Watch Trailer

Aanandam (2016) Sinhala Subtitles | ජිවිතේම වෙනස් කරපු චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. කලින් සැරේ සබ් එක කරාම ඉල්ලිමක් තිබ්බා 2015 -2016 ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඒ ඉල්ලිම කරපු සහෝදරයා වෙනුවෙන් 2016 ආපු මේ ෆිල්ම් එක තෝරගත්තා. තව ඉල්ලිම් තිබ්බා ඒවත් අනිවරෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩකාලෙකට පස්සේ අද තමයි සබ් එකක් කරලා එවන්න වෙලාවක් ලැබුනේ. මේ මගේ දෙවෙනි නිර්…

සුබ දවසක් වේවා හැමෝටම. කලින් සැරේ සබ් එක කරාම ඉල්ලිමක් තිබ්බා 2015 -2016  ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඒ ඉල්ලිම කරපු සහෝදරයා වෙනුවෙන් 2016 ආපු මේ ෆිල්ම් එක තෝරගත්තා. තව ඉල්ලිම් තිබ්බා ඒවත් අනිවරෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.  ගොඩකාලෙකට පස්සේ අද තමයි සබ් එකක් කරලා එවන්න වෙලාවක් ලැබුනේ. මේ මගේ දෙවෙනි නිර්මාණය. ෆිල්ම් වලට සබ් දෙන්න ආස වුනාට තියෙන වැඩත් එක්ක වෙලාවක් හදාගන්න ටිකක් අමාරු වුනා එකට කට්ටිය ඔක්කොගෙන්ම සමාව ඉල්ලනවා. ඔන්න මම ඉදලා ඉදලා සුපිරි මලයාලම් චිත්‍රපටයක් ගෙනාවා. ෆිල්ම් එක තමයි Aanandam මේකේ අපි මලයාලම් ෆිල්ම් වල ගොඩක් දකින කට්ටිය නම් නෑ. IMBD අගය 7.2 ලබාගෙන තියෙනවා ෆිල්ම එක කරලා තියෙන්නෙ අලුත් අධ්යික්ශකවරයෙක් ඒක වෙන්න ඇති සමහරවිට අලුත් මූණු ටිකක් ගේන්න ඕනි කියලා හිතන්න ඇත්තේ. නමුත් මම වගකිමෙන් කියනවා මේක සුපිරි ෆිල්ම් එකක්. IMBD අගය බැලුවමත් ඒක පේනවනේ, වැඩිය කතා ඕනි නෑ අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ.

මේ ෆිල්ම් එක කැම්පස් එකක ලමයි සෙට් එකක් ගැන තමයි තියෙන්නෙ. කැම්පස් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ  කොල්ලො කෙල්ලොන්ට ඉතිං පාසල් ජිවිතේ වගේම අමතක කරන්න බැරි කාලයක් තමයි කැම්පස් කාලේ කියල කියන්නෙ. ඒ කලෙත් යන බැජ් ට්‍රිප් එක තමයි ඉගෙන ගන්න එකෙන් අයින් වෙලා විනොදවෙන්න පුලුවන් නියම ආතල් එක. මේ කතාවෙත් තියෙන්නෙ කැම්පස් ලමයි කට්ටියක් යන බැජ් ට්‍රිප් එක් ගැන තමයි එත් මට වෙලාවකට හිතුනා මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ ඉන්දියාවේ සමහර නගර ගැන ඉස්මතු කරන්නද කියලත්. එහෙම පොඩි එකක් තිබ්බට මේකේ තියෙන්නෙ කැම්පස් කාලේ ආදරය , යාලුවෝ ගැන ඒවගේම හැමදාම දේශන වලදි අපිට බනින්න හදන සමහර මහාචාර්යවරු පිටින් බැලුවම එහෙම නෑ කියලා දැනෙන කතාවක්.

මේ ෆිල්ම් එක ගොඩ නැගෙන්නෙ චරිත කිහිපයක් වටා අක්ශේ , ගෞතම්, කුප්පි, වරුන්, දියා, දේවිකා, චාකෝ සර් ඒවගේම ලව්ලි මිස් ,ඔව් ඔව් මිස්ගේ නම වගේම වැඩත් ලව්ලි අක්ශේ කියන්නෙ බයගුල්ලෙක් ,ගෞතම් කෙල්ලට පණ බයයි, කුප්පි කියන්නේ ආතල් පොරක්, වරුන් කියන්නේ සීරියස් කෙනෙක් හැමදෙම පිලිවෙලට කරන්නෙ දියයි, දේවිකායි හුරුබුහුටියි චාකෝ සර් කාරයා නම් ෆයර් වෙච්චගමන් ඉන්නේ ලව්ලි මිස් නම් ලව්ලිම තමයි. මෙයාල ඔක්කොම බැජ් ට්‍රිප් එක යනවා. වැඩේ ප්ලෑන් කරන්නේ වරුන් තමයි. HOD අහපුගමන් මුලු බැජ් එකම එකහෙලාම වරුන් තමයි වැඩේ කරන්න ඕනි කියල යෝජනා කරනවා. ඒකට හේතුව වරුන් දෙයක් කලොත් සුපිරියට කරනවා මෙයාලට චාකෝ සර් බොන්න තහනම් කියලා නිතියක් දානවා. එකටත් කට්ටිය සෙට් වෙලා සුපිරි ප්ලෑනක් ගහනවා. එකෙන් තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ බලන්නකෝ මොකක්ද ගේම කියලා.අක්ශේ තමයි මේ කතාවේ නායකයා ඒ වගේම දිය තමයි නායිකාව කතාව අක්ශේ හැමදේටම බයයි ඒත් දියා එහෙම නෑ අක්ශේ දියාට පණ ඇරලා ආදරේ කරනවා ඒ වුනාට ඉතින් බයගුල්ලෙක්ට කෙල්ලෙක් ආදරේ කරයිද? කතාව බලලා හොයාගන්න වෙන්නෙ.

මං මෙහෙම දෙයක් කියලා මගෙ ලිපිය අවසාන කරන්නම්. කෙල්ලෙක්ගේ අවංක ආදරේට පුලුවන්  කොල්ලෙක්  මනුස්සයෙක් කරන්න ඒවගේම ඕනිම දෙයක් කරන්න ශක්තියක් වෙන්න. දෙයක් බලපු ගමන් තීරන ගන්න එපා. හදවතින්ම විතරක් නෙවෙයි මොලෙත් පාවිච්චි කරලා තීරණ ගන්න.  හැමෝගෙන්ම ඉල්ලන්න කැමතියි ආදරේ කරන කෙනාට අවංක වෙන්න ඔවුන්ට උදව් අවශ්‍ය වෙලාවට ලගින් ඉදලා උදව් කරන්න. කතාව බලන්න ආරාධනා කරනවා ඒ වගේම මං කිව්ව දේ ගැනත් තේරුම් ගන්න පුලුවන් වෙයි.

ඊලඟට Prithviraj Sukumaran ගේ ෆිල්ම් එකක් සබ් කරන්න හිතාගෙන ඉන්නේ කලින් මං ෆිල්ම් එකට සබ් දුන්නම කරපු ඉල්ල්මක් තිබ්බා ඒක කරන්න ඕනි කියලා හිතෙනවා. එහෙනම් මං අදට සමුගන්නවා.

හැමෝටම තමන්ගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට ජය !!!

ආයෙත් අලුත් උපසිරැසියකින් හමුවෙමු.

Aanandam (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Aanandam DVDRip x264 HEAAC ESubs

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

15,111 downloadsDownload Aanandam-2016.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් සංජය” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

15,111 downloadsDownload Subtitles57 KB

63 comments

  1. Kantha_DLA

    මාගේ ඉල්ලීම වෙනුවෙන් උපසිරසි ලබා දෙන ඔබට
    .............. ගෞරවනීය ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි----

  2. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    දැනට Downloads 71. ඒත් තාම මේ comment එක විතරයි. මේ අය පැය ගනන් මහන්සි වෙලා පේලී 2000ක් විතර type කරනවා.. ඒ ගැන හිතලවත් සබ් එක ගනන් නෝනා මහත්තුරු ටික thnx කියලවත් comment එකක් දාගෙන යන්න.
    ~~බුදුසරණයි..ජය වේවා~~

    1. කසුන් සංජය

      බොහොම ස්තුතියි සහොදරයා, ඔයාගේ වචන ලොකු ශක්තියක් අපිට

  3. Samitha

    Thnkzzz bro

    1. කසුන් සංජය

      welcome bro

  4. එල්.සී. දමැල්

    Thanks wewa sub ekata :)

    1. කසුන් සංජය

      thanx brother

  5. Shenin Perera

    බොහෝම ස්තුතියි සහෝ
    ────────────────────────────────
    ───────────────██████████───────
    ──────────────████████████──────
    ──────────────██────────██──────
    ──────────────██▄▄▄▄▄▄▄▄▄█──────
    ──────────────██▀███─███▀█──────
    █─────────────▀█────────█▀──────
    ██──────────────────█───────────
    ─█──────────────██──────────────
    █▄────────────████─██──████
    ─▄███████████████──██──██████ ──
    ────█████████████──██──█████████
    ─────────────████──██─█████──███
    ──────────────███──██─█████──███
    ──────────────███─────█████████
    ──────────────██─────████████▀
    ────────────────██████████
    ────────────────██████████
    ─────────────────████████
    ──────────────────██████████▄▄
    ────────────────────█████████▀
    ─────────────────────████──███
    ────────────────────▄████▄──██
    ────────────────────██████───▀
    ────────────────────▀▄▄▄▄▀

    1. කසුන් සංජය

      welcome සහෝ

  6. Gathsara Umesh Kumara

    Bohoo. Sthuthiy sahooooo...
    Ikmmim thwth upsiresykin hmuwemmoo...

    1. කසුන් සංජය

      welcome brother
      අනිවාර්යෙන්ම ඉක්මනටම තව එකක් දෙන්නම්

  7. Kamal

    දවස් ගානක් කොටලා කොටලා මහන්සිවෙලා සබක් අරගන එනවා අපිට බලන්න. කිසිම ඇඟේපතේ අමාරුවක් නැතුව ඩවුන්ලෝඩ් බටන් එක ඔබන්න බලාගන එන අපේ අයියලාට බොහොම ස්තුතියි කියලා වචන තුනක් ටයිප් කරලා යන්න කම්මැලී. හැබැයි ෆිලුම බාගන්න බැරිනම් හරි, එහෙමත් නැත්තම් සබේ අඩුපාඩු තිබුනොත් නම් හරි, අගේට කොමෙන්ට් දාවි අපේ අය. මේක තමයි බන් අපේ සිංහලයාගේ හැටි. උදව්වක් කරපු කෙනෙක්ට වචනෙකින් හරි ස්තුතියි කරන්න තරම්වත් ආකල්ප හැදිලා නෑ තවම.

    ඕවා ඉතින් අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ සහෝ. ඒ කොහොම වුනත් ඔයාගේ උත්සාහය ගොඩක් අගේ කරනවා. ලිපිය නම් කියෙව්වේ නෑ ෆිලුම මලයාලම් කියලා දැක්කම කෙලින්ම බාලා කවුද සබකලේ කියලා විතරයි බැලුවේ. එතකොට තමයි දැක්කේ මේ second show (2012) එක දුන්න කොල්ලමයි කියලා. බොහොම ස්තුතියි මචන්. ඉදිරියටත් තවත් මලයාලම් ෆිල්ම් අරගන එන්න. මෝහන්ලාල්ගේ Munthirivallikal Thalirkkumbol(2017) ෆිලුම ඇවිත් ගොඩක් දවස් වෙනවා මචන්. පුළුවන් නම් සබක් කරලා දාන්න. බොහොම ස්තුතියි.
    ඔබට ජයවේවා කසුන් සංජය සහෝ..!!

    1. කසුන් සංජය

      බොහොම ස්තුතියි සහෝදරයා ඔයාගේ වචන ටික රත්තරන් වගේ වටිනවා ඔයාල ලොකු ශක්තියක්
      මං සබ් එක දෙන්නම් ටික කාලයක් දෙන්න සහෝදරයා

  8. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

    1. කසුන් සංජය

      welcome සහෝ

  9. SPD

    මුලින්ම ඔන්න බොහොම ස්තුතියි කීවා සබට. ඔයාගේ පලවෙනි ෆිලුමත් බැලුවා සහෝ. මේකත් අනිවා බලනවා.
    මලයාලම් ෆිලුමක් කොහොම කියලා අතාරින්නද ඉතින්. වැඩ ගොඩක් තියාගන අපි වෙනුවෙන් මේ කරන සේවාව ගොඩක් අගය කරනවා මචන්.
    ඒ වගේම ඉදිරි ගමනටත් සුභ පතනවා.

    ආ ඊළඟට Prithviraj Sukumaranගේ ෆිලුමක් ගේනවා කිව්වේ. මම හිතන්නේ මගේ ඉල්ලීම තමයි ඉෂ්ට කරන්න යන්නේ.
    ඔබට ජයවේවා...!

    1. කසුන් සංජය

      බොහොම ස්තුතියි සහෝදරයා අනිවාර්යයෙන්ම ඔයාගේ ඉල්ලිම තමයි. ඉක්මටනම දෙන්නම් සහෝදරයා ඒ ෆිල්ම් එක ගැන මට කිව්වට ස්තුතියි

  10. hansani

    dala thiyana link akama samahara welawata nene,,sub aka kalinma yanawa..mama dana hema film akakma downlod karanawa,,danna akanak ennawanam kiyanna..akata mokadda karanna ona

    1. කසුන් සංජය

      ඔයා download කරනකොට Aanandam DVDRip x264 HEAAC ESubs 700mb file එක download කරන්න එකට සබ් එක ගානට සෙට් වෙනවා එහෙම හරියන්නෙ නැත්නම් km player එකෙන් හදාගන්න පුලුවන්
      km player එකට ගිහින් alt + Q ගහන්න ඒ එන window එකේ වම් පැත්තේ උඩ "[" button එකයි "]" button එකයි තියෙනවා ඒවගෙන් ගානට සබ් එක සෙට් කරගන්න පුලුවන්

  11. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ සබට,ඉස්සරහටත් මේ වගේ ලස්සන මලයාලම් ෆිලුම් වලට සබ් දෙමු.ජය!

