Watch Trailer

DCs Legends of Tomorrow (2016) [S02 : E08] with Sinhala Subtitles | චිකාගෝ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ක්‍රොස් ඕවර් එකේ අන්තිම කොටසෙදි ඔලිවර් සහ එයා එක්ක හිටපු අනිත් අය පිටසක්වල යානයෙන් පැනල ආව. දැන් කණ්ඩායමේ සැලැස්ම තමයි ඩොමිනේටර්ලාගෙන් කෙනෙක්ව අල්ලගන්න එක. ඉතිං ඒක කරන්න තියන විදිහ තමයි 1951 වසරට ගිහිං එහෙම කෙනෙක්ව පැහැරගන්න එක. ඒක කරන්න ෆෙලිසිටි, සිස්කෝ, නේට්, රෝරි සහ අමාය යනවා 1951 වසරට. මොකද 195…

Legend of tomorrow S2-1

ක්‍රොස් ඕවර් එකේ අන්තිම කොටසෙදි ඔලිවර් සහ එයා එක්ක හිටපු අනිත් අය පිටසක්වල යානයෙන් පැනල ආව. දැන් කණ්ඩායමේ සැලැස්ම තමයි ඩොමිනේටර්ලාගෙන් කෙනෙක්ව අල්ලගන්න එක. ඉතිං ඒක කරන්න තියන විදිහ තමයි 1951 වසරට ගිහිං එහෙම කෙනෙක්ව පැහැරගන්න එක. ඒක කරන්න ෆෙලිසිටි, සිස්කෝ, නේට්, රෝරි සහ අමාය යනවා 1951 වසරට. මොකද 1951දීත් ඩොමිනේටර්ල පෘථිවි හමුදාවට පහරදීල තියනවා. ඒවගේම ඔලිවර් කැමති වෙන්නෙ නෑ සුපර්ගර්ල් වැඩිය මේ දේවල් වලට සම්බන්ධ වෙනවට. ඒ නිසා ඔලිවර් කියනවා එයාට මේ දේවල් වලින් ටිකක් ඈත් වෙලා ඉන්න කියල.  1951ට ගියපු කට්ටිය පිටසක්වලයෙක් අල්ලගන්නවා ආපහු අරන් එන්න. හැබැයි එයාලට ගේන්න හම්බෙන්නෙ නෑ. ඊට කලින් එයාලව කොටු වෙනවා රජයට. ඉතින් රජය මෙයාලව හිර කරලා තියාගන්නවා අර පිටසක්වලයත් එක්කම. එයාල ඩොමිනේටර් ගැන පරීක්ෂණ කරන්න හදන්නෙ. හැබැයි මෙතන කොටු වෙලා ඉන්නෙ රෝරි, නේට් සහ අමාය විතරයි. ෆෙලිසිටි සහ සිස්කෝ දෙන්න ඉන්නෙ යානයේ. මෙයාල හිර වෙලා ඉන්න තැනම තමයි ඩොමිනේටර්වත් හිර කරලා තියෙන්නෙ. ඉතින් මෙයාල ඩොමිනේටර් එක්ක කතා කරන්න තීරණය කරනවා ඇයි පෘථිවියට පහර දෙන්නෙ කියල. එතැනදී ඩොමිනේටර්ගෙන් දැනගන්න ලැබෙනවා මේකට හේතුව. එයාල ඇවිල්ල තියෙන්නෙ මෙටා මිනිස්සු එයාලට  තර්ජනයක්ද කියල බලන්න. කොහොම වුණත් ෆෙලිසිටි සහ සිස්කෝ දෙන්නගෙ උදවු ඇතුව මෙයාලට පුළුවන් වෙනවා ඩොමිනේටර්ව බේරලා ආපහු එයාගේ ලෝකෙට යවන්න.

මේ අතරේ 2016 ප්‍රොෆෙසර් ස්ටයින් ඩොමිනේටර්ලට පහර දෙන්න ආයුධයක් හදන්න උත්සාහ කරනවා. ඇත්තටම මේකට සහය දෙන්න කෙනෙක් එනවා. ඒ තමයි එයාගෙ දුව. එයාගෙ දුවටත් නැනෝ තාක්ෂනය පිලිබඳ PHD එකක් තියනවා. හැබැයි ප්‍රොෆෙසර් වැඩිය කැමති නැහැ දුව එක්ක ඉන්න. මොකද එයා වැඩිය දුවව දන්නෙ නැති නිසා. මේ අකමැත්ත දුවට ටිකක් අවුල්. ඒ නිසා එයා කරන වැඩ ටිකවත් හරියට කරගන්න බැරි වෙනවා. කොහොම වෙතත් කේට්ලන් කියන නිසා ප්‍රොෆෙසර් එයාගෙ දුව එක්ක හොඳින් ඉන්න උත්සහ කරනවා. ටික ටික ප්‍රොෆෙසර්ට දුව ගැන මතකයන් එනවා කියල ඔයාල දන්නවනේ.

ඇරෝ, ෆ්ලෑෂ්, රේ සහ සාරා යනවා ජනාධිපතිතුමිය මුණගැහෙන්න. හැබැයි මුණගැහෙන්න ගියාට එතනට එන්නෙ ජනාධිපතිතුමිය නම් නෙවෙයි. එයාගෙ සහයකයෙක්. ඒ ඇවිල්ල තියෙන්නෙත් මෙයාලව මරන්න. හැබැයි මරන්න නම් හම්බෙන්නේ නෑ. සටනින් එයාල දිනනවා. මරන්න හේතුව තමයි බෙරී ලෝකයට තර්ජනයක් වීම. මොකද බෙරී කාලය හරහා ගිහින් කාල රේඛාව වෙනස් කරපු නිසා. ඩොමිනේටර්ල කියනවා බෙරීව එයාලට බාර දෙනවා නම් එයාල මේ ලෝකෙට හානියක් කරන්නෙ නෑ කියල. 1951ට ගියපු කණ්ඩායම ආපහු 2016ට එනවා. ආවට පස්සෙ එයාල කලින් බේරගත්ත ඩොමිනේටර් මෙයාලට කියනවා බෙරීව බාර දුන්නොත් මෙයාලව නිදහස් කරනවා කිසි කරදරයක් කරන්නෙ නෑ කියල. මොකද ඩොමිනේටර්ල හදන්නෙ මෙටා මිනිස්සුන් මරල දාන්න බෝම්බයක් හෙලන්න. කොහොමවුනත් බෙරී තීරණය කරනවා ඩොමිනේටර්ලට බාර වෙන්න. හැබැයි ඔලිවර් ඇතුළු කණ්ඩායමේ අනිත් අය ඒකට කැමති වෙන්නෙ නෑ.

ඉතින් එයාල තීරණය කරනවා ඩොමිනේටර්ල එක්ක සටන් කරන්න. ප්‍රොෆෙසර් කොහොමහරි පුංචි උපකරණයක් හදල ගෙනත් දෙනවා. ඒක ඩොමිනේටර්ලගෙ ඇගේ හයි කරලා එයාලට ලොකු වේදනාවක් දෙන්න පුළුවන්. කට්ටිය ඩොමිනේටර්ල එක්ක සටන් කරන අතරේ බෙරී සහ සුපර්ගර්ල් දෙන්න ඩොමිනේටර්ලට නොදැනෙන්න මේවා එයාලගේ ඇගේ හයි කරනවා. ඒවගේම සාරා සහ සිස්කෝ ෆයර්ස්ටෝම්ගේ උදවු ඇතුව මෙටා බොම්බේ අක්‍රිය කරනවා. එහෙම කරන්නෙ ෆයර්ස්ටෝම්ගේ බලයෙන් සම්පූර්ණ මෙටා බෝම්බය ද්‍රවයක් බවට පත් කරලා. ඒවගේම අර වේදනාව ගෙන දෙන පුංචි උපකරණය සවි කරලා ඒක ක්‍රියාත්මක කළාම දරාගන්න බැරි වේදනාව නිසා ඩොමිනේටර්ල පැනල යනවා.

අන්තිමට ජනධිපති තුමිය මේ සුපිරි වීර කණ්ඩායමට ස්තූති කරනවා එයාල ලෝකය වෙනුවෙන් කරපු දේ වෙනුවෙන්. ජය සාදයෙන් පස්සෙ කණ්ඩායම නැවතත් විසිර යනවා. ඉතිං මෙතනින් පස්සෙ අපේ ලිජන්ඩ්ලා කොහෙටද එන්නේ? එයාලට හම්බෙන අප්‍රේරණය මොකක්ද? පොඩි දෙයක් කියන්නම්. අද රිප් හන්ටර් බලාගන්න පුළුවන්. එහෙනම් බලමුකෝ මොකද වෙන්නෙ කියල. එහෙනම් ආයෙ ලබන අවුරුද්දෙ ජනවාරි 24 හම්බෙමු. ජය වේවා!!!

~~~~~ Merry Christmas ~~~~~

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

dcs.legends.of.tomorrow.208.hdtv-lol

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

10,516 downloadsDownload dcs.legends.of_.tomorrow.208.Baiscopelk.com_.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    << Previous Season              All Episodes                       Next Episode >>

Subtitles

10,516 downloadsDownload Subtitles29 KB

45 comments

  1. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  2. Udara Damith B/K

    උපසිරසට තැන්ක්ස් ..
    ලබන අවුරුද්දේ ආයි හම්බවෙමු ...

  3. Udara Damith B/K

    පොඩ්ඩක් ඇරෝ එකයි flash එකෙයි සබ් නැත්තේ ඇයි කියලා බලනවද'

    1. Udara Damith B/K

      eyata excame lu ne .ok

  4. Udara Damith B/K

    9215a254abf429d00c0810c4bedf383d8d0f2b16

  5. sherlock galle

    Thanks

  6. Uma

    සහෝලා ෆ්ලෑෂ්​,සුපර්ගර්ල්,ඇරෝ,ලෙජන්ඩ් ඔය ඔක්කොම ආයෙ එන්නෙ ජනවාරි 24පස්සෙද එතකන් ඉන්න මොකක්ද වගේ

  7. Sanath Indika

    thx brooo

  8. එල්.සී. දමැල්

    Thnx

  9. Dasitha147

    bohoma sthuthie saho obalage me sewayata...

  10. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  11. Kasun Widusha

    Tnx mchoo

  12. Sashiya

    sau ekata Thanks bro

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. kalana prabod

    Thanx brooo sub ekata

  15. Gihan Iddamalgoda

    thanks 4 sub.

  16. Rajitha

    Thanks machan......jayawewa.....!

  17. praneeth madu

    බොහෝම ස්තුතියි සහෝ

  18. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  19. Bratva

    Niyamai saho.sabata thanks

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. dileepa

    thanks machan

  22. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි අචියෝ..
    ලබන වසරේ හම්බවෙමු එහෙනම්..

  23. Eranda Madhushan Premarathna

    #Thnx brow

  24. rex

    thanx bro.....

  25. rex

    episode 9 nadda bro

  26. Dilshan wijesingha

    E9 dennako bro

  27. Sandani anuththara

    E9 sub dennako plz

  28. Nuwan Sameera Alawatta

    Thanks Saho. E9 ekath ikmanta dannoooo

  29. Udara Damith B/K

    නමය දෙන්ඩො

  30. Udara Damith B/K

    9

  31. Kavindu

    9 නැද්ද

  32. Heshara

    9 kooooooo ikmnta dennko

  33. ShanM

    E09 එකේ සබ් දියන්කො බං

  34. Janith

    S02E09 sub eka dipanko

  35. grant gustin

    yako 9 deeepiya do

  36. mahima

    සබ හොඳයි. ඇයි තාම ep9 දැම්ම‍ෙ නැත්තේ

  37. kelum

    kawaddda ep.09 eke sub eka enne 9 eka awiilath iwari

  38. pansilu

    namaya ko

  39. nuwan gamage

    namaya ta sab denne nedda

  40. laiya

    sub eka denne nadda ban aiyoooo..davas kiyakda dan

  41. Asanka

    9 ko bn

  42. Anushka

    Dannam iwasanna ba ban marei ban ikman karapan bro

  43. Sajithlakshan

    බොහොම ස්තුතියි

  44. Naveen Rangana

    උපසිරැසියට බොහොම ස්තූතියි..........................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.