Watch Trailer

Ok Jaanu (2017) with Sinhala Subtitles | මේ අපේ ආදරයයි.. (50) [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී, ඔන්න අපි එහෙනම් ආයෙමත් ලස්සන හිංදි කතාවකින් මුණගැහෙනවා. මේ කතාවත් එක්කම අද මගේ බයිස්කෝප් සබ් කෙරිල්ලේ පනස් වෙනි කඩයිමත් පහුකරනවා ඔන්න. කතාව ගැන කියන්න කලින් බයිස්කෝප් ජීවිතය ගැන කියන්නම් පොඩ්ඩක්. මොකද ඒක කම්මැලි උනාට රසබර කතාවක්. මුලදී වැඩිය ෆිල්ම් වලට ලැදි කෙනෙක් නම් නෙවෙ…

ok jaanu

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී, ඔන්න අපි එහෙනම් ආයෙමත් ලස්සන හිංදි කතාවකින් මුණගැහෙනවා. මේ කතාවත් එක්කම අද මගේ බයිස්කෝප් සබ් කෙරිල්ලේ පනස් වෙනි කඩයිමත් පහුකරනවා ඔන්න. කතාව ගැන කියන්න කලින් බයිස්කෝප් ජීවිතය ගැන කියන්නම් පොඩ්ඩක්. මොකද ඒක කම්මැලි උනාට රසබර කතාවක්. මුලදී වැඩිය ෆිල්ම් වලට ලැදි කෙනෙක් නම් නෙවෙයි. සති තුනකට ෆිල්ම් දෙකක් වගේ තමයි බැලෙන්නේ. යාලුවන්ගේන් ෆිල්ම් හුවමාරු කරගෙන වැඩේට හුරුවෙද්දී තමයි බයිස්කෝප් සයිට ගැන මුලින්ම දැනගන්න ලැබුනේ. සිංහල උපසිරැසියේ හදපු ඈයොන්ගේ නම් දැක්කට පස්සේ ආසාවක් ඇති උනා. ඒකාලේ තමයි මං හිතන්නේ ඇරෝ කතාමාලාව ආරම්භ උනේ. ඉස්සල්ලාම සබක් කරන්න ඕනි කියලා හිතුනෙත් ඒක බලද්දී තමයි. ඒත් සයිට් එකට යවන්නේ නැතුව මගේම රසවින්දනයට. ඒ විදිහට මගේ පළවෙනි උපසිරසෙ හදලා ඉවර වෙන්න සතියක් ගියා. පස්සේ ඒක දාලා යාලුවන්ට පෙන්නද්දී තමයි ආසාව වැඩිඋනේ මේක බයිස්කෝප් සයිටට දාලා රටම එක්ක බෙදා ගත්තනම් හොඳයි කියලා. එහෙම කියලා බයිස්කෝප් එකට පළවෙනි මේල් එක යැව්වා. යවලා පැයකට විතර පස්සේ පිළිතුරක් ආවා. ඒකෙන් සමීර චතුරංග සහෝ තමයි බයිස්කෝප් පවුලෙන් ඉස්සල්ලාම හඳුන ගත්තේ. පළවෙනු උපසිරසේ විදිහට Elite Squad :The Enemy within (2010) කියන ෆිලුමට සබ කරන්න පටන් ගන්නවා. බ්‍රසීල කතාවක් ඒවගේම ලයින්ස් තුන්දාස් ගානක් තිබ්බ නිසා ඒකෙන් තමයි තේරුනේ සබ් කිරිල්ල ලේසි වැඩක් නෙවෙයි කියිලා. සති තුනක් විදිහට ඕක ඇදගෙන යද්දී තමයි මගේ සමීපතම යාලුවෙක් වෙන රවිඳු තේනබදු සහෝ සබ් කරනවා කියලා දැනගන්න ලැබුනේ. පස්සේ උන්දැගෙත් උදව් අරගෙන කොහොම හරි බාලගිරි දෝසේ වගේ ඇදි ඇදී තිබ්බ සබ කෙටිල්ල ඉවර කරා. 2015 ඔක්තෝබර් 28 පළවෙනි සබ පළවෙනවා. සබ කෙටිල්ලේ අදහස නැතිවේගෙන යද්දී පළවෙනි සබට උදව් කරපු යාලුවා හිංදියක් කරමු කියලා යෝජනාවක් දැම්මා. බැහැ කියන්නත් බැරි නිසා මේකත් කරලම නවත්තනව කියලා හිතාගත්තා. ඔන්න ඒකත් කලා. සති කීපයකට පස්සේ කරලා තියන සබ් දෙකට කමෙන්ට් කියවද්දී ආයෙමත් අදහසක් ආවා. ඊට පස්සේ එක පෙලට ෆිල්ම් දෙකක් කරා. එපිසෝඩ් අඩුවෙන් තියන කතාවක් කියලා LUCIFER කරන්නම් කියලා ඉල්ලගත්තා. මොන ඉවරයක්ද ඒකේ? පනස් වෙනි සබ කොටද්දිත් තාම විකාශණය වෙනවා. ලුසිෆර් නිසා සතියට එකක් කෙරුනා. ඔහොම තමයි කොටි වලිගේ අතහැරිලා ආයෙමත් අල්ලගන්න සිද්ද උනේ. බයිස්කෝප් කතාවේ මේ දක්වා ආපු ගමනේ අදුරගත්ත, සහය දුන්න හොඳ කණ්ඩායමක් හිටියා. ඉඳලා හිටලා ලින්ක් එකක් එවලා මේක කරමු කියන සමීර චතුරංග සහෝ. සමීර සහෝගෙන් පස්සේ ස්ට්‍රේන්ජර් තින්ග්ස්, ලූක් කේජ් කරද්දී සෙට් උන ශාන් විමුක්ති සහෝ.

AZHAR (2016)/ DISHOOM (2016) කතා සෙට් කරලා දීලා අඳුරගත්ත බයිස්කෝප් ශාරුක් නොහොත් ආසිරි ප්‍රියන්ත සහෝ. මේල් එකක් යවලා සුටු ගාලා රිප්ලයි එවන දැන් විවේක සුවයෙන් ඉන්න සමීර කරුණාරත්න සහෝ, දයාබර ඇඩ්මින් මඩුල්ලේ හසන්ත වික්‍රමරත්න සහෝ, නලින් පෙරේරා සහෝදරයා. සයිට් එකේ බලකණුවක් වෙලා මතක ඇතුව නොවරදවාම කමෙන්ට් එකක් දාලා දිරිමත් කරලා යන රොයිලි ප්‍රනාන්දු සහෝ. හෙදියක් ලබන්න පිං කරලා තියන මේ දවස්වල මගේ උපසිරැසිම බැලෙන තිසර නියෝ සහෝදරයා, ඩීසී තමන්ගේ කියලා හිතාන මාවල් වලට ඇටෑක් කරන, මේ දවස් වල සයිට් එකේ 24 පැයේම වැඩ කරන පූසා නොහොත් සමන් ප්‍රසාද් සහෝ, ලුසිෆර් කතාමාලාව හිරඋනාම එපියක් දෙකක් කරලා වැඩේ ගොඩ දාලා දෙන ප්‍රණීත් චින්තක සහෝදරයා සහ ටීවී එපිවලින්ම ගේම ගහන ටියුබ් නොහොත් මදුකප්‍රිය සහෝදරයා, ස්ට්‍රේන්ජර් තින්ග්ස් කතාමාලාවේදී අඳුරගත්ත ප්‍රණීත් නාවඇල්ල සහෝ සහ දිල්ශාන් කාලිංග සහෝදරයා, ලූක් කේජ්, ලීජන් කරද්දී සෙට් උන චාමර සම්පත්සහෝ, ස්ටිකරයක් දැක්කම අචින්ත මදුමාල් සහෝ, ෆ්ලෑශ් ඇරෝ ඇදන් යන කවිඳු ගිම්හාන් සහෝ, දාර්ශනික මයුර සුරාජ් මහත්මයා, දනුශ්ව මැරුනත් අතහරින්නේ නැති සඳුන් දනුෂ්ක සහෝ, තවත් හිංදි කින්ග් කෙනෙක් වෙන තාරක නුවන් සහෝ, කොමඩි අතනොහරින ඉසුරු දිල්ශාන්,තව චමල් මල්ලී තව නම් සඳහන් නොවුන අය ඇති සමාවෙන්න කියලා කියන්න ඕනි.බයිස්කෝප් හවුලේ හැමකෙනෙක්ටම ස්තූති කරන්න කැමතියි. ඒවගේම අපේ සබ් බලන නොබලන, කමෙන්ට් කරන නොකරන රසික රසිකාවියන්ටත් බොහොම ස්තූතියි. ඔයාලා නිසා තමයි බයිස්කෝප් සයිට් එක හැමදාමත් දිනන්නේ.

