Watch Trailer

The Witcher (2019-) [S01 : E01] Sinhala Subtitles | අවසානයක ඇරඹුම! [සිංහල උපසිරසි සමඟ] (18+)

Netflix කියන්නෙ හැම අවුරුද්දකම වගෙ අමුතුම විදිහෙ සුපිරි නිර්මාණ නිකුත් කරන තැනක් කියලා කොයි කවුරුත් දන්නවා ඇතිනෙ. මේකත් ඒ විදිහෙ අපූරු කතාවක් තියෙන, අති දක්ෂ නළු/නිලියන් ඉන්න කතාමාලාවක්. දැන් ඉතින් නම දැකපු පමණින් සමහර දන්නවා ඇති කතාව ගැන. The Witcher කියන්නෙ බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාගෙන කතාවක්…

Netflix කියන්නෙ හැම අවුරුද්දකම වගෙ අමුතුම විදිහෙ සුපිරි නිර්මාණ නිකුත් කරන තැනක් කියලා කොයි කවුරුත් දන්නවා ඇතිනෙ. මේකත් ඒ විදිහෙ අපූරු කතාවක් තියෙන, අති දක්ෂ නළු/නිලියන් ඉන්න කතාමාලාවක්. දැන් ඉතින් නම දැකපු පමණින් සමහර දන්නවා ඇති කතාව ගැන. The Witcher කියන්නෙ බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාගෙන කතාවක් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම ගේම් පිස්සො බලාගෙන හිටිය කතාවක්. එක සැරේ කතාව ගැන කියන්නෙ නැතුව පොඩි හැදින්වීමක් කරලම ඉන්නම් එහෙනම්.

The Witcher | නවකතාව

Netflix යටතේ මේ විදිහේ කතාවක් නිර්මාණය වෙන්න කලින් Andrzej Sapkowski නම් පොලිෂ් කතුවරයා යටතෙ 1990 – 2012 කාලය දක්වාම ලියැවුණු නවකතාවන්/කෙටි කතා තමයි The Witcher කියන්නෙ. The Witcher ඇසුරින් සම්පුර්ණ පොත් අටක් නිකුත් වීමක් සිද්දවෙලා තියෙනවා. ඒ තමයි,

  1. The Last Wish
  2. Sword of Destiny
  3. Blood of Elves
  4. Time of Contempt
  5. Baptism of Fire
  6. The Tower of the Swallow
  7. The Lady of the Lake
  8. Season of Storms

ඔය විදිහට තමයි පොත් ටික නිකුත් වෙන්නෙ. පොත් කියවන්න කැමති කෙනෙක් ඉන්නවනම් හොයාගෙන කියවන්න. පොත් ටික පරණ වුනාට දේශීය වගේම විදේශීය අන්තර්ජාලය හරහා පොත් විකුණන අය තවමත් මේ පොත් අලෙවි කරනවා. ෆැන්ටසි කැටගරි එක පදනම් වෙමින් නිකුත් වුන පොත් කිහිපය නිසාම Andrzej Sapkowski අතිශය ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. මේ විදිහට නිර්මාණය වෙන පොත් ඇසුරින් පසුකාලීනව චිත්‍රපට, කතාමාලා වගේම ක්‍රීඩා පවා නිර්මාණය වෙලා නිකුත් වෙලා තියෙනවා.

Witcher Reading Order

 

පොලිෂ් කියන වචනය තැන් කිහිපයකම මේ වෙද්දී භාවිතා වුනාට වැඩිය අහලා නැතුව කියලා හිතනවා. Polish, polszczyzna, simply polski, වගෙ නොයෙක් නම් වලින් හදුන්වන මේ පොලිෂ් භාෂාව කියන්නෙ ලෙච්ටික් කියන උප භාෂා සමුහයට අයත් වෙන බටහිර ස්ලාවික් භාෂාවක්. පෝලිස් නොහොත් පොලිෂ් ජනතාවගෙ මව් භාෂාව විදිහටත්, පෝලන්තයෙ මුලික භාෂාවක් විදිහටත් භාවිතා වෙනවා.

 

Witcher Schools | මායාකරුවන්ගේ පාසැල්

තරුණ මායාකරුවන්ගෙ පුහුණුවට යවන පාසල් තියෙනවා. මේවා නම් කෙරෙන්නෙ සත්වයෙකුගේ නමින්. ඒ ඒ අදාළ පාසල්වල ශිෂ්‍යයන් හදුනාගන්න පුලුවන් ලේසිම විදිහ තමයි ඔවුන් පළදින පෙන්ඩන්ට් එක හරහා .ප්‍රධාන ඒවා වශයෙන්,

  • School of the Wolf
  • School of the Viper
  • School of the Griffin
  • School of the Cat

ඔය හතර හදුන්වන්න පුලුවන්. මීට අමතරව,

  • School of the Bear
  • School of the Manticore
  • School of the Crane
  • Order of Witchers

එහෙමත් හදුන්වන්න පුලුවන්. මේ හැම මායාකාර පාසලක්ම පිහිටලා තියෙන එකිනෙකට වෙනස් වූ තැන්වල. ඒ වගේම මේවායේ අරමුණ අනුව ඉගැන්වීම්වල වෙනසක්ද තියෙනවා.

බිහිවීම හා ඔවුන්ගේ අරමුණ

Temeria (ටෙමේරියා) නම් කොටසට මුල්ම මිනිසුන් වාසය කිරීමට ආව කාලෙ, මේ අයට තමන්වම ආරක්ෂා කරගන්න සිද්දවෙන විදිහෙ ප්‍රශ්න වගේම තර්ජන ඇතිවෙලා තියෙනවා. මේ කාර්යය ඉෂ්ට කරන්න බාර වුනෙ රණශුර භික්ෂූන් කිහිප දෙනෙක්ට. එහෙම නැත්තම් “මුල්ම මායාකරුවන්” කියලත් ඔවුන්ව හදුන්වන්න පුලුවන්. ලෝකයෙ ජිවත් වෙන රාක්ෂයින්ගෙන් ආරක්ෂා කරන්න ඔවුන් තමන්ගෙ ශරීරයේ ස්වභාවය වෙනස් කරගත්තා ස්වභාවික පරිසරයෙ තියෙන අමුද්‍රව්‍ය එකතු කරලා හදාගන්න සංයෝගයක් හදාගෙන. මේකට විපර්යාස කාරක හතු වර්ග, ඖෂධ වර්ග වගේම උත්තේජක ඇති කරන ශාක එකතු කරගෙන තියෙනවා. මේකෙන් මේ අයට සුපිරි ශක්තින් ලැබුනා ලෝකයෙ ජීවත් වන රාක්ෂයින් දඩයම් කරන්න අවශ්‍ය වන ප්‍රමාණයට.

මේ විදිහට නිර්මාණය වූ මායාකරුවන් මුදල් හොයන පරමාර්ථයෙන්, රාක්ෂයො දඩයමේ යන එක තමයි මේ අයගෙ අරමුණ වෙන්නෙ. නමුත් මේ අයට උද්වේගයන් වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් ලැබෙන්නෙ නැති, මිනිස් වර්ගයාට අයත් වූවත්, මිනිසුන් අතරේ මිනිසුන් ලෙස නොසැලකෙන කොට්ටාශයක් විදිහටයි හදුන්වන්නෙ.

ආයුධ

ඔවුන් පුහුණුවේදී ලබාගන්නා ප්‍රවීණත්වයට අනුව ඕනෑම ආයුධයක් මානව හසුරවන්න පුලුවන්. නමුත් පුහුණුවේදී මොවුන්ට ඉලක්ක කෙරෙන ප්‍රධාන ආයුධ දෙකක් තියෙනවා.

  1. The Steel sword

කඩු වර්ග දෙකෙන් එකක් තමයි වානේ කඩුව කියන්නෙ. මේක පාවිච්චි වෙලා තියෙන්නෙ පිටපොත්ත හුගක් හයිය හො සිල්වර් වලට සංවේදී බවක් නැති රාක්ෂයින්ට හානි කරන්න. මේ කඩු එක්කො මායාකරුවන් විසින් හදාගන්නවා. එහෙම නැත්තම් මෙවැනි කඩු නිර්මාණය කරන තැන් වලට කියලා හදා ගන්නවා. හුගක් වෙලාවට “මහාකම්” කියන යටත් රාජ්‍යයට ගිහිල්ලා හදාගන්නවා. උතුරු රාජධානි වලටත්, නිල්ෆ්ගාඩ්ලටත් යකඩ හා වානේ අපනයනය කරන්නෙක් විදිහට මහාකම් රාජ්‍යය සලකනවා.

  1. The Silver sword

සිල්වර් (රිදී) කඩු පාවිච්චි වෙලා තියෙන්නෙ අස්වාභාවික බලයන් තියෙන සතුරන් එක්ක සටන් කරද්දීයි. මේ සිල්වර් කඩු මායාකරුවන් විශේෂිත කඩු විදිහට සලකනවා.

“Witcher” | නාමය

Witcher කියන්නෙ ඉංග්‍රීසි වචනයක් වුනාට Andrzej Sapkowski විසින් මුල් කාලේ භාවිතා කරලා තිබුනෙ පොලිෂ් භාෂාවෙන් “wiedźmin” කියලයි. පස්සෙ කාලෙක මේ වචනෙ “Hexer” කියලා පරිවර්තනය වෙනවා 2000 වසරේදී මේ ඇසුරින් නිකුත් වූ කෙටි කතාවක යොදාගන්නත් 2001 දි බිහි වූ චිත්‍රපටය සදහාත්, 2002 වසරේදී නිකුත් වූ කතාමාලාව සදහා යොදාගන්නත්. මේ දෙකම නිකුත් වෙන්නෙ “The Hexer” කියන තනි නාමයක් යටතෙ. “Hexer” කියන්නෙ ජර්මානු භාෂාවෙන් “මායාකාරයා, ඉන්ද්‍රජාලිකයා” වචන වලටයි. පසු කාලීනව වීඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන CD Projekt Red සමාගම විසින් 2007 වසරේදී ඔවුන්ගේම වීඩියෝ ක්‍රීඩා නිකුත් කරන්න wiedźmin, Hexer යන වචනවල ඉංග්‍රීසි පරිවර්තනය යොදාගත්තා. ඒ The Witcher ලෙසින්.

The Witcher | ප්‍රධාන චරිත

Geralt of Rivia

මනුස්සයෙක්. මිත්‍යාවක්. පුරාවෘතයක්. මායාකරුවෙක්.

ඔය හැම විදිහකින්ම රිවීයාවල ගැරල්ට්ව හදුන්වන්න පුලුවන්. White Wolf, Gwynbleidd, Butcher of Blaviken, Ravix of Fourhorn, Butcher of White Orchard යන නම් සියල්ලෙන්ම හදුන්වන මොහු The Witcher හරහා දැකගන්න ලැබෙන ප්‍රධානම චරිතයයි. ගැරල්ට් කියන්නෙ වීසෙනා කියන මායාකාරියගෙත්, කොරීන් කියන රණශුරයාගෙත් පුතා. ගැරල්ට් ඉපදුනාට පස්සෙ එයාගෙ අම්මා එයාව “කයර් මෝහෙන්වල” පිහිටලා තියෙන School of the Wolf කියන පාසලෙ අතහැරලා දාලා එනවා. එහෙදි උස් මහත් වෙන ගැරල්ට් Witcher කෙනෙක් නොහොත් “මායාකාරයෙක්” වෙන්න පුහුණුව ලබනවා. පුහුණුව සරල නම් නැහැ. අති විශාල, ක්‍රැර විදිහට කායිකව මෙන්ම මානසික තත්වයන් වලටත්, අභිරහස් පිළිවෙත් වලටත් මුහුණ දෙන්න වෙනවා මේ පුහුණුව අතරතුරේදී. එහෙදි තමයි ගැරල්ට්ගෙ නම Geralt of Rivia නොහොත් “රිවීයාවල ගැරල්ට්” නැවතත් නම් කරගන්නෙ.

ශක්තිමත්ම හා බලවත්ම රණශුරයෙක් වෙන්න තියෙන තවත් සමීක්ෂණයක් තමයි Trial of the Grasses නොහොත් herbs කියන්නෙ. මේක නිකන්ම නිකන් සමීක්ෂණයක් නම් නෙවෙයි කලින් කිව්වා වගේම මේකත් හුගක් දුෂ්කර, වේදනාකාරී එකක්. මේ අයව අතිප්‍රබල අය කරවන කාර්යයට යොදාගෙන තියෙන්නෙ මුලින් සදහන් කරපු රණශුර භික්ෂූන් ඒ කාලෙදි භාවිතා කරපු අමුද්‍රව්‍යයම තමයි මේකෙදිත් භාවිතා කරලා තියෙන්නෙ. මේකට තරුණ මායාකරුවන් දහදෙනෙක් මුහුණ දුන්නොත් මේකෙදි ජීවීතේ බේරෙන්නෙ තුන්දෙනෙකුගෙ විතරයි. ඒ අයගෙන් කෙනෙක් තමයි ගැරල්ට් කියන්නෙ. ඒකෙන් එයාට විශාල වේගයත්, ශක්තියත් වගේම එයාගෙ මායාකරුවන්ටත් වඩා වැඩි සවි බලයකුත් ලැබිලා තියෙනවා.

බලයන්

  • සවිමත් ඇටකටු – Trial of the Grasses සමීක්ෂනයට ලක් කිරීමත් එක්ක මායාකරුවන්ගෙ ඇටමිදුළු වෙනස් වීමකට භාජනය වෙනවා. අවසාන ප්‍රතිඵලය වශයෙන් ඒවා සවිමත් ඒවා බවට පත් වනවා.
  • වැඩිදියුණු වූ බලපෑමක් – විෂ හා රෝග වලින් බලපෑමක් ඇති නොවෙන විදිහට ඒවට ප්‍රතික්‍රියා කිරීමක් සිදු වනවා.
  • වැඩිදියුණු වූ වේගය – අතිශය විශාල සුපිරි මිනිස් වේගයක් ඔහු සතුව පවතිනවා.
  • කිසිදු උපකරණයක් නැතුවම එක් උස් ස්ථානයක සිට තවත් තැනක තියෙන ස්ථානයක් වෙත පැනීමට හැකියාව පවතිනවා.
  • වේගවත් සුව වීම – ඇතිවෙන තුවාල වලින් ඉතාමත් ඉක්මණින් ඉබේම සුව වීමේ හැකියාව ඔහු සතුව පවතිනවා.
  • ආයුකාලය – මේ මායාකරුවන් කියන්නෙ ශතවර්ෂ ගණනාවක්ම ජීවත් විය හැකි අය. ඔවුන්ගේ පෙනුම ඉතාමත් හෙමින් තමයි මහලු භාවයට පත් වෙන්නෙ.
  • මායාකාර සංවේදක – අඩු ආලෝකයක් පවතින තැන් වලදී ලෙහෙසියෙන්ම දැකීමේ හැකියාව, වැඩිදියුණු වූ සවන් දීමේ හැකියාව, තමන්ගේ ඉලක්ක ඉන්නා තැන් හදුනා ගැනීමේ සංවේදක ඔහු සතුව පවතියි.
  • කඩු හරඹෙහි දක්ෂයෙකි – කයර් මෝහෙන්වල තුලදී ලැබූ පුහුණුවත් එක්ක කඩු හාවිතා කරමින් මනා ලෙස සටන් කිරීමේ හැකියාව ඔහු සතුව පවතිනවා. මාරක පහරවල් එල්ල කිරීමද ඔහු සතුව පවතිනවා.
  • ආයුධ හැසිරවීම – මායාකරුවන් සාමාන්‍යයෙන් භාවිතා කරනුයෙ කඩුය. නමුත් ඊට අමතරව පොරව, හරස් උල්, කැට පොලු මෙන්ම දුනු/ඊතලද මනා ලෙස හසුරවන්නත් පුලුවන්.
  • කිසිදු ආයුධ නැතුව සටන් කිරීමේ හැකියාව – තමන් සතුව කිසිදු ආයුධයක් නැති විටෙක වුවද තමන්ගේ අත් හා කකුල් දෙක භාවිතා කරන සටන් කිරීමේ හැකියාව පිහිටලා තියෙනවා.
  • සෑම මායාකාරුවෙකු වගේම රාක්ෂයින් දඩයම් කිරීමේ හැකියාව ඔහු සතුව පවතිනවා. ඔවුන් සතුව පවතින දුර්වල ස්ථාන හදුනාගෙන පහර දීමේ හැකියාව මනා ලෙස පිහිටලා තියෙනවා. මේ නිසාම ඔහු ඉතාමත් දක්ෂ උපාය දක්ෂයෙක් විදිහටත් හදුන්වන්න පුලුවන්.
  • තමන්ගේ ගමන අතරතුර ඖෂධ හා හතු වර්ග එකතු කරමින් අරිෂ්ඨ වර්ග හදන්න පුලුවන් හදන්න පුලුවන් හැකියාවද ඔහු සතුව පවතිනවා. ගැරල්ට් මේ විදිහෙ අරිෂ්ඨ පාවිච්චි කරන්නෙ තමන්ගෙ ශක්තිය වැඩි කරගන්න උදව්වක් විදිහටයි.

සලකුණු

ඉහත සදහන් කරලා තියෙන බලයන් වලට අමතරව ගැරල්ට් පුහුණුව ලැබූ මායාකාර්ම වලදී එයාට හැකියාව ලැබිලා තියෙනවා අති දක්ෂ විදිහට සලකුණු හරහා සුළු මන්තර පිට කිරීමේ හැකියාවන් ඉගෙනගන්න. මේ හැම ක්‍රමයකටම වර්ණයෙන්, පිටවෙන බලයෙන් එකිනෙකට වෙනස් වූ සංකේත තියෙනවා.

  • Aard – තම සතුරන් සිහිය නැති කිරීමක් හො බිම හෙලන්න පුලුවන් මට්ටමේ telekinetic (ග්‍රීක පරිවර්තනය කිරීමට අනුව “ආත්ම”) තරංග පිට කරන්න පුලුවන් හැකියාව මේ හරහා ලැබෙනවා. යොදාගන්න විදිහ අනුව නොයෙක් විදිහෙ ප්‍රයෝජන ගන්න පුලුවන්. බිත්ති විනාශ කරන්න, ආයුධ අරන් ඉන්න කෙනෙක්ව නිරායුධ කරන්න දේවල් මේ හරහා කරන්න පුලුවන්.

  • Igni – තම අතෙහි අල්ල භාවිතා කරලා ගිනිදර පිට කරන්න පුලුවන් හැකියාව මේ සලකුණට තියෙනවා. හිස් ආවරණයක් දාගෙන හිටියත් ඒ ගැන සැලකීමක් දක්වන්නෙ නැතුව ගින්දර පිට කිරීමක් කලොත් හම පිච්චිලා යන මට්ටමට මේ ගින්දර බලවත්.

  • Yrden – මේ සලකුණ හරහා පුලුවන් කමක් තියෙනවා මායාමය උගුලක් අටවන්න. තමන්ගෙ ප්‍රතිවිරුද්ධකරුවා ඉන්න දිහාවට විහිදෙන්න සැලැස්සුවාට පස්සෙ ඒ කෙනා ඉබේම අඩපණ වෙනවා. සලකුණ හරහාම එක් වතාවකට මෙවැනි උගුල් තුනක් අටවන්න පුලුවන්.

  • Quen – තමන්ට පුද්ගලික ආරක්ෂාවක් සලසගන්න පුලුවන් විදිහෙ සලකුණක්. ගිනි බුබුලක හැඩයක් ගත්ත මේක එල්ලවෙන හැම හානියක්ම ඇදගෙන එල්ලවුණ දිහාවට තප්පර 30 ක කාලයක් ඇතුලත හැරවිලා යනවා.

  • Axii – මේක හුගක් දුරට වශියකට සමාන දෙයක්. තමන් වෙත එන ප්‍රතිවිරුද්ධකරුවෙක්ව සිහි නැති වෙන විදිහෙ ප්‍රහාරයක් එල්ලවෙන්න, තාවකාලික කාලයකට ප්‍රතිවිරුද්ධකරුව තමනගේ පැත්තට නම්මාගන්න යොදාගන්න පුලුවන්. විශේෂයෙන්ම අතිශය කලහකාරී අය වෙත යොමු කිරීමෙන් ඒ අයව සන්සුන් කරවන්න, ප්‍රතිවිරුද්ධකරුවෙක් එකිනෙකාට කෙටවිමක් වගෙ දේවල් කරන්නත් පුලුවන්.

  • Heliotrop – අත් දෙකෙහි මැණික් කටුව ප්‍රදේශයන් ප්‍රතිවිරුද්ධ විදිහට (වොන්ඩර් වුමන් පහර දෙන්න යොදාගන්න විදිහට සමාන විදිහට) තබාගැනීමෙන් මායාමය හො කායික වශයෙන් එල්ලවෙන ප්‍රහාර වලින් බේරෙන්න පුලුවන්. කර කියාගන්න කිසිවක් නැති වෙලාවට ක්ෂණික උපක්‍රමයක් විදිහට භාවිතා කරනවා.

  • Somne – අවශ්‍ය කරන අයෙකු නින්දට යැවීමට භාවිතා කරයි.

එහෙනම් ඔන්න මේ ලිපිය මෙතනින් නවත්තනවා. මොකද තව මේකට එකතු කලොත් ලිපිය දික් වෙන ප්‍රමාණය වැඩියි. ඒ නිසා මේ ලිපියෙ ඉතිරි කොටස කියවන්න කැමති නම් බයිස්කෝප් මංසලේ මේ වෙද්දී පල කරලා තියෙන ලිපිය කියවන්න මෙතනින් පිවිසෙන්න >>>

 

Netflix’s The Witcher | කතාමාලාව 

2017 වසරේ මැයි මාසයේදී කල නිවේදනයත් එක්ක, මුල් කතාසමයෙ රූගත කිරීම් ආරම්භ වෙන්නෙ 2018 වසරේ ඔක්තෝබර් 31’වැනිදා. ඒ හංගේරියාවෙදි. එහෙම ආරම්භ කරපු කතාව 2019 මාර්තු මාසය වෙනකන්ම රූගත කිරීම් කටයුතු සිදු වෙනවා. Netflix සමාගම යටතෙ නිකුත් වූ Daredevil, The Defenders, The Umbrella Academy වැනි ප්‍රසිද්ධ කොමික් කතාමාලා නිර්මාණයට එක් වූ Lauren Schmidt Hissrich විසින් තමයි මේ කතාමාලාවේ අයිතිකාරිය විදිහට කටයුතු කරලා නිර්මාණය කරලා තියෙන්නෙ. The Witcher පොත් රචනයෙන් එක් වූ Andrzej Sapkowski මෙහි නිර්මාණ කටයුතුවල උපදේශකවරයෙකු විදිහට එක් වුනත් ඔහු විසින් මෙහි කිසිදු කොටසක්වත් අධ්‍යක්ෂණය කිරීම සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

සම්පුර්ණ කොටස් අටකින් පමණක් සමන්විත මේ කතාමාලාව සදහා IMDb දර්ශකය තුල 9.2/10 අගයකුත්, Rotten Tomatoes තුල 60% ප්‍රතිශතයකුත් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ප්‍රධාන රංගනයෙන් කොයි කවුරුත් දන්න, හොදම සුපර්මෑන්ගෙ චරිතයට එක් වූ Henry Cavill, Freya Allan, Anya Chalotra, Jodhi May, Björn Hlynur වගේ බොහොමයක් චරිත එකතු වෙලා තියෙනවා.

හැමදාමත් වගේ කොමික් රසිකයින්ට අසාධාරණයක් කරපු වෝනර් බ්‍රදර්ස් සමාගම DCEU කියන අන්වර්ථ නාමයෙන් හදුන්වන සිනමා විශ්වයෙ ආරම්භක අධ්‍යක්ෂකවරයා ඉවත් කිරීමත් එක්කම, අපිට ලැබුණු හොදම සුපර්මෑන්, ඒ කිව්වේ හෙන්රි කැවිල් යොදාගෙන තවත් සුපර්මෑන් චිත්‍රපට නිකුත් කිරීමට කැමැත්තක් නැති බව වෝනර් බ්‍රදර්ස් සමාගම සදහන් කරලා තිබුනා. මේ එක්කම බොහොමයක් රසිකයින්ගේ බලාපොරොත්තු සුන් වුනා. මේ අතරේ තවත් සමහර අය හෙන්රි කැවිල්ව වගේම ඔහුගේ රංගනය හැල්ලුවට ලක් කරලත් තිබුණා. ඔය කොයි කාගෙත් ඇස්වල කටු අනිනවා වගෙ වැඩක් හෙන්රි කැවිල් කරලා පෙන්නුවා මෙතෙක් ආව හොදම ඇක්ෂන් චිත්‍රපට එකතුවෙහි කොටස්කරුවෙක් වෙලා. Mission: Impossible – Fallout, Night Hunter චිත්‍රපට වලට අමතරව හෙන්රි කැවිල් එක් වූ ලොකුම නිර්මාණය මේ කතාමාලාව කියලා කිසිම බයක් නැතුව කියන්න පුලුවන්. මොකද මෙතෙක් නිකුත් වූ පූර්ව ප්‍රචාරකපට වලට කැවිල්ට ලැබුනෙ හුගක් හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර.

ගැරල්ට් චරිතය සදහා විශේෂ පුහුණුවක්

අද කාලේ බොහොමයක් දෙනෙක් කය වර්ධනයට සදහා යොමු වෙනවා. නළු/නිලියන් ඕනෙම කෙනෙක් එහෙමයි. හෙන්රි කැවිල් කියන්නෙ මීට කලින් ඉදලම තමන්ගේ ශරිරයේ හැඩය, දේහ ශක්තිය ගැන හිතලා කාය වර්ධනය සදහා යොමු වූ කෙනෙක්. නමුත් The Witcher කතාමාලාව වෙනුවෙන් ඔහුට විශේෂ කාය වර්ධන පුහුණුවකට යොමු වෙන්න සිදු වෙලා තියෙනවා හරියට Immortals (2011), Man of Steel (2013) සිනමාපට වලදී වගේම. පසුගිය දවසක The Witcher කතාමාලාවේ විශේෂ විකාශයක් කිරීමට රතු පලස මැදින් ආව හහෙන්රි කැවිල් PA පුවත් ඒජන්සිය වෙත මේ විදිහෙ ප්‍රකාශයක් කරලා තිබුණා. 

සෑම චරිතයක වගේම කිහිප විටකම මට මගෙ ඇදුම් ගලවන්න වෙනවා. මේ නිසා කෑම පාලනයක්, කායික පුහුණුවක් අවශ්‍ය වුනා. මගෙ රූගත කිරීම් කටයුතු වලදී ඒ දේවල් හරි ආකාරව සිදු කරන්න ඩේව් රිඑන්සි මගෙත් එක්ක වැඩ කලා.

Fasted Cardio කියන්නෙ උදැසන අවදි වීමෙන් පස්සෙ නිරාහාරව හො අවම පැය හතරක් හො හයක කාලයක් නිරාහාරව ඉදලා, විනාඩි 40-50 අතර කාලයක් පුරාවටම තමන්ගෙ කායවර්ධනය වෙත යොමු වීමයි. මේකෙන් මේද දහනය සාමාන්‍ය මට්ටමට වඩා 20% ක ප්‍රමාණයකින් සිද්දවෙනවා. හැබැයි හරියටම කෙරෙන්න ඕන. තමන්ගෙ උදේ කෑම නැතුව කාය වර්ධනය කිරීමක් තියා පොඩි වට ටිකක් දුවන්නවත් අකමැති මිනිස්සු ඉන්න ලෝකෙක හෙන්රි කැවිල් The Witcher කතාමාලාව වෙනුවෙන් තමන්ගෙ පුහුණුවීම් සිද්දවෙන හැම දවසකම මේ ක්‍රමය පාවිච්චි කරලා තියෙනවා. 

Dave Rienzi කියන්නෙ බොහොමයක් හොලිවුඩය සම්බන්ධව කාය වර්ධන පුහුණුකරුවෙක්. විශේෂයෙන්ම එයා තමයි Dwayne “The Rock” Johnson රෙස්ලිං කාලයෙ ඉදලම ඔහුගෙ පුද්ගලික පුහුණුකරු විදිහට කටයුතු කරන්නෙ. හෙන්රි කැවිල් ගත්තොත් එයාගෙත් සෑහෙන කාලෙක ඉදලා එයාගෙ පුද්ගලික කාය වර්ධන පුහුණුකරු විදිහට කටයුතු කලේ Dave Rienzi විසින්ම තමයි. මේ හැමදේකම අවසානය එක්ක හෙන්රි කැවිල්ට හැකියාව ලැබිලා තියෙනවා The Witcher කතාමාලාව වෙනුවෙන් ගැරල්ට් චරිතයෙ හැම පැතිකඩක් වෙනුවෙන්ම, ඒ කිව්වේ සටන් කිරීම් සම්බන්ධ සිදුවීම් වලටත්, අශ්වයන් පදිනකොට අවශ්‍ය කරන අමතර ශක්තියත් ලබාගන්න. කෙටියෙන් කියනවනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොදම ගැරල්ට් බවට පරිවර්තනය වුණා. 

මේ ලැබුණු හැමදේමත් එක්කම ඔහු තවත් විශේෂ දෙයක් මේ කතාමාලාව වෙනුවෙන් ඉටු කරනවා. ලොව සුපතල චිත්‍රපට හා කතාමාලාවන්හි ක්‍රියාදාම හා ඇඩ්වෙන්චර් සිදුවීම් සදහා මේ සදහාම වෙන් වූ නළු/නිලියන් ඒ අදාළ සිදුවීම් වලට යොදාගනිද්දී, හෙන්රි කැවිල් විසින් මේ කතාමාලාව ඇතුලෙ ක්‍රියාදාම හා ඇඩ්වෙන්චර් සිදුවීම් (ස්ටන්ට්) සදහා තමන් විසින් තනිවම මුහුණ දෙමින් සිදු කරලා තියෙන්නෙ ගැරල්ට් චරිතය සදහා වෙන කිසිවෙකුට වඩා ඔහු සුදුසු බව සනාථ කරමින්. මේ සම්බන්ධව හෙන්රි කැවිල් විසින් 2019 වසරේ පැවැත්වූ කොමික්-කොන් සමුළුවේදී The Witcher පැනල් එකේදී මේ විදිහෙ ප්‍රකාශයක් කලා.

ඔයාලා තිරය හරහා ගැරල්ට්ව දකිද්දී ඒ ඉන්නෙ ඇත්තටම ගැරල්ට්මයි කියලා ඔයාලට දැනගන්න ලැබෙන මට හුගාක් වැදගත් දෙයක්. ඒ දේවල් “තවත් මනුස්සයෙක්ට” කරන්න ඕන දේවල් නෙවෙයි වගේම මම නිකන්ම නිකන් නළුවෙක් විතරයි. මටනම්, නළුවෙක් වුනාම හැමදේකටම සම්බන්ධ වෙනවා.

මේ කතාමාලාව නිකුත් වෙන්නට පෙරම, ඒ කිව්වේ හෙන්රි කැවිල් මේ චරිතය සදහා යොදාගත් බව කියූ නිවේදනයත්, 2019 වසරේ හෙන්රි කැවිල් ගරල්ට් ලෙසින් දැකගන්න ලැබූ මුල්ම ටිසර් ට්‍රේලර් එක නිකුත් වීමත් එක්ක ඇතැම් ප්‍රේක්ෂකයින් ඔහුට නොයෙක් ආකාරයෙ මඩ එල්ල කරන්න ගත්තා. නමුත් එකින් එක ට්‍රේලර් නිකුත් වීමත්, Netflix හරහා නිල විකාශය ආරම්භ කිරීමට කලින් ලන්ඩන් වලදී සිදු කල විශේෂ විකාශයත් එක්ක The Witcher කතාමාලාව සම්බන්ධයෙන් හෙන්රි කැවිල්ට හොද මට්ටමේ ප්‍රේක්ෂක විවේචනයන් ලබා ගත්තෙ කතාමාලාව තුල ගැරල්ට් චරිතය සදහා අති විශිෂ්ඨ මට්ටමේ සාධාරණයක් ඉෂ්ඨ කරමින්.

මේ විදිහට අති සාර්ථක විදිහට නිර්මාණය වෙච්ච මේ කතාමාලාව නිකුත් වෙන්න සති ගණනාවකට පෙරම Netflix සමාගම තීරණය කරනවා The Witcher කතාමාලාව දෙවැනි කතාසමය දක්වාම අරගෙන යන්න. මොකද පොත් අටක් තියෙන මේ කතාමාලාව එහෙම ලේසියෙන් කියලා ඉවරයක් කරන්න පුලුවන් එකක් නම් නෙවෙයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඔබ Legend of the Seeker, Game of Thrones, The Shannara Chronicles කතාමාලාවල රසිකයෙක් නම් දෙපාරක් හිතන්නෙ නැතුව මේ කතාවත් බලන්න පටන් ගන්න කියලයි. මොකද Action, Adventure, Drama කැටගරි නියෝජනය කරමින් නිර්මාණය වුන මේ කතාමාලාව මේ වසර තුලදී නිකුත් වුන හොදම කතාමාලා අතරට එක්වීම නොඅනුමානය.

එහෙනම් ඉතිං ඉතිරි කොටස් හතත් මේ විදිහට වෙනින් උපසිරැසිකරුවන් විසින් ඔයාලට අරගෙන ඒවි. එතෙක් අපි එක්කම රැදී ඉන්න කියලා හැමොගෙන්ම ඉල්ලනවා. මං ගිහින් එන්නම්. ජය!!

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

61,676 downloadsDownload The-Witcher-S01-E01.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

61,676 downloadsDownload Subtitles28 KB

128 comments

  1. දිල්ශාන් සචින්ත

    තැන්කූ චා ....

  2. Sandarunimsara

    Sub ekata tnx bro

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. malithmadhushan45

    චාමර අයියේ බොහොම ස්තුතියි

  5. Madusara

    thanks jayawewa saho!
    download site ekata yanna bahane.

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Asiri Dissanayake

    ඊළඟ episode එක ඉක්මනට ඕනි

  8. Cavil

    Thanks Saho.

  9. Lasa_Sadaru

    Thanks bro

  10. M.W. Dilhani

    Thank you

  11. Navodani Thilini Sasanika

    Sub ekata thank you ayye

  12. කවිශල් රසින්ත (කවී)

    වෙන කොච්චර සයිට් ගානකින් දුන්නත්... නියම රහට සුපිරියටම සබ් එක දෙනවා කියලා දන්න නිසා.. බයිස්කෝප් එකෙන්ම සබ් එක දෙනකල් ඇගිලි ගැන ගැන හිටියේ... චාමර අයියේ බොහොම.ස්තූතියි සබ් එකට... මරුවටම ඇති සබ් එක.. ආයෙ අහන්න දෙයක් නෑ. ජය වේවා...

  13. methuwais

    Thank for sub.. great work brother

  14. isuruBhashana

    Thanks Brother. Niyamai. jayawewa.

  15. ranga11112

    kathawa balalama elaga commont aka dannam.wisthare kiyawanna time na saho...bs
    jayaweva...

  16. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..! ඉක්මණින්ම උපසිරැසිය දුන්නට.!

  17. PASINDU1952

    thank you for the sub and great explanation,good job

  18. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං සබ් එකට :)
    පුළුවන් නම් උඹ අතරමඟ නතර කරපු The Exorcist tv series එකේ season 02 එකට සබ් දියං මචං :)
    ජය වේවා.!

  19. Ruchika

    superi ah!! Balan hitiye denakan. JAYA

  20. Ruchika

    superi ah!! Balan hitiye denakan.

  21. shinejay

    thanks bro. digatama sub denna ..good luck

  22. nisalasewana

    elama

  23. rockz2020

    බොහොම ස්තූතියි සහෝ!✌❤
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    පුළුවන්නම් The Dark Crystal: Age of Resistance 2019 series එකත් කරන්නකෝ.✌

  24. Dilanka Maduwantha

    Thanks bro

  25. madawa210

    Thanx Digatama yan....

  26. DKRPrabod

    thank youuuuu.....

  27. JADE

    baiscopedownload එකේ දාලා තියනවා season 1 complete කියලා....full season 1 ම තියනවා එකේ download කරන්න??

  28. harit mewon

    eelga tika ikmanata damu saho

  29. sashitha

    thanks bro

  30. Kapila4499

    thanaks for sub

  31. Nilupul Madukapriya Perera

    බොහොම ස්තුතියි චාමර.

  32. ravindu_1987

  33. Pasindu16022

    Thanks for the sub bro.

  34. Ravindu Rukshan

    Thx

  35. arunademel

    thanx sub ekata

  36. madusharulz

    Thank you baiscolp

  37. sanuranjana

    supiri lipiyak thanks bro....

  38. Hemal

    Thanks

  39. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

  40. Shaggie

    හම්මෝ පිස්සු කොර..Thnks mchn

  41. Suranjan

    Thanks.... Jayawewa......!

  42. Naveen Rangana

    Thanks for Subtitle...........
    Jayawewa............!!!!!!!!!!!!

  43. gayan215

    bohoma sthuthi saho...

  44. නලින් පෙරේරා

    නියමයි චමරයා, කාවිල් ලොක්කා ඉන්න නිසාමයි මේක ගන්නේ, ඉතිරි ටිකත් ඉක්මනට දෙන්ඩෝ!

  45. Amila Mudalige

    Sub ekta Thanks

  46. Asitha.pramoth

    බොහොම ස්තූතියි

  47. madusanka sanjaya

    සබ්නම් බයිස්කෝප් තමා එකෙන්ම ජයවේවා

  48. Chamodya Hirusha

    බොහොම ස්තූතියි චාමර සහෝදරයා. ලිපිය ඉවර වෙනකම් නොයිවසිල්ලෙන් කියෙව්වා. ගොඩක් වැදගත් ලිපියක්. සබ් එකට බොහොම ස්තූති. එහෙනම් ජය වේවා.

  49. McMillanStyles

    Game එක නම් සුපිරි, එක මං ගැහුවා,. ස්තුතියි සබ් එකට.

  50. සනිඳු ලක්ඛිත

    බොහම ස්තූති සහෝ උපසිරසට..ඒ වගේම ලිපියටත් බොහොමත් ස්තූති..සෑහෙන්න දේවල් ගොඩක් දැනගත්තා. ඒ ටික නැතුව මේ කතාව බලන්නත් බෑ කොහොමත්. ඊලග GOT වෙන්න පුලුවන් කියලත් ලොකු විස්වාසයක් තියේ..බලමුකෝ..
    බුදුසරණයි..ජය වේවා!

Load more comments