Watch Trailer

Game of Thrones [S8E02 – A Knight of the Seven Kingdoms] Sinhala Subtitle (18+) | මරණයට මොහොතකට කලින් [සිංහල උපසිරැසි සමඟ]

අපගේ මාතෘභූමියේ තවත් එක අඳුරු දිනයක් වුණ ඊයේ දිනයේදී, සිදුවූ අවාසනාවන්ත සිදුවීම් නිසා අප අතරින් වියෝ වූ සියලු දෙනා හට සමාදානයේ සැතපීම / නිවන් සුව පතනවා. දිවි අහිමිවූ , තුවාල ලැබූ සියලුම අයගේ පවුල්වල හිතවතුන්ට සහ සහෘදයන්ට මෙම අවස්ථාවේ බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් කණගාටුව පල කර සිටිනවා. මේ ලස්සන…

අපගේ මාතෘභූමියේ තවත් එක අඳුරු දිනයක් වුණ ඊයේ දිනයේදී, සිදුවූ අවාසනාවන්ත සිදුවීම් නිසා අප අතරින් වියෝ වූ සියලු දෙනා හට සමාදානයේ සැතපීම / නිවන් සුව පතනවා. දිවි අහිමිවූ , තුවාල ලැබූ සියලුම අයගේ පවුල්වල හිතවතුන්ට සහ සහෘදයන්ට මෙම අවස්ථාවේ බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් කණගාටුව පල කර සිටිනවා. මේ ලස්සන රට ආයෙමත් අගාධයට හෙලන්න පිස්සන් හට නොහැකිවේවා!!!

මුලින්ම සුබ පතනවා ගිය සතියෙ ජයග්‍රාහකයින් දෙදෙනා වන Shan ට හා Prakash Rangana වෙත. ඒ වගේම මේ සතියෙත් අහන පැනයට අදාළ පිළිතුරු ලබාදීමේ කාල වේලාව අවසන් වූ පසු, දිනුම් ඇදීමේ අවස්ථාව හා ජයග්‍රාහකයින්ව හා පෝස්ට් එකේ පැනය අහපු තැනම පෙන්වනවා. ඉතින් බදාදා වගේ වෙනකොට ඇවිල්ලා බලන්න ඔයාලත් දින්නද කියලා.

වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි උපසිරැසිය ලබාදෙනකොට ඔබගෙන් පැනයක් අහනවා. ඊට පාදක කරගන්නෙ තරිඳු සහෝගේ වීඩියෝවකින් හෝ නෙරංජි නගාගේ අගනා ලිපියකින්. ඔබට තියෙන්නෙ හරි උත්තරය හොයාගෙන මේ ලිපියට පහළින් කමෙන්ට් කරන එකයි. ලැබෙන්නේ පෝස්ට් එක පළවී පළමු පැය 24 ක කාලයක් පමණයි. ඒ කාලය ඇතුළත ලැබෙන නිවැරදි කමෙන්ට් අතරින් අපි අහඹු ලෙස දෙදෙනෙක්ව තෝරලා, ජයග්‍රාහකයාව කමෙන්ට් කිරීමට පාවිච්චි කළ ඊමේල් එක ආධාරයෙන් සම්බන්ධ කරගෙන අදාළ ත්‍යාගය පිරිනමන කටයුතු සම්බන්ධීකරණය කරගන්නවා. තෑග්ග GOT ටීෂර්ට් එකක්. ඊට අදාළ කටයුතු විනිවිද භාවයකින් යුතුව හැමෝටම පෙනෙන්නට සලස්වන්න අපි සූදානම්.

අද අහන පැනය : නෙරංජි හිතන විදිහට ආර්‍යා ස්ටාර්ක් විසින් ගෙන්ඩ්‍රිට ඒ වගේ ආයුධයක් හදන්න දුන්නෙ ඇයි?පිළිතුර: No one කෙනෙක් ලෙස රිටිවලින් පුහුණූ වී තිබීම නිසා.

පාදක කරගත වීඩියෝව හෝ ලිපිය : මෙතනින් බලන්න.

නිවැරදි පිළිතුරු දුන්න 65 දෙනෙක් අතරින් ජයග්‍රහණය ලබන්නේ…
1. Deshan Chandana කමෙන්ට් අංක 778801
2. dewnilu කමෙන්ට් අංක 778790..
දිනුම් ඇදීමේ අවස්ථාව මෙතනින් බලන්න.

ජයග්‍රාහකයින් දෙදෙනාට සුබ පතන ගමන්ම අපි එව්ව ඊමේල් දෙකට හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන මෙන් ඉල්ලා සිටිනවා.

 

හරි එහෙනම් වෙනද වගේම අපි මීට කලින් විකාශය වූ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. වැඩියෙන් කළමනා දාල ලියන්නෙ නෑ. තරිඳූ හා නෙරංජි දෙන්න ඒක ඉතා ඉහල මට්ටමෙන් ඉටු කරගෙන යන හින්දා. 🙂

 

කිංග්ස් ලෑන්ඩින් වලදී. (සිතියමේ අංක 03 )

 

සර්සි වෙත කයිබර්න් සැලකරනවා ප්‍රාකාරය බිඳ වැටී ඇති බව. එයට සර්සි සතුටු වෙනවා. රන්වන් කණ්ඩායමත් රැගෙන යූරෝන් ග්‍රේජෝයි නැවතත් නගරයට පැමිණෙනවා. පොරොන්දුව පරිදි ඔහු සර්සි සමඟ සැතපීමට අවසර ඉල්ලනවා. සර්සි අකමැත්තෙන් වුවත් එයට ඉඩ දෙනවා. ඒ වගේම යූරෝන් නොමැති වෙලාවෙ ඔහුගේ නැවේ හිර කර සිටින යාරාව බේරාගැනිමට තියොන් සමත් වෙනවා. ඒ වගේම තියොන් දෙවෙනි සීසන් එකේ ඉඳන්ම ආශා කල ස්ටාක් වරුන් වෙනුවෙන් සටන් කිරීමට යෑමේ අවසරය යාරා ලබාදෙනවා. යාරා නැවත අයන් දූපත් අල්ලා ගැනීමට පිටත් වෙනවා.

වින්ටර්ෆෙල් වලදී. (සිතියමේ අංක 02 )

 

තිස්සෙ අපි බලාගෙන උන්න නැවත මුණ ගැහීම් ගොඩක් සිදුවුණ දවසක් කිව්වොත් වඩා නිවැරදියි. ඩැනේරිස් තම සේනාවත් රැගෙන වින්ටර්ෆෙල් බලා එනවා. ඇයට එතරම්ම හොඳ පිළිගැනීමක් ලැබෙන්නෙ නෑ කිව්වොත් වඩා නිවැරදියි. උතුරේ වංශාධිපතිවරුන් හා සන්සා ජොන් එක්ක පවා අමනාප වෙන තත්වෙට ඇවිල්ලයි ඉන්නෙ. ඒ වගේම බ්‍රෑන් හෙවත් රේවන් ප්‍රාකාරයේ බිඳ වැටීම දැනුම් දෙනවා.

ආර්යා ජොන්, ගැන්ඩ්‍රි හා හවුන්ඩ්ව ආපහු මුණ ගැහන අවස්ථා දකින්න ලැබුණා වගේම ආර්යා අලුත් ආයුධයක් සදාගන්නවා. මේ අතර ජොන් ප්‍රථම වතාවට මකරෙක්ව මෙහෙයවන්න සමත්වෙනවා. සෑම්ට ඩැනී හා ජෝරා දැනුම් දෙනවා ඔහුගේ පියාගේ හා මල්ලිගේ මරණ දඬුවම් ගැන. එය ඔහුට දරාගන්නටත් අමාරුයි. අන්තිමේ නෙඩ් ස්ටාක් අවසන් වරට ජොන්ගෙන් සමුගන්නා විට දුන්න පොරොන්දුව මතකද? ආපහු ඔවුන් මුණ ගැහුණහම ජොන්ගෙ අම්මා ගැන කතා කරමු කියලා? ජීවමානව නොවුණත් නෙඩ්ගේ ප්‍රතිමාව ඉදිරියේදී සෑම් විසින් ජොන්ගේ අම්මා ගැන කතා කරනවා.

රේවන් බලා සිටිනවා පරණ මිත්‍රයෙක් එනකම්. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඔහුව අබ්බගාත කළ ජේමි. පළවෙනි අදියරේ පළමු කොටසේ ඉතා ආඩම්බර අහංකාර විදියට වින්ටෆෙල් පැමිණි ජේමි, මෙදා වඩා පරිණත, බිඳූණු අයෙක් විදියට තමා බ්‍රෑන්ට මුණ ගැහෙන්නෙ.

ලාස්ට් හාර්ත් වලදී. (සිතියමේ අංක 01 )

 

ඊස්ට් වොච් බලකොටුවේ ප්‍රහාරයෙන් දිවි ගලවා ගන්නා බෙරික් හා ටෝමුන්ඩ් අම්බර් වරුන්ගේ ලාස්ට් හර්ත් වෙත පැමිණෙනවා. ඒ වෙද්දිත් එහෙට නිශාචර රජු වැඩේ දීලා ඉවරයි. ඒ වගේම ඔවුන්ට කාස්ල් බ්ලැක් හී සිට පැමිණෙන එඩ් ඇතුළු නයිට්ස් වොච් එකේ පිරිස හමුවෙනවා. ඒ වගේම නිශාචර රජු පණිවිඩයක් විදියට තබා ගිය අම්බර්හී වර්තමාන පාලක වූ කුඩා නෙඩ් අම්බර්ව ගින්නෙන් මරා දමන්නට සිදුවෙනවා.

ගිය සතියෙ කිව්වා වගේම මම ආයේ වැඩි විස්තර ලියන්නෙ නෑ. පැරණී ලිපි වගේම වඩා යාවත්කාලීන් විස්තර අඩංගු තරිඳු සහෝගේ හා නෙරංජි නගාගේ ලිපි වලට සබැඳූම් පහළ දක්වා තිබෙනවා. එහෙනම් අද කොටසේ ජයග්‍රාහකයාව තෝරාගැනීමේ ක්‍රියාවලින් දැන් ඇරඹෙනවා. ඔබ සැමට ජයම වේවා෴෴

කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

 

 

Works with – memento, AMZN.WEB-DL, Turbo, ADRENALiNE Releases & Leaked copy

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

73,985 downloadsDownload GOT-S08E02-42220190648-2.zip161 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

73,985 downloadsDownload Subtitles161 KB

270 comments

  1. Sanath Indika

    එයං ඉරදදද

  2. S.janitha

    thank you !!!!!!

  3. Mr.pamz

    Thanks brother for sub

  4. Chathuranga Priyadarshana

    thanx...

  5. Sangeeth Rajitha

    thanks bro

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    1. sachintha

      ආර්යා noone කෙනෙක් ලෙස පුහුණු උනේ රිටි සමග කඩුවට වඩා ඇයට පහසුවෙන් රිටි හැසිරවිය හැකි නිසා ඇය එම ආයුදය තෝරගන්න ඇති... දෙපැත්තටම dragonglass යොදපු ආයුදයේ මදින් ගලවා වෙන් කිරීම මගින් සතුරා අනපේක්ෂිත ලෙස බය කරන්නත් පුළුවන් බවයි ඇය සිතන්නේ....

  7. ජනිත් කහගල්ල

    thanks for the sub!

  8. ChamathCSJ

    Thanks for the sub bro.. ❤❤

  9. asintha1996

    Thanx lot... download link tia dala nhane

  10. nimsara malindu

    thank you

  11. lakmal16304

    ela

  12. UJ

    Sathura Anapeksitha auring Adudaya wenas kirimenn baya kirimata.....

  13. Stranger

    thanks

  14. cham123

    Arya stark no one puhunuwa labanne hellayakata samana ekakin ekai ewage audayak hadanna kiyane

  15. nimethneerada

    Thanx

    1. Dilaen_98

      Depaththe dragon glass gahapu madin galawanna puluwan ritak

  16. Uchitha_induranga01

    thanks..!

  17. IshaN22

    thanks machan

  18. IsharaRox79

    Thanks for the sub!!

  19. cham123

    Thanks for sub

  20. nimsara malindu

    thank you..

  21. Kavinda083

    Thankss supiri vadak

  22. M K RUBAN

    thx bro. i appreciate your hard word,
    Arya practice as a noone with the stick when she blind specialy,so she want a weapon like stick with dragon glass attach to both end

  23. Uchitha_induranga01

    thanks..!

  24. Supunkb

    hmboo thnkz ahh.. dnne koi welaaweda kiyl hityee

  25. deltamax

    kohomada bn download karaganne episode eka

  26. Tharusha1998

    arya noone kenek wela innkoata practice une ritakin.. eakanisa arayata needle ekata wada ritak control nisa.

  27. Samitha.sandaruwan

    Download karan balan hitiye sub eka enakan...thanks bro

  28. Dilaen_98

    Depaththe dragon glass tiyana Madden galawanna puluwan ritak

  29. inusha92

    ආර්‍යා නෝවන් කෙනෙක් විදියට පුහුණු උනේ හෙල්ලයකින් වැඩිපුරම ඒනිසා ( noone කෙනෙක් විදියට) දෙපැත්තෙන් ගලවන්න පුලුවන් , ඒවගේම සැහැල්ලු ආයුධයක් තමයි එයාට ගැලපෙන්නේ

  30. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො....

  31. Thakshi 23

    ආර්‍යා no one කෙනෙක් විදියට practice වුනේ රිටකින්. මැදින් වෙන් කරන්න පුලුවන් විදියට රිට හදලා සතුරා අනපේක්ෂිත ලෙස බය කිරීමට ඒ වගේ ආයුධයක් හදන්න දුන්න

  32. ruwan9511

    සිරියො ෆොරෙල් කී පරිදි ඇයට ගැලපෙන්නේ නීඩ්ල් වැනි ආයුදයක්, ඇය පුහුණුව ලැබුවේ රිටි වලින් නිසාත් එම ආයුදය මැදින් ගලවා වෙනස් කර පහරදිය හැකි නිසාත්

  33. SHEHAN350

    thanksb'ro'o'o

  34. dnr

    ආර්යා no one කෙනෙක් වෙන්න practice කරද්දි පාවිච්චි කරේ ලීයක්. ආර්යට ඒක තමා ගොඩක්ම පුරුදු. ඒක නිසා තමා ඒ ලීයට සමාන ආයුදයක් හදන්න දුන්නෙ.

  35. Sahan Sulakkhana

    sub ekata thanks saho

  36. RumalDemintha

    Thanxzzz bro

  37. Anuradha Rathnasiri

    thanks

  38. Isuru Dharshana

    සබ් එකට ස්තූතියි අයියා.. ආර්‍යා ඒවගෙ වෙපන් එකක් හදන්න දුන්නෙ ආර්‍යා no one කෙනෙක් විදිහට පුරුදු උනේ කඩු වලට වඩා ඒවගෙ රිටි වලින් fight කරන්න ඒකෙ මැදට dragon glass දැම්මෙ එ ආයුදය වෙන් උන ගමන් සතුරා අනපේක්ෂිත විදිහට බය කරන්න පුලුවන් කියල තමයි නෙරජි අක්කා කියන්නෙ❤

  39. Pathumsumanasena

    කලින්ම පුරුදු උනේ රිටක් වගේ එකකින්න්නේ.ඒක හන්දා කෙල්ලට ලේසී ගේම ගහන්න ඒ වගේ ආයුදයකින්.ඊටත් වඩා සතුරව පිස්සූ නටවලා ගේමගහගන්න පුලුවන්,කෙල්ල සැහැල්ලුයි ඒත් මොලෙන් ගේම ගහන හන්දා තමා එහෙම එකක් හදාගන්නේ

  40. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි රොයිලි අයියේ සබ් එකට...

    ප්‍රශ්නයට පිළිතුර නම් :- ආර්‍යා සටන් පුරුදු පුහුණු වුනේ රිටවල් භාවිතයෙන් Noone කෙනෙක් විදිහට. ඉතින් එයාට නීඩ්ල් එකට වඩා රිටක් වගේ දෙයකින් සටන් කරන්න ලේසියි. ඉතින් ඒ හින්දා තමා ආර්‍යා ගෙන්ඩ්‍රි ලවා ඒ වගේ ආයුධයක් හදවගන්න හදන්නේ.

    ජය වේවා......!!!

  41. Nuwan K Amunewela

    ස්තුතියි උපසිරසට.ජය වේවා
    ආර්යා noone කෙනෙක් විදිහට පුහුණු වුනේ රිටක් භාවිතා කරමින්.ඇයට එබැවින් කඩුවකට වඩා එවැනි හෙල්ලක් වැනි ආයුධයක් පහසුවෙන් හැසිරිමේ හැකියාව හා පුහුණුව තිබෙනවා..

  42. benukanimsena

    සබට බොහොම ස්තූතියි අයියේ
    ආර්‍යා වැඩි කාලයක් ප්‍රැක්ටිස් වුණේ Noone කෙනෙක් විදිහට, ඒ කාලේ එයා වැඩි හරියක් සටන් කළේ රිටි එකකින් . ඉතින් කඩුවකට වඩා එයාට ඒක හුරු පුරුදුයිනේ, නේරංජි අක්කා හිතන විදිහට අනිත් කාරණේ තමා ඒ රිට දෙකට මැදින් කඩලා ආයුධය වෙනස් කරගත්තම සතුරා වුණත් බය වෙනවා කියන එක...

  43. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  44. GihanC

    රොයිලි නම් රොයිලි ....හද පිරි ප්‍රණාමය දෙවන කොටසටත් ඉතා ඉක්මනින් sub ලබා දීම පිළිබද ....

  45. Tharindu priyashan

    Tnx bro..ela

  46. ananda607

    ආර්යා no-one කෙනෙක් ලෙස practice කලේ උනේ රිටි වලින්. ඒ නිසා.

  47. Ishara Mahusankha

    answer :- aryata godakma match wena widihata, me welawe war ekedi wadipura thamange hakiyawan pennanna puluwan wagema uparima prayojana ganna puluwan widihe wepon eka aryata ona wena nisa,

    1. pavindu malitha

      ස්තූතියි වේවා❤

  48. pasanyasara

    සතුරා අනපේක්ෂිත ලෙස ආයුධය වෙනස් කිරීමෙන් බය කරන්න පුළුවන් නිසා... ✌️

  49. tv malli

    tnx bro sub ekata..digatama wade karan yamu bro

  50. Chathu_OO

    එන කම් බලා ගෙන හිටියේ...
    නිතර නිතර බැලුවා ඇවිත්ද කියලා...
    තරිඳුගේ වීඩියෝ එකක් බලන අතරේ ඇවිත්...
    පට්ට...

    අරකට උත්තරය ආර්යා පොලු සටන් පුරුදු වෙච්ච එක නේද???

Load more comments