    1. කසුන් සංජය

      බොහොම ස්තුතියි සහොදරයා අනිවාර්යයෙන් සහෝ ඔයා සබ් දෙන ෆිල්මුත් මම ආසවෙන් බලනවා.
      ඔබටත් ජය ප්‍රාර්ථනා කරනවා හොද නිර්මාණ කරන්න.

  12. kumara

    බොහෝම ස්තූතියි සබ් එකට

    1. කසුන් සංජය

      welcome සහෝ

  13. Nimesh

    Sub ekta tnx motta shiva ketta shiva ektath sinhala sub dennkooo

    1. කසුන් සංජය

      හරි සහෝ මං උත්සහ කරන්නම්

  14. sandun

    digatama malayalam films ma demu
    jaya wewa

    1. කසුන් සංජය

      අනිවාර්යයෙන්ම සහෝ බොහොම ස්තුතියි

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. කසුන් සංජය

      බොහොම ස්තුතියි සහොදරයා ඔබගේ වැඩ වලටත් ජය ප්‍රාර්ථනා කරනවා

  16. Unicorn258Prasanna

    elama wdk..thnkz sahoo..

    1. කසුන් සංජය

      welcome bro

  17. සුදේශ් මදුසංක

    බොහොම ස්තුතියි සබ් එකට.
    අනේ පුළුවන්නම් 1971: Beyond Borders(2017) කියන ෆිලුමට සිංහල උපසිරසියක් දෙන්නකෝ.
    බුදුසරණයි...!

    1. කසුන් සංජය

      දෙන්නම් සහෝදරයා ටික දවසක් දෙන්න.

  18. Eranda

    එල කොල්ලෙක්..ඔබට ජය..!

    1. කසුන් සංජය

      බොහොම ස්තුතියි සහෝදරයා

  19. Kulanjana Maduranga

    niayamai…malayalam films nm aniwa balalanawa...thanks saho..sub ekata..digatama malayalam films walata sub demu.love storys nm wada hodai...jaya wewa……

    1. කසුන් සංජය

      බොහොම ස්තුතියි සහෝදරයා

  20. Chami.S

    Thanks..

    1. කසුන් සංජය

      welcome bro

  21. Kasun Deegodagamage

    බොහොම ස්තුතියි සහොදරයා

    1. කසුන් සංජය

      welcome bro

  22. prasad

    sub ekata godak stuti mcn.niyama katawak yanna ma film eka.apa pahasuwata karana kapa kirima agayanawa.

    1. කසුන් සංජය

      welcome bro

  23. chandana adikari

    thank you saho

    1. කසුන් සංජය

      welcome bro

  24. shasith sandaruwan

    දෙවැනි උපසිරැසියට සුභපැතුම් සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

    1. කසුන් සංජය

      බොහොම ස්තුතියි සහෝදරයා

  25. nisal

    superb

  26. Mahesh

    malayalam film nam balanawama tamayi
    download karagatta onna ada balanna hadanne.
    bohoma sthuthi sub ekata
    jaya wewa !!!

  27. sunimal

    මලයාලමි නමි අනිවා බැලිල්ලක් තමයි... ස්තුත සහෝ සබි එකට....

  28. Pasan

    ස්තූතියි සහෝදරයා..ජය වේවා

  29. Chathura

    බොහොම ස්තූතියි සබ් එකට... ජය වේවා !!
    Angamaly Diaries කියන මලයාලම් ෆිල්ම් එකට සබ් එක දෙන්න බලනවද පොඩ්ඩක්..

  30. Malan Kurera

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…මලයාලම් ෆිල්ම්ස්ම දෙන්න තව.

  31. Thara

    bohoma sthuthi machan...! good work.

  32. Subash

    Thanks ayye oyage sub...ekata :-)

  33. Asa U

    Supiri macho

  34. sgdm

    Film eka pattaaaa.thanks brother sub ekata.me vage thava film thiyenavanan film eke nama replay karandoo plz

  35. Su

    Thanks saho sub ekata.. :)

  36. Subhashini88

    Thank you sub ekata

  37. Dhananjaya Gamage

    සුපිරි

  38. Sasitha Lakmal

    Subtitle link not working.

    1. Ravindu_Heshan

      dan wada

  39. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.