The Mentalist [S03 : E14] | සාක්ෂිකරු [සිංහල උපසිරසි සමඟ]
මනෝවේදියාගේ කතා මාලාවේ තෙවැනි සමයේ 14වෙනි කතාංගයට උපසිරැසි අරගෙන තමයි මම අදත් ඔයාලා හමුවට පැමිණෙන්නේ. කතාව ආරම්භයේම වෑන් පෙල්ට් විසින් සාක්ෂිකරුවෙකු ආරක්ෂා කරන්න යනවා. ඒ නිවසේ ඩිජෝර්ජ් නමින් මහත්මයෙකු සහ ට්‍රීනා නම් ඔහුගේ දුවණිය තමයි ජීවත් වෙන්නේ. ඩිජෝර්ජ් විසින් උසාවියේ සාක්ෂියක් දෙන්න තියෙනවා කුඩු විකුණන එසෙක්ස් කියලා මනුස්සයෙකුට එරෙහිව. මේක නිසාවෙන් ඔහුගේ කෙනෙක් මොහුව මරන්න ආවොත් කියලා පොලිසියෙන් ආරක්ෂාවට යොදලා ඉන්නවා. ඒ අතරේ වෑන් පෙල්ට්ට අකරතැබ්බයක් වෙනවා. ඒ හේතුවෙන් ඩිජෝර්ජ් මහත්මයාව කවුරුන් හෝ විසින් ඝාතනය කරලා තියෙන බව දකින්න ලැබෙනවා.
මේ සිදුවීමෙන් පසුව එසෙක්ස් කියන මනුස්සයා තමයි ප්‍රධාන සැකකරුවා විදියට ගැනෙන්නේ. නමුත් ඔහුව කිසිම විදියකින් ඒ කාරණාවට සම්බන්ධ කරගන්න සාක්ෂි ලැබෙන්නේ නෑ. මේ විමර්ශන අතරතුර වෑන් පෙල්ට් නිවැරදිව රාජකාරිය කළේ නෑ කියලා, ඇයට චෝදනා එල්ල වෙනවා. හැම සිදුවීමක් අතරතුරම ජේන් විසින් උපායක් අනුගමනය කරලා මිනීමරුවා අල්ලගන්නවා. ඒත් කතාව අන්තිමේදී අරුම පුදුම කතාවක් තමයි ජේන් විසින් ලිස්බන්ට කියන්නේ. ඒත් මේ කතාව අහපු ගමන්ම ලිස්බන්ට හොඳටම තරහා යනවා. ඒත් ලිස්බන් විසින් අන්තිමටම ඇයගේ පොලිස් ජීවිතේ බොහොම සොඳුරු වැඩක් කරනවා.
ඉතිං අපි බලමු මිනීමරුවා කවුද කියලා. ඒ වගේම අන්තිමට ජේන් විසින් ලිස්බන්ට හෙළි කරන, අරුම පුදුම කාරණාව මොකක්ද කියලා. තවත් දවසකින් මීළඟ උපසිරැසියත් අරගෙන මම බයිස්කෝප් වලින්ම මතුවෙන්නම් කියන ගමන් අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!! __/\\__
4986 downloads
<< Previous Episode All Episodes Next Episode >>
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
ane bro dexter tv show ekatath sub demuda..dexter maxxa
ane bro dexter tv show ekatath sub dumuda..dexter maxxa
නියමයි ප්‍රණිත්..
ජයවේවා…
තෑන්ක්ස්
thanks ela
thanks saho…!
Patta Jaya wewa
පට්ට පට්ට
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය……..
thanks
සබට තුති ප්‍රණීත් සහෝ !!!!
thnkZ bro,