MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඉංග්‍රීසිඑළචිත්‍රපටිජෙරෝම් වැලස්කාබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිළමයින්ටෆැන්ටසි

Fantastic Beasts and Where to Find Them (2016) Sinhala Subtitles | නැවතත් මායා ලෝකයේ සැරිසරමු… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 167 votes.
Please wait...

Fantastic Beasts and Where to Find Them (2016)

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම සවිස්තරාත්මක ලිපියක් අරගෙන ආවා. කලින් ලිපියෙ කිවුවා වගේම මේක මං භාරගත්ත එකක් නෙවේ. රොයිලි අයියා කරන්න හිටපු එකක්. ඉතින් කොහොම හරි යටි හිතෙ තිබ්බ අදහසක් තමා ඉශ්ඨ වුනේ. එහෙනම් ලිපිය බලමුකො.

කවුද හැරී පෝටර්ව නොදන්නෙ. නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ. ඒ තරමටම හැරී පෝටර් චරිතය සිනමාපට ලෝලීන් වෙන අපේ ජීවිතත් එක්ක බැඳිලා. හැරී පෝටර් කියන්නෙ පොත් මාලාවක් වුණත් මං දන්නවා හුඟක් අය එයාව අඳුනගත්තෙ සිනමාපට මාලාව හරහායි. මාත් පොත කියවලා නෑ, සිනමාපට මාලාව තමා බලලා තියෙන්නෙ. මතකනෙ ඒ දවස් වල අපි කොච්චර ඒ චරිත වලට ආදරේ කලාද කියලා. හැරී, හමයිනි (ඕනම කොල්ලෙක්ගෙ මුල්ම ලව් එක ), රොන් එකතු වෙලා මායා පාසලේ මැජික් ඉගෙනගත්ත හැටි, හැංගිලා තිබ්බ රහස් හොයාගෙන යන හැටි, වොල්ඩර්මෝට් එක්ක සටන් කරපු විදිහ ඇස් ඇරගෙන නොකා නොබී බලාගෙන හිටපු හැටි මතක ඇතිනෙ? හැරීගෙ වගේ මායා යෂ්ඨියක් කියලා කෝටු කෑල්ලක් අරගෙන වින්ගාඩියම් ලෙවියෝසා කියලා ගෙදර තිබ්බ බඩු මුට්ටු එහෙම පාකරන්න බැලුවා මතක ඇතිනෙ (අදටත් ඉඳලා හිටලා ඔය වගේ වැඩ නොකරනවා නෙවෙයි ඉතින්. :3 ). කොච්චර නම් හීන දකින්න ඇතිද හොග්වර්ට්ස් වලට යන්න. අනේ ඇත්තටම මෙහෙම ලෝකයක් අපිට පේන්නෙ නැතුව තියෙනවා වත්ද දන්නෙ නෑ කියල හිතිච්ච වාර ගණන අනන්තයි. ඒ තරමටම අපි ඒ කතාවෙ තියෙන දේවල් වලට, චරිත වලට ආදරේ කරන්න ගත්තා. ඉතින් ඔන්න 2011දි Deathly Hallows Part 2 එක බැලුවට පස්සෙ අවුරුදු 5කින් අපිට ආයෙමත් හැරී හිටපු මායා ලෝකයේ සැරිසරන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. ඒ Fantastic Beasts and Where to Find them සිනමාපටයත් එක්ක. හැබැයි මේ සිදුවීම වෙන්නෙ හැරීගෙ කාලෙට කලින් කාලෙ. හරියටම කියනවා නම් 1926 වර්ශයේ. හැරී පෝටර් සිනමාපට මාලාව වගේම මේ සිනමාපටයටත් පාදක වෙන්නෙ J.K.Rowling නම් කතුවරිය විසින් ලියන ලද Fantastic Beasts and Where to Find Them නම් පොතයි. හැබැයි මෙන්න මේ “පාදක කරගෙන” කියන කතාව කියපු ගමන් කට්ටියට හිතෙන දේ නෙවෙයි ඇත්තටම මෙතනදි වෙන්නෙ. මං දන්නවා දැන් කට්ටියට හිතෙන්නෙ මේ ෆිල්ම් එකත් හදලා තියෙන්නෙත් හැරී පෝටර් ෆිල්ම් සෙට් එක වගේ පොතේ තියෙන කතාවට අනුව කියලයි. ඒත් ඇත්තටම මේ පොත එහෙම පොතක් නෙවෙයි. මේක හරියට අපි 1, 2 වසරෙ ඉගෙන ගන්නකොට අපිට ස්කෝලෙන් දෙන පෙලපොතක් වගේ පොතක්. හොග්වර්ඩ්ස් වල මුල් අධ්‍යයන වර්ශයේදි පාවිච්චි කරන පෙල පොතක් විදිහට මේක නිර්දේෂ කරලා තියෙනවා. මේ පොතේ තියෙන්නෙ හැරී පෝටර් විශ්වයේ ඉන්න මායා සත්තු ගැන විස්තර. මේ පොතේ හැරී පෝටර් විශ්වයේ ඉන්න මායා සත්තු 50කට වැඩි ප්‍රමානයක් ගැන විස්තර ඔයාලට කියවන්න පුලුවන්. විශේෂ කාරණයක් තමයි මේ පොත ලියලා තියෙන්නෙ J.K.Rowling වුනාට පොත පාඨකයින්ට නිකුත් කරලා තියෙන්නෙ නිව්ට් ස්කමැන්ඩර් කියන කල්පිත ලේඛකයාගේ නමින් කියන එක. මේ ලේඛකයා තමයි මේ සිනමාපටයේ ප්‍රධාන චරිතය වෙන්නෙත්. තවත් විශේෂ කාරණයක් තමයි මේ පොත පාඨකයන් අතට ලබෙන්නෙ හැරී පාවිච්චි කරපු පොතේ පිටපතක් විදිහට. ඒ නිසා මේ පොතේ සමහර තැන් වල හමයනි, රොන් එහෙම ලියපු එක එක විහිලු දේවල් එහෙමත් දකින්න පුලුවන්. අන්තර්ජාලයෙන් ඩවුන් කරගෙන කියෙව්වට පාඩුවක් නෑ. ඩම්බල්ඩෝගෙ පෙරවදනකුත් තියෙනවා ඒ පොතේ. ඒකෙ කියන විදිහට හැබැයි මේ පොත සල්ලි නොදී හොරෙන් ඩවුන්ලොඩ් කරගෙන එහෙම බැලුවොත් ඔන්න ඒ වගේ අයට වදින්න ඒ පොතේ “හොරාගෙ සාපය” කියලා සාපයක් කරලා තියෙනවලු. ඒ නිසා ඔන්න සල්ලි නොදී කියවනවා නම් බලාගෙනයි. ඉතින් ඔන්න ඔය පොත ලියන්න, මායා සත්තු ගැන අධ්‍යයනය කර කර යන අතරතුරේ වෙච්චි අකරතැබ්බයක් තමා මේ සිනමාපටයෙදි පෙන්නන්නෙ. මේ සිනමාපටය IMDb අගය 7.7ක් අරගෙන තියෙනවා. 2016 වසරෙ ආව සාර්ථක සිනමාපටයක් කියලා කියන්න පුළුවන්. රෝලිනුත් මේ සිනමාපටයෙ තිර රචකයා විදිහට සම්බන්ධ වෙන නිසා සිනමාපටය සාර්ථකව හැදෙන්න හේතුවක් කියලා කියන්න පුළුවන්.

ප්‍රධාන චරිතය වෙන මං කලින් කිවුව නිව්ට් ස්කමැන්ඩර් විදිහට සිනමාපටයෙදි අපට හම්බවෙන්නෙ The Theory of Everything, Jupiter Ascending, වැනි සිනමාපට හරහා අපි දැක්ක එඩී රෙඩ්මේන්. ටීනා ගෝල්ඩ්ස්ටයින් විදිහට කැතරින් වෝටර්ස්ටන් ද, ජේකොබ් කොවල්ස්කි විදිහට ඩෑන් ෆොග්ලර් ද, කුයීනි ගෝල්ඩ්ස්ටයින් විදිහට ඇලිසන් සුඩොල් ද, පර්සිවල් ග්‍රේව්ස් විදිහට කොලින් ෆැරල් ද, ක්‍රීඩන්ස් බෙයර්බෝන්ස් විදිහට එස්රා මිලර් ද, ගෙලට් ග්‍රින්ඩ්ල්වෝල්ඩ් විදිහට සුපිරි නළු ජොනී ඩෙප්ද අපිට මේ සිනමාපටය තුල දැකගන්න පුළුවන්. සිනමාපටය අධ්‍යක්ෂණය වෙන්නෙ අවසාන හැරී පෝටර් සිනමාපට හතර සහ 2016 වසරේම ආව The Legend of Tarzan සිනමාපට අධ්‍යක්ෂණය කළ ඩේවිඩ් යේට්ස් නම් අධ්‍යක්‍ෂකවරයා විසිනුයි.

කතාව ගැන නම් කියන්න ඕන නැති වෙයි. මොකද මං කිවුවා ඉස්සෙල්ලා මේක නිව්ට්ට අත් විඳින්න වෙච්ච අකරතැබ්බයක් කියලා. කතාව ඔයාලටම බලන්න ඉඩදීලා ඊට වඩා වැදගත් වෙන කරුණු ටිකක් මං කියන්නම්.

ප්‍රධාන කාරණය තමා කවුද මේ නිව්ට්? අපි දැන් හැමෝම දන්නවනෙ නිව්ට් තමා කලින් කියපු පොතේ කල්පිත රචකයා කියලා. මතක ඇතිනෙ හැරී පෝටර් සීරියස් එකේ තිබුණ නිවාස හතර. ග්‍රිෆින්ඩෝර්, හෆ්ල්පෆ්, රේවන්ක්ලෝව්, ස්ලිදරින් තමා ඒ නිවාස හතර. ඒ නිවාස හතරෙන් හෆ්ල්පෆ් නිවාසෙට තමා නිව්ට්ව අයිති වෙන්නෙ. ඔයාලා හොඳට බැලුවොතින් ඔයාලට බලාගන්න පුලුවන් අර වරායෙදි එයාගෙ සූට්කේස් එක අරිද්දි ඒක ඇතුලෙ හෆ්ල්පෆ් නිවාසෙට අයිති ස්කාෆ් එකක් පවා තියෙනවා. අන්තිමට ෆිල්ම් එක ඉවර වෙද්දි නැව ළඟ නිව්ට් ඒක කර වටේ දාගෙන ඉන්නවත් දකින්න පුලුවන්. ඔයාලට සිනමාපටය බලන අතරතුරේ අහන්න ලැබෙයි නිව්ට්ව හොග්වර්ට්ස් වලින් එළියට දැම්මා කියන එක. ඊට පස්සෙ මෙයා මායා අමාත්‍යාංශයේ මායා සතුන් නියාමන සහ පාලන දෙපාර්තමේන්තුවට සම්බන්ද වෙනවා. මෙයාගෙ මුනුපුරෙක් තමා අපි අර හැරී පෝටර් අන්තිම සිනමාපට තුනේදි දැක්ක Luna Lovegoodව බඳින්නෙ. තව විශේෂ කාරණයක් තමයි හැරී පෝටර් තුන් වෙනි සිනමාපටයෙ මරෝඩර්ගෙ සිතියමේ මේ නිව්ට්වත් පෙන්නන එක. ඔයාලා හොඳට බැලුවොතින් හැරීට මුලින්ම මේ සිතියම වීස්ලි සහොදරයො අතින් හම්බෙන වෙලාවෙදි බලාගන්න පුලුවන්. සිනමාපට වලට අමතරව පොත් සැලකුවොතින් හැරී පෝටර් මුල් පොතේ නිව්ට්ගෙ නම සඳහන් වෙනවා කියලා තියෙනවා. ඒ පොත මං කියවලා නැති නිසා හරියටම කියන්න දන්නෙ නෑ. එහෙනම් නිව්ට් ගැන බැලුවා ඇති. අපි අනිත් ප්‍රධානම චරිතෙ වෙන ගෙලට් ග්‍රින්ඩ්ල්වෝල්ඩ් ගැන බලමු.

