හරි ඉතින් සැම්නොම් කොහොමහරි පාලකවරයෙක් වෙලා මැදුරට ගියානෙ. දැන් ඉතින් එයාගෙ ප්‍රධාන පරමාර්ථය කොහොමහරි මාළිගාවෙන් පැනලා යන එක. මොකද කායික පරීක්ශණය සමත් වෙන එක වෙන මොන දෙයක් සමත් වුණත් කරගන්ඩ බැහැනෙ. අනෙක අහුවුණොත් මරනවනේ. ඉතිං සැම්නොම් පැනලා යන්ඩ ගිහින් අපේ කෝමල පඬිතුමාගෙ අතටම අහුවෙනවා. ප්‍රධාන පාලක…

හරි ඉතින් සැම්නොම් කොහොමහරි පාලකවරයෙක් වෙලා මැදුරට ගියානෙ. දැන් ඉතින් එයාගෙ ප්‍රධාන පරමාර්ථය කොහොමහරි මාළිගාවෙන් පැනලා යන එක. මොකද කායික පරීක්ශණය සමත් වෙන එක වෙන මොන දෙයක් සමත් වුණත් කරගන්ඩ බැහැනෙ. අනෙක අහුවුණොත් මරනවනේ. ඉතිං සැම්නොම් පැනලා යන්ඩ ගිහින් අපේ කෝමල පඬිතුමාගෙ අතටම අහුවෙනවා. ප්‍රධාන පාලකතුමාගෙ වැඩකට යනවා කියල පල් බොරුවකුත් කියනවා. ඒ විතරක් නෙමෙයි හොඳම දේ, පාලකවරයෙක් වෙන එක එයාගෙ පුංචිකාලයෙ ඉඳලා තිබුණ එකම බලාපොරොත්තුව කියලත්  කියන එක. ඒත් කෝමල පඬිතුමාට නම් තේරෙනවා මේවා සැම්නොම්ගෙ බොරු කියලා. ඒ නිසා එයා කොහොමහරි සැම්නොම්ව ආයෙත් පාලකවරුන්ගෙ අංශයට යවනවා. අපේ කෝමල පඬිතුමා කවුද කියලා සැම්නොම් දන්නෙ නැහැ. සැම්නොම් තරුණියක් කියන්න කෝමල පඬිතුමා දන්නෙ නැහැ. ඉතිං මොකක් වෙයිද?

මෙහෙම කියන්නම්කෝ. සැම්නොම් කොහොමහරි කායික පරීක්ශණය නම් සමත් වෙනවා. ඒත් හරිම අමුතු විදිහකට. ඒත් එක පරීක්ෂණයක්හරි අසමත් වුණොත් අසමත්නේ. බලමුකෝ සැම්නොම් ඉතිරි පරීක්ශණ වලින් අසමත් වෙන්ඩ මොනවද කරන්නෙ කියලා. අපේ කෝමල පඬිතුමා එහෙම නැත්නම් කිරුළ හිමි කුමාරයා සැම්නොම්ට එහෙම ලේසියෙන් අසමත් වෙන්ඩ අවස්ථාව ලබා  දෙයිද කියලා. මොකද සැම්නොම් එදා කියපු විදිහට මාළිගාවෙ පාලකයෙක් වෙන එක එයාගෙ පුංචිකාලෙ ඉඳලා බලාපොරොත්තුවනේ.

ඒ විතරක් නෙමෙයි. පාලකවරුන්ගෙ අංශයෙ වෙන කෙනහිලිකම් නිසා එහෙ නිදාගන්ඩ ඉඩ නැතුව, ඉන්ඩ තැනක් හොයාගෙන මැදුර පුරා ඇවිදින සැම්නොම් අන්තිමේ ඉන්ඩ තැනක් හොයා ගන්නවා. ඒ තමා “පසුතැවීම් ශාලාව” . ඒක හොල්මන් තියෙන තැනක් කියලයි ප්‍රසිද්ධ. සැම්නොම්ට එහෙදි ඔය කියන අවතාරය නම් මුණ ගැහෙනවා. අන්තිමට ඒ අවතාරයත් කෝමල පඬිතුමාගෙ මිත්‍රයෙක්. (හරියටම කිව්වොත් ඒ තමා කිම් බ්යොන්යොන් හෙවත් කුමාරයගෙ පෞද්ගලික අංගාරක්ශකයා).

වැඩි දෙයක් කියන්නෙ නැහැ. ඔන්න මෙදාපාර වෙන්නෙ මොකද කියලා බලන්ඩකෝ.

1,182 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E02.Baiscopelk.com_.rar24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,182 downloadsDownload Subtitles24 KB

1 comment

  1. Sumindu Maduranga

    ගොඩක් ස්තුතියි ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.