දැන් හැමෝම වගේ දන්නවනෙ වීඩියෝ ගේම්ස් පාදක කරගෙන කෙරෙන නිර්මාණ විශාල වශයෙන් බිහි වෙනවා කියලා. Sony සමාගම එහි ආරම්භය අරගන්නෙ PS ( Play Station ) ගේම් එකක් වෙන Resident Evil එකෙන්. එහි දෙවැන්න තමයි Uncharted වෙන්නෙ. ඒවගේම කියන්න ඕන දැනටමත් Sony ලා මෙලෙස PS ගොඩකට අනුමැතිය දීලා ඉවරයි. අපිට ඉදිරියෙදි ගොඩ…

දැන් හැමෝම වගේ දන්නවනෙ වීඩියෝ ගේම්ස් පාදක කරගෙන කෙරෙන නිර්මාණ විශාල වශයෙන් බිහි වෙනවා කියලා. Sony සමාගම එහි ආරම්භය අරගන්නෙ PS ( Play Station ) ගේම් එකක් වෙන Resident Evil එකෙන්. එහි දෙවැන්න තමයි Uncharted වෙන්නෙ. ඒවගේම කියන්න ඕන දැනටමත් Sony ලා මෙලෙස PS ගොඩකට අනුමැතිය දීලා ඉවරයි. අපිට ඉදිරියෙදි ගොඩක් නිර්මාණ එහෙම දැකගන්න අවස්ථාව වෙනවා. ඇත්තෙන්ම එය ගේමර් කෙනෙක්ගෙ සිහින සැබෑ වීමක්. කොහොමහරි එහෙනම් අපි අද රැගෙන ආපු එක ගැන කතා කරලා ඉමුකො. Uncharted කියන නම ගොඩක් චිත්‍රපට ලෝලීන් අතරේ ප්‍රචලිත නැහැ. හැබැයි ගේමර්කෙ නෙක්ට නම් ඒකෙ අනික් පැත්ත. මොකද කිව්වොත් එය නිර්මාණය වෙන්නෙ Third-Person Action-Adventure PlayStation ගේම් එකක් පාදක කරමින්. මං මේ ලිපිය ලියද්දිත්මෙ ම ගේම් එක PC ( Personal Computer ) සඳහා නිකුත් කිරීමක් වෙලා නැහැ. නමුත් Sony ආයතනය මිට පෙර PS ගේම් එකක් වන Days Gone නිකුත් කරනවා PC සඳහා. ඉතිං මේ රිලීස කරාට පස්සෙ ලොකු ආදායමක් ඒ මගින් ලබනවා. ඉතිං මේ ඇති විශාල සාර්ථකත්වය නිසාම සෝනිලා තීරණය කරනවා PS ගේම් පරිගණක සඳහා නිකුත් කරන්න. ඔන්න ඔය විදියට Horizone / Gods Of War වැනි ගේම් පරිගණක සඳහාද නිකුත් වෙනවා. ඒවගේම තමයි Uncharted ඇතුළු තව ගොඩක් PS ගේම් මේ වෙද්දී පරිගණක සඳහා නිකුත් කරන බව නිවේදනයකරල තියෙන්නෙ. ඉදිරියේදී අපිට ඒවා දැකගන්න පුළුවන් වෙයි. හරි එහෙනම්, අපි දැන්ද න්නවා Uncharted කියන්නෙ ප්ලේස්ටේෂන් ගේම් එකක් කියලා. ඉතිං මේ ගේම් එක නිෂ්පාදනය කරන්නෙ ඇමෙරිකානු ගේම් සමාගමක් වන Naughty Dog විසින්. එහි නිර්මාතෘ දෙදෙනා වන්නෙ Andrew Scott Gavin සහ Jason Rubin ය. පහතින් දකින්න ලැබෙන්නෙ Naughty Dog ලෝගෝ එක.

~ Naughty Dog ලෝගෝව ~
ඉතිං Naughty Dog ලා Uncharted හි ගේම් 5 මේ වෙද්දී නිර්මාණය කරල තියෙනවා. ඒවා නම් Uncharted: Drake’s Fortune / Uncharted 2: Among Thieves / Uncharted 3: Drake’s Deception / Uncharted 4: A Thief’s End / Uncharted: The Lost Legacy විදියට. පහතින් දකින්න ලැබෙන්නෙ එම ගේම් වලට අදාලව නිර්මාණය වුණු පෝස්ටර වගයක්.

~ Uncharted ගේම් 5 ~
ඒවගේම තමයි චිත්‍රපටයට පාදක කරගන්නෙ මුල් ගේම් 4 ර විතරයි. මොකද 5 වෙනියට ආපු ගේම් එක යන්නෙ රීබූට් එකක් විදියට. ඉතිං අපිට චිත්‍රපටයෙදී දැකගන්න පුළුවන් වෙන්නෙ නේතන් ඩ්‍රෙක්ගේ වික්‍රමයන් ටික. ඔයාලට ගේම් එක මොන වගේද කියලා බලාගන්න පුළුවන් යුටියුබ් එකේ. ඒවගේම චරිත අතින් ගත්තොත්, චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය වන නේතන් ඩ්‍රෙක්ට පණ පොවන්නෙ ස්පයිඩර්මෑන්ගේ චරිතයට පණ පොවනා Tom Holland සහ සලීගේ චරිතය වෙනුවෙන් Mark Wahlberg සහ ක්ලෝයිගේ චරිතය වෙනුවෙන් Sophia Ali රංගනයෙන් දායක වෙනවා. පහලින් දකින්න ලැබෙන්නෙ ගේම් එකේ චරිතය සහ ලයිව ඇක්ෂන් චරිතයයි.

~ නේතන් ඩ්‍රෙක් ~

~ සලී ~

~ ක්ලෝයි ~
ඒවගේම තමයි අපිට චිත්‍රපටයෙදී තවත් සුවිශේෂී චරිතයක් දැකගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේක Cameo එකක්. ඒ තමයි ගේම් එකේ නේතන් ඩ්‍රෙක්ගේ චරිතයට රඟපාන Nolan North. පහතින් දකින්න ලැබෙන්නෙ රූගත කිරීමක් අතරතුරේදී අරගත්තු ජයාරූපයක්.

~ ගේම් එකේ සහ චිත්‍රපටයෙදී නේතන් ඩ්‍රෙක්ගෙ චරිතය පණ පොවන දෙදෙනා ~
ඉතිං මේ කරපු හඳුන්වාදීම ඇති කියලා හිතනවා. ඒවගේම චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ මුල් ගේම් ටිකෙන්. ඉතිං මේ චිත්‍රපටය අවසානයේදී දෙවැන්නකට පාර කපනවා. හැබැයි ඒ හැමදේම තීරණය වෙන්නෙ මේ චිත්‍රපටය ලබන බොක්ස් ඔෆිස් ආදායම් සහ ප්‍රතිචාර අනුව තමයි. ඉතිං සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරමු. මොකද ගේම් එකේ වෝක්තෘ බලපු කෙනෙක් නම් දන්නවා තව කොච්චර වික්‍රමයන් තියෙනවද කියලා. එහෙම දෙවැන්නක් ආවොත් අපිට හොඳ ප්‍රිසන් බ්‍රේක් එකක් සහ දැවැන්ත වික්‍රම ටිකක් බලාගන්න හැකියාවක් තියෙනවා. ඒවගේම තමයි Naughty Dog විසින් නිර්මාණය කරපු තවත් PS ගේම් එකක් වන ‘’The Last Of Us’’ 2023 වර්ෂයෙදී දැකගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ චිත්‍රපටයක් විදියට නෙමේ ටීවී සිරිස් එකක් විදියට. එහෙනම් අපි දැන් චිත්‍රපටයෙ ප්‍රතිචාර එහෙම කතා කරමුකෝ.
මං මේ ලිපිය ලියද්දිත් IMDb අගය 6.7 ක් සහ කුණු තක්කාලි අගය 40% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ ‘’Ruben Fleischer’’ විසින්. ඔහු මීට පෙර Venom l Zombieland l Zombieland 2 වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒවගේම රංගනයෙන් Tom Holland l Mark Wahlberg l Sophia Ali l Tati Gabrielle l Antonio Banderas l Rudy Pankow l Pilou Asbæk දායක වෙනවා. ඒවගේම ඩොලර් මිලියන 120 ක පිරිවැයක් දාරා නිර්මාණය කරපු මෙය මේ වන විට ඩොලර් මිලියන 135 ක බොක්ස් ඔෆිස් ආදායමක් අරගනිමට සමත් වෙලා තියෙනවා. එහෙනම් ඉතිං මේ ඇති කියලා හිතනවා. ඔයාලටම බාර කරනවා නේතන් ඩ්‍රෙක්ගේ මේ වික්‍රමය නැරඹීමට.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
71,101 downloadsDownload Uncharted-2022.zip212 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #2022
- #Antonio Banderas
- #Art Marcum
- #Editor's Pick
- #Mark Wahlberg
- #Matt Holloway
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Rafe Judkins
- #Ruben Fleischer
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #Tom Holland
- #You Decide
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
79 comments
යුරාන් ධනුක (දනුවා)
BeMax
Thanx Bro..Ambulance 2022 puluwannam dennako please
හිෂාන් සමරසිංහ
හිතුවටත් කලින්ම Sub එක දීලා...
>THANK YOU RAVIDU RUKSHAN BROTHER...|
Hasindu Chamath
අමෝ..තෑන්ක්ස්..Piratelk කියන ගොබ්බ මඟුලෙන් ඕක අද දීලා තිබ්බා..මෙලෝ රහක් නෑ.. දුන්නොත් එක්කෝ වෙන සයිට් එකකින් උස්සපු එකක්...එහෙම නැතුව දුන්නොත් ගූගල් ට්‍රාන්ස්ලේට් ගූ ගොඩක්.. තෑන්ක්ස් බං ඉක්මනට සබ දුන්නට..අර මඟුලෙන් බලලා එපා වෙලා නතර කරලා හිටියේ..
Anonymous
උන් දෙන්නෙත් අර පීචං සිනෙරු කියන ලබ්බෙන් උස්සලා, උන්ගෙත් සබ් මෙලෝ රහක් නෑ
Anonymous
Thanks ☺️
Anonymous
එලකිරි වැඩක්
රවිදුවා කාලෙකින් සබක් දුන්නේ
එලAnonymous
Thank you
ඉශූ
වෙඩි වගේ සබ් එක දීල.. නියමයි මචන්..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Kantha_(DLA)
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Anonymous
Thanks Bro
tharusha lakshan
Ambulance 2022 sub one
MAALNATH
Thanks........good luck ......
Rishantha
ගොඩාක් ස්තුතියි
Anonymous
රවිදු සහෝ පුලුවන්නම් ඔයාවත් peaky blinders එකේ අන්තිම එපියට සබ් දෙන්නකෝ
ලොකු පිනක් සිරාවටමpasan
Oka patta Game eka mama Godak kaleka idan Game paly balanawa
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...❤
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Pasindu
Thanks Broo.. Ambulance (2022) Sub onaa..
Nishan S Ariyarathna
✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿
Malshan
Thank u bro sub ekta.meke game set ekt maru uncharted 4 tma amo
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Anonymous
Patta
indika 75
thanks..
sahangayantha
thanks a lot saho sub ekata
Hashan
Thnx for the sub ❤️. Ambulance (2022) film ekth sub ekh oni ikmntmh
Sandeep
Thanx for sub
Anonymous
තෑන්ක්ස් මා පුතී
thisal
peaky blinders last epiya diyanko bn
krishma dissanayake
ambulance(2022) sub eka dennako
Asanga kb
thank you wewaa
Gamage
thanks for the sub
Anonymous
Ambulance ekt dennko sub ek
bat
ba
Bimsara Yashan(ඔලිව)
හෙට හරි, අනිද්දට හරි දෙනවා.
Nilu
Sub ekak hoyagannama ne dan sathiyak tissema..
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
shashika
ambulanace 2022 ekee sub dennako
Pasan Shanaka
Current ekath kapana me dawas walath ubala meka liyana ekata thankz bocca
Achi
Thanks aaa
Madhushani Gamage
උපසිරසියට ගොඩක් ස්තූතියි.. ❤
Anonymous
The lost city 2022 dennakoo
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තූතියි...❤
sachin
thanks bro...
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Roshan
Tnx bro...Great job...
upul
ellla broooo.
Sheron
Thanks brother ..keep it up ..
lakshan
thanks ......................
Ashan
Patta thanks machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරසියට තුති සහෝ