උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ආයුබෝවන් බයිස්කෝප් වාසි යාලුවනේ! ඔන්න අදත් action පිරුණු සිනමා පටයක් අරගෙන.
2026 ඔක්තෝබර් 09 (Apple TV+) හරහා නිකුත් වූ Sam Hargrave ( තිරරචනය Extraction 1 & 2 අධ්‍යක්ෂවරයා) අධ්‍යක්ෂණය කල, David Coggeshall තිරරචනය කල, Action / Adventure / Comedy / Thriller ඝනයන්ට අයත් වන Matchbox : the Movie තමයි ඒ සිනමා පටය ලෝකප්‍රකට Mattel සමාගමේ "Matchbox" සෙල්ලම් කාර් රථ සන්නාමය ඇසුරින් නිර්මාණය වූ, Extraction සිනමාපට මාලාව අධ්‍යක්ෂණය කළ Sam Hargrave ගේ අධිවේගී ක්‍රියාදාම උපදෙස් මත 2026 දී Apple TV+ හරහා නිකුත් වූ දැවැන්තම Live-Action Movie එක තමයි Matchbox: The Movie. High-Octane Chase, Gunfights, සහ Comedy එකතු වුණු මේ චිත්‍රපටය Action චිත්‍රපට ප්‍රිය කරන හැමෝටම වෙනස්ම විදියේ සිනමා අත්දැකීමක් ගෙනෙනවා.
රංගන දායකත්වය:
මෙහි ප්‍රධාන චරිතය වන CIA රහස් ඔත්තුකරුවෙකු බවට පත් සෝන් (Sean) ලෙස ජනප්‍රිය WWE තරුව සහ නළු John Cena රඟපායි. ඔහුගේ ළමා වියේ මිතුරන් ලෙස Jessica Biel (Aimee), Sam Richardson (Crosby), Arturo Castro (Ted), සහ Teyonah Parris (Charmaine) රංගනයෙන් එකතු වේ. ඊට අමතරව Danai Gurira සහ Mark Dacascos ඇතුළු ප්‍රකට තරු රැසක් මෙහි වෙනත් ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි.
කතාව ගැන:
කුඩා කාලයේ Matchbox සෙල්ලම් කාර් රථ සමඟ එකට සෙල්ලම් කළ ළමා වියේ මිතුරන් පිරිසක් වසර 28කට පසු නැවතත් තම පැරණි මිතුරාගේ පවුලේ හිතවතෙකුගේ ආගමනය වෙනුවෙන් මුණගැසෙනවා. ඔවුන් හිතන්නේ මෙය සාමාන්‍ය මිතුරු හමුවීමක් කියලයි.
නමුත් ඔවුන්ගේ පරණ මිතුරා වන සෝන් (John Cena) දැන් රහසිගත CIA නිලධාරියෙක්! සෝන් විසින් සොරාගත් න්‍යෂ්ටික ආයුධයක් (Nuclear Warhead) සම්බන්ධයෙන් කෙරෙන මහා පරිමාණ ජාත්‍යන්තර මෙහෙයුමක් අතරතුර, සතුරන් විසින් සෝන්ගේ අතීත මිතුරන් පිරිසද මේ මෙහෙයුමේ කොටස්කරුවන් යැයි සිතා ඔවුන් සියලු දෙනාවම පැහැරගනු ලබනවා.
මුළුමනින්ම සාමාන්‍ය ජීවිත ගත කරන මේ මිතුරන් පිරිසට, හදිසියේම ජාත්‍යන්තර අපරාධකරුවන්ගෙන් සහ CIA පරීක්ෂණවලින් බේරීමට සිදුවෙනවා. තමන්ගේ නම සුද්ද කරගැනීමටත්, න්‍යෂ්ටික අනතුරෙන් ලෝකය බේරාගැනීමටත් සෝන් සහ ඔහුගේ පැරණි මිතුරන්ට මාරාන්තික රථ සංග්‍රාමයකට සහ සටනකට බසින්නට සිදුවන්නේ කුමන ආකාරයෙන්ද?.....
IMDB - 5.8/10
Rotten Tomatoes - 24%
Duration - 2h 6mins

Subtitles by
යොහාන් සම්පත්
"ඔබගේ චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා නැරඹීමේ රසවින්දනය උපරිම කිරිමට ගත් මාගේ උත්සහයකි." My effort to maximize your movie and TV series viewing experience.

Subtitles
- #Editor's Pick
- #Matchbox: The Movie (2026) Sinhala Sub
- #Matchbox: The Movie (2026) Sinhala Subtitles
- #Matchbox: The Movie Sinhala Sub
- #Matchbox: The Movie Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
![Matchbox: The Movie (2026) Sinhala Subtitles | පුංචි සන්ධියේ මිතුරන් සමග සෙල්ලම්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-97e0e888b49b246a3415198e.webp)