පාකීසා යනු පාරිශුද්ධ යන්නයි. 1972 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද මෙය හිංදි සිනමාවේ කදුළු බිංදුව ලෙස හැදින්වූ මීනා කුමාරිගේ අවසන් චිත්‍රපටය යි. මීනා කුමාරි (සහීබ් ජාන් ලෙස), අශෝක් කුමාර් (ෂහබුද්ධීන් ලෙස), රාජ් කුමාර් (සලීම් අහමඩ් ඛාන් ලෙස) වැනි හිංදි සිනමාවේ දැවැන්තයින්ගේ රංගනයෙන් හැඩ වුණු මෙහි සංගීතය නෞෂ…

පාකීසා යනු පාරිශුද්ධ යන්නයි. 1972 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද මෙය හිංදි සිනමාවේ කදුළු බිංදුව ලෙස හැදින්වූ මීනා කුමාරිගේ අවසන් චිත්‍රපටය යි. මීනා කුමාරි (සහීබ් ජාන් ලෙස), අශෝක් කුමාර් (ෂහබුද්ධීන් ලෙස), රාජ් කුමාර් (සලීම් අහමඩ් ඛාන් ලෙස) වැනි හිංදි සිනමාවේ දැවැන්තයින්ගේ රංගනයෙන් හැඩ වුණු මෙහි සංගීතය නෞෂාඩ් අලී සහ ගුලාම් මොහොමඩ් යන මහා සංගීතඥයින් දෙපලගේ ය. මෙය ඉන්දියානු සිනමාව එදා මෙදාතුර අමන්දානන්දයට පත් කල ‘චලො දිල්දාරි චලෝ‘ , ‘චල්තේ චල්තේ’ වැනි ඉතා මියුරු ගීත ගසක් අඩංගු වූ චිත්‍රපටයකි.
කතාව – නර්ගීස් යනු ඉන්දියවේ වෛශ්‍යා කුලයක තරැණියකි. ඇයගේ රංගනයන් නැරඹීමට පැමිණෙන ෂහබුද්ධීන් නම් වංශවත් තරැණයා ඇය විවාහ කරගැනීමට තීරණය කරයි. විවාහ වී සිය නිවසට ගිය ෂහබුද්ධීන්ට පවුලේ දැඩි විරෝධය එල්ල විය. එය දරාගත නොහැකි වූ නර්ගීස් නිවසින් පලා යයි. ඉන් පසු සොහොන් බිමක දිවි ගෙවන නර්ගීස් දියණියක් ප්‍රසූතකර මිය යයි. මිය යන මොහොතේ ඇය ෂහබුද්ධීන්ට ලිපියක් ලියන අතර එය ෂහබුද්ධීන්ට යැවීමට නොහැකි වේ.ඉතා අරුම පුදුම ක්‍රමයකින් එම ලිපිය වසර 17 කට පසුව ෂහබුද්ධීන් අතට පත් වේ. ඉන්පසු ඇතිවන තත්වය ඉතා සංකීර්ණ වේ…. නරඹන්නා පුදුමයෙන් පුදුමයට පත් කරවන අපූර්ව වෘත්තාන්තයක් වන මෙය භාරතයේ ආදායම් වාර්තා බිදහෙලමින් ප්‍රදර්ශනය වූවකි…
474f22e72fecf29b721757f7767b0c359fed4e57
723 downloadsDownload Pakeezah.1972.Baiscopelk.com_.rar29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Tharanga-Sandakelum-Weerathunga.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරංග සදකැළුම් වීරතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරංග සදකැළුම් වීරතුංග
Subtitles
37 comments
kanthaDLA
Tharanga Sandakelum Weerathunga
බොහොම ස්තූතියි....
Tharanga Sandakelum Weerathunga
බොහොම ස්තූතියි....'
හිරු පැංචා
මේක බැලුවා එක පාරක්.... ආයේ බලන්න ඕනේ බාගෙන... සිංදු වලටත් Subtitle තියේද...? Thank You මචං...
Tharanga Sandakelum Weerathunga
බොහොම ස්තූතියි....
Tharanga Sandakelum Weerathunga
සිංදු වලට නම් නෑ..
nilantha
appo prana film ekak wage. eth balamuko thanks
Withanage Priyantha Dayakeerthi
පුදුමයි!!!!!!!! හේතුව මෙවැනි අගනා කලාත්මක චිත්‍රපටයක් දීර්ඝ කාලයකට පසුව මෙම වෙබ් එකට පැමිණීම.
අනේකවාරයක් ස්තුතියි.....ඒ මන්ද මෙවැනි චිත්‍රපවලට උපසිරසි යෙදීමට කැමති සොයුරෙක් මෙම සාමාජික එකතුවට පැමිණීම.
අතීත ආවර්ජනයක්.....පාසැල් කාලයේ නැරඹු, එමෙන්ම අමතක නොවන හින්දි ගීතාවලියක් අඩංගු සිනමාපටයක්.
ආයාචනයක්.....අලුත් ච්ත්‍රපට සඳහාම උපසිරසි සැපයීමට 100% ක්ම සාමාජිකයින් කැපවී සිටින මෙම වෙබ් එකේ, පැරණි චිත්‍රපට ප්‍රියකරන, එවැනි උපසිරසියක් අදවත් වෙබ් එකට පැමිණ ඇද්දයි සැමදා පරීක්ෂා කර එහෙත් බලාපොරොත්තු කඩකර ගන්නා ප්‍රේක්ෂක අප වෙනුවෙන් දිගටම ඔබගේ මෙම අගනා මෙහෙය ඉටුකරන්න. (මෙය ඔබගේ පළමු උපසිරසිකරණය යයි මා සිතන්නෙමි) නැවතත් ස්තුතියි!Tharanga Sandakelum Weerathunga
දිරි ගැන්වීමට බොහොම ස්තූතියි...
Withanage Priyantha Dayakeerthi
ස්තුතියි! ඔබත් මා වගේම හැඟීම්බර කෙනෙක් කියා සිතෙනවා.
shanaka
මොනවද බන් මේ කුනු ගොඩවල් ......බයිස්කෝප් එකට එන්නේ සුපිරි ඇක්ශන් ෆිල්ම් ටිකක් බලන්න ... මේ වගේ හු...... වල් නෙමේ ..........
Nilanka
ඉහත කමෙන්ටුව දුන් “shanaka” වැනි මානසික රෝගීන් බොහොමයක් අප සමාජයේ, වර්තමානයේ සිටිනවා. තරංග සොයුර ඒවාට නොසැලී ඔබගේ කාර්යය ඉදිරියට ගෙනයන්න.
pramoda
Guide (1966) පැරණි හින්දි චිත්‍රපටයට සිංහල උපසිරසි ලබාදෙන්න පුලුවන්ද?
Tharanga Sandakelum Weerathunga
හොදයි..මම ඒක කරන්න පටන්ගන්නම්..වෙන කවුරුහරි කරනවද දන්නෙත් නෑ..
Gmage
පැරණි චිත්‍රපට ප්‍රියකරනා අප වෙනුවෙන් කරනා සේවයට ඉතා ස්තුතිවන්ත වෙමි!
Neel kamal (1968) හින්දි එකට උපසිරසි දෙන්න.Tharanga Sandakelum Weerathunga
ඇත්තටම නිල්කමල් චිත‍්‍රපටය තවම මටත් බලන්න බැරි වෙච්ච එකක්..ස්තූතියි මතක් කලාට.. උත්සාහ කරන්නම්..
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks THARANGA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Tharanga Sandakelum Weerathunga
ජය වේවා..
Tharaka
මටනම් කාල භේදයක් නෑ. ලස්සන කතාවක්නම් අවුරුදු 100ක් පරණ ෆිල්ම් එකක් වුනත් බලනවා. සබ් එකට බොහෝම ස්තුතියි සහෝ!
Tharanga Sandakelum Weerathunga
බොහෝම ස්තුතියි.....
Nilanka
ඉහත කමෙන්ටුව දුන් "shanaka" වැනි මානසික රෝගීන් බොහොමයක් අප සමාජයේ, වර්තමානයේ සිටිනවා. තරංග සොයුර ඒවාට නොසැලී ඔබගේ කාර්යය ඉදිරියට ගෙනයන්න.
Tharanga Sandakelum Weerathunga
iudcfha yeu jra.hu usksiaiq bkakjfka''' wms tajfhka ief,kak fydo keye fkao?
Tharanga Sandakelum Weerathunga
සමාජයේ හැම වර්ගයම මිනිස්සු ඉන්නවනේ... අපි ඒවයෙන් සැලෙන්න හොද නැහැ නේද?
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Tharanga Sandakelum Weerathunga
බොහෝම ස්තුතියි…..
Chami.S
Thanks..
Good Luck..!!!Tharanga Sandakelum Weerathunga
බොහෝම ස්තුතියි…..
රොයිලි
බොහොම ස්තූතියි තරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharanga Sandakelum Weerathunga
බොහෝම ස්තුතියි…..
නාලක ජයසිංහ
Thanks Malliii
නියමයි...Tharanga Sandakelum Weerathunga
බොහෝම ස්තුතියි…..
Thilak
මම කැමති පැරණි හින්දි එකක් තියෙනවා (Caravan - 1971 තිරගත වුණේ)
ඔබගේ මේ සබ් එක බැලුවා ස්තුතියි!Tharanga Sandakelum Weerathunga
Caravan ගොඩක් ලස්සන සින්දු තියෙන චිත‍්‍රපටයක් නේද...
DVC
elaz...onna baawa
Tharanga Sandakelum Weerathunga
බොහෝම ස්තුතියි…..
Kassa
උපුටා ගන්නවා මචන් ඕන් අවසරයි එහෙනo..
Prasad Kandamulla
සිංහල 'සබ්' එකට බොහොම ස්තුතියි සහෝ........
Advertisement

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!