මෙම ලිපිය මගේ කෙදිනකවත් පළ නොවෙන 7වැනි උපසිරැසියේ ලිපියේ සංස්කරණයයි. ඇත්තටම කිව්වොත් මගේ පළමු උපසිරැසි තුන සහ මගේ 7වැනි උපසිරැසියට වෙච්ච දේ වනේ වන හතුරෙකුටවත් නොවේවා! ඔන්න ටික කාලෙකට පස්සේ තමයි මං මේ සබ් එක අරගෙන ආවේ.කලින් කරපු උපසිරැසිය ටිකක් පරණ එකක් නිසා ලැබුණ ප්‍රතිචාර වගේම ඩවුන්ලෝඩ් ගාණත් අඩුය…

මෙම ලිපිය මගේ කෙදිනකවත් පළ නොවෙන 7වැනි උපසිරැසියේ ලිපියේ සංස්කරණයයි. ඇත්තටම කිව්වොත් මගේ පළමු උපසිරැසි තුන සහ මගේ 7වැනි උපසිරැසියට වෙච්ච දේ වනේ වන හතුරෙකුටවත් නොවේවා!
ඔන්න ටික කාලෙකට පස්සේ තමයි මං මේ සබ් එක අරගෙන ආවේ.කලින් කරපු උපසිරැසිය ටිකක් පරණ එකක් නිසා ලැබුණ ප්‍රතිචාර වගේම ඩවුන්ලෝඩ් ගාණත් අඩුයි.ඒක දැකලා කලකිරිලාම ආයේ සබ් කරන්නේ නෑමයි කියලත් හිතුනා..ඒත් දැන් බයිස්කෝප් එකේ උපසිරැසි පළ වෙන වේගය අඩු කම නිසා වගේම ඉස්කෝලේ පටන් ගන්න කලින් තවත් එකම එකක් කරන්න හිතුණා. එහෙම හිතලා ඒකක් වෙනුවට දෙකක්ම කරන්න වුණා.මේ මගේ 8වැනි උපසිරැසිය.ඒත් වෙබ් අඩවියේ පළ වෙන 4වැනි උපසිරැසිය.Rock Dog මූවී එකේ ලිපියෙදි ‘දැමැල්’ සහෝදරයා කියලා තිබ්බා ඔයාලාගේ සහයෝගය අඩුකම නිසාම තමයි කස්ටිය උපසිරැසි ජිවිතයෙන් සමුගන්නේ කියලා.(සම්පූර්ණ ඇත්ත) දැන් ඉතින් පුරුද්දට සබ් කරන අය විතරයි.ඒ වගේම තමයි මට මතක හැටියට Beauty and the Beast චිත්‍රපටියේ යටින් එක්කෙනෙක් ‘අරුම පුදුම’ කමෙන්ට් එකක් දාලා ගිහින් තිබ්බා.එයා කියලා තිබ්බේ අපි කරන සේවය වෙනුවෙන් මුදල් අයවීමක් සිදුවෙන විදියට හරිකමක් නෑ මේ වැඩේ කරන්න. මොකද නිකං දෙනකොට කට්ටියට අගයකුත් නෑ කියලා.අදහස ඇඩ්මින්ලටත් කියන්න බලන්න කියලත් තිබ්බා.මගේ අදහස නම් අපිට මේ වැඩේට සල්ලි හම්බ නොවෙන තරමට හොදයි.මොකද මේක කරන්න හිතේ ආසාවක් තියෙන්නම ඕන.සල්ලි බලාගෙන මේක කළොත් එයාගේ හිතේ සල්ලි විතරයි තියෙන්නේ.ඒත් මේක නිකං දෙනකොට අපි ඒක කරන්නේ හිතේ තිබ්බ ආසාව ඉෂ්ඨ කරගන්න.ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා.සල්ලි දෙනවා කිව්වොත් O\L ඉංග්‍රිසි ෆේල් වුණත් කට්ටිය සබ් කරන්න බලයි.
