Watch Trailer

Justice League [S01: E13 & E14] Sinhala Subtitles | යුධ ලෝකයේ ඒකාධිපති වියරුව! [සිංහල උපසිරැසි සමඟ]

13 වෙනි කොටස. කලින් කොටසේදී දකින්න ඇතිනේ සුපර්මෑන් සහ ජෝන් දෙදෙනාට උන දේ ගැන. එදෙන්නා උල්කාපාතයක් විනාශ කරන්න ගිහින් අනතුරට පත්වෙලා ඉන්නකොට ඔවුන්ව පැහැරගෙන යනවා යම් කණ්ඩායමක්. ඒ ගෙනියන්නේ යුධ ලෝකය කියන ලෝකයේ සටන් කරන්න. ඒ ලෝකය පාලනය කරන්නේ මොන්ගුල් කියල ඒකාධිපතික්. ඔහු මිනිසුන් සන්සුන් කරන්න ඔවුන්ට…

13 වෙනි කොටස.

කලින් කොටසේදී දකින්න ඇතිනේ සුපර්මෑන් සහ ජෝන් දෙදෙනාට උන දේ ගැන. එදෙන්නා උල්කාපාතයක් විනාශ කරන්න ගිහින් අනතුරට පත්වෙලා ඉන්නකොට ඔවුන්ව පැහැරගෙන යනවා යම් කණ්ඩායමක්. ඒ ගෙනියන්නේ යුධ ලෝකය කියන ලෝකයේ සටන් කරන්න. ඒ ලෝකය පාලනය කරන්නේ මොන්ගුල් කියල ඒකාධිපතික්. ඔහු මිනිසුන් සන්සුන් කරන්න ඔවුන්ට සටන් පෙන්වලා තමන්ගේ බලය රැකගෙන යන දරුණු පාලකයෙක්. ඉතින් මේ සියල්ල වෙනස් වෙන්න ගන්නවා වැරදීමකින් හෝ සුපර්මෑන් සහ ජෝන් දෙදෙනා මේ ලෝකයට රැගෙන ඒමෙන්. මේ ලෝකයේ ඉන්නවා දක්ෂ සටන් කරුවෙක් ඩ්‍රෙගා නමින් හැඳින්වෙන. ඉතින් ඔහු සමග සටන් කරන සුපර්මෑන් යුධ ලෝකයේ වීරයා වෙනවා. ඒවගේම ඩ්‍රෙගා මරාදමන්න ලැබෙන නියෝග පිලි නොපදින සුපර්මෑන් මොන්ගුල්ගේ දඬුවම් වලට නතු වෙනවා. එහෙමයි කලින් කොටස අවසන් උනේ. අද බලමු අපි මේ කතාව අවසන් වෙන්නේ කොහොමද කියල.

14 වෙනි කොටස.

තවත් කතාවක ආරම්භයක්. ෆ්ලෑෂ් කතාව බැලුවා නම් ඔයාලට මතක ඇති ග්‍රොඩ්ව අද කතාව ගලා යන්නේ ග්‍රොඩ් සම්බන්ධයෙන්. ඒ වගේම අප්‍රිකාවේ තිබෙන ගොරිල්ලා නගරය ගැන අද කතාව කියවෙනවා. එහෙනම් බලමු මොකද්ද මේ ගොරිල්ලෝ එක්ක ලීග් එකට ලැබෙන අභියෝගය මොකද්ද කියල. යන්න කලින් කියන්න ඕන මගේ කොටස මෙතනින් අවසන් වෙනවා. එහෙනම් 15 වෙනි කොටසේ සිට මේ කතා මාලා පහටම උපසිරැසි දෙන්න රොයිලි සහෝ බලාගෙන ඉන්නවා. එහෙනම් හෙටත් සුපුරුදු වෙලාවටම රොයිලි සහෝ 15-16 කොටස් වලින් ඔයාලව මුණ ගැසේවි.ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,487 downloadsDownload JLS01E1314.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,487 downloadsDownload Subtitles22 KB

5 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  2. Kulanjana Maduranga

    subata thanks

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Vishnuka

    Godakk sthuthi aiiye.eelangata puluwanda oyata hearly quiin 2019 series ekai,justice league action series ekai.jayama wewa......

  5. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.