ආයුබොවන්. මෙන්න එහෙනම් නිකුත් උනා මලයාලම් සිනමාවේ සියළු ආදායම් වාර්තා බිඳ හෙළූ ඔබ සියළු දෙනාම නොඉවසිල්ලෙන් බලා සිටි චිත්‍රපටය. දවසක් පරක්කු උනේ මේක උපසිරැසි 3500කට අධික ප්‍රමාණයක් තිබුණ නිසා. මම හිතන්නෙ මලයාලම් රසිකයින්ට අමුතුවෙන් කියන්න දෙයක් නෑ BETHLAHEM KUDUMBA UNIT එක ගැන. මලයාලම් සිනමාවේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටය වෙන්න මේකට ගත උනේ මාසයකටත් අඩු කලක්. කේරළය තුලත් ඉන් පිටතත් ආදායම් වාර්තා තමන් සතු කර ගැනීමට මේක සමත් උනා. කෝටි 25ක් වගේ පුංචි බජට් එකකින් මේක කෝටි 340කට ආසන්න ආදායමක් උපයා ගෙන තියෙනවා. මුලින්ම නිශ්පාදකයින් ගැන කිව්වොත් අති සාර්ථක චිත්‍රපට රැසක් බිහි කල භාවනා ස්ටුඩියෝස් වෙනුවෙන් මේක කරන්නේ සුප්‍රකට ත්‍රිත්වයක් වන ෆහාද් ෆසීල්, ඩිලීෂ් පෝතාන් සහ ශ්‍යාම් පූෂ්කරන්. ඉතින් අගෝස්තු 21 වෙනිදා ඕනම් උත්සවයට සමගාමීව නිකුත් උන මේ චිත්‍රපටය මාසයක් හා දින ගණනකින් දෑවැන්ත ආදායමක් හොයා ගෙන තාමත් අති සාර්ථකව තිර ගත වෙද්දිත් ප්‍රමාද නොවී OTT යට මුදා හරින්න නිශ්පාදකයො තීරණය කරනවා.
Girish A. D. කියන අධ්‍යක්ශකයාව ඔබ දැන ගන්නෙ තනීර් මාතන් දිනංගල් සහ කෝටි 130ක් විතර හොයපු භාවනා ස්ටුඩියෝස්ල එක්ක කරපු ප්‍රේමාලු චිත්‍රපට වලින්. මේක තමයි එයාගෙ ඊළඟ වැඩේ. මේක ඉතා සරල ඝණයේ කතාවක් රැගත් රොම් කොම් චිත්‍රපටයක්. මේ දවස් වල ඉන්දියාවේ තිර ගත උන උතුරු දකුණු ඉන්දියානු දෑවැන්ත නිශ්පාදන සේරම යටපත් කරමින් මෙය කේරළය සහ ඉන් පිටත් ආදායම් ලැබුවා. මුල්ම හේතුව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ ඒකෙ ප්‍රධාන නළු නිළි යුගලය වන නිවින් පෝලි සහ මමිතා බයිජු. මෙයාල ගැන වෙනම කියන්න දෙයක් නෑ ප්‍රේමම් වලින් ඉහළ තලයක තියා ගත්තු ජනප්‍රියත්වය අනුව තවමත් ඒ හා සමානව තියා ගෙන ඉන්න අපූරු නළුවෙක් නිවින්. පහු ගිය කාලෙ අති සාර්ථක චිත්‍රපට රැසකට දායක උනා. මමිතා බයිජු මේ කාල සීමාවෙ ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය ඒත් අමුතුම නිළියක්. වැඩි තරු ලකුණු පේන්න නැති අතිශය සවාභාවික එහෙත් දක්ෂ රඟපෑම් වල නිරත වෙන මෙයා ජනප්‍රියත්වයට ආවෙ ප්‍රේමාලු චිත්‍රපටයෙන්. එතනින් පස්සෙ ඇය සම්බන්ධ උනු මලයාලි මෙන්ම දමිල චිත්‍රපටත් අති දෑවෑන්ත ආදායම් ලැබුවා. පසු කාල සීමාවේ ඇය දෑවැන්තයින් තිදෙනෙක් සමග චිත්‍රපට තුනක ප්‍රධාන චරිතය කලා. තලපති විජේ සමග ජන නායගම්.(ආදායම 300+) සූරියා සමග විශ්වනාත් ඇන්ඩ් සන්ස් (200+) ඊට පස්සෙ මේක. හිතා ගන්න පුළුවන් නේද එයාගෙ ඉල්ලුම?.මේ කෙ සංගීත් ප්‍රතාප්, රොශාන් ශනාවාස්, මීනාක්ශි රවීන්ද්‍රන්, විනේ ෆෝට්, ශ්‍යාම් මෝහන් වැනි නළු නිළියන් රැසක් රඟපානවා.
ඉතින් කතාව ගැන කියන්න යන්නෙ නෑ .තරුණ්‍යය ඉක්ම යන නිවින් පෝලි වගේ සීනි බබෙක්ගෙ පෙනුමක් නැති නළුවෙක් සහ මලක් වගේතාම ඉතා තරුණ වියේ ඉන්න සුන්දර මමිතා අතර ඇති වෙන මාර ලස්සන කෙමිස්ට්‍රි එකක් මේ චිත්‍රපටයෙ තියෙන්නෙ. කොටින්ම පරම්පාරා දෙකක ආදරයක්. මැදිවියේ පිරිමියෙකුට පෙම් බඳින යොවුන් යුවතියකගේ කතාවක් කිව්වොත් නිවැරදියි. ඉතිං මේ දෙන්න එකතු වෙයිද? ටිකක් දිග උනත් ආශාවෙන් බලා ගෙන ඉන්න පුළුවන් ලස්සනම කතාවක්. එහෙනම් බලන්නකෝ.
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝව
Subtitles
- #BANDULA K
- #Bethlehem Kudumba Unit (2026) Sinhala Sub
- #Bethlehem Kudumba Unit (2026) Sinhala Subtitles
- #Bethlehem Kudumba Unit Sinhala Sub
- #Bethlehem Kudumba Unit Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
රොෂාන් ශමීර
Advertisement
![Bethlehem Kudumba Unit (2026) Sinhala Subtitles | පරම්පරා දෙකක ආලයක් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-f7bab428e41e463b92eba023.webp)
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ...