උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
පස්වෙනි සීසන් එක ඉවර වුණු විදිහ ඔයාලට මතක ඇතිනේ? වැම්පයර්වරුන්ගේ ලෝකය උඩුයටිකුරු කරමින් බිල් කොම්ප්ටන්
වැම්පයර්වරුන්ගේ දේවතාවිය වන "ලිලිත්" ගේ පූජනීය ලේ බොනවා. එතනින් පස්සේ බිල් සාමාන්‍ය වැම්පයර් කෙනෙක් නෙවෙයි.
ඔහු සුපිරි බලසම්පන්න, සාමාන්‍ය ක්‍රමයකින් මරන්න බැරි "බිලිත්" (Billith) කියන අලුත්ම ජීවියා බවට පත්වෙනවා.
6 වන සීසන් එක ආරම්භ වෙන්නේ අන්න ඒ මහා විනාශය සිද්ධ වුණු තැන ඉඳලමයි. බිල්ගේ මේ භයානක වෙනස් වීම දැකලා බය වෙන අපේ ප්‍රධාන නිළිය,
ඒ කියන්නේ හිත කියවන්න පුළුවන් සුරංගනා කෙල්ල සූකී ස්ටැක්හවුස් සහ එරික් එතනින් පලා යනවා.
බිල් දැන් මිතුරෙක්ද, එහෙමත් නැත්නම් මුළු ලෝකයම විනාශ කරන්න ආපු සතුරෙක්ද කියන එක කාටවත් හිතාගන්න බැහැ.
මේ සීසන් එකේ ප්‍රධාන ගැටුම: මිනිස්සු vs වැම්පයර්වරු
මේ සීසන් එකේ තියෙන විශේෂත්වය තමයි, මෙතෙක් කල් වැම්පයර්වරුන්ගෙන් බැටකාපු මිනිස්සු දැන් පෙරළා ප්‍රහාර එල්ල කරන්න පටන් ගැනීම.
ලුසියානා ප්‍රාන්තයේ අලුත් ආණ්ඩුකාරවරයා වන ටෲමන් බරල් (Truman Burrell) වැම්පයර්වරුන්ට විරුද්ධව විවෘතවම යුද්ධ ප්‍රකාශ කරනවා.
ඔහු වැම්පයර්වරුන්ව අල්ලලා, උන්ව අත්හදා බැලීම් වලට ලක් කරන්න "වැම්පයර් කඳවුරක්" (Vampire Camp) නිර්මාණය කරනවා.
මේ කඳවුර ඇතුළේ වැම්පයර්වරුන්ට දෙන වධහිංසා අතිශ්යින්ම දරුණුයි. ඒ වගේම මිනිස්සු එකතු වෙලා වැම්පයර්වරුන්ට විරුද්දව දහවලේදී පවා සටන් කරන්න පුළුවන් අලුත්ම තාක්ෂණික අවි ආයුධ සහ පතොරම් නිපදවනවා.
මෙන්න මේ නිසා, තමන්ගේ වර්ගයා බේරගන්න එරික්, පැම් සහ ජෙසිකා ඇතුළු පිරිසට මහා සටනකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
මේ අතරේ අපේ සූකීට තමන්ගේ දෙමව්පියන්ගේ මරණය පිටුපස ඉන්න "වැම්පයර් වෝලෝ" (Warlow) කියන අද්භූත ජීවියා ගැන සත්‍යය සොයාගන්න ලැබෙනවා.
මේ කථා වාරයේදී පළමු වතාවට වැම්පයර්වරුන්ට මිනිසුන් ඉදිරියේ අසරණ වෙන්න සිද්ධ වෙනවා.
තාක්ෂණය සහ නවීන ආයුධ පාවිච්චි කරලා මිනිස්සු වැම්පයර්වරුන්ව දඩයම් කරන හැටි හරිම කුතුහලයකින් බලාගන්න පුළුවන්.
ඒ වගේම, බිල්ට අනාගතය පෙනීමේ හැකියාවක් ලැබෙනවා. ඔහු දකිනවා තමන්ගේ වැම්පයර් මිතුරන් හැමෝම ආලෝකය වැදී අළු වෙලා යන අයුරු. ඒ ඉරණම වෙනස් කරන්න බිල් සූකීගේ උදව් ඉල්ලනවා.
කතාව අවසානයට යද්දී කිසිවෙකු නොසිතූ ප්‍රධාන චරිතයක සමුගැනීමක් සිදුවන නිසාගොඩක් අයට මේක හරිම සංවේදී වගේම කැලඹිලි සහගත අත්දැකීමක් වෙයි.
අවවාදයයි- වැඩිහිටියන්ට වඩාත් සුදුසු දර්ශන අඩංගු වන බැවින් නරඹන විට සැලකිලිමත් වන්න.
එහෙනම් මේ වැම්පයර් මිනිස් ලෝකයේ අවසානය සනිටුවන් වන අවසාන කතා මාලවෙන් හමුවෙමු
හැමෝටම ජය වේවා!

Subtitles
- #2015
- #Adrian Bower
- #Alexander Dreymon
- #David Dawson
- #Editor's Pick
- #Emily Cox
- #Ian Hart
- #MaxxA
- #Nicholas Rowe
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Tobias Santelmann
- #True Blood Sinhala Sub
- #True Blood Sinhala Subtitles
- #තරිදු දිසානායක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
![True Blood [S06 : E01] Sinhala Subtitles | ලේ විලෙන් නැගිටි දෙවියෙක් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-d5ede24935544742f76062ce.webp)