Watch Trailer

Cowboy Bebop (1998) [S01 : E07 & E08] Sinhala Subtitles | තව දුරටත් තෑගි මුදල් පසුපස… [සිංහල උපසිරසි]

Cowboy Bebop [S01 : E07 & E08] Sinhala Subtitles 1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් […]

Cowboy Bebop Sinhala Subtitles

1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 කින් සමන්විත Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ 7 සහ 8 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

සුපුරුදු පරිදි ස්පයික් සල්ලි පස්සෙ දඩයමේ ගියත් එක දඩයමක්වත් සාර්ථක කරගන්න ලැබෙන්නෙ නම් නෑ. මොකක්ම හරි බාල්ලියක් පෙරලිලා ඒක නැති වෙනවා. මීට කලින් අහම්බෙන් හම්බවුනු ෆේයි වැලන්ටයින් කියන කෙල්ල ඉන්නෙත් දැන් ස්පයික් සහ ජෙට් දෙන්නා එක්කයි. තවත් එක බවුන්ටියක් පස්සෙ යද්දි ස්පයික්ට මුණ ගැහෙන්නෙ පරණ සඟයෙක්ව. එකිනෙකා හොඳින් දන්නා බව පෙනුනම් මේ “විශස්” කියන පුද්ගලයා සහ ස්පයික් අතරෙ යම් කෝන්තරයක් තිබෙන බව නම් පැහැදිලියි. ඒ අතීතයක් තාම අපිට රහසක්. විශස් සහ ස්පයික් දෙන්නා අතර වුනු සටනකින් ස්පයික් දරුණු තුවාල ලැබුවත් ජීවිතේ බේරගන්න සමත් වෙනවා.

මේ කොටස්වලින් අපිට දකින්න ලැබෙන්නෙ ස්පයික්, ජෙට් සහ ෆේයි තුන්දෙනා තවත් බවුන්ටි හොයාගෙන යන විදිහ. ඒ අනුව බිබොප් කාර්ය මණ්ඩලයේ දැන් සාමාජිකයින් තුනක් ඉන්නවා. Heavy Metal Music එකත් එක්ක යන බවුන්ටි හන්ටින් එකක් තමයි දැන් එන්නේ. ඒ වගේම සිකුරු ග්‍රහලෝකයේ සිද්ධ වෙන කතාවකුත් දකින්න ලැබෙනවා. මේ බවුන්ටියටවත් මඟක් පෑදේවිද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙකත්. Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ මීළඟ කොටස් තුළින් හමුවෙමු.

“See You Space Cowboy…”

✍️…ලංකන් weebs වෙනුවෙන්- හසරංග නදීෂ. Cowboy Bebop Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.

741 downloadsDownload Cowboy-Bebop-1998-S01-E07-E08-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

Cowboy Bebop Sinhala Subtitles

Subtitles

741 downloadsDownload Subtitles24 KB

3 comments

  1. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  2. Anonymous

    Thnks berserk anime ekatath sub dennako

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.