ok jaanu WISH 1

කතාව පැත්තට ගිහින් බැලුවොත්, ඉන්න දෙන්නා ගැන හිංදි චිත්‍රපට බලන අය නම් නොදන්න එකක් නැතුව ඇතිනේ. ආශිකී ෆිල්ම් එකෙන් තමයි Shraddha kapoos සහ adithya Roy දෙන්නා ප්‍රසිද්ද වෙන්නේ. වැඩිපුරම ශ්‍රද්දා කපූර් ප්‍රසිද්ද වෙන්නේ ආශිකී කතාවෙන්. ඒ දෙන්නාගේ සාර්ථකත්වය දැකලා ඔන්න 2017 දී තව චිත්‍රපටයක් එනවා. OK JAANU. කතාවේ ප්‍රධාන චරිත දෙක තාරා සහ අදී. තාරා ගෘහනිර්මාණ ශිල්පිණියක් වෙන්න සිහින දකිනවා එතකොට අදී පරිඝණක ක්‍රීඩා නිර්මාණකරුවෙක්. මුලදී දෙන්නට දෙන්නා අඳුරන්නේ නැහැ. දෙන්නම මුම්බායි එනවා එයාලගේ රස්සා නිසා. තාරා ජීවත් වෙන්නේ එයාගේ පවුලෙන් ඈත්වෙලා. මොකද එයාගේ පොඩිකාලේ අම්මයි තාත්තයි දික්කසාද උනාට පස්සේ එයා තනියමමයි ජීවත් එන්නේ. ඒ නිසා ටවුමේ හොස්ටල් එකක තමයි ඉන්නේ. අදී ඉන්නේ මුම්බායි වල එයාගේ අන්කල් කෙනෙක්ගේ ගෙදර.වැඩි කතාවක් කියන්න වෙන්නෑ කතා රසය යනවනේ.

