ටිකක් පරක්කු වුණත් ඔන්න තවත් නවක මලයාලම් සිනමා අධ්‍යක්ෂකවරයෙක්ගේ කුළුදුල් සිනමා නිර්මාණය වුණ Jan-E-Man (2021) නම් අති සාර්ථක සිනමා නිර්මාණයට සිංහල උපසිරසි අරගෙනයි මම අදත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ගොඩ වැදුණේ. 2021 නොවැම්බර් 19 වෙනි දින තිරගතවීම ආරම්භ කළ Jan-E-Man සිනමාපටය Chidambaram S Poduval…

ටිකක් පරක්කු වුණත් ඔන්න තවත් නවක මලයාලම් සිනමා අධ්‍යක්ෂකවරයෙක්ගේ කුළුදුල් සිනමා නිර්මාණය වුණ Jan-E-Man (2021) නම් අති සාර්ථක සිනමා නිර්මාණයට සිංහල උපසිරසි අරගෙනයි මම අදත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ගොඩ වැදුණේ. 2021 නොවැම්බර් 19 වෙනි දින තිරගතවීම ආරම්භ කළ Jan-E-Man සිනමාපටය Chidambaram S Poduval ගේ කුළුදුල් අධ්‍යක්ෂණයක්. Basil Joseph (Joymon), Arjun Ashokan (Sampath), Ganapathi S Poduval (Dr. Faizal Khan), Balu Varghese (Monichan), Lal (Plathottathil Kochukunju) ඇතුළු අති දක්ෂයින් පිරිසක් මෙම සිනමාපටයට රංගනයෙන් දායක වෙනවා.

IMDb දර්ශක‍යේ 7.8/10 අගයක් වගේම 93% ක ඉහල ගූගල් පරිශීලක අගයක් හිමිවුණ මේ සාර්ථක නිර්මාණය මලයාලම් රසිකයින් මඟහැර නොගත යුතුම සිනමාපටයක් කියලත් මේ වෙලාවේ කියන්න කැමතියි.

මේ කතාව පටන් ගන්නේ ජොයිමන්ගෙන්. ‍ජොයිමන් කැනඩාවේ ජීවත් වෙන නර්ස් කෙනෙක්. ජොයිමන් තමන්ගේ 30 වෙනි උපන් දිනය කේරළයේ පාසල් මිත්‍රයෝ එක්ක සමරන්න තීරණය කරනවා. මේ උපන්දින සාදය පවත්වන්න තැනක් ලෑස්ති කරන්න භාරගන්නේ ජොයිමන්ගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක් වුණ ෆයිසල්. ෆයිසල් වැඩේ ලේසියෙන්ම ගොඩ දාන්න හිතාගෙන, පන්තියේ හිටපු තවත් යාළුවෙක් වුණ සම්පත්ගේ ගෙදර මේ සාදය පවත්වන්න තීරණය කරනවා. උපන් දින සාදය මහ ඉහළින් සමරන්න හිතාගෙන ජොයිමන්, සම්පත්ගේ ගෙදරට අඩිය තිබ්බ හැටියෙම සම්පත්ලගේ ‍ගෙදරට ඉස්සරහා ගෙදර වයසක මනුස්සයෙක් මැරෙනවා. උපන් දිනය සමරන්නම හිතාගෙන කැනඩාවේ ඉඳන් කේරළයට ආපු ජොයිමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙයිද?

උපන් දින සාදයක් අතරෙදි මළ ගෙදරක්. මේ කලබගෑනි අස්සේ මුණගැහෙන ජානේමන් (සොඳුරිය) කවුද? විවිධ මානසික මට්ටම් වල පුද්ගලයෝ රැසක් එකට ගැටෙන රස සාගරයක් වුණ මේ සිනමා පටයේ සුන්දර ජානේමන් ඔයාලට කතාවේ අවසානෙට මුණ ගැහේවි.

එහෙනම් තවත් උපසිරසියකින් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

3,836 downloadsDownload Jan-E-Man-2022.zip87 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,836 downloadsDownload Subtitles87 KB

28 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Anonymous

    Thanks for sub

  3. Sachindu

    Thanks a bunch

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request :
    Oruthee (2022) - IMDb

  5. Redrux

    Thnkz sis

  6. මයුර

    අවුරුද්දේ බලපු මලයාලම් කීපයෙන් ආස කරපු නිර්මාණයක්
    ගොඩක් ස්තුතියි අක්කේ සබ් එකට..

    1. Anonymous

      Jo and jo
      Jana gana mana malayalam film 2th supiri

    2. Romesh

      Oruthee 1ta sub dennako saho

  7. Kushan

    Sub akta thanks

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  9. Anonymous

    Patta

  10. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    ජය වේවා!!!

  11. Achintha Udayanga

    මේ වගේ චෝර ඒවාට නොදී දෙන්නකෝ ඩොක්ටර් ස්ට්‍රෙන්ජර්

    1. Anonymous

      Oruthee nam supiri. dr strange kele..

  12. Anonymous

    Ada tamilmv eke dapu aluthma malayalam movie ektath sub dennko

  13. Anonymous

    තෑම්ක්ස් බොම්කි❤️

  14. Idunil Weerasinghe

    Thanks sister

  15. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!

  16. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  17. Naveen

    උපසිරසියට තුති

  18. dulan

    ස්තුතියි !

  19. Manoj

    උපසිරසියට ස්තුතියි

  20. විමුක්ති

    මාරම ලස්සන කතාවක්,මලයාලම් ඩ්‍රාමා ෆිල්ම්වල අපේ ජිවිතවල සිදුවීමුත් ඕන තරම් අහුවෙනවා,හරිම තාත්විකයි සියල්ලම..බොහෝමත්ම ස්තුතියි මෙවැනි නිර්මානවලට උපසිරසි ගේනවට..ඉදිරියටත් මෙවැනිම ෆිල්ම්වලින් හමුවෙමු..

  21. Samith

    Thanks sister

  22. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී

  23. Neo

    Thanks sister
    Keep it up

  24. Oshada

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.