ග්‍රින්ඩ්ල්වෝල්ඩ් කියන්නෙ ලොකයේ ඉන්න බලවත්ම අඳුරු මායාකාරයින් අතරින් එක්කෙනෙක්. මං දන්න විදිහට මෙයා දෙවනි වෙන්නෙ වොල්ඩර්මෝට්ට විතරයි. මෙයා ඉගෙනගන්නෙ ඩූර්ම්ස්ට්‍රෑන්ග් කියන හොග්වර්ට්ස් වගේම මායා පාසලක. මේ පාසලේම ඉගෙනගත්ත තවත් ශිෂ්‍යයෝ දෙන්නෙක් තමා අපිට හැරී පෝටර් හතර වෙනි සිනමාපටයෙ හම්බෙච්ච ඊගෝ කාකරොෆ්ගෙ පුද්ගලික සහයකයයි වික්ටර් ක්‍රමුයි. ඒ වුණාට මෙයා ඒ පාසලෙදි අඳුරු මායාවන් කරන්න ගිහින් පාසලෙන් එලියට දානවා. ඒ පාසල් කාලයෙදි මෙයා ඩර්ත්ලි හැලොව්ස් ගැන ලොකු උනන්දුවක් පෙන්නනවා. ඒවා හොයාගන්න ආසාවක් ඇති වෙනවා. පස්සෙ පාසලෙන් එලියට දැම්මහම මෙයා ඩර්ත්ලි හැලෝව්ස් ගැන විස්තර හොයද්දි එයින් එකක් වෙන අදෘශ්‍යමාන කබාය අයිති වුන කෙනාගෙ සොහොන ගොඩ්‍රික් හොලෝව්ස් වල තියෙනවා කියලා මෙයාට දැනගන්න හම්බෙනවා. ඔව් ගොඩ්‍රික් හොලෝව් කියන්නෙ හැරීගෙ ගම කියන එක මතක ඇතිනෙ. ඉතින් ඊට පස්සෙ මෙයා ගොඩ්‍රික් හොලෝව්ස් වල ඉන්න එයාගෙ ලොකු නැන්දා වෙන බැතිල්ඩා බැග්ශොට් ළඟට යනවා. ඊට පස්සෙ මෙහෙදි තමා මෙයාට ඩම්බල්ඩෝව හම්බෙන්නෙ. දෙන්නම දක්ෂ මායාකාරයෝ නිසා හොඳම යාලුවො වෙනවා. හැබැයි රොලින්ග් වතාවක් කියලා තියෙනවා ඇල්බස් ළඟ ග්‍රින්ඩ්ල්වෝල්ඩ් ගැන නිකන් ආදරයක් වගෙත් ඇති වෙලා තියෙනවා කියලා. කොහොම නමුත් දෙන්නම එකතු වෙලා මායාකාරයින් පාලනය කරන අලුත් ලෝකයක් හදන්න කියලා හිතාගෙන වැඩ කරනවා. ඒ වගේම දෙන්නා එකතු වෙලා ඩර්ත්ලි හැලොව්ස් තුන එකතු කරන්නත් සැලසුම් කරනවා. නමුත් ඇල්බස්ගෙ මල්ලි වුණ ඇබෆෝත් ඩම්බල්ඩෝර් මේ දෙන්නගෙ මේ වැඩෙට කැමති වෙන්නෙ නෑ. එයා බයවෙනවා මේ වැඩේ නිසා එයාගෙ කම්පනයට පත් වෙලා ඉන්න අසරණ නංගිව මෙයා දාලා යයි කියලා. ඒ නිසා ඇල්බසුයි, ඇබෆෝතුයි ග්‍රින්ඩ්ල්වෝල්ඩුයි අතර ඇති වෙච්ච සටනක් නිසා අනපෙක්ශිත විදිහට ඒ තුන්දෙනාගෙන් කෙනෙක් අතින් එයාලගෙ නංගි, ඇරියානව මැරෙනවා. ඒ සිදුවීමට පස්සෙ ග්‍රින්ඩ්ල්වෝල්ඩ් ගොඩ්‍රික් හොලෝව් වලින් පැනලා යනවා. ඊට පස්සෙ මෙයා මයිකි ග්‍රෙගෝරෝවිච් කියන මායා යෂ්ඨි නිර්මාණකාරයගෙන් එල්ඩර් වොන්ඩ් එක එහෙමත් නැත්නම් වැඩිමහල් යෂ්ඨිය හොරකම් කරනවා. ඊට පස්සෙ මෙයා මහා විනාශයන් කරන ගමන් අනුගාමිකයන් හමුදාවක් රැස් කරන්න පටන් ගන්නවා. කොහොම හරි අන්තිමට ග්‍රෙන්ඩ්ල්වෝල්ඩ්ව MACUSA එකෙන් අල්ලගත්තට ආයෙම MACUSA එකෙනුත් පැනගන්නවා. ඒ ගිහින් මෙයා, මෙයාගෙ හතුරන්ව හිරකරන්න නර්මන්ගාඩ් කියන හිරකඳවුරක් හදනවා. හුඟක් අය විශ්වාස කළේ මෙයාව නවත්තන්න පුලුවන් එකම කෙනා ඇල්බස් විතරයි කියලා. ඒ වුණත් ඩම්බල්ඩෝ ග්‍රෙන්ඩ්ල්වෝල්ඩ්ව හම්බෙන්න බය වුණා. මොකද එයාගෙ හිතේ තිබුණා නංගිගෙ මරනයට ග්‍රෙන්ඩ්ල්වෝල්ඩ්ට බැන්නට සමහර විට නංගිව මැරුනෙ තුන්දෙනා අතරෙ වෙච්ච සටනෙදි එයා අතින් වෙන්නත් බැරි නෑ කියලා. ඉතින් ඇත්තටම කාගෙ අතින්ද මැරුනෙ කියලා එයාට හොයාගන්න ඕනකමක් තිබ්බෙ නැති නිසයි එයා ග්‍රෙන්ඩ්ල්වෝල්ඩ්ව හම්බෙන්න බය වුනෙ. කොහොම නමුත් අන්තිමේදි ග්‍රෙන්ඩ්ල්වෝල්ඩ් නිසා දුක් විඳින්න වෙච්ච මිනිස්සුන්ගෙ ඉල්ලීම නිසා ඇල්බස් ග්‍රෙන්ඩ්ල්වෝල්ඩ්ව නතර කරන්න තීරණය කරනවා. ඒ සටනෙදි අන්තිමට ඇල්බස් දිනනවා. ඒ නිසා ඊට පස්සෙ එල්ඩර් වොන්ඩ් එකේ අයිතිකාරයා වෙන්නෙ ඇල්බස් ඩම්බල්ඩෝ. ඒ විදිහට තමා ඇල්බස්ට අපි අර හැරී පෝටර් කතා මාලාවෙ දකින එල්ඩර් වොන්ඩ් එක හම්බවෙන්නෙ. ඊට පස්සෙ සටනින් පරාජ වෙච්ච ග්‍රින්ඩ්ල්වෝල්ඩ්ව නර්මන්ගාඩ් කියන එයාම හදපු හිරකඳවුරේ හිර කරනවා. මේ සටන වෙලා අවුරුදු 50කට පස්සෙ වර්ෂ 1998දි මේ හිරකඳවුර ඇතුලෙදිම ග්‍රෙන්ඩ්ල්වෝල්ඩ් වොල්ඩර්මෝට් අතින් මැරුම් කනවා. අපිට ඒක ඩර්ත්ලි හැලෝව්ස් මුල් සිනමාපටයෙදි බලාගන්න පුලුවන් වුණා මතක ඇතිනෙ. ඉතින් ඕක තමා ග්‍රෙන්ඩ්ල්වෝල්ඩ් ගැන සාරාංශ වශයෙන් කියන්න තියෙන්නෙ. තව සවිස්තරාත්මකව විස්තර දැනගන්න ඕන නම් පොඩ්ඩක් අන්තර්ජාලයේ හොයලා බලන්න කියලා ඉල්ලනවා. එහෙනම් දැන් අපි යමුකො සිනමාපටයේ වැදගත්ම කොටසට.