විශේශයෙන් කියන්න ඕනි මේක නිකුත් වෙලා කෙටි කලෙකින් තමයි ඉංග්‍රීසී උපසිරැසියක් නිකුත් උනේ. 100% ක්ම අංගසම්පූර්ණ නැහැ. දෙබස් බලබල තමයි දැම්මේ. තව සිංදුවලට උපසිරැසි යොදලා නැහැ, මොකද ආපු සබ් එකේ ලයින්ස් නැති නිසා. ලයින්ස් හදලා දාන්න පුලුවන් උනාට නිකුත් වුන ක්ශණිකයෙන්ම ගේන්න ඕනි නිසයි දැන්ම ගෙනාවේ. සිංදුවලට ඉක්මනින්ම ලයින්ස් යොදලා නැවත අප්ලෝඩ් කරන්න සලස්වන්නම්. මේ චිත්‍රපටයේ සංගීතම පැත්ත භාරගෙන තියෙන්නේ ඒ. ආර් රහමන්. ඉන්දියාවේ සුප්‍රසිද්ධ සංගීතවේදියෙක් කියලා දන්නවා ඇතිනේ. ඕකේ ජානු කතාව 2015 දී ආව O kadhal Kanmani යන දමිල චිත්‍රපටයේ හිංදි සංස්කරණය. හරි එහෙනම් තවත් වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. ඔයාලට කතාව බලන්න ඉඩ දෙනවා. ආයෙත් විශේශයෙන් ස්තූති කරන්න ඕනි බයිස්කෝප් පවුලේ හැමදෙනාටම මෙන්ම අපේ සබ් බලන ඔයාලට. ඔයාලා දාන කමෙන්ට් වලින් තමයි අපි තවත් උපසිරැසි කරන්න පෙළඹවෙන්නේ. එහෙනම් අපි ගියා. තවත් උපසිරසයකින් මුණගැහෙමු.

Bluray පිටපත් සඳහා ද උපසිරැසිය යාවත්කාලින කර ඇත.

OK Jaanu (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

OK Jaanu (2017) DVDRIP 1CDRIP x264 AAC ESub

www.TamilRockers.cm – OK Jaanu (2017)

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

11,405 downloadsDownload OK-Jaanu-2017-bluray-update.zip96 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

11,405 downloadsDownload Subtitles96 KB

77 comments

  1. NIMESH BUNNY

    100 demu ikmnatma sub ekta tnx

  2. Kasun Widusha

    Elama kolla .suba pethum.100 t gahamu senika aa.........ela tnx su ekata

  3. උදයා

    Eloo... thanx saho.100th gahamu good luck ... :)

  4. මධුකප්‍රිය පෙරේරා

    50වෙනි කඩඉමට උණුසුම් සුබපැතුම් සහෝ..
    ලිපියේ මාවත් මතක් කොරලා නොවෑ.තැන්කු තැන්කු ඒවාට..
    ඇත්තෙන්ම කිව්වොත් මම සහෝගේ සබක් මුලින්ම බැලුවේ
    මට මතක හැටියටනම් ලුසිෆර් කතාමාලාවෙන් තමා. උපසිරසියට
    සාධාරණයක් ඉෂ්ට කරන උපසිරසිකරුවෙක් කියලා හදුන්වන්න පුළුවන්.
    50වැනි කඩයිමට එන්න ටිකක් කල් ගිහින් තියෙන පාටයි.
    මිටවඩා ඉක්මනට 100 වෙනි කඩයිම පහු කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ලුසිපර් කතාවේ පිහිටෙන් ඒක කරගන්න ලැබෙයි කෝමත්.
    එහෙමනම් ඉස්සරහට තවත් වැඩි වැඩියෙන් උපසිරසි කරන්න අවශ්‍ය කාලය, ධෛර්යය සහ ශක්තිය නොමදව ලැබෙන්න කියා පතනවා.. ඔබට ජයෙන් ජය!

  5. SUN VIDEO

    thanks bro

  6. RAJ

    50 වෙනි උපසිරැසි කරණයට සුභ පැතුම් සහෝ!
    තව තවත් මේ වගේ අලුත් නිර්මාණ කරමු.
    ජය වේවා! :)

  7. Mayura

    හම්මට පනහත් ගහලා නොවැ මේකා. හදවතින්ම සුබ පතනවා එහෙනම්.වැඩි වැඩියෙන්ම සබ් කරන්න ලැබේවා. මාවත් මෙන්සන් කරාට තුති. දාර්ශනික..!! :D

    1. මධුකප්‍රිය පෙරේරා

      ඇරිස්ටෝටල් වගේ දැන් උන්නනම් මේවා දැකලා වහ කනවා..
      මූට දාර්ශනික කිව්වනේ හිටන්.. අනිවා මූ පගාවක් දීලා කියවගෙන තියෙන්නේ..

    2. සිසිත සමරතුංග

      නෙදකින් මූත් දාර්ශනිකයෙක්ද? අපිනේ දන්නේ මුගේ හැටි

    3. Mayura

      නෑ ලිංගික අල්ලසක් ඩුන්නා. ඇයි අවුල්ද??

    4. Chamal Perera

      මයූරයා දාර්සනිකයා කියලා තියෙනවා දැක්කාම මට ොළව පලන් යන්න හිතුනා

  8. Ravindu Rukshan

    50වෙනි උපසිරැසි කරණයට සුභ පැතුම් සහෝ!
    100 වෙනි කඩයිම පහු කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  9. Malindu Tharushan

    Sub 1kta thanks
    Raes(2017) and Kaabil (2017) sub 2kath puluwannan denna saho

  10. me

    Thanks

  11. Udara Damith B/K

    ඊයේ මැච් එකේ අසේල ගුණරත්න අන්තිම ඕවර් වල ගැහැවා වගේ සීය ගහන්ඩ වාසනාව ලබෙන්ඩ කියලා පතනවා

  12. Suu

    thank u very much
    and congratulation !!!

  13. යුශාන් පියුමාල්

    එල නියමයි මල්ලි 100 වෙනි උපසිරසත් ඉක්මණින්ම ගහමු 50 වෙනි උපසිරසට මගේ උනුසුම් සුබ පැතුම් මලයෝ ..

  14. Sajeevi

    50 වෙනි උපසිරැසියට සුභ පැතුම්....

  15. Amila Kaushalya

    thada saho jaya weva ikma 100 gahamu ehenam

  16. Chamal Perera

    50 වෙනි උපසිරසට මගෙන් සුභ පැතුම්... දිගටම උපසිරස කරන්න ලැබෙවා. මාවත් මෙන්සන් කාො.. තැන්ක් වෙවා.100 ගහමූ ලෙසටම අයියා.✌️✌️✌️

  17. Kulanjana Maduranga

    welldone....Great work & Lot of thanks YASIRU saho.wish u'r great future.....

  18. එල්.සී. දමැල්

    50ට හදපිරි සුභ පැතුම් යසිරු සහෝ...
    මේක බලන ලිස්ට් එකට දානව ඔන්න...
    ස්තුතියි...
    තවත් උපසිරසකින් හමුවෙමු!

  19. asitha

    Thank YOU bro and congrats!!!

  20. thisal

    50 වෙනි උපසිරසට සුභ පැතුම්

  21. Sumal

    Thanks. Apen suba petum.tawath 50k gahamu ikmanatama.

  22. අසංක ප්‍රදීප් රණතුංග

    පනස් වන උපසිරසියට සුබපැතුම් සහෝ.

  23. දිල්ශාන් සචින්ත

    පනස්වෙනි සබට ස්තුතියි සහෝ සීයටම යමු.ජය වේවා

  24. ආසිරි ප්‍රියන්ත

    එල එල යසී,
    කිව්වගමන් ගේම ගහන ඩයල් එකක් නේ..
    දෙයියනේ කියලා පනහත් ගැහුවේ..
    එහෙනම් උණුසුම් සුභ පැතුම් හොදේ..
    දීලා තියෙන ටෝක් එකට රු 150 දුන්නා මදී කියලත් හිතෙනවා අප්පා.
    ජයවේවා!!

  25. රයන් ද සිල්වා

    සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
    50 වෙනි කඩයිම පහු කරන්න ලැබීම ගැන සතුටුයි සහෝ
    100 ත් හැකි ඉක්මනින් ගහමු කොල්ලෝ
    (Lucifer කොහොමහරි ඇද ගෙනයනවට ගොඩාක් ස්තූතියි ඈ)

  26. ranga

    50 kara kiyala uba kathandara kiyan nathuwa film eka gana kiyapan.ekath gon film ekak 50 ta dila thiyenne. hoda dilm ekak deepan mewage sihithi athal dene nathuwa

    1. Devaka Sadaruwan

      ඒක ගොන් නම් ඔයා බලන්නේ නැතිව ඉන්නකො මහත්තයෝ... බලන අය බලයි. ඔයාට ඕන එක ලියන්න ඔයා පඩි දිලා තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙනේ
      පැය ගානක් මහන්සි වෙලා අරගෙන එන එකට වචනයකින් ස්තුතියක් දෙන්න බැරි මහත්වරැ මෙහෙම කමෙන්ට් එකක් දානකොට අඩුම තරමේ ෆේස් බුක් එකවුන්ට් එකෙ⁣න්වත් ඇවිත් කියන්නකො
      ඒකටත් කොන්ද පණ නැ.
      සබ කරලා තියෙන්නෙ උ නම් ඔයා මොකටද වේදනා ගන්නේ එපා නම් නොබලා ඉන්න මහත්තයෝ

    2. Ashan

      Ranga uba harakek ban

    3. Chalana Rukshan

      lol oi uba nan puluwan nan tv series epiyakata sub ekak korala pennapan eke amaruwa therenna... thnx bro for sub...

  27. Chamith Ranreka Nilaweera

    50 වෙනි උපසිරසට සුභ පැතුම්

  28. අසේල ගුණරත්න

    උපසිරැසියට තුති. මම මේකේ Tamil version එක බලපු නිසා මේක නම් බලන්න හිතෙන්නෙ නෑ. බලන්න වෙලාවකුත් නෑ මැච් නිසා. මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනත් හොඳ බයිස්කෝප් රසිකයෙක්.සුබ පතනව.හෙට මැච් එකෙත් මං හොඳට සෙල්ලම් කරන්න හිතාගෙන ඉන්නෙ. ඒකෙන් පස්සෙ IPL. මුම්බායි ඉන්දියන්ස් team එක මාව තෝරගෙන. ලොකු සතුටක් ඇත්තටම.දිගටම අපේ ටීම් එකත් එක්කම ඉන්න දින්නත් පැරදුනත්. ඒක තමා අපිට ලොකුම හයිය. Baisecopelk වෙබ් අඩවියට සුබ පතනව.

    මම අසේල ගුණරත්න

  29. harsha priyankara

    Mata meke kisima filme ekak downlod karana ba ..sub witarai puluwan

  30. Harsha Priyankara

    Mata kisima filme ekak downlod karana ba ai e ..sub witari downlod karana puluwan

    1. Udara Damith B/K

      බයිස් කෝප් එකේ ෆිල්ම් දෙන්නේ නෑ
      උපසිරස විතරයිනේ දෙන්නේ.

  31. Thisara j De silva

    ඇත්තටම පටිට bro.....බල්ලෝ බුරයි...කදු නොසැලෙයි...best of luck

  32. ලහිරු ප්‍රසාද්

    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා සහෝ.
    මේ වගේම ඉදිරි කඩයිම් වලටත් යන්න ලැබෙන්න ඕන.

    ජය වේවා!!

  33. තරිඳු රසාංග

    50වෙනි උපසිරැසියට සුභ පතනවා සහෝ !

  34. Thisara Neo

    50ට සුබපැතුම් සහෝ....100 කඩයිමටත් ඉක්මනටම යන්න සුබ පතනවා....
    මාවත් මතක් කරාට ස්තූතියි... හැබැයි බාගෙට මඩක්ද මන්දා ගහල තියෙන්නේ. හෙ හේ..

    ජයවේවා....

    #Hail_Hydra

  35. isuru

    50වෙනි කඩයිමට සුභ පැතුම් යසිරුවෝ!!
    මේක අනිවා බලන්න ඕනේ..ලිපියේ මාවත්
    මතක් කලාට ස්තූතියි..එහෙනම් 100ටත් යමු ඈ.!!
    ජයවේවා!!

