ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීම් අතර එකක් වූ ප්‍රංශය හා එංගලන්තය අතර සිදුවු සියවස් යුද්ධ කාලය ගැන වූ මෙම සිනමා පටයට පසුබිම් වූ සත්‍ය වීර චරිතය ගැන සුළු විස්තරයක් මුලින්ම ලබා දෙන්නම්. පහලොස් වන සියවසේදී ප්‍රංශය, සියවසක් පුරා එංගලන්තය සමග කල යුද්ධයෙන් පරාජිත සහ විනාශයට පත් ජාතියක් බවට පත්ව තිබින. ප්‍රංශය…
ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීම් අතර එකක් වූ ප්‍රංශය හා එංගලන්තය අතර සිදුවු සියවස් යුද්ධ කාලය ගැන වූ මෙම සිනමා පටයට පසුබිම් වූ සත්‍ය වීර චරිතය ගැන සුළු විස්තරයක් මුලින්ම ලබා දෙන්නම්.
පහලොස් වන සියවසේදී ප්‍රංශය, සියවසක් පුරා එංගලන්තය සමග කල යුද්ධයෙන් පරාජිත සහ විනාශයට පත් ජාතියක් බවට පත්ව තිබින. ප්‍රංශයේ සිටි වයස 14 ක් වූ ගැමි ගොවි කෙල්ලකි “ජෝන් ඔෆ් ආර්ක්” ( 1412 – 1431). ඇය කියා සිටියා, ඇයට දිව්‍යමය හඬවල් ඇසෙන බව. එමගින් ඇයට දෙවියන්ගේ හමුදාවක් සංවිධානය කරගෙන ඔර්ලියන්ස් නගරය ආක්‍රමනය කර, ඉන් ජයගෙන, එවකට ඉතා දුර්වල තත්වයක සිටි “හත්වන චාල්ස්” කුමරා ප්‍රංශයේ රජු බවට පත් කරන ලෙසත් ඉල්ලා සිටින බවයි.
ජෝන් ඇයගේ අනුගාමිකයින් රැසක් සමග හමුදාවක් ගොඩනඟා ඔර්ලියන්ස් නගරය සමග සටන් කර ජය ගෙන චාල්ස් කුමරා ප්‍රංශ රජු ලෙස ඔටුණු පලඳවයි. ඉන්පසු ඇගේ හමුදාව පැරිසියද ආක්‍රමනය කිරීමට සුදානම් වේ. එහෙත් මුදලට ගිජුව, දූෂිත බවට පත්ව සිටි චාල්ස් රජු, තම රාජ්‍යය එංගලන්තයට විකුණා දමා, තම හමුදාවද විසුරුවා දමයි. එහෙත් ඇය නැවත සේනාව රැස්කර, ඉංග්‍රීසින් හා සටන් වදින අතර, “කොම්පියන්” හීදී සිදුවන සටනේදී ඉංග්‍රීසින්ට උදව් කරන ප්‍රංශ ජාතික හමුදාවක් වූ “බර්ගන්ඩියන්ස්”ලාගේ අත් අඩංගුවට පත් වේ. “බර්ගන්ඩියන්ස්” වරු ඇයව පවුම් 10000 ක මුදලකට පාවාදෙයි. ඉන්පසු ඉංග්‍රීසින් විසින් රොවන් මාලිගයේදී (Rouen castle) ඉතිහාසයේ සිදුවූ අසාධාරනම හා ලැජ්ජා සහගත නඩු විභාගයක් ඇයට විරුද්ධව පවත්වනු ලබයි.
ඉන් දරුණු දඬුවමකට පත්කර ඇයව මරා දැමෙන විට ඇගේ වයස අවුරුදු 19 කි. පසු කාලිනව ඉංග්‍රීසින්ගෙන් රට නිදහස් කරගැනීමේ යුද්ධයේදී, ඇය ප්‍රංශ ජාතිකයින්ගේ යුධ විඥානය පිබිදීවීමේ තීරනාත්මක සාධකයක් බවට පත්විය. එසේම ඇය ප්‍රංශයේ ආගමික සංකේතයක් බවටද පත් විය. ඇගේ මරණයෙන් වසර 25 කට පසු 1456 දී පාප් වහන්සේගේ අනුදැනුම ඇතිව පැවැත්වූ නැවත නඩු විභාගයකදී, ඇයට නඟා ඇති චෝදනා අසත්‍ය බවත්, ඇය සර්වනිර්දෝෂී බවටත් ප්‍රකාශයට පත් කරන ලදී. එමෙන්ම ඇය 1803 දී ප්‍රංශ ජාතික වීරවරියක් සේ නම් කෙරුනු අතර, 1920 මැයි මස 16 වන දා ඇයව රෝමානු කතෝලික පල්ලිය මගින් ශාන්තුවරයට පත් කරනු ලැබීය. මෙම සිනමා පටය, මා මීට පෙර උපසිරැසියක් ලබා දුන් Gone With The Wind නිර්මාතෟ Victor fleming නම් කෟතහස්ත සිනමා කරුවාගේ අවසාන නිර්මානය වන අතර සම්මාන රැසකට නිර්දේශ වී ඉන් කිහිපයක්ම දිනා ගැනීමටද සමත් විය.
ඉතා පැරණි මෙම සිනමා පටයේ සංස්කරණ කිහිපයක්ම නිකුත් වී ඇත. මෙම සිනමා පටය මුලින්ම නිකුත් වූ විනාඩි 145 මුල් පිටපත පසුව සමහර දර්ශන ඉවත් කර කාලය අඩුකර ප්‍රදර්ශනයට තබා ඇත. වසර 50 කට පමන පසු අස්ථානගතවී තිබූ මුල් පිටපත නැවත සොයා ගැනීමෙන් පසු, නවීන තාක්ෂනය භාවිතයෙන් ප්‍රතිසංස්කරනය කර නිකුත් වී ඇති අතර, මා මේ උපසිරැසි ලබා දී ඇත්තේ එම 1GB (විනාඩි 145) මුල්ම සිනමාපටයටය. මෙම සංස්කරනයට සුදුසු ඉංග්‍රීසි උපසිරැසියක් හමු වුනේ නැති බැවින් බොහෝ තැන් වේලා සටහන හදාගෙන, අසා ලිවීමටයි සිදුවුනේ. එනිසා සමහර සුළු අඩුපාඩු තියෙන්න හැකියි. යම් අඩුපාඩුවක් තිබේනම් දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටිමි. ඉදිරි දිනකදී නැවත උපසිරැසියක් සමග හමුවෙන තෙක් ඔබ සැමට ජය .
…..ස්තූතියි (සිරිජය)……

Joan.Of.Arc.1948.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසිය සියළුම Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
1,064 downloadsDownload Joan-Of-Arc-1948.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ SIRIJAYA ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-03-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
SIRIJAYA
Subtitles
15 comments
අසිත
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
fahad
what you think about this film
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Withanage Priyantha Dayakeerthi
සිංහල උපසිරසියට ස්තුතියි!
Withanage Priyantha Dayakeerthi
සිරිජය සොයුර,
IMDb සිනමාපට වර්ග කිරීම් යටතේ, 53 වන ස්ථානයේ ඇති 1950 වර්ෂයේ තිරගත වූ Sunset Boulevard
සිනමාපටයට හෝ 117 වන ස්ථානයේ ඇති 1959 වර්ෂයේ තිරගත වූ Some Like It Hot සිනමාපටයට ඉදිරි කාලයේ දී සිංහල උපසිරසි ලබාදෙන්න. ඔබට ස්තුතියි!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චතුෂ තුෂර කුමාර
හොඳ සිනමා පටයක්. උපසිරැසියත් ඉතා හොඳින් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපට අහන්නට නොලැබෙන සත්‍ය ඉතිහාස කතා මෙහෙම සිනමාව හරහා දැන ගන්න සැලැස්වීමත් වටිනවා... ස්තූතියි.
හසිත මධුෂාන්
සබ් එකට බොහොමත්ම ස්තූතියි.....!
හසිත මධුෂාන්
අදයි බලන්න ලැබුනේ....
Advertisement

elama saho thanks
puluwan nam IMDB TOP 250 film walath sab denna
jaya wewa!!!