අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBox-office HitsComicsFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනිර්මාණි විජේසිංහපවුලේ සැමටබලන්නයුද්ධවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Wonder Woman (2017) with Sinhala Subtitles | තෙමිස්කිරාවේ කුමරිය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 246 votes.
Please wait...

යන්තම් පණ ගහලා නැගිටගෙන එද්දී මිනිස්සු කකුලෙන් අදින එක සාමාන්‍යයයි නෙහ්. මගෙන් ඇහුවොත් එහෙම බොහොම අමාරුවෙන් ඉස්සරහට යන්න හදන දේ මොකක්ද කියලා මං නම් එක හුස්මටම කියන්නේ ඒ DC කොමික් යුනිවර්ස් එක කියලා. ඒ මොකද කියලා කියන්න ඕන නෑනේ. ලස්සන කෙල්ලෙක් දාපු පලියට ලස්සන ෆීමේල් ඔරිජින් ස්ටොරියක් වෙන්නෙත් නෑ සමහරක් ඔය 2019දී වෙයි කියලා හිතාන හිටියට. ඒකට පින තියෙන්නත් ඕන. කොහොමහරි කමක් නෑ ඔන්න එහෙනම් DC කොමික් රසිකයන් මේ සිනමාපටය එනකන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලා ඉන්න ඇතියි කියලා හිතනවා. මොකද මං නම් එහෙමයි. හැබැයි දැනට බලන්න පුලුවන් කොපියක් තමයි ඇවිත් තියෙන්නේ. මේ වගේ රස එව්වා නම් ඉතින් අනිවාර්යෙන්ම බ්ලුරේ 1080p එකක්ම අරන් බලන්න වටින ඒවා.ඒත් ඉතින් ඉවසන්න බැරි උදවියට බයිස්කෝප් සිංහලෙන් හරහා ඒ අවසථාව ලබා දෙන්නයි හදන්නේ.

2013 වසරේ පටන් ගත්ත අපේ අසහාය අධ්‍යක්ෂකවරයා Zack Snyder විසින් අධ්‍යක්ෂණය කරපු Man of Steel චිත්‍රපටයෙන් පසුව, BvS (2016), Suicide Squad (2016) චිත්‍රපට වලට පසුව මේ වසරේ නිකුත්වුන පළමු සිනමාපටය තමයි Wonder Woman කියන්නේ වගේම මේක තමයි යුනිවර්ස් එකේ දෙවැනි ඔරිජින් ස්ටොරිය වෙන්නෙත්. BvS තුලින් දැක්ක වොන්ඩර් වුමන්ව අමතක වෙනවනම් ඔය ඇස්වල ලෙඩක්. දැනට කතා හතරක් උනාට කතා එකිනෙකට පොඩි හරි සම්බන්ධ වීමක් තියෙනවා. මුලදී මෙට්‍රෝ පොලිස් වලට තර්ජනයක් විදිහට සලකපු සුපී, එතකොට සුපීව මරාගන්න දගලපු බැටා වගේම අන්තිමට ඒ චිත්‍රපටයට එකතු වුන වොන්ඩර් වුමන්. මේ වෙන මොකටවත් නෙවෙයි ලෑස්තිය මේ අවුරුද්දේ අන්තිම සෙට් එක ලෑස්ති කරගන්න. නුදුරේදී හුගක් ඔරිජින් ස්ටෝරි නම් බලාගන්නත් පුලුවන් වේවි.

ඈත අතීතයේ සාගරයට මැදිවුණු සැගවුණු නගරයක් තියෙනවා “තෙමිස්කිරා” කියලා. මේකට පැරඩයිස් කියන නමිනුත් හදුන්වලා තියෙනවා. මේකේ වාසය කලේ ග්‍රීක දෙවිවරු කොට්ටාශයක්. හිපොල්යාටා රැජින හා ඇතිනා දෙවඟන මැටියෙන් දරුවෙක් නිර්මාණය කරලා ඒ දරුවට ජිවය ලබා දීමක් කරනවා. මව්වරු දෙදෙනෙක්ට හිමිකම් කියන ඩයෑනාට දෙවිවරු හය දෙනෙක්ගේ බලයද ලැබෙනවා. හිපොල්යාටා රැජින නිර්මාණය කරපු මැටි රූපයට පණ දීපු ඇතිනා දෙවඟන විසින් බුද්ධිය හා ධෛර්යයද, ආර්ටිම්ස් විසින් සත්වයන් තේරුම් ගැනීමට අවශ්‍ය ශක්තියද, ඩේමෝටර් විසින් ශක්තියද, හර්මස් විසින් සුපිරි වේගයක් (වේගය දකින්න ඇතිනේ BvS එකේ ඩූම්ස්ඩේ සටනෙදි), හෙස්ටියා විසින් ගින්දර පාලනය කිරීමට අවශ්‍ය ශක්තියද වගේම අවසාන වශයෙන් අපරෝඩියෙට් දෙවියන් විසින් සියළු දෙනාගේ සිත් ඇදගන්න කදිම රූප සොබාවක්ද දායාද වෙනවා. මේ සියළු දේවල් වලට හිමිකම් කියලා තමයි පුංචි ඩයෑනා උපදින්නේ. ඉතින් ඊටපස්සේ තමයි හරි කාලයත් එක්කම එයාට කඩු ශිල්පය, දුනු ශිල්පය, විසිකර පහර දීමේ ශිල්පය හුගක් දෑ ඉගෙන ගන්නවා. තෙමිස්කාරාහි සටන් කිරීම්වල නිරත වෙමින් හිටියත් එක්තරා මොහොතක් වෙනකන්ම එයා දන්නෙත් නැහැ එයාට තියෙන බලයන් මොනවාද කියලා. ඒ වගේ දවසකින්ම තමයි එයාගේ ජීවිතේ තවත් වෙනසක් සිද්දවෙන්නේ. ඉතින් මෙතෙක් කාලයක් බලාන හිටපු එකේ ඔන්න එහෙනම් දැන් සිංහල උපසිරැසි එක්කම බලාගන්න පුළුවන් වේවි ඩයෑනා කොහොමද අමානුෂික යුද්ධයක් එක්ක කරට කර සටන් කරලා ලෝකය බේරගන්නේ කියලා.

DC යුනිවර්ස් එකේ තරුණියකගේ ඔරිජින් ස්ටොරියක් තවත් තරුණියක් විසින් අධ්‍යක්ෂණය කරලා තරුණියක්ම උපසිරැසි කරපු ඉතිහාසේ පලවෙනි වතාව මේක වෙන්න ඕන. ඔව් මෙදාපාර චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කෙරුනේ “Patty Jenkins” විසින් තමයි. රංගනයෙන් දායක වෙන චරිත කිහිපයක් ගැන කියනවනම් “තරුණ ඩයෑනා කුමරියගේ” චරිතයට රංගනයෙන් දායක වෙන්නේ සුරූපී නිලි “Gal Gadot.” Star Strek චිත්‍රපට පෙලින්ම ජේම්ස්ගේ චරිතයට රංගයෙන් දායක වූ Chris Pine මේ සලරුවේ “ස්ටීව් ට්‍රෙවර්” හැටියටත්, “Connie Nielsen” හිපොල්යාටා රැජින ලෙසටත්, “Robin Wright, Danny Huston, David Thewlis” ඔය වගේ හුගාක් ලොකු පිරිසක් මේකට දායක වෙලා තියෙනවා. කතාව ලියලා තියෙන්නේ “Allan Heinberg.” ඔයාලගේ සුපුරුදු හිතවතා “Zack Snyder” තමයි තිර රචනය කරලා තියෙන්නේ. ධාවන කතා කාලය පැය 2 කුත් විනාඩි 22 කුත් හැටියට සටහන් වෙනවා. Action, Adventure, Fantasy ගණයට තමයි මේක අයත් වෙන්නේ.

IMDb තුළ 8.0/10 ක අගයක් ලබා ගනිමින් පළමු වතාවට කුණු තක්කාලි දර්ශකය කවුරුවත් හිතුවේ නැති විදිහට වෙනස් කරමින් රෝටන් රෝමටෝ දර්ශකයේ 92% ද, විචාරක පැසසුම 91% ක අගයක්ද ලබාගෙන තියෙනවා. ලෝගන් චිත්‍රපටියට පසුව පැමිණි චිත්‍රපටි අතරින් වැඩි දෙනෙක්ගේ අවධානයට ලක් වෙලා අධික ප්‍රේක්ෂක පිරිසක් ආග්‍රහණය කරගත්තු මං දන්න එකම චිත්‍රපටිය තමයි මේක. ඒ ගැන ඉතින් ලැබුණු ජයග්‍රහණයයෙන් කියන්න පුළුවන්. ඇමරිකානු ඩොලර් 149,000,000 ක් වගේ පොඩි මුදලක් වැය කරලා නිර්මාණය කරපු මේ චිත්‍රපටය මේ වෙද්දී බොක්ස් ඔෆිස් තුල (2017 ජුනි 30 වන දිනට ) ඇමරිකානු මිලියන 708, 444, 475 ක මුදලක් උපයාගෙන අවසනයි. හැමපාරම වගේ සුපිරි තේමාගීතයක් එකතු වෙනවාමනේ. ඉතින් මේ පාර ප්‍රධාන තේමාගීතය වුණේ “Sia” ගායනය කරන “To Be human” කියන ගීතයයි.ඒකත් අහලා බලන්න. ඉතින් මේ ලැබූ ජයග්‍රහණ එක්ක මේ වෙද්දීත් වොන්ඩර් වුමන් චිත්‍රපට පෙලෙහි දෙවැන්නක් එන බව දැනටමත් සදහන් කරලා අහවරයි.

2009 දී නිකුත්වුන ඇනිමෙටඩ් චිත්‍රපටයට එහා ගියපු හොද කොමික් අනුසාරයක් ගොඩනගපු හොද තත්වයේ චිත්‍රපටයක් කියලා දැකගන්න පුළුවන් වේවි කියලා හිතනවා මේක නරඹලා අවසන් වෙද්දී. අනික කොමික් එක්ක පටලවගන්න නම් එපා. ඒකමයි කතාවවත් නොකිව්වේ. වගකීමෙන් කියන්න පුළුවන් කිසිම ස්පොයිල් කිරීමක් වුණේ නැහැ කියලා. මෙච්චර කාලයක් චිත්‍රපට එකිනෙකට සම්බන්ධ වීමක් වුණේ කොහොමද කියලා දැක්කනේ. මේකෙදිත් ඔයාලට දැකගන්න පුළුවන් වොන්ඩර් වුමන් චිත්‍රපටය කොහොමද අනික් චිත්‍රපට හා සම්බන්ධවීමක් වෙන්නේ කියලා. ඒ නිසා කතාවේ මුල ඉදන් අග වෙනකන් හොද සිහියෙන් බලන්න. BvS එකවත් හරියට නොබලා කෑ ගහන උදවිය තාමත් නැතුව නෙවෙයි. අනේ මට නම් සැහෙන්න වටින ඇතැම් අයට අකුරු දෙකේ සමාගම කියන නමට විතරක් සිමා වුන ඩීසි කොමික් විශ්වයේ ඊලග පියවර වන Justice League (2017) චිත්‍රපටය මෙවර නොවැම්බර් මාසයේ 17 දී තිරගත වීමට නියමිතයි. එහෙනම් ඉතින් ඊලග නැවතුමේදී හමුවෙන තෙක්, අදට සමු ගන්නවා. ගිහින් එන්නම්. ජය!

-Justice Begins with Her-

-ලිපිය චාමර සම්පත්-

Wonder Woman (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HC Rip, WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/02/NirmaniWijesingheNew-e1486163283128.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

159 thoughts on “Wonder Woman (2017) with Sinhala Subtitles | තෙමිස්කිරාවේ කුමරිය… [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • thanks a lot saho sub ekata

    Reply
  • thanks..digatama karagena yanna

    Reply
  • Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

    Reply
  • BIMBISHA INDURUGALLA

    thank u

    Reply
  • සහන් කෞෂල්‍යය

    සබ් ඒකට‌ බෝහොම ස්තුතියි !!!!!!!!!!

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • Sasanka Dilhan

    thank you for subtitle

    Reply
  • Dragonwhite

    paharamai hode thanks

    Reply
  • මොළ කකුලුස්

    Thanks for your subtitles….වැඩේ හොදටම නියමෙට කරල තියනව

    Reply
  • marasikaprasad

    thanks for the sub. thawa thawa sub kirimata best of luck

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx sis. Mekanum ft a

    Reply
    • Dileepa Nethranga

      Thank you..❤️

      Reply
  • Hashan M. Priyadarshana

    Thank you sis sub ekata..
    Jaya wewa!

    Reply
  • Eranda Malith 2.0

    Thanks sis

    Reply
  • littleunicorn

    thank you very much akki..

    Reply
  • Shashmithakausith

    Tnx sis. Jaya wewa.

    Reply
  • Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
    ජය වේවා…
    පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..

    Reply
  • sampath n perera

    සබ් එකට බොහොම ස්තූතියි

    Reply
  • ගොඩක්ස්තූතිය සිංහල උපසිරැසියට ..!
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජයෙන් ජය..!!!

    Reply
  • හොද ෙකාපියක් එනකල් හිෙටිෙය් අමාෙරුෙවන් ඉවසන්… ෙෙබාෙහා්ම ස්තූතියි උපසිරැසියට

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • Thank you sister for subtitle..

    Reply
  • Bohoma sthuthi sub ekata. Issrahatat sub krnna. Obata jaya

    Reply
  • Lahiru C. Jayathilaka

    BR copy එක අවිල්ල නෙහ්?
    සබ් එකට ස්තුතියි.ජයෙන් ජය……..

    Reply
  • ගොඩක්ස්තූතිය සිංහල උපසිරැසියට ..!
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජයෙන් ජය..!!

    Reply
  • thank you very much sis…………..

    Reply
  • දසිත චාමික

    උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි…
    ජය!
    ලිපියටත් ස්තූතියි

    Reply
  • Akash De Silva

    thank sis…!

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • Saman Prasad

    අද තමා බැලුවෙ.
    කට්ටියට කට උත්තර නැති වෙන්න ෆිල්ම් එක හදලා තිබුණා.
    සුපිරි ඈ….
    සබට තුති…!!!
    ජය වේවා…!!!

    Reply
  • සෝමපාල

    ඔයා කොහොම කිව්වත් මාවල් තරම් නම් ඩීසීලා හොඳ නෑ 😛

    Reply
  • Thanks Nirmani….
    obata jaya

    Reply
  • රැප් ලෝකයේ සංකේතයක් වන Tupac Shakur ගේ ජීවීත කතාව ඇසුරෙන් නිර්මාණය වු All Eyez on Me චිත්‍රපටයට හැකිනම් උපසිරැසි ලබා දෙන්න. ස්තුතියි.

    Reply
  • Sub ekata thank’s babo. Jayawewaa!

    Reply
  • me eka nemei ai me den fillm denne natte

    Reply
  • bohoma sthuthi sahodari

    Reply
  • kohoma hari br rip eka enkam evasan hitiya…tnx for sub…digatama yamu…gd lck

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • LSM HUSKAA

    සබ් එකට ස්තුතියි.ජයෙන් ජය……..
    man of steel akata psse kalekin blapu elama katawk DC lage ptta lassanai storiya.

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි

    Reply
  • Isuru Upendra

    බොහොම ස්තූතියි උපසිරසියට
    ඒ වගේම චාමර, සුපිරි ලිපියට…
    ගොඩක් ස්තූතියි!!

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට.. ජය වේවා…

    Reply
  • Amila Mudalige

    Sub ekta Thanks!!!

    Reply
  • Nirodhauthpala

    bro update eakata eakenma thx yts avilla 5 hours yanna kalin thamai update eaka ave eaka gana nam kiyala vadak na sis thx again for sub obata jaya digatama denna labeva keya hadavatinma partana karanava sis

    Reply
  • දමිත්

    එලම..
    සබට තෑන්ක්ස්..BRrip එකත් එක්ක දැන් බැලුවේ.
    අඩුපාඩු නැති නියමම සබ් එකක්..
    වෙල් ඩන් සිස්….
    ජයෙන් ජය…

    Reply
  • Br එක එනකන් හිටියේ …,ඉක්මනින් update කරාට ගොඩක් ස්තුතියි…,

    Reply
  • Thank you… jaya jaya…

    Reply
  • සබ් එකට ස්තුතියි… ජයවේවා

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • Thisara Neo

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • Udara Damith B/K

    STHTHIYI වෙබ් එකට UP කරට

    Reply
  • නියමයි අක්කා. ඔං මාත් බෑවා. සබ් එකට ස්තුතියි… ජයවේවා

    Reply
  • කෙල්ලෙක්ට ආඩම්බරෙන් උපසිරැසි කරන්න පුළුවන් ෆිල්ම් එකක් :v . මගෙ පණ සහ ක්‍රිස් පයින් ඉන්න නිසා ගොඩක් ආසාවෙන් බැලුවේ.
    මහන්සි වෙලා සබ් කරනවාට ගොඩක් ස්තුතියි.

    Reply
  • meeka balanawanm wonder women anith tika kalin balanna oneda

    Reply
  • Dilshan Chathuranga

    meka ganna beriyooooooooooooo..

    Reply
  • Sub eka download wenne nane..

    Reply
  • යේ…..යේ………තෑන්ක්ස් අක්කි සබ් එකට..මේක දෙනකං මග බලාගෙන හිටියෙ.. ජයෙන් ජය……..

    Reply
  • Dinuka Jayasekara

    තැන්කූ අක්කියෝ…

    Reply
  • M.B.H.M Marasinghe

    Thanks Nirmani akke, sub ekath niyamai..a wagema HC HD copy ekath hd rip copy 1k taram hodama mattame tiyenawa..

    Reply
  • math gatta onna. subata thuthi nimo……

    Reply
  • This is my favourite movie already. Love Wonder Woman so much. Thank you very much for subtitles.

    Reply
  • ලක්ෂාන් පියුමන්ත

    ශා DC කොමික්ස් වලට පිස්සු වැටිලා ඉන්න ගෑනු ළමයෙක් දැක්කමයි …
    sub ඒකට නම් ගොඩක් ස්තුතියි….
    ඒවගේම කියන්න ඕනේ මේකේ ප්‍රධාන චරිතෙත් නිලියක් ,direct කරෙත් ගැහැණු කෙනෙක් ,ඒවගේම sub එකත් ගැහැණු කෙනෙක් wow කියලා වැඩක් නෑ ….ෆිල්ම් එක නම් cinema එකේ බැලුවා…මොකද ඉවසන් ඉන්න බැරිම නිසා gal gadot ගේ වැඩ කිඩ ආයෙත් වතාවක් බලන්න …ඒවගේම DC වලට පට්ට ආසයි…ඔයාට ආයෙත් ස්තුතියි සබ් එක කරාට yify එකෙන් 1080p එකක් දාන කන් බලන්නේ නෑ ….කතාව නම් සුපිරියි ඒවගේම අක්කේ ඔයාගේ ලිපියත් එළකිරි…
    තව සබ් කරන්න ශක්තිය ලැබෙන්න කියලා wish කරනවා…

    Reply
    • Torrents now got good copies of this movie. I downloaded one.

      Reply
      • i want torrent link please

        Reply
      • ලක්ෂාන් පියුමන්ත

        I can’t even wait for this …as well as you guys ..to watch it again and again……
        I’ll put a link for those who want a good copy..
        But I’m waiting for the yify copy..Cause they provide the best quality with best sound for free..so anyway thanks for the information…this means alot

        Reply
  • thanks. baganna site ekak nethi eka thamai awla

    Reply
  • thanks akke sub akata br apuwn ikmnta update kranna .

    The Lost City of Z 2016,0kja 2017 me2ta puluwannam kawru hri sub dennako.

    Reply
  • Hima Benaragama

    bohoma sthuthi akke…

    Reply
  • ආපු ගමන්ම සබ් ගත්තට දැන් තමා කමෙන්ට් එකක් දාන්නේ.සීරියස් DC ෆෑන් කෙනෙක් වෙච්ච මට මේකේ Br එකක් එනකන් ඉන්න පුලුවන්ද පිස්සු කතා කරනවා. වොන්ඩර් වුමන්ට ගැල් අක්කව නම් පට්ටෙට සෙට් වෙනවා.ෆිල්මුව නම් ගින්දර.sub දාපු නිර්මානි අක්කටත් බොහොම ස්තූතියි.

    Reply
  • Sasitha Asaranga

    Suggestion: eka page ekakata adala baiscopedownloads eke link eka me page ekata demma nam hodai

    Reply
  • ඔන්න ගත්තා මාත්…තැන්කු කිවා හොදේ……

    Reply
  • ධනංජය

    මමත් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලාගෙන ඉදියෙ මේක එනකන්. තවත් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලාගෙන ඉන්නවා Blu Ray එනකන්. උපසිරසිට ස්තුති…

    Reply
  • download link ekak nadda?

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට…
    කවුරුහරි බාලා ගේනකල් ඉඳලා බලන්න ඕන. අංගිරිසි නම් ටිකක් බැලෙනවා අඩුයි. 😛
    දිගටම සබ් දෙමු ආ…. ලිපියත් මරු චාමර අයියේ…
    ඔබට ජය!

    Reply
  • උපසිරැසියට බොහෝම, බෝහෝම, බෝහෝම ස්තුතියි නිර්මාණි අක්කෙ.. බෝහෝම ස්තූතියි ලිපිය ටත් චාමර සහෝ.. ❤️

    Reply
  • සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
    DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
    මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
    සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා.

    Reply
  • thanx dear. 1080 awama balanawa.

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • free download Movies
    FreeFilmz .com
    Lankawe ekak

    Reply
  • බොහොම ස්තුතියි නිර්මාණි අක්කෙ උපසිරසට…
    ලිපියට ස්තුතියි චාමරට…
    කිව්වත් වගේ මේක කාන්තාවක් අතින්ම උපසිරසත් ගැන්නුව නිසා බොහොම විශේෂයි…
    BR ආපු ගමන් බලනවා…
    එහෙමනම් තවත් උපසිරසකින් හමුවෙමු…

    Reply
  • escape the night tv-series එකට සබ් දෙන්නකෝ…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kelum chathuganga abeysekara

    thanks

    Reply
  • Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි අක්කේ උපසිරැසට:::::::
    අම්මෝ මේක එනකම් අර කියුවා වගේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලන් හිටියේ..! කෝ අප්පා අර DC එක පතුරු ඇරපු මහත්තුරු ටික. ඒ කට්ටියට කනට ගැහුවා වගේ තමයි… මෙතෙක් මම දැකපු හොදම ඔරිජින් ස්ටෝරි එක. මේ තරම් හොදට අනිත් සමාගමටනම් ලගා වෙන්න බැරි උනා..අදායමෙන් විතරක් නෙමෙයි,රේටින්ග්ස් වලිනුත් ඒ දේ හොදට පැහැදිලි වෙනවා. Gal මේ චරිතෙට ගැලපෙන්නේ නෑ කියලා කියපු උදවියටත් හොද පිලිතුරක් ඇය දීලා තියේ.මීට වඩා හොද ඩයනා කෙනෙක් වෙන කොහෙද..! කාන්තාවක් අධ්‍යක්ෂණය කරලා වැඩිම අදායමක් ලබපු චිත්‍රපටය ලෙස වාර්තාව පොත් අතරටත් එක් වෙලා ඉවරයි.. ඩයනා හොද ආරම්භයක් දුන්නා.. දැන් ඉතිං JL එනකම් ඉවසීමක් තමයි තියෙන්නෙ..! නිර්මාණි අක්කගේ උපසිරැසටත්,චාමර සහෝගේ ලිපියටත් නැවත වතාවක් බොහොම ස්තුතියි!
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

    Reply
  • බුදාම්මෝඕ….. හම්මේහ් ඉටිම් ඩයනා. මගෙ යාලුවයි මායි පිස්සො දෙන්නෙක් පිස්සො දෙන්නෙක් වගේ එනකල් බලන් ඉඳලා පිස්සො දෙන්නෙක් පිස්සො දෙන්නෙක් වගේ ගිහින් කොල්ලුපිටිය ස්කූප් එකේ කට ඇරන් මුල සිට අගට ලොවෙත් බලපු ගින්දර සළරුව තමයි මේ ඇවිත් තියෙන්නෙ බැබලි බැබලි.
    මේවා ආයෙ බලන්නෙ බී ආර් ටෙන් එයිටි පී බාලා තමයි අනිවා.
    වොන්ඩර් වුමන් එක කාන්තා පාර්ශවයටම ගිය කතාවක්.
    මේන් රෝල් එක කාන්තාවක්.
    ඩිරෙක්ටර් කාන්තාවක්.
    සිංහල උපසිරැසියත් කාන්තාවකගෙන්. එලම එලම…… උපසිරැසියට බොහොම ස්තුතියි සිස්. දිගටම කරගෙන යමු. එල.

    Reply
  • nirodha uthpala

    Subata thx sis brrip eanakan meka allanne na kiyala hituwata hita hadaganna amarui fast baluwa vage mekath baluwa. …..digatama denna labeva keya hadavatinma partana karanava sis

    Reply
  • niayamai…enakm balan hitiye…eth ithin hoda copyak enakm innwa…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    හොද කොපියක් ආවම බලනවා
    daන් එහෙනම් ඔක්කොම තරුනියන්ටම ගියානේ
    ….
    හි …………………………..

    Reply
  • thnku wewaaa akke
    Brrip ek enkm iwasillak na dn

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා..!!

    Reply
  • Thank you
    the fate of the furious film eke br rip ekata sub update karannako

    Reply
  • BR එනකම් ඉවසන්ඩ බෑ…දැන්ම බලන්න ඕනි

    Reply
  • Bohoma sthuthi sub ekata…

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • මේක නම් අල්ලන්නේ නැහැ BR කොපියක් එනකන්. බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට.. දිගටම වැඩේ කරගෙන යමු සහෝ. ජය !

    Reply
  • නිර්මාණි අක්කගේ සබක් නොබල ඉන්නෙ කොහොමෙයි!
    ඔන්න ගත්ත..
    බොහෝම ස්තූතී සබ් එකට අක්කේ 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *