Watch Trailer

Runner (2026) Sinhala Subtitles | ජීවිතයක් වෙනුවෙන් ගැටෙන මාරක ඩිලිවරිය [සිංහල උපසිරසි]

Wikipedia

ආයුබෝවන් කියලා ඔන්න අදත් ආදරණීය බයිස්කෝප් වාසී සියලුම රසික රසිකාවියන්ව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඔන්න මෙදාපාර අරගෙන ඇවිත් තියෙන්නෙ අපේ කවුරුත් දන්න විදිහට කිව්වොත් Reacher නොහොත් Alan Ritchson රංගනයෙන් දායක වන නවතම action-thriller ගණයට අයත් චිත්‍රපටයක් වන Runner (2026) මූවි එකට උපසිරැසි. ඉතිං කුතුහලය දනවන action-thriller ශානරයේ චිත්‍රපටවලට ආද‍රේ කරන අයෙක් නං, 2026 වසරේ නිකුත් වූ Runner චිත්‍රපටය කියන්නේ ඔයාලා අනිවාරෙන් නැරඹිය යුතුම සිනමා නිර්මාණයක්, නොනවත්වා ගලායන සටන් ජවනිකා පිරුණු මේ චිත්‍රපටය, නරඹන්නාව එක තැන තියාගෙන කුතුහලයෙන් අගුලු දාලා කිසිම කම්මැළිකමක් නැතුව බලන්න පුළුවන් විදිහේ චිත්‍රපටයක්. 

ඉතිං මේ කතාව ගලාගෙන යන්නෙ මොකක් ගැනද කියලා මං ලාවට වගෙ සඳහන් කරොත්,

හිටපු හමුදා සෙබළෙක් වෙන හෑන්ක් මෙලෝන් කියන්නෙ අද වෙද්දි ඕස්ට්‍රේලියාවේ විශේෂිත කුරියර්/ඩිලිවරි සේවාවක වැඩ කරන "රනර්" කෙනෙක්. ඔහුගේ රාජකාරිය වෙන්නෙ ඕනම බාධකයක් මැද අදාළ භාණ්ඩය නියමිත ස්ථානයටම ඩිලිවර් කරන එක. කොහොමහරි, එක්තරා දවසක ඔහුට ලැබෙන්නේ වෙනදට වඩා වෙනස්, ඉතා වටිනා කියන සංවේදී රාජකාරියක්. ඒ හොනොලුලු සිට ගෙන එනු ලබන පුංචි දැරියකගේ ජීවිතේ බේරගන්න අත්‍යවශ්‍ය ඉතා දුර්ලභ ගණයේ අක්මාවක් (Liver Transplant) නියමිත වේලාවට රෝහල වෙත ප්‍රවාහනය කරන්න. ඒත් මේ මෙම අක්මාවට ඇහැ ගහගෙන ඉන්න ජාත්‍යන්තර අපරාධ කල්ලියක් වන කාටෙල් එක, මේක පැහැරගැනීමට පාර පුරාම හෑන්ක්ව ලුහුබඳින්නට පටන් ගන්නවා. නියමිත වෙලාව අවසන් වෙන්න කලින්, පාතාල කල්ලියෙන් අක්මාව සහ තමන්ගේ ජීවිතයත් බේරගෙන, දැරියගේ ජීවිතේ රැකගැනීමට හැන්ක් දරන ජීවිතාන්ත අරගලය වටා ගෙතෙන කතාව තමයි අපිට මේ චිත්‍රපටයෙන් දකින්න ලැබෙන්නෙ. 

චිත්‍රපටයේ ප්‍රධානම cast & crew එකෙ Hank Malone ලෙස Alan Ritchson ද, Ben Bishop ලෙස Owen Wilson වගේම Kate ලෙස Leila George ව අපට බලාගන්න ලැබෙනවා. මේ වෙනකොට මේ චිත්‍රපටයට IMDb අගය 6.8 ක අගයක් වගේම Rotten Tomatoes අගය 74% අගයක් ලබාගන්නට හැකිවෙලා තියෙනවා. මෙහි නිෂ්පාදන පිරිවැය එහෙමත් නැත්තම් බජට් එක විදිහට ඩොලර් මිලියන 30 - 35 ත් අතර මුදලක් වැය වෙලා තියෙනවා කියලයි සඳහන් වෙන්නෙ. ඉතිං මූවි එක ගැන ලොකුවට මං මෙතනදි විස්තර කරලා නෑ, මොකද බලන ඔයාලට කරන අසාධරණයක් වෙන නිසා. 

එහෙනම් රුකා අදට මෙතනින් නවතිනවා, තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුව ඇතිව. මතක ඇතුව කට්ටියම කමෙන්ට් එකක් දාගෙන යන්න. ‘මොකද ඔයාලා දාන එක කමෙන්ට් එකක් අපිට තවත් උපසිරැසියක් අරගෙන එන්න කෙරෙන විශාල දිරිගැන්වීමක්.

හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

Subtitles by

රුක්ෂාන් ඛාන්

Rank: PlatinumPlatinum

Subtitles

165 downloadsDownload Subtitles49 KB

3 comments

  1. Yohan Sampath

    සබ් එකට තැන්ක්ස් සහෝ 🤍

    Reply
    1. සමීර

      මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද

      Reply
  2. රොෂාන් ශමීර

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ..
    ෆිල්ම් එක බෑවට තාම බැලුවේ නෑ..
    ජය වේවා..

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.