දෙවැනි කතාසමය විකාශය වෙලා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන්න ආසන්න වෙලා තියෙද්දී මෙන්න හිටිහැටියේම තුන්වෙනි කතාසමයේ පූර්ව ප්‍රචාරක පටය එළියට එනවා. ඒක පුදුමයට කාරණාවක් වුණේ තුන්වෙනි කතසමයක් හැදෙනවයි කියලවත් හෝඩුවාවක් නොදැන උන්නු නිසා. කොහොමින් කොහොම හරි මෙන්න ඔයාලාගේ ප්‍රියතම කතාමාලාවක් වෙන Criminal Justi…

දෙවැනි කතාසමය විකාශය වෙලා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන්න ආසන්න වෙලා තියෙද්දී මෙන්න හිටිහැටියේම තුන්වෙනි කතාසමයේ පූර්ව ප්‍රචාරක පටය එළියට එනවා. ඒක පුදුමයට කාරණාවක් වුණේ තුන්වෙනි කතසමයක් හැදෙනවයි කියලවත් හෝඩුවාවක් නොදැන උන්නු නිසා. කොහොමින් කොහොම හරි මෙන්න ඔයාලාගේ ප්‍රියතම කතාමාලාවක් වෙන Criminal Justice කතාමාලාවේ අලුත්ම පිටුව මෙහෙම දිගහැරෙනවා. ඉතින් හැමදාම වගේ අදත් කියන්න ඕන එක කතසමයක් බැලුවේ නෑ කියලා අනිත් කතාසමය නොබලා ඉන්න බැරි විදිහේ කතාමාලාවක් නෙමේ මේ Criminal Justice කියන්නේ. ප්‍රධාන චරිත කිහිපයක් පොදුවේ කතාමාලාව පුරාවටම ඉන්නවා ඇරෙන්න වෙන කිසිම සම්බන්ධයක් කතාසමයන් අතර නැහැ. ඒ කියන්නේ Criminal Justice තාමත් බලලා නැති ඔයාට පුළුවන් ඕන නම් මේ තුන්වෙනි කතාසමයෙන් වුණත් පටන් ගන්න. හැබැයි එහෙමයි කියලා කලින් දෙක නම් නොබලා ඉන්න හිතන්නවත් එපා ඔන්න.

ඉතින් තවත් විශේෂ දෙයක් තියෙනවා. කලින් කතාසමයන් දෙකම හැදුනේ Criminal Justice කියන නමින්ම නිර්මාණය වෙච්ච බ්‍රිතාන්‍ය කතාමාලාව පාදක කරගෙන. කොටින්ම කිව්වොත් රීමේක් දෙකක්. හැබැයි හරිම නීට් ඇන්ඩ් ක්ලීන් රීමේක්. හැබැයි මේ තුන්වෙනි කතාසමය නම් ඔරිජිනල් එකක් කියලයි ආරංචිය. මං හරි නම්, බ්‍රිතාන්‍ය කතාමාලාව කතාසමයන් දෙකකින් නැවැත්තුවා. ඉතින් අපි මේ බලන Criminal Justice : Adhura Sach බොහෝ දුරට ඔරිජිනල් වැඩක්. ඉතින් සුපුරුදු විදිහටම විකාශය කෙරෙන්නේ Disney Hotstar හරහා. හැබැයි මේ සැරේ මුළු කතාසමයම ගෙඩි පිටින් දීලා නැහැ. එයාලා කියන විදිහට සතියට කොටස් දෙක දෙක තමා දෙන්න හිතන් ඉන්නේ. ඉතින් හැම සති අන්තයේම වගේ අපිට සිංහල උපසිරැසිය දීගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. කොටස් දෙකක් බලලා සතිය ගානේ බලන් ඉන්න බැරි අය ඔක්කොම ටික ආවම බලාගන්න. මං හිතන්නේ මේකේ කොටස් 9ක් වගේ තියෙනවා.

ඉතින් කතාමාලාවේ හොඳ නරක සමස්තයක් විදිහට කියන්න අමාරුයි. තාම බැලුවේ කොටස් දෙකක් විතරක් නිසා. හැබැයි දැනට නම් සුපුරුදු කුතුහලය, ත්‍රාසය එහෙමම තියෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් 8.3ක අගයක් අරන් තියෙනවා මේ වෙද්දි නම්. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඒ වගේම Criminal Justice : Adhura Sach කතාමාලාවේ බර කරට අරන් තියෙන්නේ මේ සැරෙත් Pankaj Tripathi. ඒ ඇරෙන්න අලුතින් Swetha Basu Prasad, Swastika Mukherjee, Purab Kohli වගේ කට්ටිය එකතු වෙනවා.අධ්‍යක්ෂණය Rohan Sippy විසින්. දෙවැනි කතාසමය අධ්‍යක්ෂණය කළෙත් මෙයාම තමා. ඒ නිසා මේ කතාසමය ගැනත් බලාපොරොත්තුවක් තියාගත්තහැකි.

එහෙනම් මේ වෙලාව ඔයාගේ. බාගෙන බලන්න ගන්න. නීතිඥ මාධව් මිශ්‍රාගේ තුන්වෙනි අඩව්ව මොන වගේ වෙයිද කියලා. කතාව ගැන මුකුත් කියන්න නම් මේ ලිපිය යොදාගන්නේ නැහැ. මුකුත්ම දැනගෙන බලන එකෙන් වැඩක් නෑනේ. අවසාන වශයෙන් මේකේ පළමු කතාසමයට සිංහල උපසිරැසි ගෙනාපු පුබුදු සහෝදරයාවත් දෙවැනි කතාසමයට උපසිරැසිය ගෙනාපු සිසිත, සුභාෂිණී ඇතුළු සහෝදර සහෝදරියෝ සෙට් එකත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි සමුගන්නවා. දෙවැනි කොටස අරගෙන සිසිත ඒවි. ගිහින් එන්නම්. ජයවේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,675 downloadsDownload CJ-AS-S03-E01.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

PHOENIX

Subtitles

3,675 downloadsDownload Subtitles30 KB

27 comments

  1. Thilina

    සබ් එකට බොහොම ස්තුතියි

  2. Nimesh

    ඉක්මනටම ගෙනල්ල නේ.. ස්තුතියි සහෝ.

  3. Anonymous

    එලකිරි වැඩක්
    ජය

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  5. Oshadha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  6. Kushan

    Sub akta thanks

  7. Anonymous

    next episode plz

  8. Anonymous

    thanks bro..

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  10. Anonymous

    download karanna link ekak danna ko

  11. Buddhika laKMal

    එළකිරි මචං...
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. Lahiru Bandara

    මචන් මේකෙ අවුරුද්ද විදියට දාල තියෙන්නේ 2020 කියල ඒක හදහන් බන් පස්සේ කාලෙක බලන කෙනෙක්ට හොයානකොට ප්‍රශ්නයක් වෙයි.

    1. ෆීනිස්

      2020 සිට කියලා මචන් තියෙන්නේ. පලවෙනි සීසන් එක ආවේ 20දි

  13. thilina

    thx kolloooo .. tava kauru hari Jurassic World: Camp Cretaceous season 5 ekta sub denako

  14. D.ravi

    Kalin 1 blnne natuwa meka blnna puluwan kylada kynne ethakota

    1. Anonymous

      1 සහ 2 ඕනෑම නෑ. මේක බලන්න පුළුවන්.

    2. D.ravi

      ado ela bn thanks

  15. luck

    Hi MC koheda meka donwload kranna thyenne, site ekek kiyannko ???

  16. Naveen

    උපසිරසියට තුති

  17. Nadun Piyumantha

    ඉක්මනටම සබ් එක දුන්නට ස්තූතියි

  18. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  19. Neo

    Thanks brother
    Keep it up

  20. no name

    Season 2 kooo

  21. Anonymous

    ටෑන්ක්ස්

  22. mindika

    Thanks !!!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. viraj

    thanks...........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.