටී මල්ලි”

    සැමටම සුභ අළුත් ඇවුරුද්දක් වේවා !!!!!

  40. “චූටී මල්ලි”

    එල මචන්
    සිරාම කතාවක් වගෙ පේන්නෙ
    පෝස්ට් එකත් දිලා තියෙනවා ආයි බොක්කටම වදින්න
    එහෙනම් හැම සතියෙම දෙන්න මේක
    ඒ වගෙම හසෝ ඔයාට සුභ අළුත් ඇවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  41. පිස්සු පුසා

    සුබ අලුත් අවුරුද්දක් වේවා! දිගටම ඉක්මනට දෙන්න ලැබේවා!

  42. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  43. nadika

    supiri bro

  44. jina

    niyamaine.

  45. Amil

    හසියා TV සිරියස් එකක් දුන්නොත් ඉතින් පට්ටම එකක් තමයි.... සුපිරියි... ඇ...
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

  46. කැළුම්

    සුපිරිම තමා ආයෙත් අහලා.

    බයිස්කෝප් එකටත් සුභ නව වසරක් පතමි!

  47. isuraj

    ela ela hasantha iya supiri kathawak & suba aluth awruddak !!

  48. pubudusupun

    හසන්ත අයියේ ඔයාගේ ලිපිය නම් මාරයි. සබ් එකට බොහෝම ස්තුතියි.

  49. zumo man

    elaaa thnxzzzzz

  50. Amil

    මචෝ පුලුවනිනම් මෙන්න මේ කටත් සබ් දෙන්න බලන්න..
    Ancient Aliens

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.