උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ආයුබෝවන් යාලුවො හැමෝටම! අද මම අරගෙන ආවේ ලෝක සිනමාවේ බිහිවුණු තවත් අග්‍රගණ්‍ය පැරණි චිත්‍රපටයකට (Classic) සිංහල උපසිරැසියක්.
කතාවේ නම තමයි Stray Dog (1949). ලෝක ප්‍රකට ජපන් ජාතික අධ්‍යක්ෂක Akira Kurosawa ගේ අධ්‍යක්ෂණයක් වෙන මේක, Crime / Drama / Thriller ගණයට තමයි අයිති වෙන්නේ. High and Low (1963) චිත්‍රපටයේ හිටපු Toshiro Mifune ම තමයි මේකෙත් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ. මේ වෙද්දී මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.9/10 ක ඉහළ අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.
කතාව සිද්ධ වෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ තියෙන දැඩි උණුසුම් කාලගුණයක් තියෙන දවස් ටිකක. මුරකාමි කියන්නේ අලුතින්ම රස්සාවට බැඳුණු තරුණ රහස් පරීක්ෂකයෙක්. දවසක් සෙනඟ පිරුණු බස් එකක යද්දී කවුරුහරි එයාගේ පිස්තෝලය හොරකම් කරනවා. තමන්ගේ නොසැලකිලිමත්කම නිසා වුණු මේ දේ ගැන එයාට ලොකු පසුතැවීමක් ඇතිවෙනවා. මේ පිස්තෝලය පාවිච්චි කරලා කවුරුහරි අපරාධයක් කරන්න කලින් ඒක හොයාගන්න එයා ජපානයේ පාතාලය පුරාම ලොකු මෙහෙයුමක් දියත් කරනවා. මේ වැඩේට එයාට උදව් වෙන්න අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුත් (Takashi Shimura) එකතු වෙනවා.
තමන්ගේ අතින් වුණු ලොකු වැරැද්දක් නිවැරදි කරගන්න මේ තරුණ නිලධාරියා කොයි තරම් දුරකට යනවද කියන එක මේ කතාවෙන් හරිම තාත්විකව පෙන්නුම් කරනවා. අන්තිම වෙනකල්ම කිසිම කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් පට්ටම ෆිල්ම් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.
එහෙනම් චිත්‍රපටය අරගෙනම බලන්න. වෙනදා වගේම උපසිරැසිය ගැන ඔයාලගේ අදහස් යටින් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ජය වේවා!

Subtitles by
සංජු
Been doing Sinhala subtitles since 2026. I just try my best to keep the translations simple and close to how we actually speak. Hope my work helps you out

Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stray Dog (1949) Sinhala Sub
- #Stray Dog (1949) Sinhala Subtitles
- #Stray Dog Sinhala Sub
- #Stray Dog Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
![Stray Dog (1949) Sinhala Subtitles | නැතිවූ පිස්තෝලය... [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-23b107fcefa05ea0c84e244d.webp)