ඔන්න ඉතින් මේ කොටස පටන් ගන්නෙ සැම්නොම්ව කුමරිය මරන්ඩ හදන්ඩ තැනින්. අන්තිමට කිරුළ හිමි කුමාරයාගෙ පැමිණීම නිසා ඒක වැළකෙනවා. සැම්නොම් පිළිගන්නවා එයා වෙන කෙනෙක් වෙනුවෙන් කුමරියට ආදර හසුන් ලිව්වා කියලා. ඒකට සමාවත් ගන්නවා. කුමාරයා දිහා කෙලින් බලන්ඩ අවසර නැති නිසා සැම්නොම්ට කුමාරයව අඳුනගන්න බැරි වෙනවා. යන…

ඔන්න ඉතින් මේ කොටස පටන් ගන්නෙ සැම්නොම්ව කුමරිය මරන්ඩ හදන්ඩ තැනින්. අන්තිමට කිරුළ හිමි කුමාරයාගෙ පැමිණීම නිසා ඒක වැළකෙනවා. සැම්නොම් පිළිගන්නවා එයා වෙන කෙනෙක් වෙනුවෙන් කුමරියට ආදර හසුන් ලිව්වා කියලා. ඒකට සමාවත් ගන්නවා. කුමාරයා දිහා කෙලින් බලන්ඩ අවසර නැති නිසා සැම්නොම්ට කුමාරයව අඳුනගන්න බැරි වෙනවා. යන්තම් පණ බේරගෙන ඉන්න සැම්නොම්ට හිතට සහනයක් එනවා, එයා අන්තිම පරීක්ශණය කොහොම හරි අසමත් වෙයි කියලා. මොකද එයා දුන්නෙ හිස් කොලයක් නිසා. ඒත් අන්තිමේ ඒ පරීක්ශණෙත් සැම්නොම් සමත් වෙනවා. ඒ විතරක් නෙමේ එයාව උපබිසෝවරුන්ගේ මාළිගයේ පණිවිඩකාරයෙක් විදිහට වැඩටත් යොදනවා. ඉතිං සැම්නොම් හිතන්නෙ කුමරියට කළ වරද නිසා කිරුළ හිමි කුමාරයා එයාව වද දීලා මරන්ඩ හිතාගෙන එයාව සමත් කරවලා තියෙන්නෙ කියලා.
උපබිසවගේ මාළිගයේ පණිවිඩකාරයා විදිහට සැම්නොම් කරන්නෙ උපබිසව ලියන හසුන් රජුට ගෙනිහින් දෙන එක සහ රජුගෙන් ප්‍රතිඋත්තර හසුන් ගෙනැවිත් දෙන එක. ඒත් ඉතින් රජු එවන හසුන් හැම එකක්ම හිස්. මේ උපබිසව රෝගී වෙලා ඉන්නෙ. රජු ඇයව හමුවෙන්න ඇවිත් නැහැ සත් අවුරුද්දකින්ම. එදා ඉඳලා තමයි ඇය රජුට හසුන් යවන්නෙ. ඉතින් මේ උපබිසවට කතා කරන්ඩ බැරි දුවෙක් ඉන්නවා. සැම්නොම් ඒ කුමාරිට උද්‍යානය හදන්ඩ උදව් කරනවා. මේ වෙලාවෙත් සැම්නොම්ට කෝමල පඬිතුමාව හම්බවෙනවා. ඉතිං සැම්නොම් එයාට යළුවෙක් විදිහට හැම තැනම ඇවිදින්ඩ එපා කියලා දැඩිසේ අවවාද කරනවා. ඒ විතරක් නෙමෙයි සැම්නොම්ට තමන්ගෙ ඇත්ත නමත් කියවෙන්ඩ යනවා. කෝමල පඬිතුමාගෙන් නම් තමන්ගෙ නම ඇහුවත් කියන්නෙ නැහැ.
ඇත්තටම මේ උපබිසව තමයි කිරුළ හිමි කුමරුගෙ මෑණියන් එහෙම නැත්නම් හිටපු අගබිසව මිය ගියාට පස්සෙ කුමරුව රැක බලාගෙන තියෙන්නෙ. ඒ නිසා කුමාරයා ඇය ගැන නිතර සොයා බලනවා. එහෙම බලන්ඩ ආව වෙලාවෙ තමයි සැම්නොම්ව මුණ ගැහෙන්නෙත්. කුමාරයා රජතුමාට කෙලින්ම ඈ ගැන සොයා බලන්න, එක් වතාවක් හෝ ගිහින් මුණ ගැහෙන්න කිව්වත් රජතුමා එහෙම කරන්නෙ නැහැ. කුමාරයට විතරක් නෙමෙයි. සැම්නොම් පවා මේ ගැන බොහොම දුකින් වෙනවා.
ඉතින් අන්තිමේ මේ හිස් ලියුම් වල සැඟවුණු තේරුම බ්යොන්යොන්ගෙ එහෙම නැතිනම්, කෝමල පඬිතුමාගෙ යාලුවගෙ උදව් ඇතුව විසඳගන්න සැම්නොම්ට පුලුවන් වෙනවා. ඒක නිසා කුමාරයා දැනගන්නවා රජතුමා ඇයි එහෙම කළේ කියලා.
1,033 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E03.Baiscopelk.com_.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
0 comments
No comments yet.
Advertisement
![Love in the Moonlight AKA Moonlight Drawn by Clouds AKA Gooreumi Geurin Dalbit [E03] Sinhala Subtitles | කුකුල් කකුල් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/mldbc-s1.jpg)