Overdrive (2017) with Sinhala Subtitles | මාරක ධාවනය! [සිංහල උපසිරැසි සමඟ]
අපි හැමෝම ජීවත්වෙන්න එක එක විදියේ රස්සා කරනවා. සමහරු සාධාරණ විදියට රස්සාවක් කරලා තමන්ගේ පාඩුවේ ජීවත්වෙනවා. තවත් සමහරු අසාධාරණ විදියට වැඩ කරලා ජීවත්වෙන්න උත්සාහ කරනවා. ෆෝස්ටර් සහෝදරයෝ දෙන්නත් ජීවත්වෙන්න රස්සාවක් කරනවා. හැබැයි අයිති වෙන්නෙ අන්තිමට කියපු කාණ්ඩයට. අනුන්ගේ දේවල් අරගෙන තමයි ජීවත්වෙන්නෙ. ඒත්, මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. මෙයාලා හොරකම් කරන්නේ වාහන විතරයි. වාහන වලිනුත්, බොහොම කැමැත්තක් දක්වන්නේ කාර් හොරකමට. නිකන්ම නිකන් කාර් නෙමෙයි. සුප්‍රකට සමාගම් වලින් නිෂ්පාදනය කරන ලද, අතිශය දුර්ලභ මෝටර් රථ. තමන්ගේ ජීවිතය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව, ඕනෙම අවදානමක් බාර අරගෙන, මේ හොරකම් කිරීමේ කර්තව්‍යය සඳහා මේ අයියා මලෝ දෙන්නට තියෙන්නේ පුදුමාකාර දක්ෂතාවයක්. වාහනය අයිති කෙනා ගැන කිසිඳු වගේ වගක් නැහැ. වාහනය පැහැරගන්න ඕනේ වුණා නම්, කොහොමහරි පැහැරගත්තා. මේ තමයි මෙයාලගේ ක්‍රියා පිළිවෙල.
මේ විදියේ තවත් මෝටර් රථයක් මංකොල්ලකන්න තමයි මෙයාලා දෙන්නා සූදානම් වෙන්නෙ. එසේ මෙසේ වාහනයක් නෙමෙයි. වර්තමාන වෙළඳපොල මිල ඇමරිකානු ඩොලර් මිලියන 41ක් වෙන, 1937 වර්ෂයේ නිෂ්පාදනය කරන ලද බුගාටි මාදිලියේ 57 SC ඇට්ලාන්ටික් රථයක්. ලෝකෙටම මේ වගේ මෝටර් රථ දෙකයි තියෙන්නේ. හිතුවා විදියටම වාහනය පැහැරගත්තත්, අන්තිමේදී සිද්ධවෙන්නේ නොහිතපු විදියේ දෙයක්. මෙයාලා මේ පැහැරගැන්නේ, අතිශය දුර්ලභ මෝටර් රථ එකතු කිරීම විනෝදාංශය කරගත්තා වූද, ව්‍යාපාර තුලින් මර්සීල් නගරය සිය අණසකට යටත් කරගත්තා වූද, කිසිඳු හිතක් පපුවක් නොමැති දරුණු ව්‍යාපාරිකයෙක් සතු මෝටර් රථයක්. කොට්ටෝරුව හැම ගහටම කොට කොටා ගිහිල්ලා, කෙහෙල් ගහට කොටපු දවසට තමයි අමාරුවේ වැටෙන්නේ. මෙච්චර කාලයක් තිස්සේ අනිත් අයගේ වාහන හොරකම් කරපු මේ සහෝදරයෝ දෙන්නා අන්තිමට පැටලුනේ දරුණුම පුද්ගලයෙක් එක්ක. ජීවිතය බේරගන්න නම් එකම එක ක්‍රමයක් ඉතිරි වෙලා තිබුනේ. මේ පුද්ගලයාගේ ඉල්ලීමට එකඟවෙලා, වෙනින් පුද්ගලයෙක් සතුව තිබෙන්නා වූ, අතිශය දුර්ලභ 1962 ෆෙරාරි 250 GTO මෝටර් රථයක් හොරකම් කරලා ගෙනත් දෙන එක. කවුරු ලඟද මේ වගේ මිල කල නොහැකි මෝටර් රථයක් තියෙන්නේ?
මැක්ස් ක්ලේම්ප්! මැක්ස් ක්ලේම්ප් තමයි බටහිර බර්ලිනය පාලනය කරන තුන්වෙනි පරම්පරාව. බොහොම ධනවත් පවුලක ඉපදුණු කෙනෙක්. ඒ වගේම, මුළු පවුලටම ඉන්න අති දක්ෂයා. කොච්චර දක්ෂද කියනවා නම්, මියුනිච් විශ්ව විද්‍යාලයෙන් තමන්ගේ MBA උපාධිය කරන්න පටන්ගත්තා. හැබැයි විශේෂත්වය තමයි, මේ උපාධිය කරන අනිත් හැම කෙනෙක්ටම වයස අවුරුදු 22 වුනත්, මැක්ස් ක්ලේම්ප්ගේ වයස ඒ වෙනකොට අවුරුදු 15යි. අවුරුදු විස්සේදී එයා ඔප්පු කරලා පෙන්නුවා එයාට දක්ෂකම තියෙන්නේ ගණන් වලට විතරක් නෙමෙයි, තමන්ටම ආවේනික ආකාරයට පවුලේ ව්‍යාපාර කරගෙන යන්නත් හැකියාව තියෙනවා කියලා. අවුරුදු තිහ සම්පූර්ණ වෙද්දී මේ සාහසික මොලකරුවට තම පියාණන්ගෙන් උරුමය ලැබෙනවා. ඒ වගේම, ඒක සමරන්න පියාගෙන් ඔහුට සුවිශේෂී තෑග්ගක් ලැබෙනවා. ඒ තමයි, ඉහත කියපු 1962 ෆෙරාරි 250 GTO මෝටර් රථය. වර්තමාන වෙළඳපොල අගය ආසන්නව ඇමරිකානු ඩොලර් මිලියන 38යි. ලෝකෙටම තියෙන්නේ එකම එක කාර් එකයි. මේ මෝටර් රථය තමයි මැක්ස් ක්ලේම්ප් සතු වටිනාම වස්තුව වන්නේ. වෙනත් වචන වලින් කියනවා නම්, ඔහු සතු උරුමය මෙයයි.
පැරණි දුර්ලභ මෝටර් රථ එකතු කරගැනීම විනෝදාංශය කරගත් දරුණු ව්‍යාපාරිකයෙක්… අතිශය සූක්ෂම මොලයක් සහිත, උපතින්ම ධනවත් වූ සාහසික ධනවතෙක්… මේ සියල්ල අතරේ ජීවිතයත් මරණයත් අතර තරඟයක නියැලෙමින් මෝටර් රථයක් සොරකම් කිරීමට උත්සාහ කරන්නා වූ සොහොයුරන් දෙදෙනෙක්! මොවුන්ගේ ඉරණම කෙසේ විසඳේවිද?
ඔන්න එහෙනම් Sniper: Ultimate Kill (2017) චිත්‍රපටිය දීලා දවස් දෙක තුනක් යද්දීම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මෝටර් රථ වලට ප්‍රියකරන, මෝටර් රථ වලින් සිදුකරන බොහොම ත්‍රාසජනක ක්‍රියා වලට කැමති අය අනිවාර්‍යයෙන්ම බලන්න ඕනේ චිත්‍රපටයක් කියලා නිර්දේශ කරනවා. බොහොම කළාතුරකින් දැකබලා ගන්න අවස්ථාව ලැබෙන, මිල කල නොහැකි දුර්ලභ මෝටර් රථ රාශියක් මෙමෙ චිත්‍රපටයෙන් දැකගැනීමට වරම් ලැබෙනවා. 2017 වර්ෂයේ අගෝස්තු මස 11 වනදා මහා බ්‍රිතාන්‍යයේදී නිල වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත්වෙන මෙම සිනමා නිර්මාණය, යූරෝ මිලියන 24 කට අධික ධනස්කන්ධයක් වියපැහැදම් කරමින් නිෂ්පාදනය කරන ලද දැවැන්ත නිර්මාණයක්. එමෙන්ම, Action, Adventure, Thriller යන කාණ්ඩ නියෝජනය කරන්නා වූ මෙම සිනමා සිත්තම, මේ වන විට IMDB දර්ශකය තුල 5.3 ක අගයක් ලබාගෙන තිබෙනවා. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ, 2018 වර්ෂයේ නිකුත්වීමට නියමිත Pacific Rim Uprising චිත්‍රපටය, The Fate of the Furious (2017), Suicide Squad (2016), Snowden (2016), The Longest Ride (2015), Fury (2014) ආදී දැවැන්ත නිර්මාණ තුලින් ප්‍රේක්ෂක ඔබ හමුවට සපැමිණි Scott Eastwood සමගින්, Blade Runner 2049 (2017),War Dogs (2016) ආදී චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ සුරූපී Ana de Armas විසිනි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Arrow, Scorpion, Legends of Tomorrow, The Flash, The 100 වැනි රූපවාහිනී කතා මාළා අධ්‍යක්ෂණය කරන ලද Antonio Negret විසින්. චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ, Taken (2008) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද Pierre Morel විසින්. චිත්‍රපටයේ කතාව රචනා කරනු ලබන්නේ, ඉදිරියේදී තිරගතවීමට නියමිත Wanted 2 චිත්‍රපටය රචනා කරන්නා වූද, 2 Fast 2 Furious (2003) චිත්‍රපටය රචනා කරන ලද්දා වූද, Michael Brandt සහ Derek Haas විසිනි.
එහෙනම්, අරගෙනම බලන්න. පොඩි හරි සැකයක් තියෙනවා නම් ඔහොම්මම පූර්ව ප්‍රචාරක පටයත් නරඹලාම ඉන්නකෝ. පුරා හෝරා එකහමාරක් මුළුල්ලේ කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සිනමා නිර්මාණයක් කියලා සහතික කරලා කියනවා.
එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL සහ BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 25303 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SisilaPrasad.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!
Thanks for the subtitles
thanks
Thank you!
thanks mcnz
Ela film ekak bn thanks sub ekata
thanks
thanks bro..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…ජය…!!! 😀
Keep it up>Thnks FOR THE SuB
thanx sub ekata
සබ් එකට බොහොම පින් සහෝ
tnx bro!!
bohoma sthuthi saho..!
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
4EAA6363CB4557BDF80D0749DA3ACD9D1AE26704 Overdrive 2017 720p BRRip 700 MB – iExTV
Tnx
thank you sisila ayya sub eka supiri kis aulak ne
keep it up good luck saho
jaya wewa !!!
මෙක සුපිරි මුවි එකක් සිසිල සහෝදරයා .. පොඩි රෙට් උනත් සුපිරි ෆිල්ම් එකක් අසාවෙන් බලන්න පුළුවන් කම්මැලි නැතුව. Film eka baluwa sb eka සුපර්
meke torrent link eka dennako plllzzzz
උපසිරැසියට ස්තුතියි සහෝ..
ජයෙන් ජය.
සබ් එකට තැන්ක්ස්!!!
Overdrive film eka download krnna link ekak dnnko
දෑන් සරල බාසාවෙන් සබ් කරන එකට තෑන්ක්ස් මචන් 😀
thanks sisila saho
obata jaya
Thank you saho sub akata..
Best of luck….
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Cars 3 web dl eke sub eka taama naa needa??
Ikman karala daanna puluwanda??
Movie ekanam patta..sub ekath niyamata thibba.
Thanks
5 Star for sub…
Godak sthuthi saho!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!
Thank you
sub ekata thankzz bro
tnx broooooooooo
thanxx bro………….
Thankz bro
සිංහල උපසිරසි වලට තුති…
බොහොම ස්තුතියි..
thankz..
බොහොම ස්තූතියි සිසිල සහෝ.
mata me sub eka download wenne ne. Page not found kiyala watenawa. oya download karagaththu sub eka mage mail ekata ewanna puluwanda saho…
[email protected]
thanks machn
Thnx…. broooo
Thanks saho…!
sub ekata thank saho.. jaya wewa!!
සබ් එකට තෑන්ක්ස්..ඒත් ඇයි බං අර 80 උපසිරසේ කියලා බැනර් එකක් යන්නේ.එහෙම යනකොට ෆෝන් වලින් ෆිල්ම් බලන අපිට බලන්න බෑනේ බං.ෆ්ල්ම් එක පුරාවටම අම්මා,අප්පා මතක් කර කර තමා බැලෙන්නේ.අනික ඕක 80 කියලා එක පාරක් දැම්මාම ඇතිනේ බං.
ubage kathava nam sahathika attha ban.hama video ekak ivaravenakotama screen eka vahenna akuru godai.film ekaka antima tika thamai hodama,ai ehema danne.patan ganna kota vitharak damma nam pramanavath kiyalai balana hamotama hithenne
niyamai,,,,,,,,,jayawewa
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
thanks bro sub akata!!jaya wewa!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරි ෆිල්ම් එකක් වගේ…
Mr. Little nobody නේ ඉන්නේ…
niayamai…me wge filumak nobala kohomada?aniwa bamak thama.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks………….
Sub ekata thanx
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
******************බුදුසරණයි******************
oyala nethnam api film ekak balalath iwarai.. tnx bro sub ekata……
Thanks
thanks brrrrrrrrrrrrooooooooooooo
එල
කිරී
නොවේ
පිටි
කිරී
පට්ට මචං සබට තෑන්ක්ස්. 😀
#Hail_Hydra
Sub aka nahane
thanks macho
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.
ජය වේවා…!!!!
Good work friend, Thanks!
Thank u sisila bro sub ekata…
elama saho thanks
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
බොහොම ස්තුතියි සහෝ
හම්මේ නියමයි සිසිල..
මේ වගේ එකක් නම් අතාරින්නේ කොහොමද? 😛
දිගටම සබ් දෙමු ආ..
ඔබට ජය!
බොහොම ස්තුතියි සහෝ මේ වගේ එල movie වලට sub දෙනඑකට.
කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
පට්ටයි.YIFY එකෙන් දෙන 1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් මේක.උපසිරසියට බොහොම ස්තූතියි .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
thanks brother.
Good luck bro!!!. Aniwa balanawa..
අම්මෝ නියලයි සිසි අයියා.. තෑන්කූ
Thx aiye
Thx
Tnq bro sub ekata.. best of luck.keep going..bs
ස්තුතියි මචෝ
obe kapakirimata maage pranamaya