අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Wish (2023) Sinhala Subtitles | ප්‍රාර්ථනාවක බලය [සිංහල උපසිරැසි]

Rating: 7.4/10. From 14 votes.
Please wait...

Wish

Wish (2023) Sinhala Subtitles

එකමත් එක කාලෙක තරුණයෙක් හිටියා…

ප්‍රාර්ථනාවට වඩා වැදගත් දෙයක් නැහැයි කියලා විශ්වාස කරපු.

ඇත්තටම ඕනම ප්‍රාර්ථනාවක් නම් නෙමෙයි.

ඔයාගේ හදවත පාලනය කරන කෙනා.

ඔබ කවුද කියලා තීරණය කරන කෙනා.

ඒත් ඔහුට තේරුණා එය කරන්න අමාරු දෙයක් කියලා….

ඒ සිහින සැබෑ කරගන්න අසීරු වෙන්න පුළුවන්.

සිහින කෙතරම් ලේසියෙන් විනාශ කරන්න පුළුවන් ද?

ඉතින්, ඔහු තීරණය කලා එයට කුමක් හෝ කරන්න.

Wish (2023) Sinhala Subtitles

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, ඔන්න අද මම අරගෙන ආවේ මමත් ඔයාලා හැමෝමත් බලාගෙන හිටපු චිත්‍රපටිය Wish Movie එක. ස්ලෝත් මූවි එක සබ් කරලා දුන්න ගමන්ම විමා අයියා මට මේක භාරදුන්නා. සතියකින් කරලා දෙන්න හිතුවට ඇත්තටම වැඩත් එක්ක මට මේක ඉක්මනට දෙන්න බැරි උනා. ඉතින් කොහොමහරි ඔන්න සබ් එක කලා. මේ කතාව හරිම ලස්සනයි. ඉතින් අපි හැරෙමු කතාව පැත්තට,

කතාව ගැන කියනව නම්,

මැග්නිෆිකෝ කියලා කඩවසම් තරුණයෙක් හිටියා. එයා මායාව ඉගෙනගත්තා. දූපතක් හොයාගෙන ඒකේ රාජ්‍යයක් පිහිටුවලා හැම කෙනෙක්ගෙම ප්‍රාර්ථනාවන් එයා අරගත්තේ කාටවත්ම දුකක් නොලැබෙන්න කියලා හිතාගෙන. ඒත් මේ රජතුමා ටිකෙන් ටික මායාව විසින් එයාගේ යහපත් ගති සේරම දිය වෙලා යන්න පටන් ගත්තා.

මේ අතරේ මේ රාජ්‍යයේ ආශා කියලා තරුණ ගෑණු ළමයෙක් ඉන්නවා. ඉතින් එයාට ඕන වෙනවා අවරුදු 100 පිරෙන එයාගේ සීයාගේ ප්‍රාර්ථනාව රජතුමාට කියලා ලබා දෙන්න. මාළිගාවට ගියාට පස්සේ රජුත් එක්ක කතා කරාම ආශාට තේරේනවා ප්‍රාර්ථනා අයිති අපිටමයි කියලා. ඉතින් ආශා මේ ප්‍රාර්ථනාවලට වසඟ වෙලා ඉන්න රජතුමාගෙන් අහිංසක මිනිස්සුන්ගෙත් එයාගේ සීයාගේ ලස්සන ප්‍රාර්ථනාවන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආශාට උදව් කරන්න අහසින් තරුවක් ඇවිල්ලා මේ ප්‍රාර්ථනා බලයට වසඟ උනු රජතුමාගෙන් හැම ප්‍රාර්ථනාවක්ම බේරගන්න හදනවා.

ඉතින් ආශාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙයිද?

Wish චිත්‍රපටිය කිසිම කම්මැලිකමක් නැතිව පවුලේ හැමෝටම රස විඳින්න පුළුවන් ලස්සන කතාවක්. Wish 2023 නොවැම්බර් 22වන දින නිකුත් කරනු ලැබුවා. පැයයි මිනිත්තු 35ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය දැනට IMDB ශ්‍රේණිගත කිරීම් 5.7/10කුත් Box office වාර්තාව $240.2 million අගයක් ලබා ගෙන තියෙනවා. ඒ වගේම Rotten Tomatoes අගය 48%ක් අරගන්න සමත් වෙලා තියෙනවා.

Animation, Adventure, Comedy ගණයට අයත් වන මෙම චිත්‍රපටිය Jennifer Lee , Allison Moore , Chris Buck තිදෙනාගේම එකමුතුවෙන් තමයි මේ චිත්‍රපටියේ කතාව ගොඩ නැගෙන්නේ. අධ්‍යක්ෂණය Chris Buck , Fawn Veerasunthorn දෙන්නා විසින්. මේ චිත්‍රපටිය තම කටහඬින් දායක වුන Ariana DeBose ආශාගේ චරිතයටත් Chris Pine දුෂ්ට රජතුමා වෙන මැග්නිෆිකෝගේ චරිතයටත් තම හඬින් දායක වෙනවා. ඒ වගේම Alan Tudyk, Angelique Cabral, Victor Garber, Natasha Rothwell, Jennifer Kumiyama, Harvey Guillén, Niko Vargas, Evan Peters, Ramy Youssef, Jon Rudnitsky, Della Saba, Keone Young, Lucas Sigler, Holland Watkins ඇතුළු විශාල දක්ෂ කණ්ඩායමක් මෙම සාර්ථක චිත්‍රපටියට දායක වෙනවා.

එහෙනම් හැමෝම බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටිය බලන ගමන් ඔයාලගේ අදහස් එහෙම තියෙනව නම් comment කරන්න.
මෙම චිත්‍රපටිය උපැසිරැසි කරන්න මට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් Admin මඩුල්ලට හදපිරි ස්තූතිය පුද කරමින් තවත් ලස්සන වෙනස් ම චිත්‍රපටියකින් හෝ කතාවකින් නැවත මුණ ගැහෙමු!

දෙවි පිහිටයි!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-03-11
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Wish (2023) Sinhala Subtitles, Wish (2023), Wish

5 thoughts on “Wish (2023) Sinhala Subtitles | ප්‍රාර්ථනාවක බලය [සිංහල උපසිරැසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • download karanne kohomada danna kenek kiyala dennako

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්…☺☺♥♥

    Reply
  • ගොඩක්ම ස්තූතියි යමීනා සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *