Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles හොඳයි මිත්‍රවරුනි මේ වතාවේ මං ඔබට අරගෙන ආවේ ගිය මාසේ නිකුත් වුණු අලුත්ම හින්දි ටෙලිනාට්‍යයක්. මේක මං හින්දි නිර්මාණයකට සිංහල උපසිරැසි ගන්වන දෙවැනි අවස්ථාවයි. බොලිවුඩ් රසිකයෝ හොඳින් දන්නා හඳුනන සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන සංජේ ලීලා බන්සාලිගේ අලුත්ම න…
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles
හොඳයි මිත්‍රවරුනි මේ වතාවේ මං ඔබට අරගෙන ආවේ ගිය මාසේ නිකුත් වුණු අලුත්ම හින්දි ටෙලිනාට්‍යයක්. මේක මං හින්දි නිර්මාණයකට සිංහල උපසිරැසි ගන්වන දෙවැනි අවස්ථාවයි. බොලිවුඩ් රසිකයෝ හොඳින් දන්නා හඳුනන සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන සංජේ ලීලා බන්සාලිගේ අලුත්ම නිර්මාණය තමයි මේ Heeramandi කියන්නේ. 2024 අප්‍රේල් 29 සිට මැයි 5 දක්වා කාලය තුළ, Netflix හි ගෝලීය වශයෙන් දෙවනියට වැඩියෙන්ම නරඹන ලද ඉංග්‍රීසි නොවන ටෙලිනාට්‍යය හීරාමණ්ඩි වුණා. එය මිලියන 4.5ක් නැරඹූ අතර, එහි පළමු සතියේදී ප්‍රේක්ෂක ප්‍රමාණය මිලියන 33ක් සමඟින්, එය නිකුත් වූ පළමු සතියේදී වැඩිම පිරිසක් නැරඹූ ඉන්දියානු කතා මාලාවේ වාර්තාව බිඳ දමන්න සමත් වුණා. එය රටවල් 10 ක අංක එකේ ප්‍රවණතාවයට පත් වූ අතර රටවල් 43 ක වැඩියෙන්ම නැරඹූ ටෙලිනාට්‍ය දහය අතර පැවතුණා. කාලයේ වැලිතලාවෙන් වැසී ගිය, සමාජය විසින් අමතක කර දැමුණු නළඟනන්ගේ නිදහස් අරගලය වඩා විචිත්‍රවත් ලෙස විදහා දැක්වෙන මේ කතා මාලාව සමාජයේ අපවාදයට ලක් වුවද සිය රට වෙනුවෙන් නිදහස් අරගලයට පණ පෙවූ, ඉන්දියානු වීරවරියන්, වීරවරුන් ගැන කතාවක්. Netflix හි ප්‍රධාන විධායක නිලධාරී Ted Sarandos සමඟ 2023 සම්මුඛ සාකච්ඡාවකදී, බන්සාලි විස්තර කළේ හීරාමණ්ඩි ඔහුගේ “විශාලතම ව්‍යාපෘතිය” වන අතර මෙම කතා මාලාව Mother India (1957), Mughal-e-Azam (1960) සහ Pakeezah (1972) චිත්‍රපට සඳහා උපහාරයක් වනු ඇති බවයි.

මල්ලිකාජාන් ලෙස Heeramandi හි රංගනයේ යෙදෙන මනීෂා කොයිරාල (වමේ), උම්රාවෝ ජාන් ලෙස Umrao Jaan (1981) සිනමා පටයේ රංගනයේ යෙදෙන රේඛා (දකුණේ)
හීරාමණ්ඩි නිර්මාණය පිළිබඳ සංකල්පය සංජය ලීලා බන්සාලි ප්‍රසිද්ධියේ කියා ඇත්තේ මීට වසර 18කට පමණ පෙරයි. එහිදී ප්‍රධාන චරිතයක් වන මල්ලිකාජාන් චරිතය රඟදැක්වීම වෙනුවෙන් තෝරාගෙන තිබුණේ ප්‍රවීණ නිළි රේඛා වයි.ඒ ඇය 1981 වසරේ තිරගත වූ Umrao Jaan සිනමා පටයේ දැක්වූ අතිවිශිෂ්ඨ රංගනය නිසයි. කෙසේ වෙතත් බන්සාලිගේ සිනමා දිවියේ දැඩි අභියෝගයක් වුණු මේ නිර්මාණය යථාර්තයක් කරගැනීමට වසර ගණනාවක් ගතවීම සමඟ චරිත සඳහා මුලින් තෝරා ගැනුණු රංගන ශිල්පින් ද වෙනස් කෙරී අවසානයේ මල්ලිකාජාන්ගේ චරිතය වෙනුවෙන් මනීෂා කොයිරාල යොදාගෙන තිබුණා. කෙසේ වෙතත් බන්සාලිගේ Heeramandi නැරඹීමෙන් පසුව ප්‍රවීණ නිළි රේඛා පවසා තිබුණේ මනීෂා කොයිරාල විශිෂ්ඨ ගණයේ රංගනයක නිරත වෙමින් මල්ලිකාජාන් චරිතයට උපරිම සාධාරණය ඉෂ්ඨ කරන බවයි. ඒ පිලිබඳ මනීෂාගෙ ප්‍රතිචාරය අතිශය හැඟීම්බර වුණා. මුලදී මෙය සිනමා පටයක් ලෙස නිෂ්පාදනය කරන්නට බන්සාලි සිතුවත්, එය අතිශයින් දීර්ඝ වන නිසා මෙන්ම මේ වෙනුවෙන් දරණ ලද අතිවිශාල ප්‍රයත්නයට සාධාරණයක් ඉටු කිරීමට එය ටෙලිනාට්‍ය මාලාවක් ලෙසින් නිර්මාණය කරන්නට බන්සාලි තීරණය කළා. ඒ අනුව පුරා 18 වසරක් සංජේ ලීලා බන්සාලි යථාර්තයක් කරන්නට අරගල කළ සිනමා සිහිනය ටෙලිවෘතාන්තයක් ලෙසින් මෙසේ ඔබ හමුවට පැමිණෙනවා.
හීරාමණ්ඩි ටෙලිනාට්‍යයේ මැවුණු රාජමහලේ එක් රඟමඬලක්
පොදුවේ ගත් කළ Heeramandi රසිකයන්ගේද විචාරකයන්ගේද ප්‍රශංසාවට ලක්ව තිබෙනවා. The Hindu පුවත්පතෙන් ශිලාජිත් මිත්‍රා පවසා තිබුණේ “දැවැන්ත පිරිවැයක් යොදා නිෂ්පාදනය කරන ලද හීරාමණ්ඩි දැකීමට අතිසුන්දර නිර්මාණයකි.” The Times of India පුවත්පතේ ධවාල් රෝයි දැක්වූ අදහසක් අනුව, “හීරාමණ්ඩි සමස්තයක් ලෙස දීර්ඝ නැරඹීමක් මෙන් දැනිය හැකි වුවද, එහි සිනමාරූපී අත්දැකීම එහි අවසානයෙන් පසුව දිගුකල් රඳා පවතින එකකි.” Firstpost හි ලක්ෂ්මි ඩෙබ් රෝයි තරු 4ක් ලබාදෙමින්, “බන්සාලිගේ කොටස් අටකින් යුත් කතා මාලාව ඇස්වලට සංග්‍රහයක් පමණක් නොව, ඉතිහාස පාඩමක්ද වේ” යනුවෙන් ප්‍රශංසා කළා. Rediff.com හි සුඛන්‍යා වර්මා තරු 3ක් ශ්‍රේණිගත කළ අතර “හීරාමණ්ඩි, වසර ගණනාවකට පසු සංවර්ධනය සහ සැලසුම් කිරීමෙහි නියැලුණු උද්‍යෝගිමත් ව්‍යාපෘතියක් වන අතර, සංජේ ලීලා බන්සාලිගේ චිත්‍රපට නිෂ්පාදනයේ විශිෂ්ටතම ලක්ෂණ පිළිබිඹු කරන” බව ප්‍රකාශ කර තිබෙනවා.

සිනමා අධ්‍යක්ෂක සංජය ලීලා බන්සාලි
කවුද මේ සංජය ලීලා බන්සාලි කියන්නේ? Hum Dil De Chuke Sanam (1999), Devdas (2002), Black (2005), Sawariya (2007), Guzaarish (2010), Goliyon Ki Raasleela Ram-Leela (2013), Bajirao Mastani (2015), Padmavat (2018), Gangubai Kathiawadi (2022) වගේ අතිශය සෞන්දර්යාත්මක සිනමා නිර්මාණ වගේම Saraswatichandra (2013-2014) වගේ දීර්ඝ ටෙලිනාට්‍ය නිර්මාණ ලොව පුරා බොලිවුඩ් රසිකයන්ට තිළිණ කළ සංජේ ලීලා බන්සාලි National Film Awards සම්මාන 07කිනුත්, Filmfare සම්මාන 12කිනුත්, (එයින් 05ක් හොඳම අධ්‍යක්ෂක වරයාට හිමි සම්මාන වෙයි) වගේම ඉන්දීය රජයෙන් පුරවැසියෙකුට ලබාදෙන සිව්වැනි උසස්ම සම්මානය ලෙස සැලෙකන ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන්ද 2015 දී පිදුම් ලැබූ, තවත් සම්මාන ගණනක් දිනාගත් අද්විතීය ඉන්දියානු සිනමා අධ්‍යක්ෂකවරයෙක්.

බන්සාලි විසින් බොලිවුඩ් රසිකයන්ට දායාද කළ විචිත්‍රවත් සිනමා නිර්මාණ වලින් කිහිපයක්
සිනමා අධ්‍යක්ෂණයට අමතරව ඔහු පිටපත් රචකයෙක්, සිනමා නිෂ්පාදකවරයෙක්, සංස්කාරකවරයෙක් වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් භාරතීය සිනමාවට දායක වී තිබෙනවා. පොදුවේ ගත් කල ඔහුගේ නිර්මාණ වල ඔහුටම ආවේණික වන අන්දමින් අතිශය නිර්මාණාත්මක ලෙස ගොඩනැඟූ විචිත්‍ර පසුතල දර්ශන දැකිය හැකි වන අතර ඉන්දීය නර්තන සහ ගායන සම්ප්‍රදායයන් අපූර්ව ලෙස විදහා දැක්වෙන අන්දමේ මිහිරි ගීත නිර්මාණද ඒවාට ඇතුළත් කර තිබෙනවා. සිනමා නිර්මාණයක චරිත මඟින් ගොඩනංවන කතාන්දරයට අමතරව බන්සාලි සිය නිර්මාණ වල අතිශය සවිස්තර ලෙස ගොඩනැගිලි හා ගෘහ නිර්මාණ, බිතුකැටයම්, බුමුතුරුණු, විසිතුරු වර්ණ ගැන්වූ ජනෙල් වැනි විචිත්‍ර ලෝකයක් මවා පෙන්වන අංග ගැන සැළකිලිමත් වන අතර, රංගන ශිල්පින් ශිල්පිනියන්ගේ ඇඳුම් නිර්මාණත් අතිශය විසිතුරු ලෙස නිර්මාණය කිරීමටත් අවධානය ලබා දෙනවා.

සංජේ ලීලා බන්සාලි සිය දැවැන්තම නිර්මාණය වන Heeramandi හි පසුතලයක
‘දියමන්ති කඩමණ්ඩිය’ ලෙසින් සිංහලයට හැරවිය හැකි ‘හීරාමණ්ඩි’ යන වචනයෙන් අදහස් වන්නේ පාකිස්ථානයේ ලාහෝර් නගරය ආශ්‍රිතව පිහිටා තිබෙන ප්‍රදේශයක්. හීරාමණ්ඩි නම පටබැඳෙන්නට කළින්, 15-16 වැනි සියවස් වල පැවතුණු මෝගල් අධිරාජ්‍යයේ පටන් එම ප්‍රදේශයේ මෙම තවායෆ් හෙවත් නළඟනන්ගේ සංස්කෘතිය පැවැතී තිබෙනවා. කොහොමද හීරාමණ්ඩි නමේ ආරම්භය සිදුවුණේ? මහරාජා රංජිත් සිං (1780 නොවැම්බර් 13 – 1839 ජුනි 27) නම්වන සික් අධිරාජ්‍යයේ පළමු මහරාජාවරයාගේ සමයේ අග්‍රාමාත්‍ය වරයා වුණු හීරා සිං ඩෝග්‍රා විසින් එකල ලාහෝරයේ නගර කේන්ද්‍රයේ පිහිටි ‘ශාහි මොහල්ලා’ හෙවත් ‘රාජමහල’ හුදෙක් නළඟනන්ගේ වාසස්ථානයකට වඩා ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කරගැනීමට සිතමින්, එහි ආහාර සහ ධාන්‍ය අලෙවි කරන කඩමණ්ඩියක් ආරම්භ කළ අතර එය ‘හීරාසිංකී මණ්ඩි’ හෙවත් ‘හීරා සිංගේ කඩමණ්ඩිය’ ලෙසින් හැඳින්වුනා. පසුකලෙක එය හීරාමණ්ඩි බවට පත්ව තිබෙන්නේ එම ‘හීරාසිංකී මණ්ඩි’යයි. කෙසේ වෙතත් උර්දු බසින් හීරා යනු දියමන්ති වලට කියන නමක්. හීරාමණ්ඩිය ආශ්‍රිතව ජිවත් වුණු සුරූපී නළඟනන් මෙලෙස දියමන්ති ලෙස හඳුන්වා ඇති බවටත්, ඔවුන්ව අලෙවි කිරීමක් ද සිදුවුණු නිසා එය දියමන්ති අලෙවිසැලක් යන අරුතින් ‘හීරාමණ්ඩි’ ලෙසින් හැඳින්වුණු බවටත් මතයක් තිබෙනවා. හීරාමණ්ඩියේ නළඟනන්ගේ නිවාස වල ප්‍රභූවරුන්ට දාව බිහි වුණු දියණියන් ඉහත දැක්වුණු කලාංග ප්‍රගුණ කළ යුතු වුණු අතර ඔවුන් වැඩිවිය පැමිණි පසු නළඟනන් ලෙස සමාජය ඉදිරියට යන්නට පෙර සිරිතක් ලෙස නාස් මුදුව ඉවත් කිරීමේ (Nath utrai) හෙවත් නාස්මුදු හරණ උත්සවයක් පැවැත්වෙනවා.

කුඩ්සියා බේගම් වෙත ගිණිකෙලි සහ නර්තන දැක්වීම් කරන අන්දම ක්‍රි.ව. 1742 මිර් මිරාන් විසින් සිතුවමට නැගු ආකාරය (වමේ), කාශ්මීර නළඟනන් දෙදෙනෙක් දැක්වෙන විලියම් කාපෙන්ටර්ගේ සිතුවමක් (දකුණේ)
එකල ඉන්දියාවේ මේ නළඟනන් හුදෙක් ගණිකාවන් පමණක් නොව, ගායනය, නර්තනය, ගසල් වැනි කාව්‍ය සම්ප්‍රදායයන්, තුම්රි සහ ධාදරා ආදී සංගීත කලාවන් ප්‍රගුණ කළ කලාකාරිනියන් ලෙස ක්‍රියා කළ අතර සමාජයේ ප්‍රභූන් වුණු නවාබ්වරුන් වෙනුවෙන් සිය සේවාවන් සපයා සමාජීය සහ මූල්‍යමය වශයෙන් විශාල බලයක් ගොඩනඟාගත් එක්තරා ප්‍රභූ පැලැන්තියක් වුණා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය ආක්‍රමණ වල සංස්කෘතික බලපෑමෙන් පසුව මෙකී හීරාමණ්ඩි නගරයේ පුළුල් කලාත්මක වපසරියක පැතිර තිබුණු නළඟනන්ගේ සංස්කෘතිය යටපත් කරමින් හුදු ගණිකා සංස්කෘතිය ඉස්මතු වුණු බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් එම ගණිකා නිවාස පැවතුණත් සාම්ප්‍රදායික නළඟනන් ද අඛණ්ඩව සිය කලාවන් පවත්වාගනිමින් සංස්කෘතික කේන්ද්‍රස්තනයක් ලෙස හීරාමණ්ඩියට තිබුණු නාමය තවත් බොහෝ කාලයක් පවත්වාගෙන පැමිණි බව සඳහන්. කෙසේ වෙතත් පුරාණ භාරතයේ ගණිකාවන් මහජන ප්‍රදර්ශනය පිණිස නර්තනයන් දැක්වූ නළඟනන් වුණා.

