Watch Trailer

DCs Legends of Tomorrow (2016) [S02 : E07] with Sinhala Subtitles | පිටසක්වලින් ආක්‍රමණයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියම ආසාවෙන් බලං හිටපු කොටස තමයි අද අරං එන්නෙ. ගිය සතියෙ මට සබ කරන්න බැරි වුණා පොඩි වැඩ වගයක් සෙට් වෙච්ච නිසා. ඒ නිසා සබ කරපු නිලුපුල්(ටියුබාට) ගොඩක් ස්තූතියි. පහුගිය සතියේ කොටසින්… 1874 තවත් කාල අප්‍රේරනයක් ඇතිවෙනවා කාල කොල්ලකරුවන් නිසා. 1874 කියන්නෙ කණ්ඩායම මීට කලින් ගිහින් තියන කා…

4 Night Crossover AFSD

ඔන්න එහෙනම් කට්ටියම ආසාවෙන් බලං හිටපු කොටස තමයි අද අරං එන්නෙ. ගිය සතියෙ මට සබ කරන්න බැරි වුණා පොඩි වැඩ වගයක් සෙට් වෙච්ච නිසා. ඒ නිසා සබ කරපු නිලුපුල්(ටියුබාට) ගොඩක් ස්තූතියි.

පහුගිය සතියේ කොටසින්...

1874 තවත් කාල අප්‍රේරනයක් ඇතිවෙනවා කාල කොල්ලකරුවන් නිසා. 1874 කියන්නෙ කණ්ඩායම මීට කලින් ගිහින් තියන කාල වකවානුවක්. ඒ තමයි පැරණි බටහිර. කණ්ඩායම මේ කාලයට ගොඩ බහිනකොටම එයාලගෙ පරණ යාළුවා හෙක්ස් ඉන්නවා මැරයෝ සෙට් එකකට කොටු වෙලා ගැලවෙන්න බැරුව. ඉතිං කණ්ඩායමේ උදවුවෙන් හෙක්ස් එතනින් ගැලවෙනවා. කොහොමහරි හෙක්ස්ගේ උදවු ඇතිව කණ්ඩායම යනවා මොකක්ද මේ අප්‍රේරනය කියල බලන්න. එතකොට තමයි දැනගන්න ලැබෙන්නෙ ටර්න්බුල් කියල කෙනෙක් පැරණි බටහිරම අල්ලගන්නවා කියල තව අවුරුදු දෙකක් විතර යනකොට. ඒකට හේතුව හොයන්න කණ්ඩායම බෙදිලා යනවා. මික් යනවා ටර්න්බුල් ඉන්න බාර් එකකට එයාව අල්ලගන්න, ඒවගේම අමායත් එයා එක්ක යනවා රෝරි මොකක්හරි අවුලක් දාගත්තොත් එහෙම කියල. රේ, ජැක්ස් සහ හේවුඩ් යනවා ටර්න්බුල්ගේ ප්‍රධාන කාර්යාලයට මොනවහරි විස්තර හොයාගන්න පුළුවන් වෙයිද බලන්න. හැබැයි නිකන් නෙවෙයි. බදු එකතු කරන අය විදිහට තමයි යන්නේ. හිතුව විදිහටම රෝරි බාර් එක ඇතුලෙදි ටර්න්බුල් එක්ක වලියක් දාගන්නවා.

මේ අතරේ බදු එකතු කරන තැනදීත් රේ, ජැක්ස්, හේවුඩ් වලියක් දාගෙන එතනින් එනවා පතල් හාරන තැනකට. හැබැයි එතන තියෙන්නෙ සාමාන්‍ය ලෝහයක් නම් නෙවෙයි. ඒ තමයි ඩ්වෝෆ් ස්ටාර් ලෝහය. ඒ මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ ලෝහයෙන් තමයි රේගේ කලින් තිබ්බ ඇටම් සූට් එක හදල තිබ්බේ. ඒ තිබ්බ ලෝහයෙන් මුළු පැරණි බටහිරටම වුණත් බලශක්තිය දෙන්න පුළුවන් තරම් බලයක් තියනවා. එතැනදී මෙයාල හොයාගන්නවා උපකරණයක්. ඒ උපකරණය ට්‍රැකර් එකක්. ඒකෙන් පුළුවන් මොනවහරි දෙයක් තියන තැන හොයාගන්න. ඒ උපකරණය පාවිච්චි කරලා තමයි ටර්න්බුල් මේ ලෝහය තියන තැන හොයාගෙන පතල් හාරන්න පටන් අරන් තියෙන්නේ. ඒ උපකරණය හැබැයි මේ කාල වකවානුවට අයිති එකක් නම් නෙවෙයි. ඒක අනාගතයෙන් අර කිව්වා කාල කොල්ලකරුවා නිසා ආපු එකක්.

දැන් අපි බලන් හිටපු මික් දාගත්ත වලිය වලියක් වෙන්නෙ නෑ. ඒක කෙලවර වෙන්නෙ යාලු කමකින්. දෙන්න හොඳට එකතු වෙලා බොන්න පටන්ගන්නවා. මේක බලන් ඉන්න බැරි නිසා සාරායි හෙක්සුයි දෙන්න යනවා ටර්න්බුල් එක්ක සටන් කරන්න. මේ සටන දිගට ඇදිල යද්දී. ටර්න්බුල් මික්ට තියපු වෙඩිල්ලක් හේවුඩ්ට වදිනවා. ඒ වදිනකොට එයා ස්ටීල් බවට පත් වුණත් උණ්ඩය වදිනවා. ඒකට හේතුව ටර්න්බුල්ගේ තුවක්කුවේ උණ්ඩ ඩ්වෝෆ් ස්ටාර් ලෝහයෙන් හදල තිබ්බ නිසා. හැබැයි එයාව යානයට ගෙනත් සුව කරගන්න පුළුවන් වෙනවා.

මෙතනින් පස්සේ කණ්ඩායම ආයෙත් සැලසුම් කරලා ටර්න්බුල්ට පහර දෙන්න යනවා. බොරුවට සාරා හෙක්ස්ව අල්ලලා දෙන්න යනවා වගේ එයාව අරන් ගිහින් ටර්න්බුල්ට දෙනවා. ටර්න්බුල් එයාවත් අරන් ලෝහය තිබ්බ ගුහාවට යනවා හෙක්ස්ව මරන්න. හැබැයි ඒ වෙද්දීත් මික් ගුහාවට ගිහින්. ඒ මොකද ඒ ගුහාව පුපුරවල විනාශ කරන්න. හිතුව වගේම ඒක විනාශ වෙනවා විතරක් නෙවෙයි ටර්න්බුල් එක්ක සටන් කරලා එයාව බලධාරීන්ට බාර දෙනවා. ඒ වගේම ඩ්වෝෆ් ස්ටාර් ලෝහය පුරවපු කෝච්චියක් නවත්තන්න ස්ටීල්ට පුළුවන් වෙනවා. මේ නිසා සියලුම ඩ්වොර්ෆ් ස්ටාර් ලෝහයන් පැරණි බටහිරින් ඉවත් කරලා ආපහු අප්‍රේරනය යතා තත්වයට පත් කරන්න කණ්ඩායම සමත් වෙනවා.

තවත් කියන්න අමතක වෙච්ච දෙයක් තිබ්බ. ඒ තමයි ස්ටයින්ට අමුතු දර්ශන පේනවා. හැබැයි ඒක එයාගෙ මොළේ අවුලක් නෙවෙයි කියල ගිඩියන් කියනවා. කතාව ඉවර වෙන්නෙ හැමෝම බලන් හිටපු ක්‍රොස් ඕවර් එකට මඟ විවර කරන වාක්‍යත් එක්ක. “2016 ඉන්න අපේ යාළුවන්ට උදවු ඕන.”

සුපර් ගර්ල් එකෙන් පටන්ගත්ත ක්‍රොස් ඕවර් එකේ මේ වෙද්දි කොටස් තුනක් ඉවරයි. ෆ්ලෑෂ් සහ ඇරෝ එකේදි හැමෝම දැක්ක පිටසක්වලයන් ඇවිල්ල පෘථිවිය ආක්‍රමණය කරනවා. එහෙනම් අන්තිම කොටසේ මොකද වෙන්නෙ කියල බලමු. ඊළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජය වේවා!!!

Supergirl Episode 08

The Flash Episode 08

Arrow Episode 08

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

dcs.legends.of.tomorrow.207.hdtv-lol

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

18,729 downloadsDownload dcs.legends.of_.tomorrow.207.Baiscopelk.com_.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    << Previous Season              All Episodes                       Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

18,729 downloadsDownload Subtitles27 KB

35 comments

  1. Razor ­­

    ada 1st meka enakam balan hitiye

  2. Sanjula Jeter

    Thank's bro!
    Anakan balan hithiye!

  3. Roshan Darshana

    This...

  4. Roshan Darshana

    Thanks

  5. Hasitha Nuwan

    Thankz bro.....

  6. Zoysa

    1st time download karan balana. tnx saho sub 1ta

  7. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  8. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  9. silent$

    Thanxxxxxxxxxxxxxxxx Patttaaaaaaaaaaaaaaa

  10. Bratva

    Niyamai saho

  11. leo

    thkz ohoma klin dipn

  12. Nimesh

    Kalinma sub eka dila..enakl blan hitiye..thanxx saho...

  13. sameera

    ela nachan,,, onna ohoma kalin dunnanan maru hamadama,,,,, any way sub ekata thx machan

  14. Sanath Indika

    thx brooo

  15. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  16. Thanuj

    Thnx brooo subata

  17. SAJITH UDITHA

    පුදුමයි.. ඉක්මනටම සබ් දාලානෙ. පට්ට ආ... ැන්න එහෙම තමයි ඉන්න ඕන.. එප එල ජයවේවා...!!!

  18. Udara Damith B/K

    බොහොම ස්තූතියි ..
    අද මේ අය අතිතෙට වත් යයි

  19. risitha

    niyamae machan

  20. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  21. kalana prabod

    thanx saho sub ekata apita baride karanawata fatta

  22. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. ඔමේෂ

    මේ උපසිරැසි exract කරන්නේ කොහොමද torrent එකට

  24. Gihan Iddamalgoda

    thanks 4 sub.

  25. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  26. yasitha

    machan arrow,flash,supergirl,dc s ekata set wena ewain flash s3e08 balala arrow s5e8 baluwa , dn dcs s2e7 balanawa , next mokadda balanna one patalawila tyenne bn . wenama topic ekak danna puluwan da crossover ekai balanna ona piliwelai loku udawwak.

    1. මධුකප්‍රිය පෙරේරා

      supergirl,flash,arrow, DC legends ඔන්න ඕක තමා බලන්න ඕන පිළිවෙල.

    2. yasitha

      super girl season 2 epi 08 balanna one naa ne , flash eke kohomath udaw illaganna kara ge world ekata yanawa pennanwane , mn balala tyena piliwela hari , thanx bro

    3. ravindu

      Kohomada legends of tomorrow season 2 episodes download karanne

  27. හර්ෂණ දිල්ෂාන්

    ස්තුතියි සහෝ....
    බලන් හිටියේ එනකන්..

    ජය වේවා...!!!

  28. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Udara Damith B/K

    අට වෙනි කොටස කවදද ආයි පටන්ගන්නේ

  30. Dasitha147

    bohoma sthuthie saho obalage me sewayata!

  31. ¥€ASK€¥

    Tnx bro elama...oyata jayen jaya wewa...

  32. Naveen Rangana

    Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!