Watch Trailer

Star Wars: Episode VII – The Force Awakens (2015) with Sinhala Subtitles| හැම පරම් පරාවකටම කීමට කතාවක් ඇත, [සිංහල උපසිරැසි සමඟ]

තෙරක් නොපෙනන වියලුන විශ්වයකට දිය පොදක් වෙමින් 1977 තරම් ඈත කාලෙයේ ලොකු කුඩා කොයි කාගෙත් හිතට නව බලාපොරොත්තුවක් ලබා දුන්න අපේ විශ්වයේ වීරයන්, එතනින් නොනැවතී, 1980 වසර වෙනකොට නැවතත් අධිරාජයාගේ යකඩ සපත්තුවට යට වෙන්නට වුණා, නමුත්1983 වෙන කොට විශ්වයට යම් යුක්තියක් ඉටු කිරීමේ අරමුණෙන් කාලයත් එක්කම යටපත්…

Star-Wars-The-Force-Awakens-(2015)

තෙරක් නොපෙනන වියලුන විශ්වයකට දිය පොදක් වෙමින් 1977 තරම් ඈත කාලෙයේ ලොකු කුඩා කොයි කාගෙත් හිතට නව බලාපොරොත්තුවක් ලබා දුන්න අපේ විශ්වයේ වීරයන්, එතනින් නොනැවතී, 1980 වසර වෙනකොට නැවතත් අධිරාජයාගේ යකඩ සපත්තුවට යට වෙන්නට වුණා, නමුත්1983 වෙන කොට විශ්වයට යම් යුක්තියක් ඉටු කිරීමේ අරමුණෙන් කාලයත් එක්කම යටපත් වෙලා උන් ජෙඩායි නයිට්වරුන් නැවතත් කරළියට අරගෙන එන්නට සමත් වුණා.

මේ වසර ගණනාව පුරාවටඔබ ඇතැමෙක් ලූක් එක්ක සුහද වෙන්නට ඇති, තව කෙනෙක් ලේයා හා පෙමින් වෙළෙන්නට ඇති, කොහොම එහෙම නොවෙන්නද ජාබා අපේ මතකයේ ලේයා සදාතනික ලෝකය ප්‍රතිමාවක් බවට පත් කරන කොට. නමුත් දෛවයේ සරදමකට වගේ බොහොම දෙනෙක් ආදරය කරන වීරයා ඇත්තටම ලෝදිය අච්චුවක් සිප ගත්තේ අපේ බලාපොරොත්තු සුන් කරමින්. නමුත් නැවතත් කැරලිකරුවන් හා එක්වන්නට ලෝකයේ සොඳුරුතම යානය පැද යන්නට ඔහු පැමිණියා ජෙඩායි නයිට්වරුන් සමග. ඉතින් ඒ තමයි අපේ සෝලෝ, මතකද චුවී? කොහොම අමතක වෙන්නද නේද?

ඔය අතරේ අමතක නැතුව ඇති කියලා හිතනවා ලෝහ කදන් වුණත් අපේ කෙළි බඩු වුණ R2D2 හා C3PO කියන ජෝඩුවත්. නමුත් මේ ඔක්කොටම ඉහළින් අපේ ගුරුතුමා, නුවණැත්තා, මාර්වල් විශ්වයේ කොළ දැවැන්තයා පරයා යා හැකි කොළ මිට්ටා “යෝඩා”. ඔහුගේ ගුරුහරුකම් මේ ගමන් මග පුරාවට අපිට ලැබුණා. කොහොම නමුත් අවසානයේ ජෙඩායි නයිවරුන්ගේ නැවත ආගමනය එකක් අපි වසර ගණනක් ඔබ නැතුව කාලය ගෙව්වා.

1999 වසර උදා වෙන්නේ අපේ සිත් සතන් නැවතත් බලාපොරොත්තු සයුරේ ගිල්වාලමින්. නමුත් ලෝකයේ සියල්ල නැසෙන සුළුබව මේ විශ්ව සංග්‍රාමය ඔප්පු කළේ වැල නොකැඩි අප වෙත පැමිණි බාලා ගණයේ සලරූ තුනකින්. එදා මෙදා තුර සිනමාවේ වැඩිම කතාබහක් සඳහා මාතෘකා සැපයූ දුෂ්ටයා ඔවුන් අටෙන් පොත්තෙන් විශ්වය දකින්නට නොහැකි රුකඩක් කර තිබ්බේ අපි හැමෝගෙම සිත් සතන් දුකට පත් කරමින්. ඒ භයානක හීනය අවසන් වුණත් එකක් අපේ බලාපොරොත්තු සදහටම මියැදෙමින් තිබ්බේ නැවතත් විශ්වයේ චාරිකාවක් යන්නට ඇති අවස්ථාව ගැන.

ඔව් අපි නෝලන් හා විශ්වයේ සැරි සරුවා, ජේම්ස් ගන් නොසිතු වීර චාරිකාවක් එකක් ගියා මේ අතරේ චිත්‍රපටි ලෝකේ රසිකයෙන් තමුන්ගේ වැඩ පෙම්වමින් නැගී හිටියා, ඔහු නමින් J.J. මුලින් වැළලී ගිය තාරකා ගමන් මගක් වෙහෙස දරා හරි මාවතට ගන්නට සමත් කම් පෑ ඔහු මේ හිස් මුදුනින් පිලි ගත්තා තාරකා යුද්ධයක් වෙත අපි ඔබ රැගෙන යන්නට තිබූ අවස්ථාව…

නමුත් ලෝකය වෙනස් වෙලා, ප්‍රේක්ෂක සිත් සතන් අදුරු වලාවකින් වැහිලා, කිසිවෙකුට අමතක නැහැ අපේ තරුලොව ගනදුරේ හෙලූ චිත්‍රපට ත්‍රිත්වය. නමුත් අපේ සිත් සතන් තරමක් සැනසෙනවා මාක්, කෑරී, හැරිසන් වැනි ජීවමාන යෝධයන් නැවතත් ඔවුන්ගේ සුපුරුදු වාසභුමියට පැමිණීමට ලැබෙන අවස්ථාව දොහොත් මුදුනින් පිළිගන්නා විට. එලෙස ආරම්භය සනිටුහන් කල ශක්තියේ යළි පිබිදීම. ලෝකයම කලඹමින් පුර්ව ප්‍රචාරක පටයක් අපි වෙත නිකුත් කරන්නට සමත් වුණා. ඒ ඇති අපේ ඇස් කන් විවර කරන්නට….

ඉතින් IMDB මීටරය 8.4 ක් යනකම් කරකැවූ ලෝකයේ හොඳම චිත්‍රපටි ගොන්නේ 87 වැනි තැන දිනු, ලොව පුරා ඩොලර් බිලියන 2.05 ක් මේ වෙනත් උපයා නොනැවතී ගමන් කරන මේ අතිමහත් විශ්වය අද ඔබට බාරයි එහෙනම්.

නැවත පියඹා යන්න විශ්වයේ සෝලෝ හා චුවි සමඟ මිලේනියම් ෆැල්කන් යානයේ, ඔවුන් හා නැවත යුද්ධ වදින්න සාධාරණය වෙනුවෙන්, පොඩි මිනිසුන් වෙනුවෙන්, නැවත ඔබේ හිතේ දොරගුළු හැර දෙන්න ෆින්ට, රේට අමතක කරන්න එපා ඔවුන්ගේ අනික් බලගණය… ඉතින් ඔවුන් එකක් උරෙන් උඅර ගැටෙන්න රුදුරු විශ්වයේ තමුන්ගේ තැන සොයන කයිලෝ රෙන් සමග. ගිහින් එන්නම් නැවත හමුවෙමු තරු ගැඹරේ වීර කාව්‍යක් සමඟ.

වෙනද වගේම සමීර කරුණාරත්නගේ වටිනා ලිපියට ස්තූතිවන්ත වෙන ගමන්ම මේ උපසිරැසිය ඔබ වෙත ගෙන ආවේ දැනට ඔබට අමතක කෙනෙක් විසින්. එහෙනම් ජයම වේවා!!!

 

  1. Star Wars: Episode IV – A New Hope (1977) – Top 250 #19 | Won 6 Oscars. Another 38 wins & 26 nominations.
  2. Star Wars: Episode V – The Empire Strikes Back (1980) – Top 250 #12 | Won 1 Oscar. Another 15 wins & 16 nominations
  3. Star Wars: Episode VI – Return of the Jedi (1983) – Top 250 #74 | Nominated for 4 Oscars. Another 15 wins & 14 nominations.
  4. Star Wars: Episode I – The Phantom Menace (1999) – Nominated for 3 Oscars. Another 17 wins & 57 nominations.
  5. Star Wars: Episode II – Attack of the Clones (2002) – Nominated for 1 Oscar. Another 13 wins & 44 nominations.
  6. Star Wars: Episode III – Revenge of the Sith (2005) – Nominated for 1 Oscar. Another 16 wins & 35 nominations.
  7. Star Wars: Episode VII – The Force Awakens (2015) – Nominated for 5 Oscars. Another 57 wins & 123 nominations.

 

 

700 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

F9723F6291360A1627333F2C2C668979CFD16898

1.67 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න

5B0EFB0DDA0CD62C7A26FBB9F1FFE41816C71C87

2.63 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

E210108B200F4A05E61F86C02421A95BCAA9ADBA Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

11,871 downloadsDownload Star-Wars-Episode-VII-The-Force-Awakens-2015.zip129 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

11,871 downloadsDownload Subtitles129 KB

82 comments

  1. ලහිරු චානක

    එළ රොයිලි අයියා... ජය වේවා...!!! 

  2. Saketha Pulasthi

    මේ ෆිල්ම් එක බලන්න ඔන නිසාම පරණ Star Wars ෆිල්ම් ඔක්කොම ටික බැලුවා.බ්ලූරේ කොපි ඇවිල්ල තාම පැය ගානයි.ගොඩක් ඉක්මනට සබ් එක දීලා.
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  3. maduranga

    පරණ ඒවත් එක්ක බලද්දී පොඩි දියුණුවක් පේනවා.
    sab එකට ස්තුතියි .

    ඔන්න මුලපිරුම

  4. Madhawa

    ගොඩක් ස්තූතියි රොයිලි සහෝ,මගේ ආසම ෆිල්ම් එකක්

  5. රයන් ද සිල්වා

    පට්ට රොයිලි අයියා කාලෙකට පස්සෙ මේ දීලා තියෙන්නේ සුපිරිම මූවියක්
    සබ් එකට තුති
    දැන් ඉතින් කලින් වගෙ සබ් දෙන්නෙ නැති එකනම් අපරාදේ....
    ෴ජය වෙවා෴

  6. කවීන් ලහිරු

    රොයිලි අයියගෙ ස්පීඩ් එක ගැන අපි දන්නැද්ද තාම මූවියෙ බ්ලූරේ කොපිය ඇවිල්ලා පැය කීයද නැද්ද?
    සබ් එකට තුති රොයිලි අයියා දෙනකන් මග බලන් හිටියෙ
    ජය....

  7. ඩිලාන් හසිත

    අම්මෝ රොයිලි සහෝ ෆිලුමක් ගෙනල්ලා ඒකත් සුපිරිම බාන්ඩයක්
    මේ දැන්මම බානවෝ ෴ජය වෙවා෴

  8. Udara Damith B\K

    ගොඩාක් ස්තූතියි.............

  9. ayesh

    ela machan supirima supiri,, podi kaale mewa okkoma baluwa. aluth ekak awa kiwwahama puduma sathutak awa.. aniwa danagaththa baiscopelk web eken sub eka denawa kiyala.. aththamai gdk thnx saho.. jayawewa..

  10. Dil Ru

    හම්මේ ඉතින් කියලා වැඩක් නෑ. තෑන්ක්ස් රොයිලි අයියේ සබ් එකට.

  11. kavinda

    අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ.
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
    බොහොම ස්තුතියි. සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි.

    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    මේක ඉතින් එනකන් පොඩි එකාගේ ඉදන් ආච්චිලා සීයලත් බලන් හිටපු එකක්නේ
    ඔන්න ඉතින් අද බලනවා දෙවෙනි පාරටත් .. හෝල් එකෙනුත් බැලුවා එත් ඉතින්
    අයියගේ
    උපසිරසියත් අනිවාරෙන්ම බලන්න එපැයි ගොඩක් ස්තුතියි හොදේ ජයවේවා.

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු.

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

  12. Tharaka

    මේක දෙනකල් තමයි ,මමත් බලන් හිටියේ. මම Episode vi වෙනකල් ඔක්කොම 1080p කොපි වලින්ම බාගෙනයි තියෙන්නේ. දැන් Episode vii එකේ 1080p කොපියත් ඕන් බාන්න දැම්මා. සබට බොහෝම ස්තූතියි මචන්!

  13. සමීර කරුණාරත්න

    හම්මේ ඉතින් පුදුම කලක් බලා උන්නා මේක දැන් එයි දැන් එයි කියලා, ආවා විතරයි වෙඩි වගේ මේක දීලා, බොහොම පින් අයියේ බොහොම පින් අද ඉතින් අවුරුදු වගේ තමා දැන් වෙන මොකුත් ඕනේ නැහැ මේක බලනවා, සබ් කරන්න පස්සේ බැරිය... බොහොම පින් බොහොම පින්....

  14. susa

    Yaluwane... 720 mb copy 1 download kalata open wenne nene.. convert karannat be..

    No suitable decoder module:
    VLC does not support the audio or video format "undf". Unfortunately there is no way for you to fix this.

    Me error 1 enawa.. man beluwa full download welat tiyenawa.. but KM player 1n penawa.. Mama TV 1n balanne sub avi walata dala..
    Avi converter 1ta load wennet ne
    me error 1 enawa Pls help..

    Failed to add the following files:

    Star.Wars.Episode.VII.The.Force.Awakens.2015.720p.BrRip.2CH.sample.mkv

    1. තිසර නියෝ

      oyage player eka update karaganna. nathinam nawathama codac pack ekak daaganna

  15. තිසර නියෝ

    වෝව්... මාස ගැන බලන් හිටියේ මේක එනකල්...

    උපසිරැසියට තුති රොයිලි අය්යේ…
    ඉක්මනටම ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  17. නලින් පෙරේරා

    අප්පට සිරි කිව්වලු! මේකේ කෙලින්ම බ්ලුරේ එකක නේ ඇවිත් තියෙන්නේ.. අළුත් කතාවක් එනවා කියලා දැන ගන්න ලැබුන ගමන් පරණ කතන්දර ටිකත් සේරම බාලා බැලුවා. ඉස්සර බැලුවා උනත් අයේ මතක් වෙන්ත් එක්කම. අප්පේ ස්තූතියි වේවා රොයිලි අයියේ සිංහල උපසිරැසියට. අද රැම එහෙනම් තරුකා සටනට සෙට් වෙන්න වෙනවා. ජය වේවා෴

  18. swarna

    patta enakanmai hitiye ela ela deadpool 2016 eke sub ekat dawi kiyala hitanawa

  19. charitha

    Niyamai machan sahena asawen baln indiye meka balanna

  20. DiනුකNuවන්

    අම්මේ.. මේක දෙනකන් ගොඩාක් කල් බලන් හිටියා. බොහෝම ස්තූතියි මචන්!!!

  21. laki

    onna oya wage speed eken sub denna ona saho...ela ela.....maximum speed

  22. Saman Prasad

    දෙයියනේ...
    මේක කෙළින්ම Br ද ආවේ???
    වැඩේ කැතයි අඩේ.
    මං මේ අනිත් ෆිලුම් දෙක තුනක් විතරක් බලල තියෙන නිසා මේකෙ HD එකක් වගේ ආවම අර ෆිලුම් ටික ඔක්කොම මුල ඉදන් බලලා රෙඩි වෙන්නම් කියලා හිටියෙ. කොහෙද ඉතින් පටාරියන් ගාලා Br එකම දීලනේ...
    දැන් ඉතින් මේ සතියෙවත් අරටික බලලා ඉවරකරන්න ඕනා.
    ඔන්න එහෙනම් සබ් එක ගන්නවා රොයිලි අයියේ...
    සබට තුති...!!!
    ජය වේවා...!!!

    ප.ලි. : අඩේ කාටද අඩේ රොයිලි අයියව අමතක වෙන්නෙ??? :o එහෙම අමතක නෑ අඩේ අපිට... :P
    ලිපියට කරුණා අක්කටත් තුති...

  23. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  24. Kulanjana Maduranga

    niayamai.kalayak thisse balan unnu filumak.…thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  25. Gathsara Umesh Kumara

    ammoo royli ayyee.oyanam

  26. Thisal

    ගොඩක් ස්තූතියි රොයිලි සහෝ,මගේ ආසම ෆිල්ම් එකක්

  27. Bhashith Udawatte

    Niyamai Royly ayye !!! :D Sameera ayyatath thankZ :P Sabata thankZ ;) Mamath ithin mekee Ep.II ekatai Ep.III ekatai Ep.VI ekatai Sub dunnane !!! :smile:

  28. eagle

    Amma thx aa patta sabak down karala save koragena heteye baiscope eake sub eaka eanakan thx royile saho

  29. eagle

    Ambe deve pehitai the subata jayean jaya

  30. deleepa

    රොයිලි අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට ඔයා තමයි අයියේ one and only super man
    තැන්ක්ස් කිවා

  31. asitha

    තැන්ක්ස්.ජය වේවා!!!

  32. Buddila Nilaksha

    elaa thnx

  33. චතුර බුද්ධික

    හෆ්ෆේ රොයිලි අයියා දැක්ක කල්..

  34. janiya

    Meka denakan balan hitiye ada ithin aurudu wage thama thanks රොයිලි ayye!!! jaya wewea!!

  35. roshan

    ගොඩක් ස්තූතියි රොයිලි සහෝ

  36. විමා

    ආයේ බොරු කියන්නේ මක්කටෙයි මට මේක අන්ධ-භූත ජාතකේ වගේ රොයිලියෝ
    මුල ඉදලම බලන්න පටන් ගන්න ඕන
    ෆිල්ම් ටික බාල තියෙන්නෙ
    කොහෙද ඉතිං බලන්න ගන්න විදියක් නැතුව ඉන්නේ
    එහෙනම් ඔන්න මේකත් බාන්න දානවා
    ඊලංග උපසිරස ගේම් ඔෆ් ත්රෝන් සමගින් මුණගැහෙමු :D

    මේ උපසිරැසිය ඔබ වෙත ගෙන ආවේ දැනට ඔබට අමතක කෙනෙක් විසින්, මරු විහිලුව :P

  37. susa

    usa Mar 23, 2016 at 1:23 pm
    Yaluwane… 720 mb copy 1 download kalata open wenne nene.. convert karannat be..

    No suitable decoder module:
    VLC does not support the audio or video format “undf”. Unfortunately there is no way for you to fix this.

    Me error 1 enawa.. man beluwa full download welat tiyenawa.. but KM player 1n penawa.. Mama TV 1n balanne sub avi walata dala..
    Avi converter 1ta load wennet ne
    me error 1 enawa Pls help..

    Failed to add the following files:

    Star.Wars.Episode.VII.The.Force.Awakens.2015.720p.BrRip.2CH.sample.mkv

  38. Aruna

    Upload new deadpool

  39. mithun

    ලිපිය කියවන්න ඉස්සෙල්ල රෙටින් එකයි බැලුවෙ..
    රෙටින් එක දැක්කහම හම්මො ලිපියම කියෙව්ව ..
    ඉටපස්සෙනෙ දැක්කෙ අරුම පුදුම සිදුවීමක්..
    සෑහෙන දැකල පුරුදු මුනක්' හම්මො (රොයිලි ප්‍රනාන්දු ) ඔව් බයිස්කෝප් සයිඩ් එක හොල්ලපු පොරක්.......
    පිස්සු හැදෙනවනෙ ඉතින් ..
    බ්‍රො ඔයා දිල තියෙන චිත්‍රපට මම ගොඩක් බලල තියෙනව එව නම් උපරිමයි ..
    කොහොම හරි නැවත පාරක් නියම ෆිල්ම් එකක් සිංහල උපසිරැසි එක්කම ලබාදුන්නට ඔබට බොහොම තුති ...
    දිගටම දෙන්න මචන් ෆිල්ම් ...

  40. mithun

    අයියෙ නවතින් නැතුව දිගටම ෆිල්ම් ගෙන්න..
    අපි බයිස්කෝප් සයිඩ් එක අදුනගද්දි ඔයාල වගෙ උපරිම මෙහෙවරක් කරපු අය නැ කියද්දි දුකයි
    එ නිස දෙමු දිගටම මුවී ඔබට ජය

  41. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  42. Indika_Priyadarsahana

    Thn Q :) ....

  43. Ruk

    තැන්කුයි මචො....................

  44. Isuru Dimantha

    බොහොම ස්තුතියි උපසිරැසියට

  45. Sajeevi

    Thanks

  46. dilshan

    thanks saho,onna bewa

  47. තාරක මිහිරංග

    රොයිලි මචෝ ප්‍රශ්නයක් තියෙනවා කතාව තේරෙන්න බලන්න ඕනි විදිය කියහන්කෝ.star wars I එකේ ඉදලා පටන් ගන්නද? නැත්නම් ඔයා දීලා තියෙන පිලිවෙලට බලන්නද?කොහොම හරි කතාව තේරෙන විදියට බලන්න ඔනී.

  48. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    සුප්පා කිව්වලු. ඇඩෙනවා
    රොයිලි අයියා ගේ සබ් එකක් නොවෑ
    ශාන් අයියා කියලා තියෙනවා වගේ, මටත් මේ සීරීස් එක අන්ද මන්ද ජාතකයක් වගේ
    මුල ටික නොබලා මේක බැලුවොත් පිස්සු හැදෙයි වගේ
    ඒ නිසා මුල ඉදන් බලන්න වෙයි වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය අයිය‍ේ !
    කරුණාරත්න අයියාගේ ලිපියටත් ගොඩාක් ස්තූතිය (මෙලෝ හසරක් තේරුනේ නම් නෑ)
    ලිපියේ විහිලුත් කරලා තියෙනවා නොවෑ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය ග්
    හා කාලය ලැබේවා !!
    ජයෙන් ජයම වේවා !!!
    එහෙනම් අප්‍රේල් 25 ගොට් සීසන් 6 එකත් එක්ක හමුවෙමු..............

  49. Keshan Wasala

    හත්වලාමේ දැන් තමා මේ පැත්තට ආවේ ගොඩ කාලෙකින් :D රෝයිලි අයියා අමතක වෙන්න අපි ආයේ මැරිලා ඉපදුනායෑ මෙන්න ලොක් අයියේ සබ් එක ගත්තා ..මේකේ පළවැනි කතා 3 නං බැලුවා ඉතුරු තුනත් බලලම තමයි මේක බලන්න වෙන්නේ .. බොහොම ස්තුතියි රොයිලි අය්යේ ජය වේවා !! ආ ගේම් ඔෆ් ත්රෝන්ස් එක අනිවා අයියගෙන්ම ඕනේ .. :)

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.