මට මීටත් කලින් සබ් එක දෙන්න තිබ්බා ඒත් තවත් උපසිරැසි කීපයකටම හිරවෙලා හිටියේ. Animation එකක් කරන්න තිබ්බ ආසාව නිසාම මං අහන්නේ බලන්නේ නැතුව Lego Bat Man 2017 සබ් එක කරා.පස්සේ දැනගන්න ලැබුනා ඒක කෙනෙක් භාරගෙන කියලා.ඊට පස්සේ Rowan Atkinson හෙවත් Mr.Bean රගපාපු Maigret Sets A Trap ෆිල්ම් සබ් එක කරා.ටිකක් මැදට යන්න යන්න ඒක අල්ප්‍රාණ මහප්‍රාණ වෙන්ඩ පටන් ගත්තා.ඊට පස්සේ බයිස්කෝප් එකෙන් සබ් දුන්නේ නැතුව ඇති කියලා Book of Life සබ් කළා. (දවස් 3ක් ගියා) ඒත් ඒක දැනටමත් වෙන කෙනෙක් කරලා. (හයියෝ ඇගිලි ටික)කම්මැලි වගේ අය සබ් එක බාගෙන යන්න.අනික් අය ඉන්න. ඒ වගේම තමයි අතුරු කතාවකුත් කියන්න තියෙනවා.
මේක මෙතනදි කියන එක හරිද මන්දා. කමක් නෑ කියන්නම්කෝ. බයිස්කෝප් එකට ඇවිත් යනවා නම් අනිවාම ඔයාලා ෆිල්ම් පිස්සෝ වෙන්න එපැයි. ඉතින් අන්න එහෙම අය වෙනුවෙන් මගේම මහන්සියෙන් මම ෆෙස්බුක් පෙජ් එකක් කරන්න පටන් ගත්තා.ඉතින් චිත්‍රපටි ගැන අඩු නැතුව දැනගන්න ඇවිත් මගේ Fb පිටුවට ගොඩවෙලා යන්න.
ඇනිමේෂන් නම් ඉතින් ඕන කෙනෙක් බලනවා.අද ඊයේ ඉපදුණ කෙනෙක් වුණත් ඔය ‘ආසිරි ප්‍රියන්ත’ ලා වගේ වයසක සීයලා වුණත්. ඒ කොහොම වුණත් මේක සෑබෑ ආදරය ගැන කියවෙන Movie එකක්. මගේ උපසිරැසි ජිවිතයේ ඉතාම ඉක්මණින් කරලා ඉවර කරපු උපසිරැසිය තමයි මේ ‘SAHARA’ කියන සිනමා උපසිරැසිය. එක දවසෙන් ඉවර කළා. මම මීට කලින් කරපු චිත්‍රපටි වල උපසිරැසියක් සම්පූර්ණයෙන් කරලා ඉවර වෙන්න සති 3ක් විතර ගියා.. කොහොමවුණත් මේක උණු උණුවේම දෙන්න පුලුවන් වෙච්ච එක ගැන හිතේ තියෙන්න ෆට්ට හැපියක්. මේක මම කළේ මගේ Subtitle Collection එකට ඇනිමේෂන් එකක් එක් කරගන්න තිබුණ ආසාවටයි. ඒවගේම තමයි මම නවකයෙක් වුනාට සබ් එකේ කිසිම අවුලක් නෑ.. සිංහල තේරුම් වල අවුලක් නෑ. කතාව පැත්තට හැරෙන්න කලින් මතක් කරලා යනවා පුන්චි කමෙන්ට් එකක් හරි හලාගෙන යන්න කියලා.
2017 වසරේ නිකුත් වූ SAHARA එහෙමත් නැත්තම් මේ සර්ප ආදර පලහිලව් ෆිල්ම් එක IMDB දර්ශකයේ 5.5ක රේටින් එකක් ගන්න සමත් වෙලා තියෙනවා. පුරා මිනිත්තු 86ක කාලයක් දිව යන මේ චිත්‍රපටිය Animation,Adventure,Comedy,Family,Fantasy,Romance යන වර්ගීකරණයන්ට යටත් වෙනවා.English හා Spanish යන භාෂා දෙකෙන්ම නිකුත් වෙච්ච මේ France මූවී එකත් ඇනිමේෂන් පිස්සෙක් විසින් අනිවාරෙන්ම නැරඹිය යුතු පට්ට ෆිල්ම් එකක්.
දැන් තියෙන්නේ පදුර තලන්ඩ. Netflixලා පච වෙලා යන වැඩ කරන්නේ නෑනේ. ඉතින් මේකත් Netflixලාගේ චිත්‍රපටියක්.මේකට තේමා වෙලා තියෙන්නේ සර්පයෝ දෙන්නෙක්ගේ ආදර සීන් එකක් තමයි.සර්පයොන්ට කැමති අය නම් අඩු වුණාට ඔයාලා මේ චිත්‍රපටියට නම් කැමති වෙයි.කතාවට පසුබිම් වෙන්නේ ‘සහරා’ කාන්තාරය..මේකේ නමත් සහරා..මේ කාන්තාරේ ඉන්න අපේ ප්‍රධාන චරිතේ තමයි ‘අජාර්’ කියන සර්පයා.මෙයාගේ බොක්ක ෆ්‍රේඩා තමයි ‘පිට්’.මේ දෙන්නාගේ ගමනෙදි මෙයාලාට ක්ෂේම භූමියක් හම්බෙනවා.මෙයාලා එහෙට යන්න හැදුවත් එහේ ඉන්න අනික් සර්පයෝ ඒකට ඉඩ දෙන්නේ නෑ..අනවසරයෙන් ගියොත් ඉතින් මරණය තමයි.මේ යන ගමනදේ මෙයාට හම්බෙනවා ලස්සන සර්ප කෑල්ලක්..එයාගේ නම ‘ඊවා’.මේගොල්ලෝ එකතු වෙලා අර ක්ෂේම භූමියට යන්න හදනවා.එතකොටම ඊවාව අහුවෙනවා නයි නටවන්නෙකුට..ඉතින් කතාව ගලාගෙන යන්නේ මේ අජාර් තමන්ගේ පෙම්වතිය ඊවාව හොයාගෙන යන සීන් කෝන් එක තමයි.
Boss Baby බලපු උන්දෑලාට බයිස්කෝප්පුවෙන් පිදෙන මීළග ඇනිමේෂන් සිත්තම නැරඹීමට ඔබටත් ඇරයුම්!
උපසිරැසියත් බාගෙන, යටින් අදහසත් කොටාගෙන, රේට් පාරකුත් දාගෙන, යන්ඩෝ..!
Due to copyright issues, we do not provide any torrent links.
Sahara.2017.720p.WEBRip.650MB.MkvCage
Sahara.2017.WEBRip.XviD.MP3-FGT
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
6,057 downloadsDownload Sahara-2017.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Maleesha-pathirana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලීෂ පතිරණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මලීෂ පතිරණ
Subtitles
52 comments
Kantha_DLA
චාරුක ඉඳුනිල්
බොහොම ස්තූතියි.
Wolwerine.
Thanks for sub!
Pramuditha Damsara
Thnx Bro!!!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ.
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Shenin Perera
බොහොම ස්තූතියි සහෝ
ප්‍රදීප්
ස්තූති මචං සබට..
එලම...Pushpa Kumara
thanx machoo sub ekata
Tharindu
උපසිරස නම් පට්ට. Boos baby නම් බැලුව මේකත් අනිව බලනව.
Janith.K.B.
බොහොම ස්තූතියි
දිල්ශාන් සචින්ත
නියමයි සහෝ අනිවා බෑමක් තමා.
ඊලග පාර සබ් එක කරන්න කලියෙන් මේලක් දාලා වෙන් කරගනින්. නැත්තම් උබේ මහන්සිය අපරාදේ ..බොහොම ස්තූතියි එහෙනම්.උදාර රාජපක්ෂ
උඹේ ලිපිය කියෙව්වම කමෙන්ට් එකක් නොදා යන්න තිතෙන්නේ නෑ මචන්,
තැන්කූ සබ් එකට.
ලිපියත් නියමෙට ලියලා තියෙනවා :)Chalana
thnx bro...
කෞෂාන් පියුමන්ත
මේකට මිට වඩා රේටින් හම්බෙන්නෝන බන්.පට්ට ෆිල්ම් එක.කාලෙකින් බැලුව සුපිරි ඇනිමේෂන් එකක්.උඹේ ලිපියනම් පට්ට කොහොම වෙතත්
එල්.සී. දමැල්
මෙ ටිකෙනම් මුකුත්ම ඩවුන්ලෝඩ් කරන්න වෙන්නෙ නැහැ... පැකේජ් එක ඉවර වෙලා :(
කොහොම වුණත් නියමයි මලීෂ... බොහොම ස්තුතියි උපසිරසට... මේක ලබන මාසෙ බලන්න ඕන... :)Gathsara Umesh Kumara
Bohoom sthuthiy shoooo...
