Watch Trailer

The Foreigner (2017) Sinhala Subtitles | මාරක බෝම්බ ප්‍රහාරයෙන් ඉස්මතු වූ, පිය සෙනෙහසේ වියරු පළිගැනීම! [සිංහල උපසිරැසි]

දෙමව්පියන්ට මේ ලෝකේ තියෙන වටිනාම සම්පත තමයි දරුවෝ කියන්නේ. කතාවක් තියෙනවා, උනහපුළු අම්මට උගේ පැටියා මැණිකක් කියලා. තමන්ගේ දරුවා කොච්චර කැත වුනත් අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට පේන්නේ ලෝකේ ඉන්නේ ලස්සනම දරුවා තමන්ගේ දරුවා කියලයි. තමන්ගේ දරුවා මොන අන්දමේ ආබාධයකින් පෙළුනත්, අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට…

දෙමව්පියන්ට මේ ලෝකේ තියෙන වටිනාම සම්පත තමයි දරුවෝ කියන්නේ. කතාවක් තියෙනවා, උනහපුළු අම්මට උගේ පැටියා මැණිකක් කියලා. තමන්ගේ දරුවා කොච්චර කැත වුනත් අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට පේන්නේ ලෝකේ ඉන්නේ ලස්සනම දරුවා තමන්ගේ දරුවා කියලයි. තමන්ගේ දරුවා මොන අන්දමේ ආබාධයකින් පෙළුනත්, අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට පේන්නේ, ලෝකේ ඉන්න හොඳම ළමයා තමන්ගේ ළමයා වගේ. තමන්ගේ දරුවා මිනීමරුවෙක් වුනත්, හොරෙක් වුනත්, මුළු ලෝකෙන්ම හංවඩු ගහපු අපරාධකාරයෙක් වුනත්, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට තමන්ගේ පණටත් වැඩිය ආදරෙයි. මේකට තමයි මාතෘ සෙනෙහස කියන්නේ. මේකට තමයි පීතෘ සෙනෙහස කියන්නේ. මේ සෙනෙහස නිසාම, කිසිම කෙනෙක් කිසිම දවසක කරන්න බැහැයි කියලා හිතපු දේවල් පවා කරලා තියෙනවා. තම දරුවන් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න තරම් දෙමව්පියන් පෙළඹිලා තියෙනවා. සමහරවිට නීතියට පිටින් යමින්, මුළු ලොවටම එරෙහි වෙන්න සිද්ධවුනත්!

කුඈන් කියන්නේ චීනයේ ඉඳලා එංගලන්තයට සංක්‍රමණය වෙච්ච මනුස්සයෙක්. යුධයෙන් බොහොම පීඩා විඳපු මේ මනුස්සයා, තමන්ගේ බිරිඳ සහ කුඩා දියණියන් දෙන්නත් එක්ක චීනෙන් පිටවෙලා එනකොට, බොහොම අවාසනාවන්ත විදියට තායි මුහුදු මංකොල්ලකාරයෝ මේ අහිංසක මනුස්සයගේ හයක් හතරක් නොතේරෙන දුවලා දෙන්නව අමානුෂික විදියට ඝාතනය කරලා දානවා. තාත්තා කෙනෙක් විදියට කුඈන්ට මේ වෙලාවේ කිසිම දෙයක් කරගන්න බැරිව අසරණ වෙලා හිටියෙ. අන්තිමේදී බොහොම දුක් කම්කටොලු වලට මුහුණ දීලා, කොහොමහරි එංගලන්තයට සංක්‍රමණය වෙන්න කුඈන් සහ ඔහුගේ බිරිඳ සමත් වුණා. නමුත්, කුඈන් කියන්නේ උපතින්ම අවාසනාව කැන්දගෙන ආපු මනුස්සයෙක්. මේ වගේ මිනිස්සු දිහා දෙවියන් වත් හැරිලා බලන්නේ නැත්තේ දෛවයේ සරදමකටද මන්දා. සමහරවිට දෙවියන් පවා සෙල්ලම් කරනවා ඇත්තේ, මේ වගේ අහිංසක, අසරණ ජීවිතත් එක්ක වෙන්න ඇති. දියණියන් දෙදෙනෙක්ගේ අහිමිවීමෙන් පමණක් නොසෑහුණු කුඈන්ගේ දෛවය, ඔහුගේ බිරිඳට තුන්වෙනි දරුවා බිහිවෙද්දි, බිරිඳගේ ජීවිතය වන්දියක් විදියට අරගෙන, කිරිකැටි දරුවත් එක්ක කුඈන්ව මේ ලෝකේ තනි කළා. පස් දෙනෙක් විදියට ඉන්න තිබිච්ච ලස්සන පවුලක්, අන්තිමට දෙන්නෙක් විතරක් ඉන්න තැනක් බවට පත්වුණා. මේ දියණිය තමයි කුඈන්ට මේ ලෝකේ තමන්ගේ කියල ඉතිරිවෙලා තිබිච්ච එකම වස්තුව. මේ මාහැඟි වස්තුවට කුඈන් තමන්ගේ ප්‍රාණය දෙවැනි කරලා ආදරය කළා.

මං කලිනුත් කිව්වා, දෙවියන් සෙල්ලම් කරන්නේ අහිංසක, අසරණ මිනිස්සුන්ගේ ජීවිතත් එක්කමයි. නොහිතපු වෙලාවක, මේ අසරණ මනුස්සයාගේ දෑස් පනාපිටම, මේ අහිංසක අසරණ මනුස්සයට මෙලොව ඉතිරිවෙලා තිබ්බ එකම වස්තුවත් දෙවියන් උදුරගත්තා. බැංකුවක අටවලා තිබ්බ බෝම්බයකින් කුඈන්ගේ තුන්වෙනි දියණියත් ඝාතනය වෙනවා. හිතාගන්න පුලුවන්ද මේ අසරණ මනුස්සයට මොනවා හිතෙනවා ඇත්ද කියලා? තමන්ට හිමිවෙලා තිබිච්ච හැමදෙයක්ම හේතුවක් නොමැතිව උදුරගෙන. දුවගේ මරණයට හේතු වෙච්ච සාහසිකයෝ හොයලා දෙන්න කියල නීතිය ඉදිරියේ බැගෑපත් වුණා. නමුත්, පිළිසරණක් නොලැබුණා. ජීවිතය අවසන් කරගන්නත් විටෙක හිතෙන්න ඇති. ඒත් අන්තිමේ ජීවත් වෙන්න හේතුවක් ලැබුණා. වැරදිකාරයො හොයලා දඬුවම් දෙන්න. මුළු ලෝකෙටම විරුද්ධ වෙන්න සිද්ධවුනත් තමන්ගේ දුවගේ මරණයට සාධාරණයක් ඉෂ්ඨ වෙන්න, වැරදිකාරයො ටික මේ ලෝකෙන් තුරන් කරලා, මෙවැනි දෙයක් ආපහු සිදුනොවෙන්න කටයුතු සිද්ධ කරන්න තීරණය කළා. ඔහු ජීවත් වුනේ එක අරමුණක් වෙනුවෙන්! ඔහුගේ හදවත මොරගෑවේ එකම එක අරමුණක් වෙනුවෙන්! පළිගැනීම! නමුත්, සාමාන්‍ය මිනිහෙක් මොනවා කියලා කරන්නද? එහෙනම් වැරදිලා, මේ කුඈන් කියන්නේ කිසිසේත්ම සාමාන්‍ය මනුස්සයෙක් නම් නෙමෙයි!

ජැකී චෑන් කියන්නේ දශක ගණනාවක් තිස්සේ බාල, මහලු, වැඩිහිටි කොයි කාගේත් හිත දිනාගත්ත විශිෂ්ඨ නළුවෙක්. කාලයක් තිබ්බා, ජැකී චෑන්ගේ ෆිල්ම් එකක් කිව්වොත් ඊට වඩා දෙයක් නැහැ. හැබැයි, කාලයත් එක්ක මේ අදහස වෙනස් වෙන්න ගත්තා. මොකද කියනවා නම්, පහුගිය අවුරුදු කීපයටම මේ විශිෂ්ට රංගධරයගෙන්, ඔහුගේ හැකියාවට ගැලපෙන අන්දමේ විශිෂ්ඨ සිනමා නිර්මාණයක් දකින්න ලැබුනේ නැහැ. ඔන්න ඉතිං එහෙනම්, සමස්ත ලෝකවාසී ජැකී චෑන් ප්‍රේක්ෂකයන් හටම සතුටු වෙන්න පුළුවන්, මොකද කියනවා නම් අවුරුදු ගාණකට පස්සේ ජැකී චෑන්ගේ නැවත සම්ප්‍රාප්තියක් විදියට අවිවාදයෙන්ම මේ චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටියත් එක්ක, ආයෙත් අපිට පරණ හුරු පුරුදු, විශිෂ්ඨ ජැකී චෑන් නැවතත් දකින්න පුළුවන් වේවි කියලා පොඩි බලාපොරොත්තුවක් ඇති වුණා.

