Watch Trailer

Wonder Woman: Bloodlines (2019) Sinhala Subtitles | මෙඩූසාට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් DC ඇනිමේටඩ් ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවෙ. ඒවගේම මේක තමයි මේ අවුරුද්දෙ රිලීස් වෙන අවසාන DC ඇනිමේටඩ් ෆිල්ම් එක. ඒ තමයි Wonder Woman Bloodlines (2019). වන්ඩර් වුමන්ගෙ රිලීස් වුණ දෙවෙනි ඇනිමේටඩ් ෆිල්ම් එක තමයි මේක. මීට අවුරුදු දහයකට කලින් තමයි වන්ඩර් වුමන් නමින් මුලින්ම ඇනිමේටඩ් චිත්‍…

ඔන්න එහෙනම් තවත් DC ඇනිමේටඩ් ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවෙ. ඒවගේම මේක තමයි මේ අවුරුද්දෙ රිලීස් වෙන අවසාන DC ඇනිමේටඩ් ෆිල්ම් එක. ඒ තමයි Wonder Woman Bloodlines (2019). වන්ඩර් වුමන්ගෙ රිලීස් වුණ දෙවෙනි ඇනිමේටඩ් ෆිල්ම් එක තමයි මේක. මීට අවුරුදු දහයකට කලින් තමයි වන්ඩර් වුමන් නමින් මුලින්ම ඇනිමේටඩ් චිත්‍රපටයක් රිලීස් වෙන්නෙ. ඉතින් ෆිල්ම් දෙකේනම් කිසිම සම්බන්ධයක් නැහැ. හරි එහෙනම් ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමුකෝ.

මේ ෆිල්ම් එකේ වන්ඩර්වුමන්ගෙ ඔරිජින් එකයි (Justice League War එකට කලින්) තෙමිස්කීරාව ආක්‍රමණය කරන මෙඩූසාව පරාජය කරන එකයි (Justice League War එකට පස්සෙ) තමයි විස්තර කරන්නෙ.මේ ෆිල්ම් එක 2019 ඔක්තෝබර් 5 වෙනිද තමයි රිලීස් වුණේ.පැය එකයි විනාඩි විසි තුනක් දිවෙන මේ චිත්‍රපටය Animation, Fantasy ගණයට තමයි අයත් වෙන්නෙ.මේකත් අධ්‍යක්ෂණය වෙන්නෙ Justin Copeland, Sam Liu දෙදෙනා අතින්. ඉතින් මේ ෆිල්ම් එකේ වන්ඩර් වුමන්ගෙ විලන්ල කීප දෙනෙකුත් ඉන්නව.

1. මෙඩූසා

මෙඩූසා කියන්නෙ ග්‍රීක මිත්‍යාවක්. නමින් නොදන්නව වුණාට රූපයක් දැක්කොත් ඕනෙ කෙනෙක් මෙඩූසව අදුරනව. ඒ මොකද කියනවනම් මෙඩූසා කියන චරිතය ඉංග්‍රීසී චිත්‍රපට වල ඕනෙ තරම් දැකල තියෙනව. DC Comics වෙනුවෙන් මෙඩූසා චරිතය නිර්මාණය කරන්නෙ Robert Kanigher සහ Ross Andru කියන දෙදෙනා විසින්. ඒවගේම මෙඩූසව මුලින්ම ලෝකයාට හදුන්වල දෙන්නෙ 1965 අප්‍රේල් වල එළි දක්වපු Wonder Woman #153 කියන චිත්‍ර කතා පොතෙන්. මෙඩූසට තියෙන බලය තමයි ඕනෙ කෙනෙක්ව එයාගෙ ඇස් දිහා බලන්න කියල පොළබවන්න පුලුවන්. කාටවත් ඒ පෙළඹවීමෙන් බේරෙන්න බැහැ. ඒවගේම එයාගෙ ඇස් දෙක දිහා බලපු ගමන් ජීවමාන ඕනෙම සත්වයෙක් ගලක් බවට පත්වෙනව. ඉතින් මේ ෆිල්ම් එකේ මෙයත් එක්ක තමයි වන්ඩර් වුමන් අන්තිම වලිය යන්නෙ.

2.චීටා

DC ඇනිමේටඩ්ෆිල්ම් බලලතියෙනවනම් චීටව අනිවාරෙන් දැනගන්න ඕනෙ. මොකද වන්ඩර් වුමන් ඉන්නව කියන්නෙ එතන අනිවාරෙන් චීටත් ඉන්නව. මේ දෙන්න ඒ තරමටම ජම්මාන්තරයි. චීට කියන චරිතය නිර්මාණය කරන්නෙ William Moulton Marston විසින්. චීටව මුලින්ම ලෝකයා අතරට එන්නෙ 1943 එළිදක්වපු Wonder Woman #6 කියන කොමික් පොතෙන්. ඉතින් මෙයාට තියෙන හැකියාව තමයි සුපිරි වේගය සහ සුපිරි ශක්තිය. ඒවගේම බිළාල පවුලේ සත්තුන්ට තියෙන හැම හැකියාවක්ම මෙයාට තියෙනව. ඒවගේම 2020 රිලීස් වෙන්න තියෙන Wonder Woman 1984 ෆිල්ම් එකේදි අපිට චීටව Live-Action බලාගන්න පුලුවන්.

3. සිල්වර් ස්වෝන්

වන්ඩර් වුමන්ගෙ කොමික් වල සිල්වර් ස්වෝන්ල ගොඩ දෙනෙක් ඉන්නව. වැනීසා කැප්ටලිස්ට් එහෙමත් නැත්තන් තුන්වන සිල්වර් ස්වෝන් තමයි මේ ෆිල්ම් එකෙන් අපි අතරට එන්නෙ.මුල්ම සිල්වර් ස්වෝන්ව හදුන්වල දෙන්නෙ 1982 Wonder Woman (volume 1) #288 කියන චිත්‍ර කතාවෙන්. ඒවගේම තුන්වන සිල්වර් ස්වෝන්ව හදුන්වල දෙන්නෙ 2001 Wonder Woman (volume 2) #171 කියන චිත්‍ර කතාවෙන්. මේයාට තියෙන හැකියාවන් තමයි පියාසර කිරීම, සුපිරි ශක්තිය වගේම කෑගැසීම මගින් අධි ධ්වනි තරංග යැවීමේ හැකියාව. (බ්ලැක් කැනේරි වගේ).

4. ඩොක්ටර් සයිබර්

ඩොක්ටර් සයිබර්ව නිර්මාණය කරන්නෙ Dennis O’Neil, Mike Sekowsky සහ Dick Giordano කියන තුන්දෙනා විසින්. ඒවගේම මෙයාව මුලින්ම හදුන්වා දෙන්නෙ 1968 නොවැම්බර් වල රිලීස් වුණ Wonder Woman #179 කියන චිත්‍ර කතාවෙන්. මෙයාට තියෙන හැකියාවන් තමයි ශරීරය සන්නාහයක් ලෙස ක්‍රියා කිරීම, සතුරන්ගේ ප්‍රහාර වල ශක්තිය උරාගෙන නැවත පිට කිරීම, අත් දෙකෙන් ශක්ති තරංග යැවීම, එයාගේ ආයුධ දුරස්තව පාලනය කිරීමේ හැකියාව.

5. ඩොක්ටර් පොයිසන්

ඩොක්ටර් පොයිසන්වනම් ගොඩ දෙනෙක් අදුරනව ඇති. මොකද මෙයා Wonder Woman (2017) ෆිල්ම් එකේ ඉන්නව. පොයිසන් චරිතය නිර්මාණය කරන්නෙ William Moulton Marston සහ Harry G. Peter කියන දෙදෙනා විසින්. මුලින්ම ලෝකයා අතරට එන්නෙ 1942 පෙබරවාරි වල Sensation Comics #2 කියන චිත්‍ර කතාව තුලින්. මෙයාට තියෙන හැකියාවන් තමයි රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව ගැන විශේෂඥයෙක්, ඒවගේම මෙයාට විෂ, රසායනික ද්‍රව්‍ය, ඇසිඩ් වගේ දේවල් වලින් ආයුධ හදන්න පුලුවන්.

6.ජයිගන්ටා

ඔයාල superman batman public enemies (2009) බැලුවනම් ජයිගන්ටව පොඩි කෑල්ලක් දකින්න ඇති.ජයිගන්ටා කියන්නෙ හෙණ කාලෙක ඉදන් ඉන්න වන්ඩර් වුමන්ගෙ හතුරෙක්. සුපුරුදු පරිදි ජයිගන්ටා චරිතය නිර්මාණය කරල තියෙන්නෙත් William Moulton Marston විසින්. මුලින්ම හදුන්වල දීල තියෙන්නෙ 1944 Wonder Woman (Vol. 1) #9 කියන චිත්‍ර කතාවෙන්. මෙයාට පුලුවන් එයාගෙ ශරීරයේ භෞතික ප්‍රමාණය විශාල කරගන්න. ඒවගේම සුපිරි ශක්තියක් තියෙන දක්ෂ විද්‍යාඥයෙක්.

හරි එහෙනම් ෆිල්ම් එකේ ඉන්න විලන්ල ගැන කිවුව ඇතිනෙ. මේකෙ වෙන්නෙ වන්ඩර් වුමන් තෙමිස්කීරාව දාල ආවට පස්සෙ එයාට දූපත තියෙන තැන අමතක වෙනව. ඉතින් ඔය අතරෙ ඩොක්ටර් පොයිසන් සහ සයිබර් හදන්නෙ තෙමිස්කීරාව ආක්‍රමණය කරල ඔවුන්ගේ තාක්ෂණය මංකොල්ල කන්න. එයාල ඒ වෙනුවෙන් වෙනම ආයුධයක් පවා හදනව. ඉතින් පොයිසන් සහ සයිබර් තෙමිස්කීරාව ආක්‍රමණය කරයිද? මොකක්ද මේ ඔවුන්ගේ අලුත් බලසම්පන්න ආයුධය? සිල්වර් ස්වෝන් කියන්නෙ කවුද? ඇමසන්ල යුද්ධය පරදියිද? වන්ඩර් වුමන්ට දූපත තියෙන තැන අමතක වෙන්නෙ ඇයි? ඒ ටික ඔයාල ෆිල්ම් එක බලලම හොයාගන්න.

ෆිල්ම් එකට හඩ කැවීමෙන් දායක වෙන්නෙ මේ අය.

  • Marie Avgeropoulos – Silver Swan / Vanessa Kapatelis (voice)
  • Kimberly Brooks – The Cheetah / Giganta (voice)
  • Ray Chase – Lead Bandit (voice)
  • Rosario Dawson – Wonder Woman / Princess Diana (voice)
  • Jeffrey Donovan – Steve Trevor (voice)
  • Michael Dorn – Ferdinand (voice)
  • Mozhan Marnò – Dr. Cyber (voice)

එහෙනම් මම ගිහින් එන්නම්. තවත් උපසිරසියකින් හමුවෙමු. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.

– Great Hera! –

https://www.youtube.com/watch?v=Adj5dtSKF8U

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB | Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

9,974 downloadsDownload Wonder-Woman-Bloodlines-2019-BR.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,974 downloadsDownload Subtitles67 KB

55 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    The Death and return of Superman (2019) එකටත් සබ් දෙන්න බ්‍රෝ.. ;)
    ජය වේවා.!

    1. Chämàrá Sâmpáth

      ඔතන තනි ෆිල්ම් එකක් නැහැ. දෙකක් තියෙන්නෙ. The Death of Superman කියන එක 2018 ආවා. අනික Reign of the Supermen ඕක මේ අවුරුද්දේ ආවා. ඔය දෙකම එකට එකතු කරලා තමයි මේ අවුරුද්දේ Batman Day එක කිට්ටු කරලා The Death and Return of Superman ඔහොම එකක් රිලීස් කලේ. මේකෙ තියෙන්නෙත් අර කලින් කිව්ව ෆිල්ම් දෙකමයි. අඩුත් නැහැ වැඩිත් නැහැ. ඒ නිසා අපි ඕකට සබ් දෙන්නෙ නැහැ. දෙපාරකට ආව ෆිල්ම් දෙක අරගෙන බලන්න. ඒ දෙකටම සබ් දීලා තියෙන්නෙ.

  2. Dilshanmc

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

    1. sacheee35

      උපඋපසිරැසි වලට ස්තූතියි.....මේක දෙනකන් බලාගෙන හිටියේ

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. tharushisajeewani

      Ane mata films download karanna baneee

  5. ඔෂද ධනංජය

    ස්තූතියි සහෝ

  6. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...මේවානම් නොබලා ඉන්නේ නෑ කවදාවත්...ජය වේවා..බුදුසරණයි...පුලුවන්නම් සබ් දීලා නැති කලින් ආවා DC ඇනිමේටඩ් ටිකට සබ් දෙන්න!

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  9. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්.....
    සබ් එක දෙනකම් බලන් හිටියේ...

  10. Asitha.pramoth

    බොහොම ස්තූතියි. ජය

  11. DilanDilshan

    thankz...jaya wewa.

  12. Ayesh Prashan

    Thank You

  13. Inoka86

    ස්තූතියි ඔබට

  14. subodha

    Thanks

  15. ප්‍රශාත් මදුෂංක

    thanks saho

  16. ptcjine

    supiri bro thanks sub ekata

  17. aks

    Thanks...

  18. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  19. arawindasunimal

    sachin dilhara thanks sub ekata jayawewa..................

  20. roshankumaraherath

    thanks broo sub ekata suba dawasak

  21. Dewadithya

    Thanks for Sub!

  22. Ravindu Rukshan

    thx

  23. Sajithlakshan

    thanks ..................

  24. Amila Akalanka

    Thanks

  25. YasasPerera

    thank you very much bro..

  26. Shehan putha

    Thanks bro
    Great hera!

  27. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  28. wajira

    Thanks for sub

  29. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. yeshu

    tnx

  32. harris

    Thnks bro sub ekata

  33. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  34. sachiravihanga

    thank you saho

  35. Rumesh Asanka

    thank you

  36. Anu

    Thanks bro...

  37. ƊinṲka

    සබට තුති

  38. podda

    thanks bro!!!

  39. pchapura

    thank u for sub.

  40. Gayan_madushanka_

    Thanks bro

  41. Myeccount

    Thanks සහෝ..

    1. dumindu9701

      Sub ekata thanks bro

  42. joh

    thanks a lot bro...

  43. rockz2020

    බොහොම ස්තූතියි!✌
    ❤❤❤❤ජය වේවා!!!!❤❤❤❤

    The Guardian Brothers (2016)
    Checkered Ninja (2018)
    The Littlest Reindeer (2018)
    Minuscule Adventure (201

  44. Thanura Anuradha

    සුපර්බ් මචං ,හැමදාම සබ් ගන්නව අද තමා කමෙන්ට් එකක් දැම්මේ සුපිරි පෝස්ට් එක මචං

  45. සහන් කෞෂල්‍යය

    Thanks..............

  46. Tharindu Athukorala

    tnx

  47. abiman138

    Thankyou brother

  48. prasanga sanjeewa

    thankss....

  49. Amila Mudalige

    Sub ekata Thanks

  50. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.... ජය වේවා....❤️❤️❤️

Load more comments