Watch Trailer

Snowden (2016) with Sinhala Subtitles | ඔහු ද්‍රෝහියෙක්ද? වීරයෙක්ද? (100) [සිංහල උපසිරැසි සමඟ]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා! හැබැයි අද නම් විශේෂයි. මොකද අද මගේ උපසිරැසිකරණයේ වැදගත් කඩයිමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ආසාවට වගේ පටන්ගත්ත මේ වැඩේ මෙච්චර දුර එන්න ලැබෙයි කියලා හිතුවේ නෑ.කොහොමහරි 2015 ජුනි 21වෙනිදා පටන්ගත්ත වැඩේ අද 2016 දෙසැම්බර් මාසය වෙද්දී උපසිරැසි 100ක් දක්වා ඇවිල්ලා තියෙන…

Snowden (2016)-100

ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා! හැබැයි අද නම් විශේෂයි. මොකද අද මගේ උපසිරැසිකරණයේ වැදගත් කඩයිමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ආසාවට වගේ පටන්ගත්ත මේ වැඩේ මෙච්චර දුර එන්න ලැබෙයි කියලා හිතුවේ නෑ.කොහොමහරි 2015 ජුනි 21වෙනිදා පටන්ගත්ත වැඩේ අද 2016 දෙසැම්බර් මාසය වෙද්දී උපසිරැසි 100ක් දක්වා ඇවිල්ලා තියෙනවා. විවිධ කතාමාලා 9ක කොටස් 77ක් සහ මේකත් ඇතුළුව චිත්‍රපටි 24ක් දැනට උපසිරැසි ගන්වන්න හැකිවුනා.ඔක්කොම ඉංග්‍රීසි ඒවා ඈ…මතක් කරන්න අය බොහෝ දෙනෙක් ඉන්නවා. එහෙනම් මං අඩවියට සම්බන්ද  වුන හැටිත් කියලම කට්ටියව මතක් කරන්නම්කෝ…

ඉස්සර දැන් තරම්ම පිස්සෙක් නොවුනත් ඒ කාලෙත් මං යම් තරමකට චිත්‍රපට පිස්සෙක් තමයි. 😀 ඒ වුනාට දැන් වගේ පරිගනකයෙන් නෙමේ, ඩී.වී.ඩී. තැටි වලින් තමයි චිත්‍රපටි නැරඹුවේ. ඉතින් ඔහොම ඉද්දී තමයි “අසිත”කියලා මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් පරිගනකයෙන් චිත්‍රපට බලන්න පුරුදුවෙලා මේ අඩවිය ගැනත් දැනගත්තේ. ඉතින් අඩවියත් එක්ක එකතුවෙලා මාස ගානක් යද්දී මටත් හිතුනා උපසිරැයක් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. කරන්න එකක් හිත හිත ඉන්නකොට තමා “Bates Motel”කතාමාලාවේ තුන්වෙනි අදියර කරන්න හිතුනේ. මතක විදියට “රොයිලි අයියා”ගෙන් තමයි මුලින්ම ඊමේල් එකට පිළිතුරක් ලැබුනේ. හරිම නිහතමානී චරිතයක්. ඊටපස්සේ සෙට්වුනේ “සමීර චතුරංග” අයියාව. එකක් ඉවරවුන ගමන් තව එකක් සෙට් කරන්න පට්ට හැකියාවක් තියෙන කෙනෙක්. අදටත් ඉදලා හිටලා ෆිල්ම් එකක ලින්ක් එකක ලින්ක් එකක් එවනවා කැමතිනම් කරන්න කියලා. තෝරා බේරාගෙන කරන නිසා එවන ගොඩක් ඒවා කරන්න වෙන්නෙත් නෑ. 🙁 ඊලගට “හසන්ත අයියා”.ගොඩක්ම Black Sails කතාමාලාව කරද්දී පිට්වුනා. දැන් නම් ඉතින් හොදම පිට් එකක් 😀 බලෙන්ම සබ් කරවනවා. මේ චිත්‍රපටියත් හසන්ත අයියා තමා බාරදුන්නේ. ඊලගට තවත් එලකිරි ඩයල් එකක් වන, එමා වොට්සන්ට පන ඇරගෙන ලව් කරන “ශාන් විමුක්ති(විමා)”. මට දකුණ පුරුදු කරන්න හදන දකුණේ “ආසිරි ප්‍රියන්ත(හේවා)”. පූසා නොහොත් “සමන් ප්‍රසාද්”. ඒවගේම “සමීර කරුණාරත්න”,“ප්‍රණීත් රණසිංහ”,“යශෝධ”, “තරිදු අයියා”,“නලින් අයියා” ඇතුළු ඇඩ්මින් මඩුල්ලේ හැමෝවමත්, වෙබ් අඩවිය ආරම්භ කරපු හැමෝවමත් මේ වෙලාවේ මතක් කරනවා. තව ඉන්නවා ඈ!…

ඒ වගේම සීරීස් දෙනවා කියලා මට බොරු බලාපොරොත්තු දීලා,ගෙට් එකට ඇවිත් ‘ලැප ඔන් වෙන්නෑ’ කියපු, සීරීස් ගොඩක් ඇදගෙන යන, කාගෙත් පිහිටට ඉන්න “චාමර සම්පත්” 😛 හුග කාලෙකින් කතා කරන්න බැරිවුනත් ආව මුල් කාලේ වගේ සෙට්වුන සුපිරි බුලට් එකක් වන “දිනිදු සම්පත්” අයියා. කොමික් විශේෂඥ “තිසර නියෝ”, හිටු කියලා ලින්ක් බෙදන “දසන් බුද්ධික”, ටියුබා නොහොත් “නිලුපුල් මධුකප්‍රිය”,නම කිව්වම ස්ටිකරයක් මතක් වෙන “අචින්ත මදුමාල්”,තවත් ස්ටිකර් පිස්සෙක් වන “චන්දිම අමරසිංහ අයියා(සෑර්)”,තව, “දිල්ශාන් කාලිංග”, “සදුන් ධනුෂ්ක”, ඒවගේම හැමදාම වගේ කතාබහ කරන “රවිදු රුක්ෂාන්”සහෝ, “දිල්ශාන් සචින්ත”,“කසුන් උපේක්ෂ” වගේම “රඛිත”,“සචිත්”,“චමල්” මල්ලිලා සෙට් එකත් මතක් කරනවා. ඒවගේම අඩවියේ උපසිරැසි ලබාදෙන හැම සහෝදරයෙක්වමත්, සහෝදරියක්වමත් මේ වෙලාවේ මතක් කරනවා. ඒවගේම මට මේ වැඩේ කරගෙන යන්න සහයවෙන අම්මා,තාත්තා,යාළුවන් ඇතුළු හැම කෙනෙක්වම ආදරයෙන් මතක් කරනවා. ලිපියේ මතක් කරන්න අමතක වුන කෙනෙක් ඉන්නවනම් සමාවෙන්න ඕනේ ඈ…අවසන් වශයෙන් ප්‍රේක්ෂක ඔබ සැම මතක් කරන්න ඕනේ. මොකද ඔයාලගේ දිරි ගැන්වීම් නිසා තමා මෙච්චර දුරක් එන්න ලැබුනේ. ඒ නිසා උපසිරැසි ලබාගන්න, විශේෂයෙන්ම අදහසක් පලකරලා යන පිරිසට ස්තූතිවන්ත වෙනවා. දැන් දැන් නම් ඉතින් අතලොස්සක් පමනයි අදහසක් පල කරන්නේ.පටන්ගත්ත කාලේ උපසිරැසි කරන්න තිබුන ආසාව දැන් දැන් අඩුවෙලා 🙁 පුරුද්දක් විදියට තමා දැන් උපසිරැසි කරන්නේ. කොහොමත් ඉදිරියේදී මේ කරපු වේගෙන්වත් උපසිරැසි කරන්න ලැබෙන එකක් නෑ. කොහොමවුනත් ඉදිරියේදී චිත්‍රපට වලින් විතරක් හරි උපසිරැසි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මං කැමතිම කොමඩි කාණ්ඩයෙන්. හම්මේ…එහෙනම් ඔය මැදෑ.. දැන් චිත්‍රපටිය ගැන බලමු…

IsuruD-100-Wish

එක එක අයට ඔහු වෙනස් විදියේ කෙනෙක්. සමහරෙක්ට ඔහු වීරයෙක්. සමහරෙක්ට ඔහු ද්‍රෝහියෙක්. වරෙක ඔහු එරෙහි වන්නෙක්,තවත්ව රෙක ඔහු දේශප්‍රේමියෙක්, ඒවගේම අනාවරණය කරන්නෙක්. ඔහුගේ නම එඩ්වඩ් ස්නෝඩන්. ඇමරිකාවේ උපත ලද ඔහු ඉතා දක්ෂ වෘත්තිමය පරිගනක ශිල්පියෙක්. ඔහු ඇමරිකාවේ රහස් තොරතුරු ආයතනය (CIA)වෙනුවෙන් සහ ජාතික ආරක්ෂක ආයතනය (NSA)වෙනුවෙන් වගේම තවත් ප්‍රධාන ආයතන වෙනුවෙන් සේවය කල දක්ෂ සේවකයෙක්. නමුත් ප්‍රධාන වශයෙන් හැමෝම ඔහුව හදුනන්නේ ඇමරිකානු රජයේ රහසිගත ආවේක්ෂණ (නිරීක්ෂණ)වැඩසටහන් ගැන ලෝකයට අනාවරණය කල කෙනා වශයෙන්. මුළු ලෝකයේම දුරකතන වාර්තා එකතුකිරීම ආදී ඇමරිකානු රජයේ නීතී විරෝධී ක්‍රියාකාරකම් ගැන ලොවට අනාවරණය කල ඔහුට විරුද්ධව බරපතල චෝදනා ගොනු කෙරුනු අතර පසුව රුසියාවට පැනගිය ඔහු අද වන විටත් රුසියානු රජයේ රැකවරණය යටතේ ජීවත්වෙනවා.

ඉතින් මං ඉහතින් සදහන් කල එඩ්වඩ් ස්නෝඩන්ගේ සත්‍ය කතාව ඇසුරෙන් නිර්මාණය කල චිත්‍රපටිය තමා Snowden කියන්නේ. Biography,Drama,Thrillerයන කාණ්ඩයන්ට අයිතිවෙන මේ චිත්‍රපටිය මිනිත්තු 134ක් දිවයනවා. සැප්තැම්බර් මස 16වෙනිදා තමයි චිත්‍රපටිය නිකුත්වුනේ. imdb 7.4ක අගයක් අරගෙන තියෙනවා. ප්‍රධාන චරිතය වන එඩ්වඩ් ස්නෝඩන් විදියට සුපිරි නළු Joseph Gordon-Levittරංගනයෙන් දායක වෙනවා. ඒවගේම Shailene Woodley, Melissa Leo,Zachary Quinto,Nicolas Cage වැනි දක්ෂ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මේ වසරේ නිකුත්වුන ආන්දෝලනාත්මක චිත්‍රපටියක් විදියට හදුන්වන්න පුළුවන්. තවදුරටත් චිත්‍රපටිය ගැන කියන්න අවශ්‍ය වෙන්නේ නෑනේ. කොහොමත් මේක මේ වසරේ නිකුත්වුන සුපිරියක් කියලා හදුන්වන්න පුළුවන් වගේම අවධානය දිනාගත් චිත්‍රපටියක්. එහෙනම් හැමෝටම මේක බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් උපසිරැසියකින් හමුවන තෙක් දැනට නවතිනවා! හැමෝටම ජයවේවා!!

 Blu-Ray පිටපතට යාවත්කාලීන කරන ලදී.

Sausage Party (2016) on IMDb

Due to copyright issues, we do not provide any torrent links.

Snowden 2016 720p WEBRip 999 MB – iExTV

Snowden-2016-720p-BluRay-x264-SPARKS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

14,805 downloadsDownload Snowden-2016.Br_.Baiscopelk.com_.zip128 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු දිල්ශාන්

Rank: PlatinumPlatinum
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

14,805 downloadsDownload Subtitles128 KB

83 comments

  1. aravinda

    good work

    Reply
  2. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    Reply
  3. Sajeevi

    100 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම්…….

    Reply
  4. mad max

    pin bn ubata.enakan balan hitiye.all the best machooo

    Reply
  5. Sisila Prasad

    සියවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා සහෝ.
    මෙතනින් නොනැවතී දිගු ගමනක් යෑමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජයෙන් ජයම වේවා...!!!

    Reply
  6. එල්.සී. දමැල්

    100ට උණුසුම් සුභපැතුම්!!!

    Reply
  7. Rumesh Nilantha Jayaweera.

    100ta congratulations Bro..........200k karamu thanks For subtitle

    Reply
  8. සචිත් ලක්ෂාන්(සචී)

    ඉසුරු අයියත් සෙන්චරිය ගහල ඒනම්
    මුලින්ම 100ට සුභ පැතුම් ඒනම් ඔන්න
    ඒ වගේම කියන්න ඕන කොමඩියක්නම් ඉතින් ඉසුරු අයිය තමා
    මේකත් එනකම් බලාගෙන හිටපු ෆිලුමක්
    සබ් එකත් එක්කම බැලුව හැකි
    මාවත් මතක් කරල තියෙන්නෙ
    ඔන්න එහෙනම් ඉක්මනටම 150,200,300ටත් යන්ට ඕනා...
    ජයීන් ජයිම වීවා...........................!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  9. asitha rumesh

    patta bn isuruwa......

    Reply
  10. yasas

    ela

    sabata thanx dude.

    torrent valata adala deyak nisa post karanne,
    utorrent vala ads disable karana vidiya.

    youtube.com/watch?v=L_6KQNYXMPk

    Reply
  11. නිරෝෂ්

    ස්තුතියි ඉසුරු සහෝ.සියවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබපැතුම්.ජයවේවා !

    Reply
  12. Dulanga

    Thanks

    Reply
  13. yasas

    ela bn.

    utorrent wala ads block karaganna.

    youtube dot com /watch?v=L_6KQNYXMPk

    Reply
  14. Jack

    100 වෙනි උපසිරැසි කඩයිමට සුබ පැතුම් මචෝ.
    මචන් පුලුවන් විදිහට ඉස්සරහටත් සබ් දෙන්න.
    මේ ෆිලුමත් ඉතින් එකෙන්ම බාන එකක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් දුන්නට.
    ජයෙන් ජය...

    Reply
  15. roshan

    congratulations Bro 100.... yataaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  16. Nalin perera

    100 වෙනි කඩඉමට සුබම සුබ පැතුම් ඉසුරු මලේ, තව තවත් මේ වගේ සුපිරියට සබ් කරන්න හැකිවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. 150න් ඉක්මනට හමුවෙමු!

    ජයවේවා!

    Reply
  17. thisal

    සියවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබපැතුම්

    Reply
  18. සමන් ප්‍රසාද්

    අඩෝ 100 වෙනි උපසිරසියට හදවතින්ම සුන පතනවා.
    මං උඹේ ෆිල්ම් කීපයක්ම බලලා තියෙනවා.
    සයිට් එකේ තවත් සුපිරියට සබ් කරන ඩයල් එකක් කියන්න පුළුවන්.
    සුපිරි කියන්නෙ ස්පීඩ් එක වගේම ගුණාත්මක බව.
    ගෙට් එකේදී හම්බුණාට වැඩිය කතා කරන්න නම් හමබුනේ නෑ.
    ඊළඟ පාර ආයෙම සෙට් වෙමුකො...
    එහෙනම් ඔහොමම 150 ට යමු නෙහ්... :D
    තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා එහෙනම්...!!!
    ජය වේවා...!!!

    Reply
  19. දිල්ශාන් සචින්ත

    එලම මචෝ.හදවතින්ම සුබපතනවා උබේ සෙන්චරිය්ට
    උබ මෙච්චර කල් සුපිරි කොමඩි ෆිල්ම් සෙට් එකක් වගේම වටින ටීවී සීරීස් කීපයක්ම දීලා තියනවා...ඉතින් ඔය කිව්වට 100න් නතර කරන්නේ නැතුව ඉස්සරහටත් දිගටම ඒ විදිහටම සබක් කොටාගෙන ඉමු...දැන් තියන ප්‍රතිචාරත් එක්ක කස්ටියට සබ් කරන්න පිරියක් නැති තරම්.ඒත් පුරුද්දක් විදිහටවත් දිගටම වැඩේ කරමු.මොනවා වුනත් සයිට් එකෙන් හොදට ෆිට් වුන සෙට් එක අතරේ ඉන්න එලම බොක්කක් තමයි උබ.එහෙනම් ගුඩ් ලක්.

    Reply
  20. අසිත

    elama saho thanks

    Reply
  21. praneeth madu

    නියමයි සහෝ 100ට ජය ඉදිරියට යමු

    Reply
  22. Kulanjana Maduranga

    really appreciate your works..thanks for ISURU giving us all of this…wish u’r great future…..

    Reply
  23. Udara Damith B/K

    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
    100 වෙනි උපසිරසියට සුබපැතුම්
    උපසිරසට තැන්ක්ස්
    සීය ගැහැවේ මරු එල ෆිල්ම් එකකින් නෙ
    හරියට සංගක්කාර ලකුණු අනු අටක් අරගෙන ඉදලා හයේ එකක් ගැහැ වා වගේ
    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

    Reply
  24. Tharindu

    100 වෙනි කඩඉමට සුබම සුබ පැතුම්., තව තවත් මේ වගේ සුපිරියට සබ් කරන්න හැකිවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

    Reply
  25. Sajith Anthony

    100 වෙනි උපසිරසියට සුබපැතුම්
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

    Reply
  26. කේ.යූ.ජී. උදාර

    සුබ පැතුම් සහෝ...............
    මේ ගමන තවදුර යන්න හදවතින් ම සුබ පතනවා.
    සිංහල සබට බොහොම ස්තූතියි....

    Reply
  27. Naveen Randika

    100 වෙනි උපසි‍රැසියට සුභ පැතුම්!
    ජයවේවා!

    Reply
  28. අසංක ප්‍රදීප් රණතුංග

    සියවන උපසිරසියට සුබ පැතුම් සහෝ. ඊළඟ කඩඉමටත් යමු ඔහොම්මම.

    Reply
  29. නාලක ජයසිංහ

    කෑන්ක්ස් සහෝ...

    Reply
  30. Rakitha Ranathunga

    උනුසුම් සුභපැතුම් අයියේ ශතකයට....
    දිගටම ඉදිරියට යමු...
    ඉක්මනට 200ත් ගහමු...

    Reply
  31. මධුකප්‍රිය පෙරේරා

    හම්මට අපේ ඉසුරුවත් 100 ගැහැව්වා එහෙනම්..
    උබේ උපසිරසි මාත් බලලා තියෙනවා. එව්වා ගැන
    කියනවනම් ඉතින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
    සුපිරිම සුපිරි.එහෙනම් ඉතින් නවත්තන්නේ නැතුව ඉස්සරහට
    තව උපසිරසි ලබාදෙයි කියලා බලාපොරොත්තු වෙනවා..
    ඉක්මනට 150 ගහන්න පුළුවන් උබට වමෙන් ගහන්නේ නැතුව
    දකුණින් ගැහුවොත්..ඒ නිසා දකුණට හුරුවෙයන්.
    වැඩි වැඩියෙන් උපසිරසි කිරීමට කාලය සහ ශක්තිය ලැබේවායි
    ප්‍රාර්ථනා කරනවා එහෙනම්. ඔබට ජය

    Reply
  32. නිෂූ

    ගොඩක් ස්තුතියි ! මම ටම්ක එනකම් බලාගෙන හිටියේ ! තව 1000 ක් කරන්න වාසනාව ලැබේවා !

    Reply
  33. කුෂාන්

    good effort buddy
    tnx

    Reply
  34. malinga

    okoma hodai, site eka pattama slow week ekak wage idala, site eka load veddi sub netuwa balana eka hodai kiyala hithenwa ban

    Reply
  35. Leoz

    Patta thanxss lot brroooo

    Reply
  36. damith

    100 වෙනි උපසිරැසිහට සුබ පැතුම්. බොහොම ස්තූතී !

    Reply
  37. Kasun

    Thanks machn. Meka enakn balan hitiye.

    Reply
  38. රොයිලි

    උණුසුම් සුබ පැතුම් ඉසුරු මලේ. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ඉතින් කමෙන්ට් අඩු එක ගැන මුකුත් නොහිතා හැකි ඉක්මනින්ම ඊලඟ කඩ ඉමට යන්න සුබ පතනවා. එහෙනම් වෙනද වගේම බොහොමත්ම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

    Reply
  39. Chämàrá Sâmpáth

    කමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට සමාවෙන්න ඕනා.
    සියවැනී කඩයිමට සුභපැතුම් එමා රොබර්ට්ස්..
    උබේ උපසිරැසිකරණය නම් සිරාවටම පට්ටයි බං.
    ඒවගේම සීයට තෝරගෙන තියෙන්නේ සුපිරි ෆිලුමක්.
    මාවත් හෙන කැත විදිහට මතක් කලාට තුති.
    (*මේකේ ඕනේ කරන ඉමොජි එක දාගන්න බැහැනේ)
    එදා හිතලා එහෙම කලේ නෑ ඕයි. මං මක් කරන්නද. ලගදීම ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්නං එමා :v
    එහෙනම් මෙතනින් නවතින්න එපා ඈ. ස්ක්‍රිම් එකවත් කරහන්. ලබන අවුරුද්දේ ඒක එනවනේ.
    ඊලග කඩයිමෙන් හමුවෙමු වගේම අපිත් එහෙනම් ලගදීම සෙට් වෙමු.

    Reply
  40. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  41. Rosh

    මෙක bluray පිටපත්ට යාවත්කාලින කරනවද

    Reply
  42. Rosh

    මෙක bluray පිටපත්ට යාවත්කාලින කරනවද plzz.

    Reply
  43. kaw

    Error establishing a database connection ekak enne ai? dwnlod karanna be :(

    Reply
  44. KESHARA DANASHANKA

    SITE EK PATTA SLOW BN

    Reply
  45. Aruna Liyanage

    machn ..download wenne ne.. sub eka...kohama hari ganna vidihak tiyei nm dapan

    Reply
  46. Web-බුවා

    100 වන කඩයිමට සුභපැතුම් මලේ. 150 ත් ගේමු නිකං ලෙලි ගැහිලා යන පට්ට speed එකකින් lol :D
    සබට ස්තූතියි.

    ජය! :)

    Reply
  47. ලහිරු චානක

    එල එල ඉසුරුවා... ඔහොම යං. ජය වේවා...!!!

    Reply
  48. Rangana kegalle cc

    fg

    Reply
  49. Anjana

    baiscope okkoma sub baana baaa ......................

    Reply
  50. Nishan

    Sub download karanna baha 'Web server is returning an unknown error' Nisa.

    Reply

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.