මේ චිත්‍රපටය සඳහා පදනම් වෙලා තියෙන්නේ, 1992 වර්ෂයේදී Stephen Leather මහත්මය විසින් රචනා කරන ලද The Chinaman කියන නව කතාව. චිත්‍රපටය නිළ වශයෙන් නිකුත් වෙන්නේ 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 24 වෙනිදා. චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 35ක ධනස්කන්ධයක් යොදාගෙන තියෙනවා. ඒ වගේම, ඇමරිකානු ඩොලර් මිලියන 135.4ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටුවනත් මෙම සිනමා සිත්තමට හැකියාව ලැබිලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ, Green Lantern (2011), The Legend of Zorro (2005), The Mask of Zorro (1998) වගේ සුප්‍රකට සිනමා කෘති රැසක් අධ්‍යක්ෂණය කරන ලද Martin Campbell විසින්. ඒ වගේම, මේ වෙද්දී දොළොස්දහස ඉක්මවූ මනාප සංඛාවකින් IMDB දර්ශකය 7.2ක් වැනි ඉහළම අගයකට කරකවන්න මෙම සිනමා නිර්මාණයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම, ලේසියෙන් හොඳ අගයක් ලැබෙන්නේ නැති කුණු තක්කාලි දර්ශකයේ 60% ක මනාප ප්‍රතිශතයක් ලබාගන්නත් හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම, මේ චිත්‍රපටිය වෙන වෙනම ඉංග්‍රීසි සහ චීන යන භාෂා ද්විත්වයෙන්ම නිර්මාණය කරලා තියෙනවා.

එහෙනම්, ජැකී චෑන් රසිකයෙක් නම් නොවරදවාම අරගෙන බලන්න. පහුගිය කාලයට සාපේක්ෂව අනිවාර්‍යයෙන්ම වෙනසක් දැනේවි. ඉදිරිය ගැන ලොකු බලාපොරොත්තුවක් ඇතිවේවි, ඉස්සර වගේම හොඳ චිත්‍රපටි ටිකක් බලාගන්න ලැබේවි කියලා. දෙසැම්බර් 22 ජැකී චෑන්ගේ වෙනස්ම ආරක ක්‍රියාදාම සහිත විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් එළිදක්වෙන්න නියමිතයි. අපි බලමු, මොකකින් මොකක් වේවිද කියලා.

එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය!

ප. ලි – චිත්‍රපටයේ HD පිටපතකට තමයි උපසිරැසි දීලා තියෙන්නේ. ඉතාමත් ඉහළ ප්‍රමිතියක් තියෙන පිටපතක් කියලා බය නැතුව කියන්න පුළුවන්. WEB පිටපතක ගුණාත්මක භාවයට ඉතාමත් ආසන්නයි. ඒ නිසා බැලුවා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ගුණාත්මක භාවය කොහොමද කියලා මෙතනින් බලාගන්න පුළුවන්. කොහොමත් හොඳ පිටපතක් ආපු සැනින් වෙනදා වගේම අප්ඩේට් එක දෙනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.

26,165 downloadsDownload The-Foreigner-2017-BR.zip99 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

26,165 downloadsDownload Subtitles99 KB

147 comments

  1. oshanda

    ස්තුතියි සහෝ.. ඔබට ජය

  2. Udara Damith B/K

    ස්තුතියි....ela

  3. lahiru sandaruwan

    sisila aiye oya gena nam kyla wedak ne.. hemadama wage supirima ekak genath tynwa... eth votes gena nam kynna dukai.. downlaod karagena nikan innwa.. terum ganne ne meka karanna kochchra mahansi wenawada kyla.. anyway good job bro... keep it up

  4. sumudu priyankara

    thank you saho sub ekata

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. prabodha

    Woooow. supirima movie ekak thank bro sub ekata.

  7. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  8. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  10. AWNCK

    Thanks Bro......Niyama wedak...Elama kiri

  11. thisal

    උපසිරැසියට බොහෝම ස්තූතියි /..

  12. Ishan

    thanx machn

  13. nalaka

    Thanks bro.

  14. widuranga

    sisila broooo dennema patta ewa niyamai hodeeeee
    thanx for sub

  15. Hemantha De Silva

    ස්තුතිය ප්‍රසාද්..
    ස්තුතිය බයිස්..
    මග බල බලා හිටියා ගේනකල්.....

  16. Sisila Sadaruwan

    උපසිරැයට බොහෝම ස්තුතියි ...1

  17. nalin

    බොහොම ස්තුතියි සබ් එකට, එක ප්‍රශ්නයක් මෙක HC සබ් එකක් තියනවද?
    ජය.....

  18. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  19. Randeepa Dias

    thanks machan sub 1ta,mage vote akath dunne ubatama tamai brooo....

  20. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සිසිල සහෝ උපසිරැසට.. කාලෙකින් ජැකී චෑන්ගේ ලස්සන ෆිලුමක් බලන්න ලැබුනා එහෙනම්. අර කුන්ග්ෆු යෝගා මගුලෙන් එහෙම ජැකී චෑන්ව නැති කලා. කරාතේ වලට වගේම රගපාන්නත් උපන් හැකියාවක් තියෙන ජැකී චෑන් වගේ නලුවෙක්ගෙන් අපි හැමෝම බලපොරොත්තු වෙන්නේ මේ වගේ නිර්මාණ තමයි. BR ආව ගමන් බලන්න ඕනි. ජය වේවා. බුදුසරණයි!

  21. Dulanga

    Thanks

  22. w A Thilak

    එනකම් බලාගෙන හිටියේ...ස්තුතියි උපසිරසියට

  23. amila

    subata thank bro 007 Jame Bond set ekata sub dennako dila nathi seratama pliz

  24. gihan perera

    Well done bro...maka anakan thamai hitiya..good luck...

  25. nirodha uthpala

    Meke lipiya hatiyata sisilaya brrip eanakan ivasanna vena ceen eakak thiyenne...thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .... ah amataka vuna ne. .. sisilayata vitarai me avurudu 4-5 kalaya atulata hodama lipi liyanne hariyaval thiyena eakama pora well done bro.....

  26. Hasy dilshez

    biscope team

    Rishtey (2002) hindi movie ekata subtitle dannako
    Plz

  27. සහන්

    Thankuy

  28. Hemal

    Thank you brother

  29. AJ

    Thanks for the sub...

  30. Thilina Chamara

    thank you

  31. Ismath

    සබ් එක Download වෙන්නෙ නෑනෙ සහෝ. 404 not found වැටෙනවා.

  32. Chanaka

    මෙක එනකන් බලන් හිටියේ සහෝ.. එලම.. තැන්ක්ස්

  33. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……..

  34. Udaya Fernando

    Thanks Sisila

  35. dinusha

    downlode karanne kohamada meka

  36. චාමර

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……..

  37. Bobby

    Thank you very much sisila.

  38. Yohan Marsh

    thanks bro

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. දමිත්

    බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට සිසිල සහෝ.
    සුපිරිම විස්තරයක් දීලා තියෙන්නේ.
    ජයෙන් ජය.

  41. අසිත

    elama saho thanks
    oya dunnoth ithin ahanna deyakda?

  42. thanuj

    sub download krnna be bro....

  43. tv malli

    tnx bn sub ekata.digatama karagena yamu brooo

  44. saminda

    thanx

  45. Nuwan277

    thanks

  46. tharindu

    thx puluwan nam br ekata sub upload karannaaaaaa............

  47. maddurox

    yts Brrip ekata sub eka dennakoooo aleee

  48. Gayan Chathuranga

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……..

  49. Shakthi Lahiru

    elaa

  50. krish123

    Thanx wewa!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.