හීරාමණ්ඩියේ මුජ්‍රා නර්තනයක සංජය ලීලා බන්සාලිගේ ප්‍රතිනිර්මාණය
එහි අදහස ඔවුන් හුදෙක් ලිංගික සේවාවන්ට සීමා නොවුණු නර්තන ශිල්පිනියන් වුණු බවයි. එනිසා මේ උපසිරැසි නිර්මාණයේදී මම ‘තවායෆ්’ යන වචනයට අද සමාජයේ භාවිතා වන ‘ගණිකාව’ යන වචනය වෙනුවට නළඟන හෙවත් නාටිකාංගනාව යන වචනයයි භාවිතා කළේ. ඒ ‘තවායෆ්’ නම් සංකල්පය අද භාවිතාවෙන ගණිකාව යන වචනයෙන් මුළුමනින්ම අදහස් නොවන නිසා. මෙකී නළඟනන් අතර කථක් වැනි සාම්ප්‍රදායික භාරතීය නර්තන සම්ප්‍රදායන් ජනප්‍රියව පැවතුණා. කෙසේ වෙතත් මේ නළඟනන් සිටි රංග මණ්ඩල සහ මඩම් යටත්විජිත සමයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව පිරිස් සංවිධානය කළ කේන්ද්‍රස්ථාන ලෙස ක්‍රියා කර තිබෙනවා. සමහර නළඟනන් නිදහස් ව්‍යාපාරයට සහය දැක්වීමට, නායකයින්ට සහ විප්ලවවාදීන්ට සත්කාර කිරීමට සහ බ්‍රිතාන්‍ය රාජ්‍යයට එරෙහි විරෝධතාවලට පවා සහභාගී වීමට ඔවුන්ගේ බලපෑම සහ සම්පත් භාවිතා කළා. ඔවුන්ගේ බ්‍රිතාන්‍ය විරෝධී ක්‍රියාවන් නිසා ඔවුන් නිරතුරුවම බ්‍රිතාන්‍යයන්ගේ කෙණෙහිලිකම් වලට ඉලක්ක වුණා. ඔවුන්ගේ නිවාසයන් වටලා ඔවුන්ගේ සාම්ප්‍රදායික කලා වෘත්තීය හුදු ගණිකා වෘත්තිය ලෙස හංවඩු ගසා අපවාදයට ලක් කර ඇති අතර එමඟින් ඔවුන්ගේ කලා ආකෘතිය නීති විරෝධී බවට පත් කරන්නට කටයුතු කර තිබෙනවා. ඉන්දීය නිදහස් අරගලය තුළ ඔවුන්ගේ දායකත්වය සැලකිය යුතු වුවත්, අවාසනාවකට මෙන් ඉතිහාස වංශ කතාවේදී බොහෝ විට ඔවුන්ව නොසලකා හරිනු ලැබෙනවා.

Heeramandi රූගත කිරීම් අතරතුරදී අධ්‍යක්ෂක බන්සාලි රංගන ශිල්පින් ශිල්පිනියන් සමඟ
කෙසේ වෙතත්, සංජේ ලීලා බන්සාලි විසින් එම කාලයේ වැලිතලාවෙන් වැසී ගිය නළඟනන්ගේ හඬ වඩා උත්කර්ෂවත් සහ සෞන්දර්යාත්මක අන්දමින් ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එන ආකාරයයි, Heeramandi ටෙලිනාට්‍යය. කතාංග අටකින් සමන්විත වන Heeramandi, 1920-1940 ගණන්වල ඉන්දියාවේ ස්වදේශිකයන් සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අතර ඇතිවුණු නිදහස් අරගලය පසුබිම් කරගනිමින්, ලාහෝරයේ Heeramandi නගරයේ ප්‍රබල කලාකාරිනියන් ලෙස සළකුණු නළඟනන් (Tawaif) සහ මුසල්මානු සම්භවයක් ඇති නවාබ්වරුන් අතර තිබුණු සමාජ සබඳතා විදහා දක්වමින්, නළඟන පවුලක අවජාතක දැරියක් ලෙස ඉපදුණු තරුණියක සහ ධනවත් නවාබ් තරුණයෙකු අතර ඇතිවන සුන්දර ආදර කතාවක් අපට ගෙනහැර දක්වන සෞන්දර්යාත්මක ටෙලිවෘතාන්තයක්. හිරු නොබසින අධිරාජ්‍යයට එරෙහිව කෙරුණු ඉන්දියානුවන්ගේ නිදහස් අරගලය තුල දියව දිය දහස් ගණනක තරුණ තරුණියන්ගේ සුන්දර මෙන්ම ඛේදජනක ආදර කථාවන් නියෝජනය කරමින් සංජය ලීලා බන්සාලි විසින් නිර්මාණය කළ එක් සුන්දර ආදර කතාවක් Heeramandi (2024) ටෙලිවෘතාන්තයෙන් ඔබ හමුවට මෙලෙස පැමිණෙනවා. දැවැන්ත දර්ශන තල පසුබිම් කරගනිමින් රූගත කෙරුණු විචිත්‍ර දර්ශන සමඟින් මනහර භාරතීය සංගීතය මුසු වුණු සුන්දර ගීත නවයක් ද මෙහි අන්තර්ගතයි.

නවාබ්වරයෙක් වන තාජ්ධාර් බලෝච් සහ හීරාමණ්ඩියේ උපන් ආලම්ෂේබ්
Heeramandi (2024) ටෙලිනාට්‍යය වෙනුවෙන් නිෂ්පාදන පිරිවැය ඉන්දියානු රුපියල් කෝටි 200ක් හෙවත් බිලියන 2ක් බව සඳහන් වෙනවා. ඔහුගේ කළින් නිර්මාණ වල පසුතලයන්ටත් වඩා දැවැන්ත පසුතල මෙහි භාවිතා කර තිබෙන අතර මෙහි පසුතලයන් මුම්බායිහි සුනිල් මයිදාන් සිනමා ගම්මානයේ අක්කර තුනක භූමිභාගයක් පුරා, මාස හතක තිස්සේ නිර්මාණ ශිල්පීන් 700 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් දැඩි පරිශ්‍රමයක් දරා ඉදි කෙරුණු බව පැවසෙන අතර ලී පුවරු සහ ලෝහ රාමු 60,000ක් පමණ භාවිතා කෙරී තිබෙනවා. මින් පෙර සංජය ලීලා බන්සාලිගේ Padmaavat සහ Gangubai Kathiawadi සිනමා නිර්මාණ වලටත් පසුතල මේ සිනමා නගරයේමයි ඉදි කෙරී තිබුණේ. කෙසේ වෙතත් මේ නිර්මාණය වෙනුවෙන් ඒ සියල්ලමට වඩා දැවැන්ත පසුතල නිර්මාණය කෙරී තිබෙනවා. එමෙන්ම මෙහි භාවිත වන වස්ත්‍ර සහ ස්වර්ණාභරණ වෙනුවෙන් ද අතිවිශාල මුදලක් වැය කර තිබෙනවා.

මුම්බායිහි සුනිල් මයිදාන් සිනමා ගම්මානයේ ඉදිකෙරුණු දර්ශන තලයක් (ඉහළ) රූගත කිරීම් අතර (පහළ)
එමෙන්ම මෙහි දැවැන්ත ගෘහ නිර්මාණයන් උසස් කලාකෘති, මෝගල් චිත්‍ර, භූමි කැටයම්, බුමුතුරුණු යටත් විජිත යුගයේ මූර්ති, ජනේල මත ලෝහ කැටයම් ආදියෙන් අලංකාර කර තිබෙනවා. මෙහි දැක්වෙන විශාල පොකුරු පහන් පවා අතින් නිර්මාණය කළ ඒවා බවයි සඳහන් වෙන්නේ. මෙකී පසුතල අතර ශාහි මහල් හෙවත් රාජමහල (ප්‍රබල නළඟනක් වුණු මල්ලිකාජාන්ට අයත් මන්දිරය), ඛ්වාබ්ගා හෙවත් සිහින මන්දිරය (මල්ලිකාජාන්ට එරෙහි ප්‍රබල නළඟනක් වුණු ෆරීදන්ජාන්ගේ මන්දිරය), විශාල සුදු මුස්ලිම් පල්ලියක්, දැවැන්ත වතුරමල් සහ පොකුණු සහිත අංගනයක්, වෙළඳසැල් සහ මහාමාර්ග ඇතුළත් නගර ප්‍රදේශයන් මෙන්ම කුඩා පරිමාණ රංග මණ්ඩල ද ඇතුළත් වෙනවා. බන්සාලි විසින් ප්‍රතිනිර්මාණය කරවූ හීරාමණ්ඩිය, පාකිස්ථානයේ සැබෑ ලෝකයේ හීරාමණ්ඩි නගරය මෙන් නොවන අතර ඊට වඩා අතිශය විචිත්‍ර ෆැන්ටසිමය ගණයේ නිර්මාණයක් වෙනවා. බොහෝ නළු නිළියන්ද ප්‍රකාශ කළේ දැවැන්ත දර්ශන තල වල රූගත කෙරුණු හීරාමණ්ඩි මඟින් ගොඩනඟන ජීවිතය සැබෑ ජීවිතයට වඩා බෙහෙවින් විශාල වන බවයි.

හීරාමණ්ඩි පසුතල ගොඩනැඟිලි නිර්මාණය සඳහා මෝගල් ගෘහනිර්මාණ ශිල්පය යොදාගෙන තිබෙනවා. එහිදී විශාල ආරුක්කු, දැවැන්ත පොකුරු පහන්, ජල මල් සහ පොකුණු ද අන්තර්ගත කර තිබෙනවා.
දින 350ක් මුළුල්ලේ විශාල ධනයක් සහ පරිශ්‍රමයක් දරා නිම කළ දැවැන්ත Heeramandi ව්‍යාපෘතිය අවසානයේ සංජය ලීලා බන්සාලි ඒ ගැන සතුට පළ කළේ මෙලෙසින්.
“අපි ඒක හදලා අවසන්, මම එය සෑදීමෙන් සතුටක් ලැබුවා, අපි ඒක සෑදුවාට මම දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා… ඒක ඉතා දුෂ්කර ව්‍යාපෘතියක්. වෙන කිසිවකුට නැවත කිසි දිනෙක හීරමණ්ඩිය සෑදිය නොහැකි වනු ඇති වගේම මට ද එය නැවත සෑදිය නොහැකියි, මොකද එය වරක් පමණක් සිදු වන නිසා.”
මුල්වරට නිකුත් වීමෙන් මසකට පමණ පසුව, නෙට්ෆ්ලික්ස්හි සාර්ථක ලෙස ප්‍රදර්ශනයෙන් පසු සංජය ලීලා බන්සාලි ප්‍රකාශ කළේ හීරාමණ්ඩි දෙවැනි කතා සමයක් දක්වා ද දීර්ඝ කරන්නට අදහස් කරන බවයි. ඒකෙ කතාව කොයි වගේ වෙයිද? අපට ඒක ඊළඟ කතා සමයෙන් බලන්න හැකිවෙයි!
අද පළ වන කතාංගය ගැන:
පළමු කොටස – “Mallikajaan: The Queen of Heeramandi”- “මල්ලිකාජාන්: හීරාමණ්ඩියේ රැජිණ”
අධ්‍යක්ෂක – සංජය ලීලා බන්සාලි
මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2024 මැයි 01
IMDb Ratings – 6.7/10

එහෙනම් අපි අද කොටසේ කතාවට යොමුවෙමු. 1920 දී ලාහෝරයේ, හීරාමණ්ඩිහි, රෙහානා (සෝනක්ෂි සිංහා), ශාහි මහල් හෙවත් රාජමහලේ අධිපති නළඟන, ඇගේ බාල සොහොයුරිය වන මල්ලිකාගේ (මනීෂා කොයිරාල) ළදරුවා දියමන්ති ආභරණයක් සඳහා පිළිකුල් සහගත ලෙස වෙළඳාම් කරයි. සිත් තැවුලට පත් මල්ලිකාජාන් පළිගන්නා බවට දිවුරුම් දෙයි. වසර විසිපහකට පසු, ඉංග්‍රීසි ජාතිකයෙකු වන ගුන්තර්, රාජමහළේ බාධාවකින් තොරව අධිකාරිණිය බවට පත් වූ මල්ලිකා හෙවත් මල්ලිකාජාන්ට ග්‍රැමෆෝනයක් හඳුන්වා දී, ඇගේ පළමු දියණිය බිබ්බෝගේ (අදිති රාවෝ හයිද්‍රි) හඬ පටිගත කිරීමට ඔහුට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියද, ඇය ඔහුව ප්‍රතික්ෂේප කරයි. මල්ලිකාජාන් තම බාල දියණිය ආලම් නළඟනක් බවට පත්වීමට දක්වන අකමැත්ත නොසලකා හරින අතර ඇයගේ නාස් මුදු හරණය, එනම් නළඟනක් ලෙස ඇයගේ මංගල දර්ශනය නිවේදනය කරයි. මල්ලිකාගේ දියණිය වන ලජ්ජෝ ඇගේ අනුග්‍රාහක සොරාවර් අලී ඛාන් (අධ්‍යන් සුමන්) සමඟ දැඩි ලෙස ආදරයෙන් බැඳී සිටින අතර ඔහුව විවාහ කර ගැනීමට අපේක්ෂා කරයි. මේ අතර නවාබ් අශ්ෆාක් බලෝච්ගේ (උජ්වල් චොප්රා) උගත් පුත්‍රයා වන තාජ්ධාර් බලෝච් (තාහා ෂා බදූෂා), ඔක්ස්ෆර්ඩ් සිට ආපසු පැමිණ ඇති අතර උත්සව අවස්ථාවකදී, ඔහු හීරාමණ්ඩිය සහ එහි සිරිත් විරිත් සහ බ්‍රිතාන්‍ය රාජ්‍ය කෙරෙහි තම වෛරය ප්‍රකාශ කරයි. මේ අතර අලුතින් බඳවාගත් පොලිස් අධිකාරී ඇලස්ටෙයා කාට්රයිට් (ජේසන් ෂා), මල්ලිකාගෙන් ඇගේ එක් ගැහැණු ළමයෙකුට ඔහුගේ පෞද්ගලික සාදයේ රඟ දැක්වීමට ඉල්ලා සිටින නමුත් ඇය ඔහුගේ යෝජනාව කෙලින්ම ප්‍රතික්ෂේප කරයි, ඒ එහි නළඟනන් පෞද්ගලික සාදයක රඟදැක්වුවහොත් රඟමඬලේ සුවිශේෂත්වය නැති වන බව පවසමින්. නින්දාවට පත් කාට්රයිට් මල්ලිකාගේ රහස් හෙළි කිරීමට නපුංසක ගණිකා තැරැව්කරුවෙක් වන උස්තාද්ව (ඉන්ද්‍රේෂ් මලික්) පොළඹවයි. කාට්රයිට්ට තමන්ට වුණු අවමානයට පලිගැනීමට හැකියාව ලැබෙයිද? ඔක්ස්ෆර්ඩ්හි උගත් තාජ්ධාර් නළඟනක් වුණු මල්ලිකාජාන්ගේ දියණිය හමුවීමෙන් පසු කුමක් සිදුවනු ඇතිද? නවාබ් රදළ පෙළපතකින් පැවතෙන සොරාවර් අලී ඛාන් නළඟනක් වූ ලජ්ජෝගේ ආදරය පිළිගනු ඇතිද? අද කොටසින් මේ දේවල් දැනගන්න.
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitlesමෙහි සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ 1080P Webrip පිටපතක් වන, Heeramandi.The.Diamond.Bazaar.S01E01.DUAL-AUDIO.HIN-ENG.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA [1.19GB] පිටපතටයි.
එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.
තෙරුවන් සරණයි!
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
2,752 downloadsDownload Heeramandi-The-Diamond-Bazaar-S01-E01-Sinhala-Subtitles.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Heeramandi: The Diamond Bazaar S01 Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2024
- #Abhishek Deswal
- #Aditi Rao Hydari
- #Anuj Sharma
- #Astha Mittal
- #Fardeen Khan
- #Heeramandi: The Diamond Bazaar
- #Heeramandi: The Diamond Bazaar S01
- #Heeramandi: The Diamond Bazaar S01 Sinhala Sub
- #Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles
- #Indresh Malik
- #Jason Shah
- #Jayati Bhatia
- #Manisha Koirala
- #Nivedita Bhargava
- #Richa Chadha
- #Sanjeeda Sheikh
- #Sharmin Segal
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sonakshi Sinha
- #Subs
- #Taha Shah Badussha
- #TV
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
නුවන් අසේල
Buddhika Lakmal
ලිපියනං පට්ට මචෝ.. එක හුස්මට කියවලා දැම්මා... සෑහෙන්න මහන්සිවෙලා තියෙනවා ලිපියට....
ලිපියටයි උපසිරැසියටයි දෙකටම බොහෝම ස්තූතියි මචෝ........
මේ සීරිස්එකට උපසිරැසි දෙන්න හිතපු එකට බොහෝමත්ම ස්තූතියි ............Kesara Withanage
මේ වගේ කමෙන්ට් වලින් හැමදාම අපිව දිරිගන්වන ඔබට බොහොම ස්තුතියි! බොහොම පිං!
Dimuthu
සබ් එකට ස්තූතියි.
Dimuthu
සබ් එකට ස්තූතියි.ඒ වගේම ලිපිය ලියන්න නම් සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. ගොඩක් ස්තූතියි.
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
ලිපියට ❤Anonymous
ගොඩක් ස්තූතියි❤
Gihan
උපසිරැසියට වගේම ඉහත ලිපියටත් ස්තුතියි!
Anonymous
lipiya marune
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරැසියට ගොඩක් තැන්ක්ස් මචෝ