කොහොමද යාලුවනේ මෙන්න මම ඔයාලට අලුත්ම අලුත් කතාවක් අරගෙන ආවා. මේ කතාව තාම කොරියාවේ විකාශණය වෙන කතාවක්. 2016 පෙබරවාරි 24 තමයි මේ කතාව විකාශය වෙන්න පටන් ගත්තේ. මේ කතාවේ ප්‍ර‍ධාන චරිත දෙක වෙන්නේ හමුදා සෙබලෙකුත් ලස්සන වෛද්‍යවරියකුත් තමයි. ඒත් මේ කතාව හුදෙක්ම ආදර කතාවක් නෙවෙයි. හමුදා නිළ ඇඳුමට යටින් තියෙ…

කොහොමද යාලුවනේ මෙන්න මම ඔයාලට අලුත්ම අලුත් කතාවක් අරගෙන ආවා. මේ කතාව තාම කොරියාවේ විකාශණය වෙන කතාවක්. 2016 පෙබරවාරි 24 තමයි මේ කතාව විකාශය වෙන්න පටන් ගත්තේ.

මේ කතාවේ ප්‍ර‍ධාන චරිත දෙක වෙන්නේ හමුදා සෙබලෙකුත් ලස්සන වෛද්‍යවරියකුත් තමයි. ඒත් මේ කතාව හුදෙක්ම ආදර කතාවක් නෙවෙයි. හමුදා නිළ ඇඳුමට යටින් තියෙන්නෙ කොයි තරම් මෘදු, කාරුණික හදවතක්ද කියලා මේ කතාවෙන් අපිට බොහොම ලස්සනට පෙන්වනවා. අපි නොහිතන තරම් කැපවීම් කරල තමන් කවදාවත් නොදැකපු අඳුනන්නෙ නැති අවය රකින්න තමන්ගෙ ජීවිතේ ලස්සනම කාලෙ යොදවන නිර්භීත හමුදා භටයින් ගැන අපිට මේ කතාවෙන් බලාගන්න පුලුවන්.

මේ කතාවෙ ප්‍ර‍ධාන චරිත දෙක තමයි Shi-Jin (Song Joong-Ki) කියන විශේෂ බලකායේ හමුදා සෙබලා සහ Mo-Yeon (Song Hye-Kyo) කියන ලස්සන වෛද්‍යවරිය. මේ දෙන්නා ගැන මෙහෙම කිව්වට ඔයාලා ඇඳුනුවෙ නැතත් මම කියන්නම් ඔයාලට එයාලව අඳුනගන්න ලේසි ක්‍ර‍මයක්. ඔයාලට මතකද අපිට කොරියන් කතා පිස්සුව හදපු පලවෙනි කතාව. මොකක්ද් ඒ? ඒක තමයි ෆුල් හවුස්  ඒකෙ හිටපු පිස්සු කෙල්ලව නම් ඔයාලට මතක නැතිව ඇති නේද? ජි යුන්. අන්න එයා තමයි මේ කතාවේ අපේ ලස්සන වෛද්‍යවරිය. එතකොට ප්‍ර‍ධාන නලුවා. එයා තමයි ඔයාලා තවත් ආසාවෙන් බලපු කතාවක් වුන අසලියා මල කතාවේ හිටපු සෙල්ලක්කාර ශිෂ්‍යයා ඕරිම්. ඉතින් බලන්නකෝ මේ දෙන්නගෙ එකතුවෙන් මේ කතාව ගොඩනැගෙන හැටි. (හමුදාවෙ සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ භාවිත වෙන වචන ටිකක් වෙනස් නිසා උපසිරැසි වල යම් අඩුපාඩුවක් වෙතොත් තරහවෙන්න එපා….. )

9 කොටස Episode 09

මෙන්න අපේ වෛද්‍යවරියට හරි වැඩක් වෙනවා. කාටවත් නොකියා හිතේම තියාගෙන හිටපු තමන්ගෙ ඇත්තම කැමැත්ත වැරදීමකින් මුලු කඳවුර පුරාම විකාශනය වෙනවා. මේක ඇයට හරිම ලැජ්ජාවක් වෙනවා. ඒත් අන්තිමට ඇය පිළිගන්නවා තමුන් ශි ජින්ට ආදරය කරන බව. මේ අතරතුර කළමනාකාරතුමා දියමන්ති ටික හොරකම් කරගෙන රටෙන් පැනල යන්නයි සූදානම. තමන්ගෙ සෙබළුන්ගෙ ධ්‍යෛර්ය වඩවන්න හමුදාපතිතුමා තමන්ගෙ කඳවුර බලන්න එනවා කියලා දැනගත්තම සෙබළුන් බොහොම මහන්සි වෙලා ඊට සූදානම් වෙනවා ඒත් අවසානයේ දැනුම් දෙන්නේ ඒක අවලංගු කරපු බවයි. ඒ වෙනුවෙන් හමුදා නායකයන් වගේම වෛද්‍යවරියවත් ඔහු රැස්වීමකට කැඳවනවා. එහිදී ඔහු තමන්ගේ දියණියට සියෝ ඩේ යොන්ග් එක්ක දින ගත කරන්න අවසර දෙන අතර කවුරුත් නොදන්න කොන්දේසියකුත් සියෝ ඩේ යොන්ග් ට පවසනවා.

10 කොටස Episode 10

ආර්ගුස් සම්බන්ධ කිසිම දෙයකට මැදිහත් වෙන්න එපා කියලා කොරියානු හමුදා වලට අණක් ලැබෙනවා. යම් දේශපාලනික හේතුවක් මතයි එය වෙන්නේ. ඒත් ඒ වෙනකොටස් ශි ජින් ආර්ගුස් එක්ක පැටලිලා ඉවරයි. මෙන්න තවත් අපුරු දෙයක් වෙනවා. යාලුවො දෙන්නගෙ පැරණි යෙහෙලියො දෙන්නෙක් තෑගි පාර්සලයක් එවලා. ඒක ලැබෙන්නෙ මූ යොන්ග් ගෙ අතට වන අතර පාර්සලය විවෘත කරන්නේ මියොන් ජෝ. එතන වෙන දේනම් මම හිතන්නේ ඔයාලා බලන එකම තමයි හොඳ. දියමන්ති ටික ගිලදාලා රටින් පනින්න හදන කළමණාකාරතුමාව ආර්ගුස් අල්ල ගන්නවා. ඒත් ශි ජින් ඔහුව බේරගෙන එනවා. තමුන් කලේ කොයි තරම් අනවශ්‍ය දෙයක්ද කියලා තේරුම් ගන්න නම් ඔහුට ඒ තරම් වෙලාවක් යන්නෙ නැහැ…..

11 කොටස Episode 11

භයානක වෛරසයක් ජින් මහත්තය  මගින් කඳවුරට ඇවිල්ලා කියල දැනගනිද්දි ගොඩක් පරක්කු වැඩියි. ඒ වෙද්දි යූන් මියොන් ජෝටත් ඒ වෛරසය ශරීරගත වෙලා කියලා තහවුරු වෙනවා. මේක සියෝ ඩේ යන්ග්ට දරාගන්න හරිම අමාරු කාරණයක් වෙනවා. ඒ වගේම සැක සහිත අයව වෙන් කරල තියන්නත් හැමෝගෙම ලේ පරීක්ෂාවක් කරන්නත් ඔවුන් පියවර ගන්නවා. මේ අතර කඳවුරේ වුන හදිසි විදුලිය බිඳවැටීමක් නිසා ජින් මහත්තයා ලොකු කලබලයක් කරනවා. එතනදි උදව්වට  එන්නේ ලී චී හුන්.  ජින් මහත්තයා ඔහුගේ අත සපාකන නිසා ඔහුටත් වෛරසය ඇතුල් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි කියලා වෛද්‍ය කැන්ග් කියනවා. ඒත් ඔහුගේ රෝගියා පවසන දේ නිසා ඒ වගේ භයානක වෙලාවකත් ඔහුට ලොකු සැනසීමක් දැනෙනවා. ඒ ව ගේම සොන්ග් වෛද්‍යතුමා මේ වෛරසයට උදව්වක් වේ යැයි හිතන බෙහෙතක් හොයාගන්නවා. මේ අතර ආර්ගුස් කඳවුරට  එනවා. ඔහු එන්නේ තමන්ගේ දියමන්ති අරගෙන යන්න. එයට ඉඩ නොලැබෙන තැන ඔහු පිටවෙලා ගියත් ඔහු එය ලබාගන්න වෙනත් ක්‍ර‍මයක් පාවිච්චි කරනවා. ඉස්සෙල්ලම කඳවුරට ගේන බෙහෙත් වාහනය පැහැරගෙන යන ආර්ගුස් ශි ජින් ඒක බේරගන්න ගිය අතරතුර වෛද්‍ය කැන්ග් ව පැහැරගෙන යනවා…

12 කොටස Episode 12

සියලුම දෙනා විරුද්ධ වෙද්දි වෛද්‍ය කැන්ග්ව බේරගන්න යන්න හමුදාපතිතුමා ශි ජින්ට අවසර දෙනවා. තමන්ගෙ තනතුරත් ඇපේට තියල තමයි ඔහු ඒක කරන්නේ. මරණය ලඟටම ගිහින් ආපු මියොන් ජෝ ලඟ ඉන්න සියෝ ඩේ යොන්ග්ටවත් නොකියා ඔහු රහසින්ම ඒ සඳහා පිටත්ව යනවා. ඒත් වෙලා තියෙන දේ අනුමාන කරන්න සියෝ ඩේ යොන්ග්ට වැඩි වෙලාවක් යන්නේ නැහැ. නැවතත් ඇල්ෆා බලගණය කැඳවන ඔවුන් ශි ජින් ගේ උදව්වට යනවා. එතනදි බොහොම වෙහෙසක් දරලා වෛද්‍ය කැන්ග්ව බේරගන්න අතරම ශි ජින් අතින් ආර්ගුස් මිය යනවා. තමන් කලක් මිතුරෙක් මෙන් සලකපු කෙනෙක්ව තමන්ගෙම අතින් මරන්න වුන එක ගැන ශි ජින් බොහොම දුක් වෙනවා. මේ අත්දැකපු දේවල් නිසා කැන්ග් මෝ ඉයුන්ගෙ හිත ආයෙත් සසල වෙනවා. ඉතින් ශි ජින් අහනවා තමන්ගෙන් වෙන්වෙන්න ඇයට ඕනෙද කියලා. ආහ්.. තවත් දෙයක් සිද්දවෙනවා. ශි ජින් කොච්චර ඇහැව්වති මියොන්ග් ජෝ වගේම මෝ ඉයොනුත් හංගපු ඒ දෙන්නා අතර තියෙන විරසකයට හේතුව මෙන්න නොහිතපු වෙලාවක එලි වෙනවා.

13 කොටස Episode 13

නැවතත් කොරියාවට එන මු යොන්ග් ඇතුලු පිරිසට අධ්‍යක්ෂකතුමාගෙන් ලොකු පිලිගැනීමක් ලැබෙනවා. මේ වෙනකොට අධ්‍යක්ෂකතුමාටත් මූ යොන්ග් ගැන ආදරයක් ඇති වෙලයි තියෙන්නේ. ඒත් ඇය හිතපු විදිහටම රස්සාවෙන් අස් වෙන්න හැදුවත් ඒක කරන්න පුලුවන් වෙන්නෙ නැහැ. මේ අතර ශි ජින්ට තමන්ගෙ පැරණි මිතුරෙක් හදිසියෙම හමුවෙනවා. ඒක වෙන්නේ අහම්බෙන්. ඒත් ඒකෙන් වෙන්නේ නම් හොඳ දෙයක් නෙවෙයි. අහම්බෙකින් මු යොන්ග් ගෙ අම්මව හමුවෙන්න ශි ජින් ට අවස්ථාවක් ලැබෙනවා. ඇය ඔහුට බොහොම කැමති වෙනවා. ආයෙමත් කොරියාවට ආවට පස්සේ ශි ජින්ගේ බලගණය විශේෂ ප්‍ර‍භූ ආරක්ෂක සේවයකට යොදවනවා. ඩේ යොන්ග් හමුදාව අතැර යන්න ගන්න තීරණයට මියොන්ග් ජෝ විරුද්ධ වෙන නිසා මෙන්න මේ දෙන්නා වෙන් වෙනවා. ඒ ආදර කතාව එහෙම ඉවර වෙද්දි ශි ජින් තුවාල ලබලා ජීවිතයත් මරණයත් අතර සටනක් අතරතුර මූ යොන්ග් ගේ රෝහලට ගේනවා..

14 කොටස Episode 14

තමන්ගේ උතුරු කොරියානු මිතුරා බේරගන්න ගිහින් තමයි ශි ජින් මෙහෙම තුවාල ලබන්නේ. ඇත්තම කිව්වොත් ඔහු  මිය ගිහින් නැවත පණ ලබනවා. මේක මූ යොන්ග් ට ලොකු කම්පනයක් වෙනවා. ඒත් ඔහුගේ රාජකාරියට ඇති කැපවීම නම් පොඩ්ඩක්වත් අඩු වෙන්නෙ නැහැ. ඉතින් ඒ වෙනුවෙන් ඔහු මූ යොන්ග්ට හොරෙන් රෝහලෙන් පැන යනවා. ශි ජින් මේක කරන්නේ තමන්ගේ යාලුවව බේරගන්න වගේම තමන්ගේ රටේ සාමය රකින්න. ඉතින් ඔහුගේ ඒ අදහස ඉෂ්ඨ වෙනවා. තමන්ගේ යාලුවා ජීවත් වෙනවද කියල හරියටම නොදන්නව වුනත් ඔහුගෙ කැමැත්තට අනුව ඔහුව නැවත ඔහුගේ මව් රටට යවන්නත් තමන්ගෙ රටේ සාමය රකින්නත් ඔහුට පුලුවන් වෙනවා. හැබැයි ඒ මොන දුෂ්කර දේ කලත් ශි ජින්ට මූ යොන්ග් ගෙන් නම් බේරුමක් වෙන්නේ නැහැ. මේ වතාවෙ ඒකට ඩේ යොන්ග් ත් බැනුම් අහගන්නවා.

15 කොටස Episode 15

ශි ජින් රෝහලෙන් පිට වුනාට පස්සේ මේ ආදරවන්තයො දෙන්නගේ ආදරේ බොහොම ලස්සනට ගලාගෙන යනවා. ඒත් ඩේ යොන්ග් මියොන් ජෝ දෙන්න නම් ආයෙමත් යාලු වෙන්නෙ නැහැ වගේ. මෙහෙම කාලයක් ගෙවිල යද්දි ආයෙමත් වතාවක් ශි ජින්ලව විශේෂ මෙහෙයුමකට කැඳවනවා. ඒත් ඒ ඇමතුම තමන්ට ආවෙ නැති එක ගැන ඩේ යොන්ගෙ හිතට දුකකුත් ගේනවා. කොහොම වුනත් මේ මාස තුනක් තරම් දිග මෙහෙයුමට යන්න හමුදාපතිතුමා ඩේ යොන්ග්ට අවසර දෙනව වගේම හමුදාවෙන් නොයා තමන්ගේ දුවගේ අත ගන්නත් ඔහුට අවසර දෙනවා. මේ ගැන මියොන් ජෝට මුකුත්ම නොකියා ඩේ යොන්ග් ඒ මෙහෙයුමට පිටත් වෙනවා. මේ අතරතුර ශි ජින් මූ යොන්ග් හමුවෙලා තමන් ආයෙමත් යන බව පවසනවා. ඒ මාස තුනකට කියල දැනගත්තම ඇයට ගොඩක් දුක හිතෙනවා. ඒත් තමන් ඉක්මනට එන බවත් තුවාල කර නොගන්නා බවටත් ඇයට පොරොන්දු දෙන ඔහු ඇගේ හිත සනසල යන්න යනවා. මේ මාස තුන ඇයට දැනෙන්නේ කල්ප තුනක් වගේ. ඔහු නැවත එක දවස වෙනකල් ඇය ඇඟිලි ගනිනවා. ඔන්න දවසක් ඇය බලාපොරොත්තු වුන දවස  එනවා. ඇය ශි ජින් බලන්න දුවගෙන ආවත් එතන ඉන්නේ සැරයන් චෝයි. ඔහු ගෙනාපු පණිවිඩේ ඇයට විස්වාස කරන්නත් බැරි තරම් වෙනවා. ඔහු කියන්නේ මෙහෙයුම අතරතුර ඩේ යොන්ග් වගේම ශි ජින් මිය ගිය බවයි.

16 කොටස Episode 16

මෙන්න හරියටම අවුරුද්දකට පස්සේ ශි ජින් සහ ඩේ යොන්ග් දෙන්නා ආයෙමත් ඇවිත්. ඒක හැමෝටම ගොඩක් සතුටු වගේම පුදුමසහගත ප්‍ර‍වෘත්තියක් වෙනවා. ඒ අවුරුද්‍ද වෙද්දි සෝල් වල ගොඩක් දේවල් වෙනස් වෙලා. මූ යොන්ග් ඉස්සර වගේම ආයෙමත් ටීවී එකේ ප්‍ර‍සිද්ධ වෛද්‍යවරිය වෙලා. මියොන් ජූ තමන්ගෙ තාත්තත් එක්ක අමනාපෙන් ආයෙමත් උර්ක් වලට ගිහින්. එතකොට ඩේ යොන්ග් බලාගත්ත සාමාන්‍ය සෙබලා කිම් බම් සැරයන් කෙනෙක්ගෙ තතත්වෙට උසස් වෙලා. මේ හැමදේම මේ විදිහට වෙද්දි ආයෙමත් අපේ වීරයන් දෙදෙනගේ ආගමනය බොහොම සතුටට කාරණයක් වෙනවා. මේ හැම බාධකයක් මැද්දෙන්ම ඔවුන් හැමදාමත් වගේම ඔවුන්ගේ සුපුරුදු ගමන දිගටම යන බව ඔවුන් ඉක්මනින්ම පසක් කරගන්නවා. වගේම තමන් කරන යහපත් දේවල් වලින් ඔවුන් යහපත් ප්‍ර‍ථිපල ලබල බොහොම සතුටට පත්වෙනවා.

ඉතින් ඔන්න ඒ කතාවත් ඉවරයි යාළුවනේ. ඔයාලට මොකද හිතේනේ මේ කතාව ගැන, උපසිරැසි ගැන? ඒක මම හොඳට කරල තිබුනද? කතාව හොඳද? ඔයාලා ඒ උපසිරැසි වලට කැමතිද? ඔයාලගේ අදහස් දැනගන්න මම බලන් ඉන්නවා. (තවත් අමතර කොටස් 3ක් තියෙනවා මේ කතාවේ. ඒක මම හිතන විදිහට කතාව නිර්මාණය කරන අවස්ථාව ගැන වෙන්න ඕනේ. කොහොම වුනත් ඒක download කරගන්න පුලුවන් වුනොත් මම ඔයාලා වෙනුවෙන් ඒ කොටස් තුනටත් උපසිරැසි ගේන්නම්)

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

36,585 downloadsDownload Descendants.Of_.The_.Sun-E09-16.zip222 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

All BT1

Subtitles

36,585 downloadsDownload Subtitles222 KB

10 comments

  1. Adeeshakariya

    තෑන්ක්ස්...

  2. Sahan Sulakkhana

    sub ekata thanks sis

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :)

  4. සහන් කෞෂල්‍යය

    Sub venuven bohoma sthuthi........!!!!!!!!!!!

  5. Okashu

    Thank dr ආසාවෙන් හිටියේ මේක බලන්න.

  6. Pubudu

    ස්තුති සබ් වලට.ස්පෙශල් එපි තුනෙත් සබ් දෙනවද......
    ජය.. ✌✌✌

  7. kanchana

    epsodes 1-7 witarai mata hoyaganna puluawan une ithiri ewaye link eka kata hari danna puluwanda pls

  8. Lasith Rashmika

    Ithuru episode 3 tath sub dennako ewai download link thinawa

  9. Akith nethika

    Sub hadana eka hemotoma කරන්න ත් ඔයාලා ට hambena දේකුත් නෑ. මේවගේ free sub hadala dana එකට තැන්ක්ස් all ❤️

  10. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට....
    ජයම වේවා...........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.