Watch Trailer

Stuart Fails to Save the Universe [S01 : E01] Sinhala Subtitles | විශ්වය බේරගන්න යන ස්ටුවර්ට්ගේ පලමු ගමන! [සිංහල උපසිරසි]

Wikipedia

බයිස්කෝප් සිංහලෙන් අඩවියට එකතු වෙන හැමෝටම සුභ දවසක්! ඔන්න අද අරන් ආවේ The Big Bang Theory රසිකයන් ගොඩක් කාලෙක ඉඳන් මඟබලන් හිටපු අලුත්ම Sci-Fi Comedy ටීවි සීරිස් එකේ පළමු වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරැසියයි.

The Big Bang Theory කතාව බලපු අයට අපේ කොමික් බුක් ෂොප් එකේ අයිතිකාරයා වෙන ස්ටුවර්ට්ව අමතක වෙන්න විදියක් නෑනේ. අන්න ඒ ස්ටුවර්ට්ගේ චරිතය ප්‍රධාන කරගෙන තමා මේ අලුත්ම කතාමාලාව ගොඩනැඟෙන්නේ. මේක The Big Bang Theory ෆ්‍රැන්චයිස් එකේ හතරවෙනි ටීවි සීරිස් එක වගේම, ඒකේ දෙවෙනි Direct Spin-off කතාව විදියටත් හඳුන්වන්න පුළුවන්.

මේ සීරිස් එක, 2026 ජූලි 23 වෙනිදා HBO Max හරහා තමා විකාශය ආරම්භ කළේ. පළමු කතාමාලාව විකාශය වෙලා මාසයක් යන්නත් කලින් ලැබුණු ඉහළ ප්‍රතිචාර නිසා 2026 අගෝස්තු මාසයේදීම මේ සීරිස් එක දෙවෙනි කතාමාලාවක් (Season 2) සඳහාත් දීර්ඝ කරලා තියෙනවා.

කතාව පටන් ගන්නේ ෂෙල්ඩනුයි, ලෙනාඩුයි, හොවාර්ඩුයි එකතු වෙලා හදපු විශේෂ විද්‍යාත්මක උපකරණයකින්. අවාසනාවකට වගේ අපේ ස්ටුවර්ට් අතින් වැරදීමකින් මේ උපකරණයට ලොකු හානියක් සිද්දවෙනවා. මෙන්න මේ සිදුවීම නිසා මුළු බහු-විශ්වයම (Multiverse) විනාශ වෙලා යන මට්ටමේ විශාල අවුලක් නිර්මාණය වෙනවා.

ඉතින් මේ සිදුවුණු විපතෙන් මුළු බහු-විශ්වයම බේරගන්න එකේ දැවැන්ත වගකීම වැටෙන්නේ වෙන කාටවත් නෙමෙයි, ස්ටුවර්ට්ගේ කරපිටටමයි! එක එක විශ්වයන් අතරේ යන මේ අමුතු ගමන අතරතුරේදී ස්ටුවර්ට්ට එයාගේම සහ එයාගේ යාලුවන්ගේ නොසිතූ විදියේ වෙනස්ම Multiverse සංස්කරණ හමුවෙන්න පටන් ගන්නවා.

මීට වඩා විස්තරයක් කිව්වොත් මේක ස්පොයිල් වීමක් වෙන්න පුළුවන්, ඉතින් Multiverse එක බේරගන්න යන ස්ටුවර්ට්ගේ මේ පළමු එපිසෝඩ් එකේ මොකද වෙන්නේ කියලා අරන්ම බලන්නකෝ. ඊළඟ එපිසෝඩ් එකෙන් ඉක්මනින්ම හමුවෙමු!

                    Next BT1

Subtitles by

අශාන් ශානක

Rank: BronzeBronze

Subtitles

14 downloadsDownload Subtitles30 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.