The Mentalist [S03 : E19] | සුන්දර මරුමතිය. [සිංහල උපසිරසි සමඟ]
අදත් The Mentalist කතා මාලාවේ තවත් කතාංගයකට උපසිරැසි දෙන්න තමයි මගේ සූදානම. අද කතාවේ ව්‍යසකයා මැරිලා තියෙන්නේ බෝට්ටු තොටුපලක. ව්‍යසකයාගේ නම තමයි ජෝන් ෆ්ලින්. මොහු සිම්ෆනි නම් සමාගමක ප්‍රධානියෙක්. වෙඩි තියලා තමයි මරලා දාලා තියෙන්නේ. ඒ සමාගමෙන් කරන්නේ ජෝඩු ගැලපීමක්. හෙල බාසාවෙන් කිව්වොත් කපුකම් කතා කිරීමේ සමාගමක්.
මුලදීම කටඋත්තර ගැනීම් කරන්නේ ව්‍යසකයාගේ බිරිඳගෙන්. ඇයගේ නම තමයි එරිකා. CBI කණ්ඩායමේ හැමෝම පරීක්ශනය ගැන විමර්ශණය කරනවා. නමුත් අනිත් හැම කතාවකටම වඩා මේ කතාවේ විශේෂයක් තියෙනවා. අනිත් සෑම කතාවකදීම ජේන් විසින් මිනීමරුවා කවුද කියලා පොඩි හෝ ඉඟියක් ලබාගන්නේ විමර්ශණය අවසාන කරන්න මදක් පෙරාතුවයි. නමුත් මෙතැනදී ජේන් විසින් මුලින්ම මිනීමරුවා කවුද කියලා ප්‍රකාශ කරනවා. මෙතැන් පටන් ඔහු මිනීමරුවා සෙවීමේ ප්‍රයත්නය වෙනුවට ඒ තැනැත්තා ඒක කලා කියලා ඔප්පු කරන්නයි වෙහෙසෙන්නේ. නමුත් ජේන්ට බොහෝම අපහසුයි මිනීමැරුම සිදුකරපු කෙනාව පරද්දන්න. එයාත් හොඳට මොලය පාවිච්චි කරලා තමයි මිනීමැරුම කරලා තියෙන්නේ. මේ විමර්ශණය ජේන්ට ගොඩක්ම අපහසු විමර්ශණයක් වෙනවා.
ඒත් අපි කතාව බලලා දැනගමු හැමදාමත් දිනන ජේන් අදත් දිනාවිද, නැතිනම් පරදීවිද කියලා. කතාවේ ඉරණම විසඳෙන විදිය ඔයාලට දකින්න ශේෂ කරලා, මම අදට සමුගන්නවා මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්.
ආයු -බෝ -වේවා !!! __/__
4944 downloads
Godak sthuthi..JAya wewa!
බ්රද තෑන්ක්ස් ❤️
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එලස්
සබට තුති
ඔබට ජය…….
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
dan mekata addict wwela inne bro..digatama karammu
Patta Niyamai
hotama thiyenawa
සබට තුති සහෝ !!!!!
thanks
thanxxxxxxxxx saho sub ekata