එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. මෙයාලාගේ…

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. මෙයාලාගේ කණ්ඩායමට කිව්වේ F4 කියලයි. මේකේ නායකයා තමයි Goo Jun-pyo (Lee Min ho ), එයා තමයි කොරියාවේ ලොකුම ව්‍යාපාරයේ අනාගත හිමිකාරයා. ඒ වගේම මේ පාසලත් අයිති එයාගේ පවුලට. ඒ නිසා කවුරුවත් මෙයාට උඩින් මේ පාසලේ වැඩ කරන්න ගියේ නෑ. එහෙම කරන අයට මේකේ ඉන්න ලැබෙන්නෙත් නෑ. මේ හතර දෙනා අතරින් එක්කෙනෙක් ටිකක් වෙනස්. එයා සංගීතෙට ලැදි F4 එකේ අය කරන සමහර දේවල් වලට අකමැති සංවේදී හදවතක් තියන කෙනෙක්. නම Yoon Ji-hoo (Kim Hyun ). මේ set එකේ අනිත් දෙන්නා තමයි, So Yi-jung (Kim Bum) සහ Song Woo-bin (Kim Joon ) කියන්නේ. කොහොම වුණත් මේ තුන්දෙනා අතිජාත මිත්‍රයෝ.
හදිස්සියේම අහම්බෙකින් කඩා පාත් වුණ වාසනාවක් හෝ අවාසනාවක් නිසා Geum Jan-di (Ku Hye sun ) ටත් මේ පාසලට එන්න අවස්තාවක් ලැබෙනවා. සාමාන්‍ය දුප්පත් dry cleaning ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙන පවුලක එකම දූ තමයි මෙයා. කොහොම උණත් අසාධාරණය එහෙම මෙයාට පෙන්නන බෑ. ඒ නිසා පාසලට ආපු දවසේ ඉදන්ම මෙයාට කරදරම තමයි වැටෙන්නේ. ඒවත් සාමාන්‍ය කෙනෙක්ට ඉවසන්න පුලුවන් තරමේ ඒවා නෙවේ. ඒත් මෙයා කවදාවත් F4 එක ඉදිරියේ දණ නමන්න සූදානම් වෙන්නෙත් නෑ.
මේ පාසලට අකමැත්තෙන් ආවත් ඒ ආපු පළවෙනි දවසෙම හද සසල කරවන ලස්සනම ලස්සන වයලින් වාදනයක් වයමින් තනිවම ඉන්න කුමාරයෙක් වගේ ලස්සන පෙනුම තියන කෙනෙක් එයාට දකින්න ලැබෙනවා. එයා මොකක් හරි දුකකින් ඉන්න කෙනෙක් බවත් Jan-di තේරුම් ගන්නවා. ඒ තමයි Yoon Ji-hoo, ඒත් ඒ වෙනකොට එයා F4 එකේ කෙනෙක් බව නම් Jan-di දන්නේ නෑ. මොන අමාරුකම් දරාගෙන හරි Jan-di පාසලට එනවා. එත් Goo Jun-pyo ගෙන් මෙයාට හැමදාම කරදරම තමයි වෙන්නේ. ඒ හැම වෙලාවකම එයාව බේරගන්න Yoon Ji-hoo එනවා. ඒත් Geum Jan-di ඉක්මනටම දැනගන්නවා Ji-hoo ගේ ආදරය එයාට හිමි නැති බව. ඒ නිසා ඇය දුක් වෙනවා. ඒ අතර Goo Jun-pyo ටත් කිසිම දේකට යටත් නොවී ඉන්න මේ පුදුමාකාර ගෑණු ළමයා ගැන හිතක් පහල වෙනවා. ඒත් ඒක පෙන්නන්න ඕන විදිය එයාට තේරෙන්නේ නෑ. මෝඩ වැඩම තමයි කරන්නේ. ඒ නිසා Jan-di ට තවත් තරහ යන එක තමයි වෙන්නේ. ඒත් පස්සේ Goo Jun-pyo කියන්නේ හිතන තරම්ම නරක කෙනෙක් නොවන බව Jan-di තේරුම් ගන්නවා. ඒ අතර Ji-hoo ත් යම් සිදුවීම් කීපයකට පස්සේ Jan-di ට ආදරය කරන්න පටන් ගන්නවා. ඉතිං අන්තිමට කවුරු කාට හම්බවෙයි ද කියලා මේක බලලම තමයි තීරණය කරන්න වෙන්නේ.
Jan-di ගේ පවුලේ සිදුවන හාස්‍යජනක සිදුවීම් සහ පාසලේ දි වෙන රසවත් සිදිධීන් එක්ක සමහර අවස්තාවලදී සංවේදී බවකුත් එක්ක මේ කතාව ලස්සනට ගලාගෙන යනවා. ඒක පළවෙනි කොටස බැලුවම ඔයාලට තේරුම් ගන්න පුලුවන් පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන එකක් නම් නෑ. අවසානය වෙනකන්ම කම්මැලි නැතුව ආසාවෙන් බලන්න පුලුවන් කතාවක් තමයි මේ.
ඉතිං නිවාඩු පාඩුවේ ඉදන් මේ ලස්සන drama එක බලන්න කියලා කොරියානු නිර්මාණ රසවිදින්න කැමති හැමෝගෙන්ම ඉල්ලනවා. ඒ වගේම බලලා හොද නරක අදහස් එහෙමත් කියන්නකො, එහෙනම් ආපහු හමුවෙමු. 😀
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
220 MB කොපිය (5.4GB) මෙතනින් බාගන්න
9b529679d67a44b4e7efe393ae00db1374104788670 MB කොපිය (16.3GB) මෙතනින් බාගන්න
b0353bc4465003f0ec2cc0ab32278fbcb471cb8b790 MB කොපිය (19.8GB) මෙතනින් බාගන්න
9f46d795c6d226b40dd47148e8e71317e8f2f499 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,421 downloadsDownload Boys.Over_.Flowers.E-1.0.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ස්වර්ණරේඛා සෙව්වන්දි
Subtitles
25 comments
chandima
dinidu madushanka
ela ela sister jaya wewa
Kulanjana Maduranga
ammo denakam unne.thanks SEWWANDI akke.digatama sub demu.onna gatta.jaya wewa......
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා අක්කේ සබට තුති
ඔබට ජයහර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සෙව්වන්දි :D :P ජය
dilshani Nimeshika
ඔබට ජය
බොහොම ස්තුතියි සෙව්වන්දි අක්කේSisira Hegoda
Thanks.
herry
බොහොම ස්තුතියි සෙව්වන්දි අක්කේ
නලින්
ස්තුතියි ස්වර්ණා
ජය වේවා!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)isuru feat
thxxxxxxxxx akki
nuwan ck
thanks akke...
Chami.S
Thanks....
රොයිලි
බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය............ranil eranga
෴නියමයි දිගටම දෙන්න෴
nishshanka ruwan
ස්තුතියි :)
දසන් බුද්ධික
නියමයි නියමයි... බොහොම තුති සබ ට... ජයවේවා.....!!!!
DAMER
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා..! 👍sanath
ස්තුතියි සෙව්වන්දි .............
මේක අපි රස විදින්නේ ඔයා නිසයි..............
හද වතින්ම සුබ පතනවා කරන වැඩ කටයුතු සාර්ථක කර ගන්න කියලා................Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
P.K
Thanx a lot..
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට ගොඩාක් ස්තූතියි සොහොයුරිය!! ඉදිරියටත් මේ වගේ කරගෙන යමු, ජය වේවා!! :-)
podda
thanks
yohan
ayye mata episoid tika download karanna link open wen nhaaa mat meka bagann uadaw karankooo
Advertisement

niyamai thaz & suba patum.... degatama karagana ymu sahodare