The Mentalist [S04 : E20] | පාසැල් රංගනය… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතිං පුරුදු විදියටම අදත් The Mentalist කතා මාලවෙන් තමයි හමුවෙන්නේ. 4 වෙනි සමයේ 20 වෙනි කොටසින් අපි අද ඉස්කෝලේ යන්නයි හදන්නේ. පාසල් කාලෙන් සමුගත්තු අපේ අය දන්නවා ඒක ඒ කාලේ ඒක දැනුනේ කසාය බිව්වා වගේ වුනත්, ඒ මතකය මී පැණි වගේ කියලා. ඒ වගේම තමයි පාසල් පෙමත් (සිරාවට මට නම් එහෙම එකක් තිබුණේ නෑ). අද මිනීමැරුමකට සම්බන්ධ කතාව සිදුවෙන්නෙත් මේ පාසැල ඇතුලේම තමයි.
ජැක් මැක්ටියර්නි කියලා ඉංග්‍රීසි ගුරුවරයෙක් පාසලේ ක්‍රීඩාංගනයේ මරලා දාලා තියෙනවා. මොහුව මරලා දාලා තියෙන්නේ හිසට මොට ආයුධයකින් සිදුකල පහරදීමකින්. මේ ආයුධය බේස්බෝල් පිත්තක් කියලා තමයි හිතන්නේ. මිනීමැරුමක් විසඳන්න කියලා ගොඩක් මිනිස්සු ගැවසෙන තැන් වලදී ජේන් කරන්නේ අමුතුම විදියේ විකාර වැඩ තමයි. ඉතිං පාසලේ ළමයි ඉන්න තැන් වල කරන දේවල් පවා මේ කතාවේදී දැකගන්න පුළුවන්. ඒ වගේම තමයි ජේන් විසින් පාසල් නාට්‍යක රංගනයක් පවා සිදු කරනවා. ඒ වගේම තවත් බොහෝමයක් දේවල් මේ කතාව තුලදී සිදු වෙනවා.
ඔන්න මම කතාවේ ඕපදූප ටිකක් අරහෙන් මෙහෙන් කියලා දැම්මා. ඒත් කතාවේ අර්ථවත් ටික මම කියන්නේ නැතිවම ඔයාලාට බලන්න කියලා ඉතිරි කරලා තමයි තියෙන්නේ. ඒවා කතාව බලලාම තමයි ඔයාලට දැනගන්න වෙන්නේ. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම ඔන්න අදට සමුගත්තා.
ආයු -බෝ -වේවා !!!
4700 downloads
Godak sthuthi..Jaya wewa!
බොහොමත් ස්තූතියි ❤️
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔය තියෙන්නෙ බඩු
සබට තුති
ඔබට ජය…………
thanks
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබට තුති !!!!
thanks bro
thanks
season 4 එකත් ඉවරවෙන්ඩ ලගයි නේද? season 5 ත් ඉක්මනටම ඉවරකරන්ඩෝ…………….