  36. ලහිරු චානක

    සුබ පැතුම් යසිරු සහෝ... ජය වේවා...!!!

  37. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  38. deshi

    පනහට සුභ පැතුම් සහෝ

  39. සචිත් ලක්ෂාන්(සචී)

    50වෙනි උපසිරසියට සුභ පැතුම් යසිරු අයියේ
    100වෙනි එකටත් ඉක්මනටම යමු
    ජය වේවා....

  40. දහරා මුතු අමා

    50 ට සුබ පැතුම් යසිරු

  41. Sisila Prasad

    පනස් වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා සහෝ.
    මෙතනින් නොනැවතී, ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින්ම යන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජයවේවා!!!

  42. Tharindu TD

    congratulations for your 50th subtitle & thank you very much for Your service.

  43. සමන් ප්‍රසාද්

    අඩෝ එහෙනම් මුල්ම උපසිරසි කඩයිමට හදවතින්ම සුභ පතනවා...!!!
    ඊළඟ කඩයිමත් ඔහොම්මම ගහන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
    මාව මතක් කලාටත් ස්තූති වේවා...!!!
    ජය වේවා...!!!

  44. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
    හරියටම Comment 50 සහෝ මං comment එක දානකොට.. ඔන්න එහෙනම් 51 වෙනි comment එකෙනුත් 50 වෙනි උපසිරැසට හදවටින්ම සුබපැතුම් සහො.. අපි වෙනුවෙන් කරන සේවයට බොහොම ස්තුති වගේම ඉදිරියටත් උපසිරැසි ලබා දෙන්න සහෝ..
    බුදුසරණයි..ජය වේවා..!

  45. Damith

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට!!!

  46. රොයිලි

    උණුසුම් සුබ පැතුම් යසිරු මලේ. සෙල්ලම් නෑ දැන් අර්ධ ශතක ලාභියෙක් එහෙනම්. මෙතනින් නොනැවතී හැකි ඉක්මනින් 100 ට යන්න ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  47. jaanU

    සබට ස්තූතියි සහෝ. ඒවගේම පනස්වෙනි උපසිරැසියට ස්තූතියි. ජය වේවා..!

  48. Chämàrá Sâmpáth

    50'වැනි කඩයිමට සුභපැතුම් ඩෙවිල් aka ලූසි.
    උබේ ඉතින් සබ් කිරිල්ල මට අහු උනේ ලූසිෆර් එකෙන්. ඊටපස්සේ ඉතින් ගණනාවකින් උපසිරැසි දැක්කා වගේම හොදට රසවින්දා.
    කඩයිමට එන්න ප්‍රමාද වුනාට මොකෝ අවංකවම උබේ උපසිරැසි අපේ ඒවාට වඩා සුපිරි.
    මිට වඩා ඉක්මණින්ම 100 වැන්නට ලගාවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
    මාවත් ලිපියේ මතක් කලාට ගොඩක් ස්තුතියි.
    උපසිරැසියට තුති. ජය!

  49. විමා

    මුලින්ම උබේ පලවෙනි කඩයිමට සුභපතනවා
    ඒ වගේම දෙවනියට කියන්නේ මේ වෙනකොට දෙවැනි කඩයිමේ ඉන්න ඕන කෙනෙක් සැහෙන ප්‍රමාදයි :P
    මාවත් මතක් කරලා තියෙන්නේ, බොහොම ස්තුතියි
    එහෙමනම් මේ කරන වැඩේ මෙතනින් නවත්තන්නේ නැතුව තව කඩයිම් පහ හයක් වෙනකම් කරගෙන යන්න ශක්තිය ධෛර්ය කාලය ලැබෙන්න කියල පතනවා, ඒ වගේම කර කියන වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලත්.
    ජයෙන් ජය මචං

  50. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා,...

Load more comments