Watch Trailer

Stuart Fails to Save the Universe [S01 : E05] Sinhala Subtitles | බර්ට්ගේ වෙඩිම! [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

කලින් කොටසේ වුණ දේවල් අපි පොඩ්ඩක් බලමු,
4 වෙනි කොටස පටන් ගන්නේ ස්ටුවර්ට්, ඒමි එක්ක ඉන්න සෙෂන් එකකින්. එයා මේ විශ්වයන් දෙකේදී ලබාපු අත්දැකීම් ගැන වගේම එයා ඒමිව අඳුරන විශ්වය ගැනත් මෙතැනදී කතා කරනවා. ඒමි එයාට බෙහෙත් වගයක් නියම කළාට ස්ටුවර්ට්ගේ ඕනකම තියෙන්නේ වෙනත් විශ්වයකට මාරු වෙන්න.

ස්ටුවර්ට් ආපහු එයාගේ කාමරයට යන අතරේ එයාට බෙහෙත් මාත්‍රාව වැඩි කරලා දෙනවා. නර්ස් කාමරයෙන් ගියාට පස්සේ ස්ටුවර්ට් කාමරයෙන් පැනලා යනවා. හැබැයි එයාට කොරිඩෝව බෑවුමක් වගේ පේන්න අමුතු මායාවන් මැවෙන්න ගන්නවා. එයා වෙනත් කාමරයක ඉන්න බර්ට්ව හොයාගෙන දොර අරිනවා. ඒත් එක්කම එයා තමන්ව හිමෙන් වැසුණු කඳු මුදුනක දකිනවා. එතැනදී එයාට මීමි අයිසන්හවර් කියන ෂෙර්පාවත් හමු වෙනවා.

අන්තිමේදී එයා බර්ට්ව හොයාගන්නවා. බර්ට් ස්ටුවර්ට්ගෙන් කියන්නේ එයා ඉන්නේ හොඳටම මත් වෙලා කියලා. ඒ වෙලාවෙම ආරක්ෂකයෝ ඇවිත් ස්ටුවර්ට්ව ඇදගෙන යනවා.

ඊළඟ දවසේ එයාට ආට් ලෝන්ජ් එකේදී ඩෙනීස්ව හමු වෙනවා. ළමයි දෙන්නා එයා නැතුව පාලුවෙන් ඉන්නේ කියලා ඩෙනීස් කියද්දී, මේ විශ්වයේ එයාට ළමයි ඉන්නවා කියලා දැනගෙන ස්ටුවර්ට් ගොඩක් සංවේදී වෙනවා.

ඊළඟ තෙරපි සහ ආට් සෙෂන්ස් වලදී එයා පුළුවන් උපරිමයෙන් හොඳට වැඩ කරන්න උත්සාහ කරනවා. අන්තිමේදී ඒමිගෙන් ස්ටුවර්ට් හෙට ගෙදර යන්න අවසර ලබාගන්නවා.

ඩෙනීස් එක්ක ආපහු ගෙදර යන අතරමඟදී එයාලා ස්ටුවර්ට්ගේ "යුනිවර්සස්" කියන චිත්‍ර ප්‍රදර්ශනය ළඟ නතර වෙනවා. එතැනදී හැමෝම එයාට අත්පොළසන් දීලා පිළිගන්න අතරේ එයාට බර්ට්වත් හමු වෙනවා. එයා අත්විඳපු විදිහටම හැම විශ්වයකටම අදාළ චිත්‍ර එතැන තියෙනවා.

ගෙදරදී එයා පවුලේ අය එක්ක සතුටින් කාලය ගත කරනවා. හැබැයි පුදුමෙකට වගේ එයාට දැනගන්න ලැබෙනවා එයාගේ අසල්වැසියා ක්‍රිප්කි බවත්, එයාම යූදෙව් ජාතිකයෙක් බවත්. මේ විශ්වයේ ක්‍රිප්කි සමලිංගික කෙනෙක්, එයාගේ සැමියාගේ නම ගැරී.

ස්ටුවර්ට් පොඩ්ඩක් ඇවිදින්න එළියට යන අතරේ කාර් එකකින් කවුරුහරි එයාව ලුහුබඳිනවා. එයාට කොමික් පොත් සාප්පුවක් හමු වෙනවා. එතැන "Stuart Fails To Save the Universe" කියලා කොමික් පොතකුත් තියෙනවා. එතැන තවත් ස්ටුවර්ට් කෙනෙක් ඉන්නවා, එයා කාල තරංගයක් (time warp) ඇතුළෙන් නැතිවෙලා යනවා.

ස්ටුවර්ට් ගෙදර ගිහින් ඒ කොමික් පොත කියවද්දී එයාට ඒක ඇතුළෙන් යම් ඉඟි ටිකක් හමුවෙනවා. ප්‍රධානම දේ තමයි එයා මේ ජීවත් වෙන යථාර්ථය ඇත්තටම හිරගෙයක් කියන එක.

ස්ටුවර්ට් ක්වොන්ටම් මැෂින් එකක් ගැන තියෙන පෝස්ටරයක් දැකලා එකක් ඕඩර් කරනවා. එයා ඒ මැෂින් එක ඔන් කරද්දී, එයා තමන්ව දකින්නේ බට සහ ඇලෙන සුළු ද්‍රව්‍ය පිරුණු ක්‍රයෝ-පොඩ් එකක් ඇතුළේ. ඩෙනීස්, බර්ට් සහ ක්‍රිප්කිත් එතැන ඉන්නවා.

ස්ටුවර්ට් කාල තරංගයේ කැපුමක්/හිඩැසක් හොයාගන්නවා. ඒ හතරදෙනාම ඒකට ඇතුළු වෙන තැනදී එයාලට ආයෙමත් අර මැෂින් එක හමු වෙනවා. මැෂින් එක ක්‍රියාත්මක කළාට පස්සේ අන්තිමේදී එයාලා තමන්ව දකින්නේ කැලෑවක් මැද.


එහෙනම් මීළඟ කොටසින් නැවත හමුවෙමු

                                

Subtitles by

අශාන් ශානක

Rank: SilverSilver
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

8 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.