ඩිස්නි හොට්ස්ටාර් වෙතින් පහුගිය සිකුරාදා අපි ආසම ඉන්දියන් කතාමාලාවක තවත් අලුත් පියවරක් තියන්න පටන්ගත්තා. කවුරුත් දන්නවා ඒ Criminal Justice කියලා. සතියට කොටස් දෙක ගානේ දෙන්න තමයි එයාලා සැලසුම් කරගෙන ඉන්නේ නම්. ඉතින් කොටස් දෙක දෙක බලලා හූල්ල හූල්ල ඉන්නවද, නැත්තම් ඔක්කොම ඇවිල්ලා ඉවර වුණාම එක සැරේ බලනව…

ඩිස්නි හොට්ස්ටාර් වෙතින් පහුගිය සිකුරාදා අපි ආසම ඉන්දියන් කතාමාලාවක තවත් අලුත් පියවරක් තියන්න පටන්ගත්තා. කවුරුත් දන්නවා ඒ Criminal Justice කියලා. සතියට කොටස් දෙක ගානේ දෙන්න තමයි එයාලා සැලසුම් කරගෙන ඉන්නේ නම්. ඉතින් කොටස් දෙක දෙක බලලා හූල්ල හූල්ල ඉන්නවද, නැත්තම් ඔක්කොම ඇවිල්ලා ඉවර වුණාම එක සැරේ බලනවද කියන තීරණය ඔයාගේ. හැම සති අන්තයකම අපේ කොටස ඉෂ්ට කරන්නත් බලාපොරොත්තු වෙන ගමන්, ආරාධනා කරනවා මොන විදිහකින් හරි මේ සැරෙත් Criminal Justice : Adhura Sach පරිච්ඡේදයත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් පළවෙනි කොටස බලන්නත් ඇතිනේ. අද මේ අරන් එන්නේ දෙවැනි කොටස.

කලින් කොටස බලපු අයට නම් මතක ඇති කතාව තනිකරම දිව ගියේ ළමා තරුවක් වටා. ඒ කියන්නේ ටෙලිවිෂනයේ යන ජනප්‍රියම ටෙලි නාට්‍යයක් තමා බිට්ටු කියන නාට්‍යය. මේ නාට්‍යයේ බිට්ටු කියන චරිතය රඟපාන්නේ සාරා කියන අවුරුදු 10ක පුංචි කෙල්ලෙක්. වයසට නම් නෙමේ, මෙයා ඉන්දියාවේ ටෙලිවිෂන් ප්‍රේක්ෂකයන් අතර එකෙන්ම සුපිරි තරුවක් විදිහට ජනප්‍රිය වෙලයි හිටියේ. ඉතින් මෙයාගේ මේ ජනප්‍රියතාවය හරි හැටියට කළමනාකරණය කරගෙන යන්න එයාගේ අම්මයි තාත්තයි දුන්නේ ලොකු සහයෝගයක්. බලපු අයට මතක ඇති සාරාට තව වැඩිමහල් සහෝදරයෙකුත් ඉන්නවා, මුකුල් කියලා.

කතාව පටන් ගන්නෙම උදේ පාන්දරම නැගිටලා සාරාගේ අම්මා සාරාව හොයන දර්ශනයකින්. මුළු ගේ පුරාම, මුහුදු වෙරළ පුරාම හෙව්වත් සාරාගේ ලකුණක්වත් අම්මටවත් තාත්තටවත් හොයාගන්න බැරි වුණා. මේ අතුරුදහන් වෙලා ඉන්නේ ඊයේ රෑ තමන් අතින්ම කාමරේ නිදිකරවලා ආපු තමන්ගේ දුව, රටේ ජනප්‍රියම ළමා තරුව සාරා. වැඩේ කියන්නේ ඉස්සරහ දොරත් අගුලු දාලා වහලයි තිබ්බේ. කවුරුවත් ගෙට කඩා වැදුණු බවට ලකුණකුත් නෑ. එතකොට මොකක්ද මේ වුණේ? සාරා කොහෙද ගියේ? ඔය අතරෙදි තමා ආරක්ෂක නිලධාරියාගෙන් සාරගේ අම්මටයි තාත්තටයි අලුත් තොරතුරක් ලැබුණේ. දෙන්නා පිටින්ම ආයේ දුවලා ගියේ එයාලගේ ගේ ඇතුලටමයි.

කතාවේ ඒ හරිය ඒ පැත්තෙන් සිද්ධ වෙද්දී, අනිත් පැත්තෙන් අපේ සුපුරුදු නීතිඥ මාධව් මිශ්‍රාගේ කතන්දරේ පෙන්නන්න ගන්නවා. එදා වගේමයි වෙනසක් නෑ මිනිහට හොඳයි කියන නඩුවක් නම් හම්බෙන්නෙම නැති පාටයි. අදත් ඔට්ටු වෙවී හිටියේ සිල්ලර නඩුවක් එක්කලා. ඒකෙදිත් වෙච්ච හරිය දැක්කනේ. කිසි වැඩක් නැතුව නිකන් අත් දෙක වන වන ගෙදර ආවා. එහෙමම කියන්නත් බෑ ආවේ නම් බෝඩිම්කාරයෙකුත් එක්කයි. තියෙන බර මදිවට තවත් එකක්.

සාරාව හොයන වැඩේ පොලිසියට යන්න තරම් දරුණු වෙලයි තිබ්බේ. ඔයා දෙවැනි කතාසමය එක්ක එකතු වුණු කෙනෙක් නම් පොලිසියේ හිටිය හුරුපුරුදු කෙනෙක්වත් දකින්න ඇති. ඒ තමයි ගෞරි. කාට නැතත් හිතට අවංකව වැඩ කරපු ගෞරි. ඉතින් මේ කවුරුත් මහන්සි වුණේ සාරා ගැන හෝඩුවාවක් හොයාගන්න තමයි. කලින් කොටස ඉවර වෙන්නේ ඒ ප්‍රශ්නෙට හැමෝටම උත්තරයක් හොයලා දෙන ගමන්. සාරාව නම් හම්බවෙනවා, හැබැයි ඒ කොහොමද කියලා දන්නේ බලපු අය විතරයි..

ඉතින් වැඩි විස්තරයක් නොකියන්නේ තවමත් නොබලපු අය ඉන්න නිසා. මේ කොටස් දෙක එක්කම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සුපුරුදු පරිදි කුතුහලය අඩුවක් නැතුවම ලබාදෙන්න මේ කොටස් දෙක සහතික වෙලා තියෙනවා. ලබන සිකුරාදට අපි තුන්වෙනි කොටසත් එක්ක හම්බවෙමු. එතකල් හැමෝටම ජයවේවා. 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,154 downloadsDownload CJ-AS-S03-E02.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,154 downloadsDownload Subtitles27 KB

14 comments

  1. Anonymous

    athal eke inna kollek wage. lipiya dakkama hithenawa.
    maru maru ithin

  2. පංචවර්ණම්

    ස්තුතියි..

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  5. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Kushan

    Sub akta thanks

  7. Naveen

    උපසිරසියට තුති

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. Anonymous

    ko yakkoo 3 mekee

    1. Samare

      Eeeyaaaa

  10. Anonymous

    3 වෙනි එපියේ සබ් ඩවුන්ලෝඩ් වෙන්නේ 2 වෙනි එපියේ සබ් එකනේ

  11. mindika

    Thanks !!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. viraj

    thanks.........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.