මෙතනින් පස්සෙ කතාවෙ වෙන දේවල් තියෙන නිසා අකමැති අය කියවන්න එපා. ඒ අය ෆිල්ම් එක බලලා ඇවිත් කියවන්න.

“Will we die, just a little?”

සබ් එක කරද්දිත් මට ආව ලොකුම ප්‍රශ්නයක් වුනේ මොකද්ද මේ අභිරහස් ප්‍රකාශය කියන එක. අපි දැනටමත් දන්නවා මේ ෆිල්ම් එකෙන් පස්සෙ තව ෆිල්ම් හතරක් එනවා කියලා. ඉතින් මේ වගේ වාක්‍යයක් නිකම්ම නිකන් වාක්‍යයක් කියලා හිතන්නත් අමාරුයි. මෙයා සමහර විට කියනවා ඇත්තෙ දැන් එක මෙයාට මරන දණ්ඩනය දෙන්න යන නිසා විහිලුවට වගේ වෙන්න ඇති. මොකද කළින් වතාවෙ මෙයා නිව්ට්වයි ටීනවයි කිසිම නඩුවිභාගයක්වත් නැතුව මරණ දණ්ඩනයට නියම කරා ඒත් දැන් මෙයාව මරණ දණ්ඩනයට නියම වෙලා වගේ නිසා. එහෙම නැත්නම් අනිත් කාරණය තමා මෙයා ක්‍රීඩ්න්ස්ගෙ මරනය ගැනද මේ කියන්නෙ කියන එක. මොකද අපි හොඳාකාරවම දැක්කා ක්‍රීඩ්න්ස්ව මැරුවත් අන්තිමට පොඩි කලුපාට කොටසක් එතනින් ඇදිලා යනවා. ඒ නිසා සමහර විට ඒ ගැනද දන්නෙ නෑ කියන්නෙ. අනිත් එක තමා ඩර්ත්ලි හැලෝව්ස්. අපිට හුරු පුරුදු හැරී පෝටර් සිනමාපට වල තියෙන දේවල් කීපයක්ම මේ සිනමාපටයෙදිත් අපිට අහන්න දකින්න ලැබුනා. ඒ එකක් තමා මේ ඩර්ත්ලි හැලෝව්ස්. දකින්න ඇතිනෙ ඩර්ත්ලි හැලෝව්ස් පෙන්ඩන්ට් එක ක්‍රීඩ්න්ස්ට දෙනවා. ඒ කියන්නෙ අපිට නිගමනයක්ට එන්න පුලුවන් ග්‍රින්ඩ්ල්වෝල්ඩ් මේ ඉන්නෙ ඩර්ත්ලි හැලෝව්ස් ටික හොයන ගමන් කියලා. අන්තර්ජාලයේ නම් තිබුනෙ හොයන ගමන් කිවුවට මට නම් පොඩි කොස්සක් එනවා මෙතනදි. මං ඒක පස්සෙ විස්තර කරන්නම් අනිත් වැඩගත්ම නිගමනය තමා ග්‍රින්ඩ්ල්වෝල්ඩ් මේ කියන්නෙ හෝක්‍රක්ස් ගැන වෙන්න පුලුවන් කියන එක. කලින් හැරී පෝටර් කතා ටික බලපු අය දන්නවා ඇතිනෙ හෝක්‍රක්ස් කියන්නෙ මොනාද කියලා. මං ආයෙම විස්තර කරන්න ඕන වෙන එකක් නෑ කියලා හිතනවා. ඉතින් සමහර විට ග්‍රින්ඩ්ල්වෝල්ඩ් එහෙමත් මේ හෝක්‍රක්ස් පාවිච්චි කරනවා කියලා නිකමට හිතන්න පුලුවන්. කොහොම නමුත් තව සිනමාපට හතරක්ම එන්න තියෙන නිසා හොඳ කතාවක් බලාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

මෙතනදි මට කතාවෙ විශේෂයෙන්ම හිතට කාවැදිච්ච තැන් දෙකක් තියෙනවා. මුල් එක තමා නිව්ට් නිව් යොර්ක් වලට ආපු ගමන්ම දෙවනි සේලම්වරුන්ගෙ රැස්වීම ළඟදි මේරි බෙයර්බෝන් මෙයාගෙන් අහනවනෙ “Are you a seeker?” කියලා. එතනදි නිව්ට් උත්තරේ දෙන්නෙ “I’m more of a chaser, really” කියලා. කට්ටියට ක්විඩිච් මතක් වෙන්න ඇති කියලා හිතනවා ඒ දෙබස දැක්කහම. අනිත් තැන තමයි අර ග්‍රෙව්ස් නිව්ට්ටයි ටීනටයි මරන දණ්ඩනය දෙන්න යනකොට ග්‍රෙව්ස්ගෙ මූණ දිහාම බලාගෙන “මං ග්‍රින්ඩ්ල්වෝල්ඩ්ගෙ අන්ධ භක්තිකයෙක් නෙවෙයි” කියන තැන. ග්‍රින්ඩ්ල්වෝල්ඩ්ට යකා නගින්න ඇති. හෙ හේ.

මං කලින් කිවුවනෙ අර ඩර්ත්ලි හැලෝව්ස් හොයන කතාව. හැබැයි මට නම් පේන විදිහට ග්‍රින්ඩ්ල්වෝල්ඩ් දැනටම එල්ඩර් වොන්ඩ් එක හොයාගෙනයි ඉන්නෙ. මොකද දල වශයෙන් අවුරුදු 30ක් වගේ වෙද්දි තමයි ග්‍රින්ඩ්ල්වෝල්ඩ් එල්ඩර් වොන්ඩ් එක හොරකම් කරන්නෙ. ඉතින් එතකොට මේ සිනමාපටයෙදි ග්‍රින්ඩ්ල්වෝල්ඩ්ට වයස 43ක් වෙනවා. ඒ කියන්නෙ මට නම් පේන විදිහට මේ වෙනකොටත් මෙයා එල්ඩර් වොන්ඩ් එක හොයාගෙනයි ඉන්නෙ. එහෙම හිතද්දි සමහර විට ඉස්සරහ සිනමාපටයකදි ග්‍රින්ඩ්ල්වෝල්ඩ් සහ ඩම්බල්ඩෝ අතර තිබුන සටන බලාගන්නත් පුලුවන් වෙයි කියලාත් හිතෙනවා. බලාගෙන ඉමුකො ඉවසගෙන එහෙනම්.

එහෙනම් ඔන්න මං මගේ පුලුවන් උපරිමෙන් සබ් එක දෙද්දි මුලින් පොරොන්දු වුනා වගේ මේ සිනමාපටයට අදාල කරුනු ටික කට්ටිය එක්ක බෙදා හදා ගත්තා. ඉතින් එහෙනම් ඔන්න මං කැපෙනවා. බයිස්කෝප් එන හමෝටම ජයෙන් ජය වේවා!

අදාළ පිටපත්

HD HC

Fantastic.Beasts.and.Where.to.Find.Them.2016.HC.HDRip.XviD.AC3-EVO
Fantastic Beasts and Where to Find Them 2016 HC 720p WEBRip 950 MB – iExTV

Blu-Ray

Fantastic.Beasts.and.Where.to.Find.Them.2016.720p.BRRip.x264.AAC-ETRG
Fantastic.Beasts.and.Where.to.Find.Them.2016.BRRip.XViD-ETRG
Fantastic.Beasts.and.Where.to.Find.Them.2016.BRRip.XViD-EVO
Fantastic.Beasts.and.Where.to.Find.Them.2016.720p.BluRay.x264.ShAaNiG
Fantastic.Beasts.and.Where.to.Find.Them.2016.720p.BRRip.x264-MkvCage
Fantastic.Beasts.and.Where.to.Find.Them.2016.720p.BluRay.H264.AAC-RARBG

Blu-Ray පිටපතට යාවත්කාලීන කරණ ලදී

 

Fantastic Beasts and Where to Find Them (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 70065 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරෝම් වැලස්කා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

187 thoughts on “Fantastic Beasts and Where to Find Them (2016) Sinhala Subtitles | නැවතත් මායා ලෝකයේ සැරිසරමු… [සිංහල උපසිරසි සමඟ]

  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය !

    Reply
  • sub eka supiriyatama thibba… e wagemai lipiyath… sahena prayojanawath wuna..

    Reply
  • සබ් එකටයි ලිපියටයි බොහොම ස්තූතියි සහෝ ලෙසටම තිබ්බා.

    Reply
  • niranjan n hewage

    ela thanks!

    Reply
  • සබ් එකට Tx ජයවෙවා !!!

