logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Shogun [S01 : E01] Sinhala Subtitles | සේනාංකාධිපති [සිංහල උපසිරසි]

Rating: 9.7/10. From 7 votes.
Please wait...
Shogun
Shogun [S01 : E01] Sinhala Subtitles
මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Flandres (2006) අසංවේදී සොල්දාදුවා…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. 
” හැම මනුස්සයෙකුටම හදවත් තුනක් තියේ…, පළවෙනිම එක එයාගෙ කට ඇතුලෙ තියෙන්නෙ,  මුලු ලෝකෙටම දැන ගන්න තව එකක් එයාගෙ පපුව ඇතුලේ, එයාගෙ යාලුවන්ට විතරක්ම රහසිගතම හදවත, ගැඹුරේම වැළලිලයි තියෙන්නෙ කාටවත්ම හොයා ගන්න බැරි තැනක පන බේරගෙන ජීවත් වෙන්න ඕනෙ නං,  ඒක තමයි මනුස්සයෙක් හංගන් තියන් ඉන්න ඕනෙම හදවත… “
 ඒ ක්‍රි.ව 1600යි, එය වෙළඳ යුද්ධය නිසාවෙන් මුලු ලොවම ගිනිබත් කල පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසින් හැකි තාක් තම මඩිය තර කර ගැනීම උදෙසා මහ මුහුදේ කරක් ගසමින් වෙළඳාම උදෙසා නව ලෝකයන් සොයා යන්නට වූ සමයයි. මෙගලන් සමූද්‍ර සන්ධිය තරණය කොට ජපානය වෙත මුලින්ම ගොඩ බැසි පෘතුග්‍රීසීන් එහි වෙළඳාම ඇරඹීමෙන් අධික ලාබයක් උපයා ගන්නට විය. නිධානයක් වන් මේ නව ලොව, ලොවින් සගවාලන්නට ඔවුන් කෙතරම් වෑයම් කලත් මුදලට ඉව වැටි ගිජු ලිහිණියන් මෙන් වූ අනෙකුත් යුරෝපා ජාතීන් අනේකවිධ බාධා මැඩගෙන කෙසේ හෝ ජපානය සොයා මහ සයුර පීරා යන්නට විය. අවසන කෙසේ හෝ ජපානය සොයා ගත් එක් නිර්භීත ඉංග්‍රීසි නියමුවෙකු ඒ වෙත ගොඩ බැස්සේ කෙසේ හෝ සිය සැගවුණු අරමුණු ඉටු කර ගනු අටියෙනි. දෛවෝපසහගත ලෙස එය ජපානය තුල බලය උදෙසා සාහසික ලෙස සටකපට කුමන්ත්‍රණ දියත් වූ ලේ වැකි අඳුරු යුගයක්ම විය. ඊළඟ නිමේශයේ කුමකින් කුමක් සිදු වේවිද…?
” මොන වගේ මනුස්සයෙක්ද මේ වගේ දේශයක පාලනය හසුරුවන්නෙ, එළිපිටම සටකපටකම් කරන කෙනාද…? එහෙමත් නැත්තං, කවදාවත්ම දකින්න නොලැබෙන කෙනෙක්ද…? “
මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසාවෙන් තවමත් මේ අපූරු නිර්මාණය රස විදින්න හිතුනෙ නැත්තං  ට්‍රේලර් එක බලලා එන්න. තෝරා බේරාගෙන රසවිඳීම ඔබට බාරයි.
වාසනාවන්තයෝ නරඹත්වා…! 
ප.ලි,
සබ් කරන්න මග ඇරුන අලුත්, පරණ භාෂා බේදයක් නැතුව හොද ෆිල්ම් තියෙනව නං පහලින් කමෙන්ට් එකක් දාල යන්න. එහෙමත් නැත්තං ” hasitha.m.sky@ gmail.com ” එකට මේල් එකක් දාන්න. වෙලාව ලැබෙන විදියට, පුලුවන් විදියකට කරන්නම්…
ඔබට ජය…!
Shogun, Shogun [S01 : E01] Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

 

Shogun [S01 : E01] Sinhala Subtitles

13 thoughts on “Shogun [S01 : E01] Sinhala Subtitles | සේනාංකාධිපති [සිංහල උපසිරසි]

  • Big Fish 2004 එකට සබ් එක දෙන්නකො ප්ලීස්

    Reply
    • අපි උපසිරසිකරුවන්ගෙන් ඉල්ලීමක් කරලා බලන්නම් සහෝ.
      නමුත් හරියටම ලැබෙයිද කියන්නනම් දන්නේ නැහැ.

      Reply
  • සුපිරි

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සහෝ බොහොම ස්තූතියි. මේක දෙනකල් බලන් හිටියේ. ගොඩක් පින් ඔයාගේ මේ කැපකිරීමට… ජය වේවා…

    Reply
  • thanx, sub eka godak supiri , ikmanata terum ganna puluwan , anit epi waltath ikmanata sub oni

    Reply
  • සබ් එකට ස්තුතියි සහො

    Reply
  • බොහෝම ස්තූතියි…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *