අපි පොඩි කාලේ ඉඳන් දන්න Wile E. Coyote කිව්වම මතක් වෙන්නේ එකම දෙයක් තමයි
ඒ තමයි Road Runnerව අල්ලගන්න දාන එක එක ගේම්!
හැබැයි මේ පාර කතාව ටිකක් වෙනස්.
හැමදාම වගේ Road Runner පස්සේ දුවන කොයෝටා, ACME එකෙන් එක එක උපකරණ ගෙන එනවා. ඒත් අන්තිමට වෙන්නේ ඒ උපකරණවලින්ම කොයෝටාට වැඩේ කෙළවර කරගන්න බැරි වෙන එක. කොච්චර උත්සාහ කළත්, කොච්චර සැලසුම් කළත්, අන්තිමට ඔහුටම කෙළවෙනවා.
ඒ නිසා මේ පාර කොයෝටා හිතනවා...
"හරි! දැන් ඇති. මේක මෙහෙම අතාරින්න බෑ!"
ඒ වෙනුවට ඔහු ACME සමාගමට එරෙහිව නීතිය ඉදිරියට යන්න තීරණය කරනවා.
මේ වැඩේදී ඔහුට උදව් වෙන්නේ Kevin Avery කියන නීතිඥයෙක්. Kevin කියන්නෙත් ජීවිතේ ලොකු සාර්ථකත්වයක් අත්කරගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඒත් කොයෝටා එක්ක එකතු වුණාට පස්සේ, මේ නඩුව ඔහුටත් බලාපොරොත්තු නොවුණු විදිහේ ලොකු අවස්ථාවක් වෙනවා.
ඉතිං මං කතාව ගැන මීට වඩා කියන්න යන්නේ නෑ.
මේක සාමාන්‍ය Looney Tunes කතාවකට වඩා ටිකක් වෙනස් විදිහේ, comedy එකත් එක්ක legal adventure එකක් මිශ්‍ර වෙච්ච චිත්‍රපටයක්. ඒත් ඉතින් එක දෙයක් නම් වෙනස් වෙන්නේ නෑ...
Wile E. Coyote කියන්නේ Wile E. Coyoteම තමයි! ඉතින් ආරධනා කරනවා මේ චිත්‍රපටිය පවුලේ හැමෝමත් එක්ක සතිඅන්ත නිවාඩුවේ රසවිඳින්න කියලා

Subtitles
- #Coyote vs. Acme (2026) Sinhala Sub
- #Coyote vs. Acme (2026) Sinhala Subtitles
- #Coyote vs. Acme Sinhala Sub
- #Coyote vs. Acme Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
Advertisement
![Coyote vs. Acme (2026) Sinhala Subtitles | නීතියෙන් සටනට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-6adad49dbbe53d1f796acbfa.webp)