    Reply
  • Thank you sub ekata niyama film eka

    Reply
  • Narcos mexico tv series eke sub one

    Reply
  • බොහොම ස්තූතියි! ජය වේවා!✌❤
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

    Reply
  • Lakshansilva18

    Thanks for sub

    Reply
  • Nipuna Madhushan

    වල්සේකා එල එකක් ඈ.. මොස්කා පවු ඕයී… වැස්සේ රතු සාරි ඇඳන් නටන්න එපා…! ✌

    Reply
    • Me sub eka weda kranne nane☹️

      Reply
      • Ravindu Heshan - Admin

        Dan wada saho

        Reply
  • මොළ කකුලුස්

    උඩ තියන විස්තර ටික නම් හොදටම හොඳයි..ගොඩක් වටිනව ඒ වැඩේ…subtitles එකත් හොදයි…නොනැවතී ඉදිරියට යමු.. ජය වේවා යාළුව…

    Reply
  • Thilankadissanayake

    thank you

    Reply
  • බොබී

    ඇත්තටම එදා බාගත්තට දැනුයි බලලා ඉවර කළේ. ලිපියේ තියෙන විස්තර ටික කියවන්න ආපහු ආපු ගමනුයි ‌‌මේ කමෙන්ට් කරන්නේ. ලිපිය හුඟක් වැදගත් වුනා ‌මට සමහර ‌දේවල් ‌තේරුම් ගන්න. ‌ඇත්තටම සහෝ, ‌මෙච්චර හැරී ‌පොටර් ‌ලෝකේ ගැන දන්න එකේ ‌ඒ පොත් ටිකත් කියවලා බලන්න. සබ් එක සුපිරියටම තියෙනවා. ‌බොහෝම තුති.

    Reply
  • McMillanStyles

    ස්තුතියි

    Reply
  • Film එකනම් මරැ..ඒවගේම subtitles ත් සුපිරිි..film එක ගැන උඩින් තියන විස්තරය හොදටම හොදයි…

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • Thilina@baiscope

    Thnkz bro….

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..!!

    Reply
  • Nimesha Abhishek

    thanq godaaak me subtitle walata

    Reply
  • ගොඩක් ස්තුතියි උපසිරැසියට..
    ලොකු විස්තරයකුත් තියෙන්නෙ.. කියෙවුවා බාගයක්ම.
    දිගටම උපසිරැසි දෙන්න.
    ජයවේවා..
    තෙරුවන් සරණයි…!

    Reply
  • Dinushi1996

    fantastic best 2 ena nisa mama ait parak baluwa sub
    ekata thankz bro

    Reply
  • Osanda_Viraj

    Crimes Of Grindelwald එකේ HC ආව.Sub Please මචං❤️

    Reply
  • Kavishka_JR

    සහෝ මේකෙ 2nd ෆිල්ම් එකටත් ඉක්මනට සබ් දෙන්නකො.plz..

    Reply
  • Kavishka_JR

    තෑන්ක්ස් සහෝ..

    Reply
  • Tharusha Rukshan

    Sub එකට thanks

    Reply
  • kavinuweerakkody

    සබ් එක නෑනේ???

    Reply
  • Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
    ජය වේවා…
    පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Tnx mchn..me katandarayma petalila tibbe.eth twama tynw godak tan harry potter eke teren nti.tx.

    Reply
  • wishishta perawadanak sthuuthiyi

    Reply
  • බොහොම ස්තූතියි මචෝ උපසිරැසියට…
    මේක යාලුවෙක්ගෙන් දැන්නේ බං හම්බවුනේ. 😛
    ඇවිල්ලා බලද්දී මං කමෙන්ටුවක් දාලා නෑ කියහංකො.
    පට්ට ෆිලුම ඈ…
    දිගටම සබ් දෙමු ආ….
    ඔබට ජය!

    Reply
  • thank you……………………..

    Reply
  • Hima Benaragama

    බොහෝම ස්තුතියි..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!

    Reply
  • මචං harry potter පොත් ටික කියවාහාන්ලා එතකොට හිතේයි movies එකට වඩා පොත හොඳයි කියලා .නියමයි මචං

    Reply
    • Supn Tharinda

      harry potter seiries eka j.k. rowling pattata hadala thiyenwane, avastha sambandhya nm patta. api mei velwe eyata sthuthi karana gamanma me subtitle dunna saman shourath sthuthi vantha venna oni; apita eka pahadiliva therum ganna haki vana lesa sinhala sub haduwata

      Reply
  • Loku wistharayak dila thiyenava. Godakma sthuthi

    Reply
  • සබ් එක කෙසේ වෙතත් දීලා තිබුන විස්තරේ වැදගත්කම නිසා 10ටම vote කරා ඕන්න. තාම film.එක.බැලුවෙ නෑ.
    සබ් එකට බොහෝම ස්තුතියි.. ජයවේවා…!!!

    Reply
  • සුපිරි සහෝ ලිපිය නම් සුපිරිම ජයින් ජයිම වීවා

    Reply
  • thmks saman prasdh ayye sub ekata…….. jaya

    Reply
  • කෝටියක් තැන්ක්ස් සහෝ….

    Reply
  • wadenam supiriyatama karala. Mula idala mathak karala letter ekak dammata thanks bro.

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා.. එනකල් බලාගෙන හිටියේ.. sub වල අවුලක් තියෙනවා වගේ… BR ඒවගේ sub පෙන්නන්නේ නැහැ නේ…

    Reply
  • Godak sthuthei sahodaraya..

    Reply
  • ස්තුතියි සහෝ සබ් එකට,. ජය,.

    Reply
  • Thanks for the sub bro. Keep it up…

    Reply
  • තෑන්x සහෝ සිංහල උපසිරසියට…….

    Great Work……… 🙂 🙂 🙂

    Reply
  • සබට බොහොම ස්තූතියි මචෝ

    Reply
  • කවිඳු ගිම්හාන්

    තැන්ක්ස් මචං සබ් එකට. ඒ වගේම දිග ලිපියක් ලියලා හැමදේම විස්තර කරපු එක නම් පට්ට. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. හැබැයි ඉතින් ඔය අරයගෙ මෙයා, මෙයාගෙ අරයා, අතන හිටපු මේ කෙනා, එදා මෙහෙම වුනා, මෙදාට මෙහෙම වෙන්න තියෙනවා වගේ දේවල් වලට නම් මම කැමති නෑ. :p මොකද ඒවගේ සම්බන්ධ මතක තියාගන්නවට වඩා ෆිල්ම් එක බලලා පොල් බෝනික්කෙක් කාලා නිදාගන්න එක සැපයි. 😀 කොහොම වුනත් ඉදිරියට එන කතා 4ත් සබ් එක උඹෙන්ම මේ වගේ දිග විස්තරයක් එක්ක ලැබෙයි කියලා හිතනවා මචං. ජය… . . !

    Reply
  • දැනුයි මේක බලන්න ගත්තේ,
    සබට බොහොම ස්තූතියි මචෝ 🙂
    ජය!!!

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු වේවා එහෙනම්

    Reply
  • tanx bro YTS eke blurey eka anakam godak kal balan hitiya tanx 😀

    Reply
  • http*://q*.gs*/D*LSlu (තරු සලකුණ අඉන් කර download කරගන්ඩ)

    Reply
  • Thanks bro & all the best..!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…

    Reply
  • ප්‍රදීප්

    සබට තුති

    Reply
  • Amila Mudalige

    Sub ekta Thanks saho

    Reply
  • Web-බුවා

    Hp series එකේ තිබ්බ සමහර magical music tracks update වෙලා හරි ආයේ ඇහෙනකොට දැනෙන සතුට සල්ලිවලට ගන්න බෑ මහත්තයෝ! ඒකෙ වටිනාකම දන්නේ මං වගේම Hp series එකට වැන්ඳ උන් විතරයි. නිකං කිව්වේ ඉතිං දැනුණු සතුටට lol. 😛

    ජය! 🙂

    Reply
  • Nirodha uthpala

    Saman sahodaraya obata jaya

    Reply
  • ඉෂාන් මදුෂ

    බෝහෝම ස්තුතියි සහෝ සබ් එකට
    ජය වේවා!

    Reply
  • D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • Udara Damith B/K

    ho හෝ බ්ලු රේ ඇවිල්ලෝ
    ඇවිල්ලෝ

    Reply
  • DILSHAN KALINGA

    සබට තැන්ක්ස් පූසෝ…

    Reply
  • Subtitle ekta wadiya dila thiyena amathara karunu watinawa. Thanks machan.

    Reply
  • Umba wada nm supiri update ekat dila fatta mcn bohoma sthuti

    Reply
  • BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.

    Reply
  • ela ela balagenama hitiye,,,,,thnx mac,kiyala wadak ne

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි.

    Reply
  • තෑන්ක්ස් සහෝ සෙනිකවම BR අප්ඩේට් කරලා දුන්නට.

    Reply
  • හම්මෝ ඔයාගේ ලිපියෙ දිග. බොහොම ස්තුතියි උපසිරසියට යාළුවා..

    Reply
  • LSM HUSKAA

    thnks ahhhhhhh subata br update krnnako.

    Reply
  • උපසිරසියට බෝහෝම ස්තුතියි සහෝ…………

    Reply
  • thanx mcn sub ekata…
    good luck.

    Reply
  • Teshan Gunawardana

    Thank you very very much…

    Reply
  • den balnne puso patta a…….

    Reply
  • ado sub ekata tnx………
    mgeth first love eka bn anika math oya okkoma oya widihatama hituwa.mn gawa oya movies okkogema tbba manthara okkoma liyapu pothakuth tbba bn …

    Reply
  • kavindu gayan

    elama elama .. wenadata br rip balanawa.. eth me film eka patta hinda cam copy ekama baagena baluwa.. dan ayeth balanna one..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Bro gentlemen film ekata sub damuko… telegu ekak.supiri……

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Hashan R De Silva

    Sub Eka Wada karanne nane ai a Plz help me

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඇයි මචං මේ දවස්වල සයිට් එකේ ෆිල්ම්ස් වලට වැඩිය සබ් අප්ඩේට් වෙන්නෙ නැත්තෙ?

    Reply
  • Palaweini copy eke aulak na.habai phone walata audio support na.subtitle ekata thanks.doctor strength ekatat sub denna.obata jaya

    Reply
    • Web-බුවා

      මුලින් MX player එක දාගන්න. සාමාන්‍යයෙන් mx player එකේ පරණ version වල නම් AC3 වැඩ. ඒත්, දන්න විදිහට අලුත් update එක්ක ac3 codec එක අහක් කරලා. 😮
      මෙන්න මෙහෙම net එකේ search පාරක් දාලා ඕකට විසඳුම හොයා ගන්න පුළුවන්. 😉

      MX Player AC3 and DTS Custom Codec (Apk & Zip) Download

      මතුවට මේ මිහිතලය තුළ පවතින ඕන සද්දයක් සද්දෙටම වැඩ කරයි. lol 😀

      ජය! 🙂

      Reply
  • Chinthaka Silva

    film eka down karaganne kohomada

    Reply
  • නියමයි මචෝ….
    මේවා ඉතින් අනිවා බලන ඒවානේ.
    බොහෝම ස්තුතියි සබට.
    දිගටම සබ් කරමු.
    ජයෙන් ජය..

    Reply
  • Udara Damith B/K

    බ්ලුරේ

    Reply
  • සබ් එකට ස්තූතියි පූසො දැනට මේ කොපියම බාගන්නව බ්ලූරේ එක එනකන් ඉන්න බෑ

    Reply
  • thushan sandakelum

    thnkx machan sub valata!!

    Reply
  • Parts film ekak BN….br rip ekak enakanma innawa….

    Reply
  • Gathsara Umesh Kumara

    අනේ සමන් අයියේ…ඔය සබ් කොරන්නෙ නෑ කින අදහස හිතින් අතරින්න අනේ..ඔයාගෙ සබ් පට්ටම කොලිට.ි.ඔයාවගේ කෙනෙක් නැතුව යන්ව කියන්නෙ ඉතින් අපිට…….
    නියම ෆිලුමක් ..සබ් ඉක්ම්නින් ගෙනවාට බොහෝම ස්තූතියි අයියේ..ඊලග උපසිරැසියෙන් හමුවෙම.ු…

    Reply
  • ස්තුතියි සහෝ

    Reply
  • Web-බුවා

    ආ ආයෙත් ආවා එහෙනම් ලෙසට ෆිලුමක් අරං. එළ එළ බං. අර කිව්ව කතාව ඇත්ත ද කොහෙද තමා බං. හමයිනී ගැන lol 😀
    උඹට පේන කියන්න පුළුවන් කියලා අද නොවැ දන් නේ. 😀 ඉතිං ස්තූති සබට සහෝ. br ආවාම බලමු. ඒක වඩා හොඳයි. එහෙනම් ඔබතුමාට,

    ජය! 🙂

    Reply
  • මාලින්ද

    මම නම් බලනෝ.

    Reply
  • සබ් එකට තෑන්ක්ස් බ්‍රො. ඒත් ඕක දැන්ම බලන්න නම් නෑ.
    බ්ලුරේ තමයි

    Reply
  • ekmanata sub 1 dunnata thz mch…

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි සහෝ.ජයවේවා !

    Reply
  • Audio අවුල් නැති copy එකක link එකක් plz….

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ඔන්න බාන්න දැම්මා.
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • ROSHEEN CHARUTHA FERNANDO

    බොහොම ස්තුතියි.
    නමුත් මේ වගේ කතාවක් හොද කොපියක් එනකං බලන්න හිතෙන්නැ.
    හොද කොපියක් ආවාම එකටමත් සබ් අප් කරන්න.
    නියමයි

    Reply
  • elllllllllllllllllllllllllllllllllllllllllllllaaaaaaaaaaaaaaaazzzzzzzzzzzzzzzzzzzzzzz
    gaya wewa

    Reply
  • sub ekata thanks machan

    Reply
  • sherlock galle

    එල මම නම් ගොඩක් කමති HP පොත් වලටයි

    Reply
  • ashan lankanath

    thanks …………………………………..

    Reply
  • Sasitha Asaranga

    thank u wewa sub ekata. brrip ekak enakan idalama thamai man nam balanne.

    Reply
  • දිනේෂ් අකලංක

    මචං සබ් එකට තැන්ක්ස්..BR Rip එක එනකම්ම ඉන්නව.එකත් ආව ගමන් සබ් එක ඕනේ.

    Reply
  • prasadika sammani

    Ade math meka balanawa . Thank ubro

    Reply
  • බොබී

    මම හැරී පොටර් පොත් සෙට් එකත් ෆිල්ම් ටිකත් බලලා තියෙන්නේ. ඉතින් මේකත් කොයි වෙලේද එන්නේ කියලා බලන් හිටියේ. තෑන්ක්ස් සහෝ. ඔබත් හැරී පොටර් රසිකයෙක් වීම ගැන සතුටුයි.

    Reply
  • Lakshan Prabodha

    Maru bro…….. digatama sub demu…..

    Reply
  • ගොඩක් ස්තුතියි මචන්..දිගටම sub දෙන්න ලැබේවා.

    Reply
  • බොහොම ස්තුතියි යාලුවා . සතුටුයි ගොඩක් බලම් උන්නු මූවී එකක් ,, අයෙමත් එමු හොදම එකකින් සහෝ ජය ඔබට,,..

    Reply
  • සබට ගොඩක් තෑන්ක්ස් බ්‍රෝ. මේක Maxxa ෆිල්ම් එකක් නිසා Brrip එකෙන්ම බලන්න ඕනෙ. Cannibal Holocaust ෆිල්ම් එකටත් සබ් එක දෙන්න. සුපිරි ෆිල්ම් එක.

    Reply
  • දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • puluwann smallville wala sub denwada

    Reply
  • Amme balagena hitiye sahena dawasak iye idan ada wenakn eka 100 parakata wada enna athi sub eka dalada balanta. sahena asawak hitiye.. bohoma sthuthi saho… Kiwwa wagema kageth palaweni lv eka thma

    Reply
  • Meka denakalmai hitiye.. thanks wenna one.br thiyenawane.. ekata wada karaida?

    Reply
  • ela thanks bn HC copy blne na web ekka wt enkm inwa

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…එනකන් හිටපු කතාවක්…

    Reply
  • thanx machoo. br enkan innawooo. update eka denna honde

    Reply
  • Patta macho blueray enkn iwasanna wenawa kohoma hari….

    Reply
  • තෑන්ක්ස් මචං සබට…
    නිදි මරාගෙන හරි අපි වෙනුවෙන් කරන සේවයට තැන්කූ…

    Reply
  • මචන් Blueray Rip එක එනකම් බලන් ඉන්නවා.. වටින Film එකක් නේ… 😀

    Reply
  • හම්මේ..බලන් හිටියේ මේක දෙනකන්..බොහොම ස්තුතියි සහෝ සබ් එකට..

    Reply
  • Mchn, thaama blu ray copiyak ewith nedda?

    Reply
  • Mithuranga Mahisadha

    godak thankz sub ekta…………..
    plzz kawruhri me sub ekata set wena copy eheka link ekaka dennko

    Reply
  • affata meka daalathne ela ela thanqq ahh!!!

    Reply
  • Thanks bro සබ් එකට.මේකනම් සුපිරි ෆිලුමක්

    Reply
  • Charith Abhishek

    Thanks Machan Sub ekata.
    Meka nobala kohomada..??
    Onna ehenam download kara..

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
    • චරිත

      මේක harry potter series වලට සම්බන්ධ නැද්ද

      Reply

Leave a Reply to sahangayantha Cancel reply

Your email address will not be published. Required fields are marked *