අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅසංක ප්‍රදීප් රණතුංගඑළචිත්‍රපටිතීරණය ඔබේපවුලේ සැමටබලන්නසංගීතමයසිංහල උපසිරැසිහින්දිෆැන්ටසි

Mubarakan (2017) with Sinhala Subtitles | මෙහෙමත් කසාද..? [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 58 votes.
Please wait...

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මගේ එකසිය එකොලොස් වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ මම. ඉතින් සාමාන්‍යයෙන් මම හින්දි උපසිරසි කරන්නේ නැ. ඒත් මේක මම ගොඩක් ආසාවෙන් හිටපු එකක් හින්දත් බාරගෙන තිබුන කෙනා ඒක ආපහු බාර දුන්න හින්දත් ආපහු උපසිරසි කරණයට එන්න හිත් ගත්ත චිත්‍රපටයක් හොයා හොයා හිටිය හින්දත් මේක නිර්මාණය කරා. අනික ඉතින් යුගල ලයින් 2500 වගේ පොඩි ප්‍රමාණයක් තිබ්බේ මේකේ. ඉතින් කොහොම හරි ඔන්න IMDb අගය 5.5 වෙන මෙම ලස්සන හින්දි චිත්‍රපටය දැන් ඔයාලට සිංහල උපසිරසි එක්කම බලන්න අවස්ථාව තියෙනවා. මට පොරොන්දු වෙලා කියන්න පුළුවන් පැය දෙකහාමාරක් පුරාවට ඔයාලගේ මුහුණේ සිනහවක් රඳවාගන්නා චිත්‍රපටයක් කියල මේක.

මෙම චිත්‍රපටය 2017 අවුරුද්දේ ජුලි මාසේ තමා තිරගත උනේ. අනිල් කපුර් , අර්ජුන් කපුර්, ඉලෙනා ඩි කෘස්, අතියා ශෙට්ටි වගේ ජනපිය තරු බොහෝ ගණනක් මේ චිත්‍රපටයේ රඟපානවා. ඒවගේම මෙහි තියෙන ගීත දෙකක් ඉන්දියාවේ අතිශය ජනප්‍රිය උනා.  ඒවගේම ඉන්දියානු රුපියල් කෝටි 55 වියදමෙන් නිර්මාණය කරලා කොටි 105 හොයන්න පුළුවන් වෙච්ච චිත්‍රපටයක් මේක. කතාව ගෙතෙන්නෙ නිවුන් සොහොයුරන් දෙදෙනෙක් ගේ චරිතේ ආදාළ කරගෙන.

මේ සහෝදරයෝ දෙන්න එකිනෙකට වෙනස්. එක්කෙනක් ලන්ඩන් වල ඉන්න අතරේ අනිකා ඉන්නේ පන්ජාබ් වල. දෙන්නටම තියෙන ගැටලුව තමන්ගේ පෙම්වතිය ගැන ගෙදරට කියන්න බැරි කම. ඉතින් මේක හින්දම ජරමර ගොඩක් වෙනවා. ඒවාට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ එයාලට නෑ කමින් මාම වෙන අමුතුම තාලේ පුද්ගලයෙක්. මම එහෙම කියන්නේ ඇයි කියල ඔයාලට චිත්‍රපටය බැලුවම තේරුම් ගන්න පුළුවන්, මට කියන්න පුළුවන් හොඳට හිනා වෙන්න පුළුවන් චිත්‍රපටයක් කියල විතරයි.

යන්න කලින් කියන්නම දෙයක් තියෙනවා. කොහොම හරි දින දෙකක් මහන්සි වෙලා ඔයාලට මේ චිත්‍රපටයේ උපසිරැසිය ගෙනාව. ඒත් ඉතින් දන්නවා හෙට පාන්දරම හැක් වෙච්ච විෂන් එකක් තියෙන ඒ කියන්නේ කරන්නේ මොනවද කියල දන්නේ නැති ජයග්‍රාහකයෝ කියා ගන්නා අය ඇවිත් මේ සබ් අරන් ගිහින් එයාලගේ සයිට් වල එයාලගේ ඒවා වගේ දාගන්නවා. ඉතින් කියන්න තියෙන්නේ බයිස්කෝප් අඩවිය ඒක හිඟන්නන්ට දුන්න පඬුරක් කියල හිත හදා ගන්නවා කියල. මොකද කොපි කරාට හොරකම් කරාට බයිස්කෝප් එකට ගැටළුවක් නැ. ඒත් ඉතින් හිරිකිත වැඩ කරන්න කලින් ආපහු හිතන්න කියල පොඩ්ඩක් කියනවා.

තව දෙයක්  මගේ මේ හින්දි චිත්‍රපටයකට කරපු දෙවන උපසිරසි ගැන්වීම හින්ද පොඩ්ඩක් ඔයාල බලල මට හොඳ නරක කියන්න. ගිහින් එන්නම්.

බුදු සරණයි…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/08/AsankaGAP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

35 thoughts on “Mubarakan (2017) with Sinhala Subtitles | මෙහෙමත් කසාද..? [සිංහල උපසිරසි සමඟ]

  • sadaruwan_kasun

    patta sub eka

    Reply
  • Yohan_Darshana

    උපසිරැසියට ස්තුතියි

    Reply
  • Madhawakasu

    Tnq brother ජයවේවා

    Reply
  • Pasindu Amanda Gunathilaka

    thanks Sahoo

    Reply
  • දමිත්

    බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට අසංක සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • godak pin bro wechchi mahanciyata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • DILSHAN KALINGA

    sabata thuthi saho…

    Reply
  • ආහ් අසංකයියා හින්දියක් කොරලා නොවැ.
    ලයින් 2500ක් වගේ පොඩි ගානක් නෙහ්. 😛
    උපසිරැසියට බෝම තුති.
    දිගටම සබ්‍ දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • Thanks for the subtitles

    Reply
  • kelum chathuganga abeysekara

    thanks

    Reply
  • සනිඳු ලක්ඛිත

    අසංක අයියා කාලෙකින් නොවැ සබක් කරලා තියෙන්නේ..බොහොම ස්තුතියි අයියේ.. බුදුසරණයි..ජය වේවා!

    Reply
  • Udara Damith B/K

    matanm kisi awulak dennunne
    thanks

    Reply
  • චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • Judwaa 2 ekata subtitle karanne nadda bn?

    Reply
  • ඔන්න ඊයෙම බා ගත්තා.
    ආයි ෆිල්ම්ස් එනවා නම් ඒ වගේ දැනුවත් කොරන්න ඕනෑ.
    ඉදිරියටත් මෙවන් නිර්මාණ කිරීමට ආසිරි ලැබේවා!

    Reply
  • Withanage Priyantha Dayakeerthi

    අසංක සොයුර, බයිස්කෝප් වෙබ් එක වෙනුවෙන් ඔබ කරන්නාවූ මහඟු සේවයට මාගේ ස්තුතිය!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *