MENU

Railroad Tigers (2016) with Sinhala Subtitles | හිත හොඳ දුම්රිය මංකොල්ලකරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 31 votes.
Please wait...

දශක ගණනාවක් පුරාවට, විවිධාකාරවූ චිත්‍රපට තුලින් තම රංගන කෞශල්‍ය විදහා පාමින්, ලොකු-කුඩා, බාල-මහලු කා අතරත් එකසේ ජනප්‍රිය වුණු රංගන තාරකාවක් තමයි, ජැකී චෑන් කියන්නෙ. එසේනම්, මේ සූදානම් වෙන්නේ, සුවහසක් සිනමා ලෝලීන් විසින් ආදරයෙන් වැළඳගත්, මෙම හරි අපූරු රංගන ශිල්පියාගේ නවතම සිනමා සංක්‍රාන්තිය ඔබ හමුවේ ගෙනහැර පෑමටයි.

2016 වර්ෂයේ දෙසැම්බර් මස 23 වෙනි දින, චීනයේදී නිල වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වූ මෙම චිත්‍රපටය, මේ සටහන ලියන මොහොත වනවිට Imdb දර්ශකයේ 6.0 ක අගයකින් සමන්විත වන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 50 ක බරපැනක් දරමින් නිෂ්පාදනය වුණා වූ මෙම සලරුව, ඇමරිකානු ඩොලර් මිලියන 103 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබෙනවා. එමෙන්ම, Little Big Soldier (2010), He-Man (2011), Police Story (2013) සහ Saving Mr. Wu (2015) වැනි සුවිශේෂී නිර්මාණයන් අධ්‍යක්ෂණය කරන ලද, Ding Sheng විසින් තමයි මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ.

ඒ, 1941 වර්ෂයයි. ජපනුන් විසින් චීන අධිරාජ්‍යය ආක්‍රමණය කර ඇති අතර, ජපන් හමුදාවේ කුරිරු පාලනය හමුවේ, සමස්ථ චීනයම පීඩාවට පත්වෙමින් සිටියාවූ සමයයි. හමුදා බලය සහ ආයුධ බලය අතින් වඩාත් ඉදිරියෙන් සිටියාවූ ජපන් හමුදාවට අභියෝග කිරීමට තරම්, චීන හමුදාව ශක්තිමත් වූයේ නැහැ. මේ නිසාම, චීන වැසියන්ව තමන්ට රිසි සේ තලා පෙලා, වැඩ කරගැනීමට ජපන් හමුදාව පසුබට වූයේ නැහැ. නිමක් නොමැති දුක් කම්කටොලු හමුවේ, තව දුරටත් ඒවා විඳ දරාගත නොහැකි වූ චීන සිවිල් වැසියන් පිරිසක් විසින් කණ්ඩායමක් සාදාගෙන, රහසිගත ලෙස, ජපන් හමුදා දුම්රිය කොල්ලකෑමට පටන් ගන්නවා. නමුත්, එක්තරා දිනකදී, කිසිවෙකුත් නොසිතූ අයුරින්, ජපන් හමුදාවට දැඩි ලෙස පහර දීමට අවස්තාවක් මොවුන් හට උදාවෙනවා. අතිශය දියුණු අවි ආයුධ වලින් සන්නද්ධ වූ, ප්‍රබල හමුදා බලඇණියක් සහිත ජපනුන් හට පහර දීමට, සාමාන්‍ය චීන වැසියන් කණ්ඩායමකට හැකියාව ලැබේවිද?

කැමති අය අරගෙන බලන්න. ජැකී චෑන්ගේ චිත්‍රපට මොන වගේද කියලා මං අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැයි කියලා හිතනවා. මොකද, ඒ තරමටම අපේ හදවතට සමීප රංගන ශිල්පියෙක් තමයි ජැකී චෑන් කියන්නෙ. ඒත්, මගේ පෞද්ගලික අදහස නම්, Dragon Blade (2011) චිත්‍රපටයෙන් පස්සේ, රසවිඳින්න පුළුවන් මට්ටමක චිත්‍රපටයක ජැකී චෑන් රංගනයෙන් දායක වුනේ නැහැයි කියන එකයි.

එහෙනම්, ගිහිල්ලා එන්නම්. ඉක්මණටම නැවත හම්බෙමු. එතකම් හැමෝටම ජයවේවා!!!

Railroad Tigers (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Railroad Tigers (2016) 720p BRRip 1GB – MkvCage

ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

44 thoughts on “Railroad Tigers (2016) with Sinhala Subtitles | හිත හොඳ දුම්රිය මංකොල්ලකරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks Machooo……!!!!

    Reply
  • Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply
  • Ai bro sub ek kalin ynne

    Reply
  • සුපිරිම සබක් මචන්. Film එකේ දෙන ආතල් ටික සබ් එකෙන් තවත් හොදට ඉදිරිපත් වෙනවා බන්. Good luck

    Reply
  • Suddenly Seventeen (2016) mekatath sub dennako pls?

    Reply
  • thanks bro…keep it up…

    Reply
  • Thnxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • patta bro

    Reply
  • ස්තුතියි මේ සහයෝගයට

    Reply
  • එල අයියා ෆට්ට ෆිලුමක්නේ දීල තියෙන්නේ..
    සබට තැනකු වේවා..

    Reply
  • පට්ට බ්‍රිරො

    Reply
  • පට්ට පට්ට බ්‍රෝ.ජයවේවා

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔයාගෙ උපසිරසිනම් මරු අනිව බලනව,සිසිල සහොගෙ වැඩනම් කියල වැඩක් නෑ.
    ජය වේවා

    Reply
  • supiri athal film ekak ,

    Reply
  • පට්ටයි මචෝ…..
    ජෑකී අයියගේ ඒවා අනිවාරෙන්ම බලනවනේ.
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ela

    Reply
  • elama saho thanks

    Reply
  • thnx bro… seeds nan na

    Reply
  • Sub ekata thank’s saho. Jayawewaa!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • Thank brooo sub ekata..

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • ජැකියා නම් මොකක් උනාම මොකද අද රැට බලන්ඩ ඕනි

    Reply
  • නියමයි.බොහොම ස්තූතියි.මේ දෙකටත් සබ් දෙන්න සහෝ
    Gantz (2011),Gantz: Perfect Answer (2011)
    ජය වේවා!

    Reply
  • හැමදාම වාගේ හොදම නිර්මාණය රෙකමන්ට් කරල දෙනවට නම් ස්තුතියි සිසිල සහෝ මෙක ගැන නෙවෙ මෙතුවක් ගෙනාපු ඔක්කොම වගෙ හොදයි. රෙටින් අඩු උනත් මම අරම් තියේ ඔයාගෙ ලිපිවල රෙකමන්ට් කරල තියෙන විදියට දිගටම හොදම එව දෙමු ජ්ය වෙවා සහෝ

    Reply
  • niyamai mchn …………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!