Sub den ek nwthn epaa sahooo ..
Dgtm demooo...prasad
machan digatama karanna balanna. oyala nisai api teruma danagena film balanna patan gatte awankawama kiwwot..... thanks very much sub ekata brooo......
kumara
බොහෝම ස්තූතියි සබ් එකට... o/l සිංහල වත් පාස් නැති අපි ඉංගිරිසි පිලුමක් බලනවනං ඉතිං උඹලට පිංසිද්ද වෙන්ට තමා.. මෙතනදි සල්ලි වලට වඩා වටින්නෙ උඹලා විතරක් ඉංගිරිසි පිලුම් බලලා අත අරින්නැතුව උඹලාගෙ වටිනා කාලය වැය කරලා අපි වගේ ගොඩේ බයියො ගැන හිතලා අපිටත් උපසිරැසියක් හදලා නිකං දෙනඑකයි.... ඒ ක්‍රියාව මිල කරන්ට බෑ මහත්තයෝ... උඹලාට ගොඩාක් පිං අපි වෙනුවෙන් කරන මේ සේවයට......
අසිත
එල
Anujaya
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!ආසිරි ප්‍රියන්ත (හේවා)
හානේ, හිච්චි පුතේ, වයසට ගියාට මොකෝ හිත තවම ලාමකයි නොවැ.
මෙතනින් නවතින්නේ නැතිව දිගටම කොරගෙන යන්ට මේ වැඩේ.
අපි බලනවා නේ.
බුදු සරණයි මයේ කොල්ලට..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
kapi
බොහෝම ස්තුතියි....
Dhananjaya
මේ මගේ පළවෙනි comment 1. සතුටුයි ඔබේ අදහස් වලට සහෝ. මං මේ වෙනකොට බයිස්කෝප් අඩවියේ sub පලවුණු film 20ක් වගේ බලලා තියෙනවා. වරදින් නෑ.සුභ පතනවා....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Good Luck..sunimal
niyamai... enam meka aniwa balanawa..... ela broooo
ලොකු මල්ලි
patta bro
අසිත
එලම සහෝ තෑන්ක්ස්
ජය වේවා!!tharindu
Ftta bro..
හිරු
ගොඩක් ස්තුතියි ඇනිමේෂන් එකක් කරාට.. මං හිතන්නෙ කොමන්ටු හිඟ වුනාට ෆිල්ම් සබ් එක්ක බලන අය නම් අඩු නැතිව ඇති කියලා. අපි නම් කාටුන් පිස්සෝ ලස්සන ඇනිමේෂන් එකක් නම් අතහරින්නෙ නෑ කොහොමවත්..
ස්තුතියි සහෝ සබ් එකට. සබ් නැත්තම් කොහොම බලන්නද කවද හරි ටීවී එකේ නිවාඩු කාලෙක යනකම්ම බලන් ඉන්න වෙනවනෙ.Madhu
thanks sub ekata saho..
ashan lankanath
thanks ..........................good luck
Kalpa Perera
ko page ekak thiyenawa kiwwata namak kiyala nee neh..
Ashan Kavishka
පුලුවන්නම් CARS 3 ෆිල්ම් එකේ සුබ එකත් කරන්න.... තිබ්බොත් 480p/720p කොපියකුත් දාන්න..
dulitha hashan
tnxx sub ekata
sanjaya
thank you macho.
ඩේවිඩ්
ස්තුති සහෝ
yohan
thanks macho...
hasitha
thanx machn
Nishon Jey
tnxx sub ekata :D
Malith gimhana
Tnx machan
Pasindu
Thnaks
nuwan
thanks
Udara Damith Dissanayaka
එල
chandima0
thanks machan sub ekata
piyumantha
සබනම් පස්ට... මොකක්ද පේජ් එකේ නම.? මම දෙතුන් පාරක්ම බැලුව.. ඒත් නම නෑ....
නම කියන්න... සබට ටෑම්ස්sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.