අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAPHOENIXSinhala Subtitleඅමුතුයිඑළචිත්‍රපටිතීරණය ඔබේදමිළනාට්‍යමයසිංහල උපසිරැසි

Pariyerum Perumal (2018) Sinhala Subtitles | අඩු කුලේ එකා මං [සිංහල උපසිරැසි සමග]

Rating: 8.1/10. From 70 votes.
Please wait...

පලවෙනි විනාඩි 7..
ඔව්, පලවෙනි විනාඩි 7න් පස්සේ උඹට දැනෙනවා මේකේ වෙනස
පලවෙනි විනාඩි 07න් පස්සේ කාටවත්ම බෑ, උඹ මේ පිචර් එක බලන එක නතර කරන්න
උඹ පුටුවට ඇලිලා වගේ ඉඳියි
ආයේ නැගිට්ටොත් නැගිටින්නේ මේක ඉවර කරලම තමයි.
සහතිකයි..
මේ පැය දෙකාමාර ඇතුළත,
උඹ ශොක් වෙයි, පපුව කීරි ගැහෙයි
ඇස් වලට කඳුලක් එන්නත් බැරි නෑ
දහ අතේ කල්පනා කරයි
පපුව ආදරෙන් පුරෝ ගනියි.
ඒ වගේම..
ඒ පැය දෙකාමාරෙන් පස්සේ
සුද්ද වෙච්ච ඔලුවක් එක්ක උඹ නැගිටියි
තොල් අතර තියෙයි,

“වා.. රෙයිල් විඩ පෝලාමා…?”
වනකින්නම් කෝවමා..
මනිචිඩු පෝලාම් වා…”

මේ කවුරුත් හෙව්ව “සාමි දෙකේ බලය” නෙමේ
කවුරුත් ඇඟිලි ගැනපු “මෝහිනී” නෙමේ
සුපර් ස්ටාර්ලාගේ බොරු රැඟිලි තියෙන ෂෝ එකක් නෙමේ
බැලුවට පස්සේ හතර වටේ, පලු යන්න බැන බැන යන එකකුත් නෙමේ

මේක රේටින් 9.4ක් තියෙන පිචර් එකක්
හොඳම දෙමල පිචර් 50 අතර තියෙන එකක්
ඩිරෙක්ටර්ගේ පළවෙනිම වැඩේ උනාට
ඉන්දියන් නැෂනල් එකක් ගන්න ඉඩ තියෙන එකක්
බඩවැල් ඇඹරිලා යන මියුසික් වලින් උඹව ලෙඩ කරන එකක්
ඉන්දියාව හරිම ආදරෙන් බදාගත්තු කතාවක්
රෝලකෝස්ටර් රයිඩ් එකක්
ඔක්කොටමත් එහා,
උඹ මිස් කරන්න හොඳ නැතිම එකක්!!

ඔව්.. කිව්වත් වගේ, මග ඇරගන්න නම් හිතන්නවත් එපා. පරියෙරුම් පෙරුමාල්… සැප්තැම්බර් මාසේ 28 වෙනිදා තමයි තිරගත වුණේ. කෝටි 3.5ක අඩු වියදමක් යටතේ නිෂ්පාදනය වෙච්ච චිත්‍රපටියක්. නමුත් කෝටි 4.5ක මුදලක් උපයාගෙන තියෙනවා. උඩ කිව්වා වගේ මාරි සෙල්වරාජ්ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය. ඒත් බලලම තීරණය කරන්න කිරි සුවඳ ගෑවිලාවත් තියේද කියලා. බහුතරයක් ඉන්දීය ප්‍රේක්ෂකයන් කියන්නේ නම් ඉන්දීය ජාතික සම්මානයක් ඩැහැගන්නම පුළුවන් මට්ටමේ චිත්‍රපටියක් කියලයි. ඉන්දියාවේ දැවැන්ත විදිහට මුල් බැසගත්ත කුල බේදය මූලික කරගෙන නිර්මාණය වෙච්ච මේ කතාව ඉන්දියාවේ ජනතාව හරිම ආදරයෙන් වැළඳගත්තේ. ප්‍රේක්ෂක විචාර දැක්කම ඒ ගැන හොඳට හිතාගත්තහැකි. රංගනය ගැන කතා කරොත් කදීර් වෙන විකල්ප නළුවෙක් ගැන හිතන්න ඉඩ දීලම නැහැ, ඒ වගේම සුන්දර ආනන්දී චිත්‍රපටියට වෙනම ආලෝකයක් අරන් එනවා. යෝගී බාබු තමන්ගේ සුපුරුදු සහය රංගන දායකත්වය අඩුවක් නැතුවම ලබා දෙනවා. අනිත් විශේෂම දේ, සංගීතය.. සන්තෝෂ් නාරායන්ගේ සංගීතය ම්ම්ම් කියන්න තේරෙන්නේ නෑ. Karuppi ගීතයට හිත චංචල නොවුනොත් තමා පුදුමේ. චිත්‍රපටිය බලපු කෙනෙක් මේ ගීත ටික නම් ආයේ අහන්නේ නැතුව ඉන්න එකක් නෑ. ඒ අය වෙනුවෙන් මම පහළින් Youtube ලින්ක් ටික දාගෙන යන්නම්. එහෙනම් මේ අවස්තාව ඔයාට, හොඳ හොඳ සිනමා නිර්මාණයකින් මනස පුරවගන්න.. කවුරු වෙනුවෙනුත් ආදරේ බෙදාහරින්න.

ප.ලි : චිත්‍රපටිය ගැන ඔත්තුව දුන්නට අචින්ත සහෝදරයාටත්, හිර වෙච්ච වෙලාවල් වලදී උදව් කරපු ඉන්ද්‍රජිත් සහෝදරයාටත් ගොඩක්ම ස්තූතියි.

ගීත ටික පහල ලින්ක් වලට ගිහින් බලන්න.

Karuppi
(https://www.youtube.com/watch?v=wdjgjSN9MIE)
Vaa Rayil Vida Polaama 
(https://www.youtube.com/watch?v=AS4HqtTsu5c)
Naan Yaar 
(https://www.youtube.com/watch?v=Uq-_4yAmjPY)
Potta Kaatil Poovasam
(https://www.youtube.com/watch?v=eJujDkKTjZc)
Engum Pugazh
(https://www.youtube.com/watch?v=RQR70D2O8As)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

79 thoughts on “Pariyerum Perumal (2018) Sinhala Subtitles | අඩු කුලේ එකා මං [සිංහල උපසිරැසි සමග]

  • ෆිල්ම් පිස්සා

    අති සුපිරියක්.මාස්ටර්පීස් එකක්..ලිපියෙ කියල තියන කිසිම දෙයක් අතිශෝක්තියක් නම් නෙමෙයි..වචනයක් ගානෙ සහතික ඇත්ත.සබ් එක නම් සුපිරියටම දීල.සින්දු ටිකේ (විශේශයෙන්ම naan yaar) සින්දුවේ තේරුමත් එක්ක ඇගට වැදුනෙ සබ් එක නිසා.සබ් එක නම් සුපිරිම ..ගොඩක් ස්තූතියි මේ වගේ ෆිල්ම් එකකට හොදටම සබ් එක කරාට..

    Reply
  • කර්නන් නිසා ඕන් මේකට ආවේ ඈ. මේක බැලුවා කියලා මතකයක් නෑ. සෝ.. ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. (දැම්මා කියන්නේ ඉතින් පීටර් කුවීන් ගෙන් ලින්ක් එක ඉල්ල ගත්තා. ඩවුන්ලෝඩ් සයිට් එකේ තියෙන්නේ මෙගාබයිට් 700 රිප් එක විතරයි නෙවැ..

    එනිවේ…. ඒනම් උප සිරැසියට බෝම ස්තූතියි..
    ජයින් ජයම වේවා..

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • සාරංග ජේ. ලියනගම

    Thanks

    Reply
  • මොළ කකුලුස්

    Supiri film එකක් තමයි මේක…..සිංහල උපසිරසියට ගොඩක් ස්තූතිය…ජය වේවා යාලුවා……..

    Reply
  • arawindasunimal

    thanks mayura…………………thanks baiscope.lk………………

    Reply
  • thili_buddhi

    බලන්න හොද ෆිල්ම් එකක් හොයන්න පේජ් ගානෙ ස්ක්‍රොල් කරනකොට වැරදිලා මේක ටච් උනේ..ලිපිය කියෙව්වම බලන්න හිතුනා..බොහොම ස්තූතියි සහෝදරයා…බලපු හොදම චිත්‍රපටි වලින් එකක් මේක…

    Reply
  • නියමයි සහෝ, සබ් ඒක නියමෙට කරලා තියනව <3

    Reply
  • sumuduchathu

    thanks baiscope…

    Reply
  • Thanx mchn sub ekt..film eka baaganna links and sub denwt baiscope ekt jaya wewa!

    Reply
  • කියලා තියන කිසි දෙයක් අතිශයෝක්තියක් නම් නෙවෙයි.
    සේරමත් හරි මයුර සින්දු ටික සිංහලට හරවලා තියනව ඉස්තරම්! Kathir කියල නළුවෙක් නොහිටින්න පෙරුමාල්ගෙ චරිතෙ Dhanush ට යන්න තිබුනා.
    මාත් කියන්නම් ඔන්න මිස් කර ගන්න නම් එපා මේක.

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Ajithkumara1

    Sub ekata bohoma isthuthiy

    Reply
  • Madushanka

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • elama thaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaankx

    Reply
  • Thanks saho sub ekata.. 🙂

    Reply
  • sampath n perera

    thanks for sub

    Reply
  • ricadodamien

    Thank u Mayura brother & baiscope team for the sub, all the best to baiscope team……………

    Reply
  • Lalith Susantha

    thanks yaluwa niyamai

    Reply
  • bohoma sthuthi sahoo aniwa balanna oni

    Reply
  • kasundubsetep

    මේකනම් පහරක් සිරාවට

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Shehan putha

    ela ela…okkatama thanks…jaya !

    Reply
  • Ela ela
    thanks bro jaya weva.

    Reply
  • basura indrachapa

    උපසිරැසියට ජය !!!

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • බොබී

    ලිපිය කියෙව්වම නම් බලන්නම හිතෙනවා. ඔන්න මාත් සබ් එක ගත්තා. ස්තූතියි සහෝ.

    Reply
  • TharakaWAS

    Subata thanks bro….!!!

    Reply
  • Yasas Daraka

    patta film eka bro..

    Reply
  • Sajithniroshan333

    sinhala sub nedda

    Reply
    • නෑ තාම යුක්‍රේන් සබ විතරයි

      Reply
  • tharaka karunanayaka

    patta film eka saho. sub ekata thanks. jaya wewa

    Reply
  • kavinuweerakkody

    ෆිල්ම් එක බලලා ඇවිත් මේ කමෙන්ට් කරන්නේ.. නියමයි! වෙනස් රහක් හොයන සිනමා ලෝලීන්ට ගැළපෙනම එකක්! ස්තූතියි මයුර අයියේ..ජය වේවා!!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • harshani11112

    ස්තුති සහො ….
    තෙරැවන්සරණයි

    Reply
  • thanks mayura brother!

    Reply
  • Bandara 1976

    චිත්‍රපටිය දුන්නට “මයුර සුරාජ්” සහෝදරයාට ගොඩක්ම ස්තූතියි.

    Reply
  • pattama ekak aniwa balnnaaaaaaathanx sub ekataaaa

    Reply
  • Nilush Angana

    sub ekata thanx

    Reply
  • ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

    Reply
  • Yako ube lipiya dakkalama bada piruna ..thankx mchan

    Reply
  • patta patta..romba nanriiiiiii………….

    Reply
  • lahiru supun devinda

    lipiya dekalama asa hituna sahoo jayawewaa

    Reply
  • deshanchandana

    lipiya liyala thiyana widihatama athi kathawa balanna
    thankz bro

    Reply
  • Lalani Maduwanthi

    Thank you mayura malliya

    Reply
  • බොහොමත්ම ස්තූතියි සහෝ……….. ජය!!!!!!

    Reply
  • thanx bro mekata sub danakam balagena hitiye

    Reply
  • patta kathava ubala nathnam api meva balannada thanks macho

    Reply
  • Eranda Malith 2.0

    සුපිරි මචන්
    බොහොම ස්තූතියි
    ජයවේවා

    Reply
  • Kaushan Herath

    මේ වගේ ඒවානම් ලොවෙත් මිස් කරගන්නෙ නෑ.සබට තැන්ක්ස් සහෝ

    Reply
  • යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සහෝ…
    සුපිරියක් වගේ….
    ෆට්ට ලිපිය හොදේ….. 😀

    Reply
  • Bandaramudiyansi

    මට නම් හිතුන මෙක කියවම් එද්දී මේයාගෙ එකක්ම කියල .ඇත්ත බැලිත්නම් ස්තුතියි බලන්න ඔනේ ඔය කියල තියෙන විදියට බලන්න හිතෙනව

    Reply
  • macknal d.i

    Supiri thanks…..

    Reply
  • විදුෂාන් සජිත්

    🙂 බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,. ලිපිය කියෙව්ව්හම නොබලා ඉන්නේ කොහොමද!!.. දිගටම යමු, ජය වේවා… 🙂

    Reply
  • thnkzzzzzzzzzzzzzzzzz mcho

    Reply
  • neelanethra

    ස්තූතියි ….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *