තාත්තා මට කියල දුන්න එක දෙයක් තියනවා. අපි කවදාවත් ජීවිතේ තෝරන්නේ නෑ. ජීවිතේ තමයි අපිව තෝරන්නේ. පොලිස් නිලධාරිණියක් විදියට මගේ වෘත්තීය මම තෝරපු එකක් නෙමෙයි. මාණ්ඩලික පරීක්ෂක ශ්‍රී නිවාසන් උන මගේ තාත්තා හරහා ඒ වෘත්තිය මාව තේරුවා. හැම පොලිස් නිලධාරියෙක්ටම ජීවිත කාලය පුරාවටම අමතක නොවන සිද්ධියක් තියනවා.…

තාත්තා මට කියල දුන්න එක දෙයක් තියනවා.
අපි කවදාවත් ජීවිතේ තෝරන්නේ නෑ.
ජීවිතේ තමයි අපිව තෝරන්නේ.
පොලිස් නිලධාරිණියක් විදියට මගේ වෘත්තීය
මම තෝරපු එකක් නෙමෙයි.
මාණ්ඩලික පරීක්ෂක ශ්‍රී නිවාසන් උන
මගේ තාත්තා හරහා ඒ වෘත්තිය මාව තේරුවා.
හැම පොලිස් නිලධාරියෙක්ටම ජීවිත කාලය පුරාවටම
අමතක නොවන සිද්ධියක් තියනවා.
මගේ ජීවිතෙත් ඒ වගේ සිද්ධියක් තියනවා.
මෙල්වින් පිලිප්.. ඒ නම මට
පලවෙනි වතාවට ඇහුනේ ඒ සිද්ධියෙදී.
ඒ නම මගේ ජීවිතේ වෙනස් කරයි කියල
මම කවදාවත් හිතුවේ නෑ.
හැමදේටම පස්සේ.. ජීවිතේ කියන්නේ දඩයමක්
දඩයම් කරනවද , නැත්තං දඩයම් වෙනවද ,
කියන එක අපි තමයි තෝරාගන්න ඕන.
මෙල්වින් පිලිප්…
සිය දියණිය සහ බිරිඳ සමඟින් ලස්සන ජීවිතයක් ගත කරන
ස්නේහවන්ත පියෙක් වගේම ආදරණීය සැමියෙක්.
ඔහුට එක වරම තම බිරිඳ සහ දියණිය අහිමි වුනා.
බිරිඳගේ සහ දියණියගේ මරණයට වැරදි කරුවන් දැනගනත් ,
ඔවුන්ගේ බල පුළුවන් කාරකම් සහ පොලිසියෙන් ලද උදව් නිසා නීතියෙන්
පැන ගියත් , මේ ස්නේහවන්ත පියා වගේම ආදරණීය සැමියා විසින්
තමන්ගේ ආදරණීය පවුල විනාශ කල පුද්ගලයින් සොයා කල දඩයමයි මේ…
සුභ දවසක් සියළුම දෙනාට…!!!
මේ දවස් වල මලයාලම් රසිකයින් අතර Thriller චිත්‍රපට වලට ලොකු ඉල්ලුමක් තියනවනේ. ඒ නිසා තමයි 2016 වසරේ තිරගත වූ මේ සුපිරිම මලයාලම් Thriller චිත්‍රපටයක් වන Vettah චිත්‍රපටයට උපසිරසියක් කරන්න ඕන කියල හිතුවේ. මේ සුපිරි මලයාලම් චිත්‍රපටය බලන්න කියල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. 653ක ප්‍රේක්ෂක මනාපයෙන් IMDB අගය 6.6/10ක් හිමි කරගත් මෙම සලරුව තිරගත වීම ඇරඹුණේ 2016 පෙබරවාරි 26 වෙනිදා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Rajesh Pillai විසින්. Mili(2015), Traffic(2016) වගේ චිත්‍රපට බලලා තියනවා නම් මෙයා ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ. චිත්‍රපටයේ කතාව ලියල තියෙන්නේ Arunlal Ramachandran විසින්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Shaan Rahman විසින්. ප්‍රධාන නළු නිලියන් ලෙස Kunchacko Boban, Manju Warrier සහ Indrajith Sukumaran රංගනයෙන් දායක වෙලා තියනවා. තරිඳු රසාංග සහෝදරයා විසින් සිංහල උපසිරසි ලබා දුන් Ramante Edenthottam(2017) සහ C/O Saira Banu(2017) චිත්‍රපට බැලුවා නම් Kunchacko Boban සහ Manju Warrier කවුද කියල ඔයාලට බලාගන්න පුළුවන්. Prithviraj Sukumaran ගේ වැඩිමහල් සහෝදරයා තමයි Indrajith Sukumaran කියන්නේ. මෙම චිත්‍රපටය වෙනුවෙන් Manju Warrier හට සිනමා උළෙල රාශියක දීම හොඳම නිළිය සම්මානය ලැබී තිබෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය වෙනුවෙන් Asiavision Awards-2017 දී Kunchacko Boban හට Man of the Year සම්මානය ලැබී තිබෙනවා.
පුංචි දෙයක් කියන්න ඕන. මලයාලම් චිත්‍රපට සඳහා සිංහල උපසිරසි බයිස්කෝප් එකට එන්න පටන් ගත්තු මුල් දවස් වල පොඩි රසික පිරිසක් තමයි ඒ වටා එකතු වෙලා හිටියේ. ඒ දවස් වල මලයාලම් එකක් ඩවුන්ලෝඩ් 1000ක් වගේ පැන්නුවේ හරි අමාරුවෙන්. ඒ වෙනුවෙන් ගොඩක් මලයාලම් රසිකයෝ අපිට අදහස් එකතු කළා. මම කලින් සිංහල උපසිරසි ලබා දුන් Godha(2017) චිත්‍රපටයත් ගොඩක් අය බලන්න ඇති කියල හිතනවා. ඩවුන්ලෝඩ් ගණන 4000කටත් වැඩී. නමුත් අදහස් ඉදිරිපත් කිරීම දැක්කම නම් හිතට පොඩි කණගාටුවක් එනවා. හේතුව නම් මොකද්ද කියන්න දන්නේ නෑ. ඕනම දෙයක් ඕනෑවට වඩා ලැබෙනකොටත් ඒකෙ වටිනාකමක් නැති වෙනවා කියනවනේ. ඒ නිසාද දන්නේ නෑ. මෙහෙම කිව්වා කියල මා එක්ක තරහ වෙන්නෙපා. කමෙන්ට්ස් බලාගන නම් උපසිරසි කරන්නේ නෑ. ඒ වුනාට ඉතිං කමෙන්ට් එකක් දැක්කම හිතට ලොකු ආත්ම තෘප්තියක් එනවා. අපි දවස් ගානක් මහන්සි වෙලා උපසිරසියක් කරනකොට ඒ වෙනුවෙන් විනාඩියක් වැය කරලා අදහසක් එකතු කරන්න බැරි පිරිසක් වෙනුවෙන් උපසිරසි කරන්නේ මොකටද කියල හිතුන වාර නම් අනන්තයි.
මේ ෆිලුමෙන් පස්සේ මටත් නිතර උපසිරසි කරන්න බැරි වෙයි. ඒත් පුළුවන් වෙලාවට සිංහල උපසිරසියක් තිබිය යුතුමයි කියල හිතුන ෆිලුමක් දැක්කොත් කොහොම හරි උපසිරසියක් කරන්න බලන්නම්. ඒත් ඉතිං කලින් වගේ ඉක්මනට නම් කරන්න බැරි වෙයි. ගිහින් එන්නම්.
ජයෙන් ජයම වේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
TamilRockers.cc – Vettah [2016] Malayalam HDRip x264 MP3 700MB
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
15,307 downloadsDownload Vettah-2016.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
SPD
Subtitles
89 comments
Udaya Fernando
prabodha
Malayanam film niyamai. Godak tharthikai. thank broo sub ekata...
Hemantha De Silva
ස්තුතියි මල්ලි...
නැවත ඉක්මනින්ම එන්නු..
ජය...!paranormal
a patta patta thank you bro
Krishan Madusanka
patta nehh
Navodh
CIA one bro...
shanika Madushani
Thank you so much. We will appreciate your effort.
නාලක විජේරත්න
බොහෝම ස්තූතියි. අපි අගය කරනවා ඔබේ උත්සාහය සැමවිටම අප බාගත කරන සෑම වාරයකදීම සියලු දෙනා ඔබේ කැපවීම අගය කරන අතර තවත් සබ් කිරීමට ලැබේවායි පාර්තනා කරමු.
rasanga
දිගටම වැඩේ කරගෙන යන්න සුභ පතනවා!!
ජයවේවා!!Niro
thnx bro sub karana eke amaruwa dannawa hodatama...umbe mahanciyata pin
Krishan NiShalya
niyamayi
thawath oyawage film walata sub denna
good luck...!
☺Shashika
Ela bro
rangika Kariyawasam
SPD සහෝ අපි ඔබට ගොඩක් ණය ගැතියි මේ ෆටිට ෆිලුම අපට දෙන්න මහන්සි උනාට.ඒ වගේම සහෝට බොහොම ස්තුතීයි අවංකකම.
සහෝට තියෙන කණගාටුවම අපටත් තියෙනවා.ඇයිද කිවිවොත් ඩවුන්ලෝඩි 3000 යි 4000 යි නමුත් කමෙන්ටිස් 40 / 50 යි.ඒ උනත් ඔයාලා දරන්නාවූ කැපකිරීමට ඉහල අගයක් ලැබිලා නෑ කිවිවොත් ඒක බොරැවක්.අපි මලයාලමි රසිකයින් ආසාවෙන් මලයාලමි ෆිලුමක් බලන්නෙ ඔයාලා නිසා.ඒ හැම වෙලාවකම අපට සහෝලා මතක්වෙනවා .පරණ ෆිලුමි ආයෙ ආයෙමත් බලනකොට අවංකවම ඒ තෘප්තිය අපේ හිතට දැනෙනවා.
සහෝ පෞද්ගලික හේතුවක් නිසා සබි කරන එකෙන් අයින් වෙනවානමි අපට මුකුත් කියන්න බෑ.නමුත් මලයාලමි වලට සබ කලාම ඇගයීම මදි නිසා කලකිරීමකට ලක් වුනානමි ඒක හේතුවක් කරගෙන සබි කරන එක නවත්වන්න එපා.මොනා උනත් මලයාලමි රසික අපට මලයාලමි උපසිරැසි කරුවන් අඩුපාඩු වෙලා තියෙන යුගයක සහෝ අපිව අතෑරියා කියන්නෙ අපට ෆිලුමක් බලන්න වෙන්නෙ නෑ.අනික දැන් තරිඳු රසාංග සහොත් තෙලිඟු උපසිරැසි කරන්න නැඹුරුවක් තියෙනවා කියලා පේනවා.ඒ සහෝගෙනුත් ඉල්ලන්නෙ අපට හැකි සෑම වෙලාවෙම මලයාලමි සබි එකක් අපට දෙන්න කියලා.
SpD සහෝ ගිය සති අන්තයේ මලයාලමි ෆිල්ම් 7කට වැඩි ගනනක් ආවා.CIA ෆිලුමත් ඊයේ ටැමිල්රොකර් එකට ආවා අපට මෙි ෆිල්ම් වලටත් සබි දෙන්න. ඔබට ජයෙන් ජයම වේවා.
Role Models
Avarude Raavukal (2017
CIASPD
කවුරු කමෙන්ට් කලත් නැතත් අපි වටා එකතු වෙලා ඉන්න කිහිප දෙනා වෙනුවෙන් හරි උපසිරසි කරනවමයි සහෝ.
ඒත් දැන් නිදහස ටිකක් අඩුයි සහෝ.
ඒ කොහොම උනත් ඉදිරියේ දී හොඳ මලයාලම් ෆිලුමක් දැක්කොත් අනිවා කරනවා සහෝ.
බොහොම ස්තුතියි අදහසට සහෝ...!!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Janith Manaranga
Elma.
Chathura Perera
digatama sub karamu sahoo
fatta movie eka.thanks sub ekataSupun Tharaka
elama machoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravindu
Thanks bro
Dam
Thanks bro.. keep it up your job..
sumeda
thanks bro.
නිෂු
වෙනසක් එක්ක හොද දෙයක් දකින්නට ලැබීම ඇත්තටම සතුටක් ! ස්තුතියි ගොඩාක් !
Ashan
Good job..Keep it up bro
sashi
thanks bro
෴පුබුදු෴
ස්තුතියි ...
මේ මූවී එකනම් අනිවා බලනවාmahesh babu
Niyama filumak wage.......
kumara
බොහොම ස්තූතියි සහෝ සබ් එකට. ලිපියෙ කියලා තිබුන දේවල් නම් සම්පූර්ණ ඇත්ත. නමුත් අපි වෙනුවෙන් දිගටම සබ් දෙන්න පුළුවංනම් ගොඩාක් පිං.
තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට,2016 ආවට මේකත් මීට කලින් අහු නොවුණු ෆිලුමක්,ලිපියේ තියෙන දේවලුත් එක්ක අනිවා ඉඩක් ලැබුනාම බලන්න ඕනේ.ඒ වගේම ඉස්සරහටත් මේ විදියේ නියම ෆිලුම්වල සබ් කරන්න කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,ජය සහෝ!
තරිඳු රසාංග
තවත් දෙයක් කියන්න ඕනේ,වෙන භාෂාවල චිත්‍රපටවලට සබ් කලාට බයිස්කෝප් එකේ පදනම දාගත්ත මලයාලම් ෆිලුම් කොහොමටවත් අමතක වෙන්නේ නෑ ,අනිත් එක උපසිරැසි කරන්න මලයාලම් ෆිලුම්ම වැඩි ප්‍රමාණයක් තෝරාගත්තේ ඒවට මගේ තියෙන පෞද්ගලික කැමැත්ත නිසාමයි.කොහොමවුනත් පස්සේ මගේ කැමැත්ත පැත්තකින් තියලා පුළුවන් විදියට ආපු හැම අලුත් මලයාලම් ෆිලුමකට සබ් දුන්නා,ඒවා මම නොබලන ටයිප් එකේ වුනත්.CIA ෆිලුමත් මේ සති අන්තයේ හෝ ලබන සතියේ මුල් භාගයේ අනිවා සිංහල උපසිරැසි එක්ක බලන්න පුළුවන්! එහෙනම්;මලයාලම් සිනමාවට ජය!!!
Kulanjana Maduranga
mcn api ubalath ekka digatama innawa....digatama sub denna...saho oyalage sewaya apita nm wachanayakin kiyanna bari tharam watinwa...eth me lankawe kiyen ki denek oya de therum ganida dan na...
අසිත
elama saho thanks
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
ලැබෙන කමෙන්ට් ප්‍රමානය ටිකක් නෙමෙයි ගොඩක් අඩුයි සහෝ.. නිතරම site එකට එන කෙනෙක් විදියට මං ඒක හොදාකාරවම දන්නවා. මෑතකදී බාගත කිරීම් ගානට සාපේක්ෂව හොද කමෙන්ට් ප්‍රමානයක් දැක්කේ GOT S0E01 විතරයි...මොනතරම් කියුවත් කමෙන්ට් කරන්නේ නැති එවුන් කමෙන්ට් කරන්නේ නෑමයි සහෝ..මේ සේවයට ගරු කරන්නේ බොහොම ටික දෙනයි. ඕක මේ රටේ වැරද්ද සහෝ. කවදාවත් දෙයක් අගය කරන්න දන්න ජාතියක් නෙමෙයි අපි! නමුත් මේ හෙතුව නිසානම් උපසිරැසි කරම එක නතර කරන්න එප සහෝ.. සම හරක් ඔහේ ඇවිත් කමෙන්ට් එකක් තියා රේටින්ග්ස් දෙන්නේවත් නැතුව සබ් අරන් ගියට ඒ හැම එකාම ලස්සනට මේව බලන්නේ ඔයාලා මේ කරන කැපවීම නිසා..අනිත් දේ තමයි හැමදාම සහෝලව අගය කරන පිරිසක් ඉන්නවා.. ඒ අය සබ් එක ගත්තත් නැතත් ඒ අගය කිරීම කරනවා..ඒ නිසා ඉදලා හිටලා හරි අපි වෙනුවෙන් උපසිරැසි අරන් එන්න සහෝ!
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~SPD
කවුරු කමෙන්ට් කලත් නැතත් අපි වටා එකතු වෙලා ඉන්න කිහිප දෙනා වෙනුවෙන් හරි උපසිරසි කරනවමයි සහෝ.
ඒත් දැන් නිදහස ටිකක් අඩුයි සහෝ.
ඒ කොහොම උනත් ඉදිරියේ දී හොඳ මලයාලම් ෆිලුමක් දැක්කොත් අනිවා කරනවා සහෝ.
බොහොම ස්තුතියි අදහසට සහෝ...!!Kulanjana Maduranga
mcn hoda de hodai kiyanna bari,agaya karnna bari samajayaka jiwath wena apita hamoma eka wage wei kiyala hithanna ba..eyala hadannath ba..eth oyala ekka hamadama inna,oyalawa watina podi pirisak wenuwen hari sahola krana me sewaya mara vidiyata watinwa....
Ishan
Sub aka ganna bane
ramesh
goof job,,,,thnks mchn.....
chathura
thanks bro
Shani
U all dong a great job. Thz a lot. Love u alllllll...............................
Kulanjana Maduranga
niayamai…patta..malayalam nm ithin aniwa bamak...thanks saho..sub ekata..mcn sub dena eka nawaththanna epa...digatama sub demu.jaya wewa……
Dinu
ගොඩක් ස්තුතියි සහෝදරයා.
AWNCK
Thanks Bro.......
Sithum
thanks machan sub ekata.......
Kaushalya
ela kiri bro.. keep it up..
ravindu
Thanks bro sub ekata
Asanka Dinesh
thanks sub ekata bro
Udara Damith B/K
බොහොම ස්තූතියි.............
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Chamara
බොහෝම ස්තූතියි………….
Kash
බොහොම ස්තූතියි!
කිසිදු ලාභයක් ගැන නොහිතා වටිනා කාලය ශ්‍රමය කැප කරගෙන රසිකයන් වෙනුවෙන් විශාල මෙහෙවරක් නොමිලේ ම කරන පිරිසක් තමයි බයිස්කෝප් කණ්ඩායම! කතා දෙකක් නෑ, ඔබ සැමට කෙරෙන නිහඩ ඇගයීම දවසක ලොකු අඩහැරයක් වෙයි!Noyel Ranasinghe
මලයාලම් නම් අහන්න දෙයක් නෑ. බොහොම ස්තුතියි. ඔබට. ජය වේවා!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
shashika
upasirasiyata bohoma sthuthiyi malayalam nam aniwa balanawa
Janith Manaranga
Fatta film eka.thanks
nimantha
meke torrent link eka ganne kohomd bro????
chandima
kalekin balapu supiri film ekak.tnx sahoo sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


බොහොම ස්තූතියි යාලු සබ් එකට. ජය වේවා! බුදු සරණයි!!!