මේ වතාවෙ මම අරගෙන එන්න හදන්නෙ රෝමෑන්ස් /කොමඩි ඝනයට වැටෙන මනඃකල්පිත ඉතිහාස කතාවක්. වෙබ් අඩවියේ පළවුණු අන්තර්ජාල නවකතාවක් පාදක කරගෙන තමා මේ කතාව ගෙතෙන්නෙ. ඒ රජකුමාරයෙකුත්, ඔහුගේ පාලකවරයෙකුත් අතර. ඒත් මේ පාලකවරයා පිරිමි කෙනෙක් නම් නෙමේ. එයා තරුණියක්. තරුණියකට පාලකවරයෙක් වෙන්ඩ බැහැනෙ. ඒත් කොහොමද එහෙම ව…

මේ වතාවෙ මම අරගෙන එන්න හදන්නෙ රෝමෑන්ස් /කොමඩි ඝනයට වැටෙන මනඃකල්පිත ඉතිහාස කතාවක්. වෙබ් අඩවියේ පළවුණු අන්තර්ජාල නවකතාවක් පාදක කරගෙන තමා මේ කතාව ගෙතෙන්නෙ. ඒ රජකුමාරයෙකුත්, ඔහුගේ පාලකවරයෙකුත් අතර. ඒත් මේ පාලකවරයා පිරිමි කෙනෙක් නම් නෙමේ. එයා තරුණියක්. තරුණියකට පාලකවරයෙක් වෙන්ඩ බැහැනෙ. ඒත් කොහොමද එහෙම වෙන්නෙ.
එයා මාළිගාවට එන්ඩ ඉස්සෙල්ලා ගමින් ගමට යන නාට්‍ය කණ්ඩායමක සාමාජිකයෙක්. එයාගෙ නම හොන්ග් රාඔන් වුණත් හොන්ග් සැන් නොම් කියලා පිරිමි කෙනෙක් විදිහටතමයි එයා පෙනී ඉන්නෙ. ඒ රස්සාවට අමතරව මෙයා වෙන රස්සාවකුත් කරනවා. ඒ තමා පෙම්වතුන්ට පෙම්හසුන් ලියා දීම සහ ඔවුන් මුණගැස්වීමේ රාජකාරිය. මෙයා ඒකෙන් හොඳට හම්බ කරනවා. මෙයාගෙ එක ගණුදෙනු කාරයෙක් පෙම් හසුන් ලියව ගන්නෙ රටේ කිරුළහිමි කුමාරයගෙ නැගණියට. ඉතින් මේ ලියුමක් කිරුළ හිමි කුමාරයට අහු වෙනවා. කිරුළ හිමි කුමාරයා මේ ගැණ හොයන්ඩ වෙස් වලාගෙන කුමරියට මුණ ගැහෙන්ඩ එන්ඩ ආරාධනා කරලා තිබුණු තැනට යනවා. නමුත් කුමරිය හමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා එයා වෙනුවට සැන් නොම්ට යන්ඩ කියලා බල කරනවා. ඉතින් මොකක් වෙයිද? ඉතිං සැන් නොම් කොහොමද මේ ගැටලුව විසඳගන්නෙ කියලා බලන්ඩකෝ.
කොහොම හරි ඒ කරදරෙන් බේරිලා එන අතරතුර එයාව ආරක්ශක අංශයට උවමනාකරන අපරාධකාරයෙක් වෙලා. ඒ කුමාරයට කරපු දෙයක් නිසා නම් නෙමේ එයාගෙ උදව් නිසා අමාත්‍යවරයෙකුගෙ ලේලි කෙනෙක් සේවකයෙක් එක්ක පැනලා ගිහිල්ලා නිසා. ඇත්තටම සැන්නොම් හිතලා තිබුණෙ ඒ ගෑණු කෙනා අමාත්‍යතුමාගෙ දුව කියලා. ඉතින් මොකද කරන්නෙ. ඒ කරදරෙන් සැම්නොම්ව බේරගන්නෙ කොහෙන්දෝ කඩාපාත් වුණ වංශවතෙක්. එයාට නම් සැම්නොම් ගැහැණු කෙනෙක්ම තමා කියන අදහස ඇතිවෙනවා.
ඒත් ඉතින් සැම්නොම්ට කරදර වලින් ගැලවෙන්ඩ වෙන්නෙ නම් නැහැ. එයා පස්සෙ එන ණය කාරයො වගයක් එයාව පාලකවරයෙක් කරලා මැදුරට විකුණන්ඩ තමයි ලෑස්ති වෙන්නෙ. ඉතින් පිරිමි කෙනෙක් නොවී කොහොමද එහෙම වෙන්නෙ?
1,599 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E01Baiscopelk.com_.rar24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
7 comments
dinuuu
Kasun Lakshan
උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!
Anonymous
Subtitles wada nane
Sumindu Maduranga
බොහොම ස්තූතියි සිංහල උපසිරැසි ලබා දුන්නාට. ❤️
Charith Jayathissa
Subtitles crashed. Fix it pls!
Ravindu Heshan - Admin
Fixed
Anonymous
Subtitles wada nane
Advertisement
![Love in the Moonlight AKA Moonlight Drawn by Clouds AKA Gooreumi Geurin Dalbit [E01] Sinhala Subtitles | කෝමල විද්වතා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/mldbc-s1.jpg)
Thankz ❤