අවුරුදු දෙකක කාලය ගෙවී ඔන්න දීර්ඝ රැය එළඹුණා. පුරා අදියර හතක් පහුකරලා අට වෙනි අදියරෙන් ලෝකයේ ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දින්න මේ කතා මාලාව අවසාන කරන්න ඔවුන් සූදානම්. ඉතින් රසික ඔබත් මඟ බලාගෙන සිටි මේ කතාමාලාව එහෙම නිකන්ම අවසාන කරන්න අපි සූදානම් නෑ. බයිස්කෝප් අඩවියේ ඔබ වෙත පිරිනැමූ පළමු රූපවාහිනි කතා…

අවුරුදු දෙකක කාලය ගෙවී ඔන්න දීර්ඝ රැය එළඹුණා. පුරා අදියර හතක් පහුකරලා අට වෙනි අදියරෙන් ලෝකයේ ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දින්න මේ කතා මාලාව අවසාන කරන්න ඔවුන් සූදානම්. ඉතින් රසික ඔබත් මඟ බලාගෙන සිටි මේ කතාමාලාව එහෙම නිකන්ම අවසාන කරන්න අපි සූදානම් නෑ. බයිස්කෝප් අඩවියේ ඔබ වෙත පිරිනැමූ පළමු රූපවාහිනි කතා මාලාව විදියට අප සුදානම් ඔබට ත්‍යාගයක් ලබාදෙන්න.

වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි උපසිරැසිය ලබාදෙනකොට ඔබගෙන් පැනයක් අහනවා. ඊට පාදක කරගන්නෙ තරිඳු සහෝගේ වීඩියෝවකින් හෝ නෙරංජි නගාගේ අගනා ලිපියකින්. ඔබට තියෙන්නෙ හරි උත්තරය හොයාගෙන මේ ලිපියට පහළින් කමෙන්ට් කරන එකයි. ලැබෙන්නේ පෝස්ට් එක පළවී පළමු පැය 24 ක කාලයක් පමණයි. ඒ කාලය ඇතුළත ලැබෙන නිවැරදි කමෙන්ට් අතරින් අපි අහඹු ලෙස දෙදෙනෙක්ව තෝරලා, ජයග්‍රාහකයාව කමෙන්ට් කිරීමට පාවිච්චි කළ ඊමේල් එක ආධාරයෙන් සම්බන්ධ කරගෙන අදාළ ත්‍යාගය පිරිනමන කටයුතු සම්බන්ධීකරණය කරගන්නවා. තෑග්ග GOT ටීෂර්ට් එකක්. ඊට අදාල කටයුතු විනිවිද භාවයකින් යුතුව හැමෝටම පෙනෙන්නට සලස්වන්න අපි සූදානම්.
අද අහන පැනය : තරිඳු සහෝගේ අදහසේ හැටියට බ්‍රෑන් ස්ටාක් අවසානේ කවුරු වීමටද වැඩි ඉඩක් තියෙන්නේ? නිවැරදි පිළිතුර : Three-Eyed Raven
පාදක කරගත වීඩියෝව හෝ ලිපිය : මෙතනින් බලන්න.
නිවැරදි පිළිතුරු දුන්න 226 දෙනෙක් අතරින් ජයග්‍රහණය ලබන්නේ…
1. Shan කමෙන්ට් අංක 777060
2. Prakash Rangana කමෙන්ට් අංක 776752..
දිනුම් ඇදීමේ අවස්ථාව මෙතනින් බලන්න.
ජයග්‍රාහකයින් දෙදෙනාට සුබ පතන ගමන්ම අපි එව්ව ඊමේල් දෙකට හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන මෙන් ඉල්ලා සිටිනවා.
හරි එහෙනම් වෙනද වගේම අපි මීට කලින් විකාශය වූ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු.

කිංග්ස් ලෑන්ඩින් වලදී. (සිතියමේ අංක 04 )
ජොන්, ඩැනී හා පිරිස විසින් සර්සි හා පිරිස වෙත මළ ඇවිදින සොල්දාදුවෙක්ව පෙන්වනවා. ඔවුන් අතර යුද්ධයට වඩා එළඹෙන මහා යුද්ධයේ රඟ ඔවුන්ට දකින්න සලස්වනවා. හැබැයි සර්සිට අවශ්‍ය වන්නේ ජොන් ඇයට පක්ෂපාත වන බවේ දිවුරුමක්. නමුත් ජොන් එය ප්‍රතික්ෂේප කරනවා වගේම ඔහු දැනටම ඩැනීට දණ නැමූ බව පවසනවා. තීරණයක් නැතුව අවසන් වන හමුව ට්රියෙන්ගේ මැදිහත් වීමෙන් සාර්ථක වන බව පෙනෙනවා. ට්රියෙන් හා සර්සි එකඟ වූ කාරණා අවිනිශ්චිතයි. සර්සි පොරොන්දු වෙනවා තම හමුදාවත් වින්ටර්ෆෙල් වෙත එවන්න.
හැබැයි සර්සිගේ බොරුව එළිවන්නෙ පස්සෙන් පහුයි. ජේමිගේ අප්‍රසාදයට හේතුවන ඒ කාරණය නම්, යූරෝන් කලින් හමුවෙන් බියවී පලායන බවක් අඟවා ගමන් කරන්නෙ රන්වන් බලකාය රැගෙන ඒමටයි. සර්සි එකදු හමුදා භටයෙක්වත් උතුරට යවන්න සූදානම් නැහැ. සර්සිගේ විරෝධය හමුවේ ජේමි තනිව උතුර බලා ගමන් අරඹනවා.
ඩ්‍රැගන්ස්ටෝන් හිදි. (සිතියමේ අංක 03 )
සර්සිගේ ද්‍රෝහී විම හැම කිසිත් නොදන්නා ඩැනී තම හමුදා උතුරට ගෙන යන විදිය කල්පනා කරනවා. ජොරා ඇයව ඝාතනයට ලක්වීමට ඇති හැකියාව සලකා මකරුන් පිට යන්න අවවාද කළත් ඇය ජනතා සහය ස්ථීර කරගැනීමේ අරමුණෙන් ජොන් හා සමඟ මුහුදෙන් යෑමට තීරණය කරනවා. මේ අතර යාරාව බේරාගැනීමට ඉතිරි අයන්බෝන් වැසියන් ටික දෙනාද සමඟ තියොන් පිටත් වෙනවා. මේ අතර පසුව මුහුදේ ගමන් කරන අතරතුර ජොන් හා ඩැනී අතර ලිංගික එක්වීමක් සිදුවෙනවා.
වින්ටර්ෆෙල් හිදී (සිතියමේ අංක 02 )
ලිට්ල්ෆින්ගර් විසින් සන්සා එක්ක ආර්යා ගැන කතා කරනවා. ඔහු හදන්නේ සන්සා ලව්වා ආර්යාව ඝාතනය කරවීමටයි. පසුව ඔහුටත් හිතාගන්න බැරි විදියට, සන්සා ලිට්ල්ෆින්ගර්ට විරුද්ධව නඩු විභාග කොට ආර්යා ලව්වා ඔහුට මරණ දණ්ඩනය දෙනවා.
මේ අතර සෑම් වින්ටර්ෆෙල් පැමිණ බ්‍රෑන් මුණ ගැහෙනවා. ඒ වගේම ජොන් ගේ සැබෑ මව්පියන් ගැන හා ඔහුට ඇති සිංහාසන උරුමය ගැන ඔවුන් තහවුරු කරගන්න සමත් වෙනවා.
මුහුද අසබඩ නැගෙනහිර බලකොටුව (සිතියමේ අංක 01 )
නිශාචර රජුගේ නායකත්වයෙන් මළ හමුදාව ප්‍රාකාරයට පහර දෙනවා. විසේරියන් ගේ උදව්වෙන් ඔහු ප්‍රාකාරය බිඳ දමන්න සමත් වෙනවා. ටෝමුන්ඩ් ඉතිරි පිරිසට ආරක්ෂාව පතා පැනල යන්න අණ දෙනවා.
හොඳයි මම ආයේ වැඩි විස්තර ලියන්නෙ නෑ. පැරණී ලිපි වගේම වඩා යාවත්කාලීන් විස්තර අඩංගු තරිඳු සහෝගේ හා නෙරංජි නගාගේ ලිපි වලට සබැඳූම් පහළ දක්වා තිබෙනවා. එහෙනම් අද කොටසේ ජයග්‍රාහකයාව තෝරාගැනීමේ ක්‍රියාවලින් දැන් ඇරඹෙනවා. ඔබ සැමට ජයම වේවා෴෴
කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

Works with – AMZN.WEB, REPACKMEMENTO & TURBO Releases.
ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.
84,259 downloadsDownload GOT-S08E01.041520190630-1.zip111 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #රොයිලි ප්‍රනාන්දු
531 comments
Sandharu@1199
Ishara Mahusankha
thankz a lot bro
mNj
Thankzz for the subbb...
Answer-Three eyed raven
Sapu maxx
Thanks a lot bro....
hasith premadasa
jaya wewew
Httpprabath
අලුත් අවුරුද්දේ සන්තෝසේ බැහැ බන්. ගොඩ කාලයක් බලාගෙන හිටියා. tnx
SPrasa
Omg. Thank you very much.
එක වතාවක් බැලුවා උදේ 6.30ට. ඒත් මේකත් එක්ක්ක බලන්න යන්නේ ආයෙමත්. බොහොම ස්තුතියි .
හරිම කැපවීමෙන් කරන මේ වැඩේට.lordram95
Thanks Bro.
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Dhananjaya Kasthuri
tnx bn
K.l Sampath
Supri !! Ikmanata sub eka dunnata.
Kavinda7344
ඔයා නම් දෙයියෙක් ඈ අයියේ............. ස්තූතිය සබ් එකට ගොඩක් අනික් ඒවත් ඉක්මනට දෙන්න සුබ පතනවා
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .
RisithPerera
Answer - Bran Stark avasanaye Kalin hitiya Three Eyed Raven ma vei kiyana ekai.
Chamodvishwantha
Sub ekata thx bro.jaya weewaa
kkasthurisinghe
thank you......*****
Nim
Thankz saho...iwasillak nethuwa hitiye..
Kaushan Rasanga
Tnx bro ❤️
nuraj
Balan hitiye Thanks saho
Sapnu
Thanks Royly Aiya.
According to Tharindu, Bran Could be the "Three Eyed Raven"poornarm
Patta pata pata
Indika_666
Answer:The Three Eyed-Raven වෙයි කියල හිතෙනවා මොකද ඔහූ දේශපාලනයටවත් බලයටවත් අකමැති නිසා.ඔ
Nadun Prakash
Hammo maru maru.paya 4 k giyeth na badu dala.thank u saho❤
harshak
thanks bro. waiting long time for the season
ruchiraav
බොහෝම ස්තුතියි.....!
Suchira_Laknath
Thank you
Shehan_tharuka1995
thanks
KTGJ
Thanks
KavindaRashmin
Oyannn dewaalayak..
Bhanukasonali
Thankyou bro! Bran stark ~ three eye raven
Madhawa_Chathuranga
ඔච්චර ඉක්මනට සබ් දෙනවට බද්දක්වත් ගහයි ආණ්ඩුවෙන්, පරිස්සමින්........
ඉස්කෝතුයි
HirushanHansaka
උදයංග සම්පත් හතරසිංහ
අම්මෝ... ස්තූතියි රොයිලි අයියෙ... මඟ බලාගෙන හිටියෙ එනකල්.. ජය වේවා..!
S.janitha
thank you
rochanadassanayake
Night King
Indika_666
Answer:The Three Eyed-Raven වෙයි කියල හිතෙනවා මොකද ඔහූ දේශපාලනයටවත් බලයටවත් අකමැති නිසා.
thamindu22
answer eka - brandon stark three eyed raven venna thiyena possibility eka wadi
madusanka
Thanks bro maga balagena hitiye..***!
Scorpion
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට....
_****ජය වේවා****_
Sanjula895
thanks for the sub..පිලිතුර three eyed raven
කවිශල් රසින්ත (කවී)
මාර ඉක්මනට සබ් එක දීලා නේ. මෙච්චර කල් බලාගෙන හිටියා සිරීස් එක ආයේ පටන් ගන්නකල්. එහෙනම් රොයිලි අයියේ බොහොම ස්තූතියි සබ් එකට....
ප්‍රශ්නෙට උත්තරේ නම් - බ්‍රැන්ඩන් ස්ටාර්ක් ආයේ ත්‍රී අයිඩ් රේවන් වෙයි කියන එක.
එහෙනම් ජය වේවා...!!KP7
Sub Ekata Thanks Bro..
Chathura Vithakshana
Thankz...
Hasindu1999
උපසිරසට ස්තූතියි brandan stark- three eye raven
deshanchandana
රොයිලි අයියේ ඉවසිල්ලක් නැතුව හිටියේ බොහොම ස්තූති ....ජයවේවා
Charuka97
luv u bro❤
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයChathura Vithakshana
Answer --> Brandan Stark will be three eye raven
Dinu
Luv u bro.and luv u baiscope...
Roma_Thrend
බාගත්තා. බොහෝම ස්තූතී, එනකොටම සබ් එක දෙනවට. ඔබට ජය. සුභ අලුත් අවුරුද්දක් වේවා...!
manji139
thnks royl ayy ikmnt dunnt
tharidu16
අම්මො.... දැන් තමයි අපට අවුරුදු
manji139
thnks royly ayy ikmnt dunnt
manji139
three eye raven knk
tharidu16
බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකට ඉක්මනින් දාන්න කියන්නො............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks you sub 1ta