අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesIMDB Top 250MaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළචිත්‍රපටිනාට්‍යමයබලන්නවර්ගීකරණය නොකළසහන් කහටපිටියසිංහල උපසිරැසි

Forrest Gump (1994) Sinhala Subtitles | වාසනාවන්තයෝ බලන්න! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 57 votes.
Please wait...

ආයුබෝවන්…! බයිස්කෝප් කන්ඩායමෙන් කරන හොඳම චිත්‍රපට 250ට මගේ මුල්ම උපසිරැසිය වන මෙයින් සහයෝගය දැක්වීමට ලැබීම සතුටට කරුණක්. මේ සඳහා මට නොමද සහයක් ලබා දී මගේ අවශ්‍යතා තේරුම් ගනිමින් නිතරම ඒ ගැන සොයා බලමින් තමන්ගේ පුද්ගලික දෙයකට මෙන් වෙහෙසෙන විකියා සහෝදරයාට මුලින්ම ස්තුතියි.

හරි…. චිත්‍රපටය ගැන කියනවා නම් 1986 දී ලියලා තියෙන ෆොරස්ට් ගම්ප් කියන පොතෙන් තමයි මේ චිත්‍රපටය හදලා තියෙන්නේ. IMDB rating 8.7ක් අරගෙන ලෝකේ හොඳම චිත්‍රපට වලින් 20 වන තැන මෙම චිත්‍රපටය හිමිකරගෙන තියෙනවා. හොඳම නළුවා, ‍හොඳම අධ්‍යක්ෂණය ඇතුළු ඔස්කාර් සම්මාන 6ක්, වෙනත් සම්මාන 37ක් අරගෙනත් තියෙනවා. The Terminal හි වික්ටර් නවෝස්කි (Tom Hanks) මතකනම් ඔහු තමයි මේ ෆොරස්ට් ගම්ප් කියන ප්‍රධාන චරිතය කරන්නේ. දන්නවානේ ඔහු අති සියුම් විදියට රඟපාමින් මේ චිත්‍රපටය පුරාවටම බලන අය ප්‍රබොධමත් කරලා මේ චිත්‍රපටය තවත් එක චිත්‍රපටයක් නොවන්න වග බලාගන්නවා.

මේක ටිකක් අඩු බුද්ධි මට්ටමක් ඇති කෙනෙක් වටා ගෙතුන කථාවක්. ඒත් සමහර වෙලාවට හිතෙනව බුද්ධිය අඩු ඔහුටද අනිත් මිනිස්සුන්ටද කියලා.‍ ඒත් මොහුගේ තිබෙන උනන්දුව මොහුගේ ජීවිතේ කොතරම් සුන්දර කරනවාද බලන්න. ඇත්තටම ආදරේ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. මේ චිත්‍රපටය හැමෝම අනිවාර්යෙන් බලලා ඇති ටී වී එකෙත් පෙන්නුවා. ඒත් සිංහල සබ් නැතුව නම් හැබැයි බලලා වැඩක් නෑ. මොකද චිත්‍රපටයේ හැම වචනයක්ම හැම රූප රාමුවක්ම එකකට එකක් සම්බන්ධයි. හුගක් අවධානයෙන් බැලුවොත් කවදාවත් කිසිම චිත්‍රපටයකින් ලැබෙන්නේ නැති වින්දනයක් ලබාගන්න පුළුවන්. ගොඩක් විනෝදාත්මක සහ මොනම චිත්‍රපටයකවත් නැති තරම් නිර්මාණාත්මක විදියට හදලා තියෙන මේම චිත්‍රපටය අර අපි කියන මෝඩ ජෝක් වලින් බලන කෙනාව හිනස්සන්න උත්සහ කිරීමක් නෙවෙයි.
ස්තුතියි.

මීට පෙර පල කළ ලිපිය

අද වැදගත් දවසක් නිසා වැදගත් ලස්සන ෆිල්ම් එකක් ගැන කියන්න හිතුන..මුලින්ම කියන්න ඕන මම මේක බෑවෙ චමිතගේ සිහින කොදෙව්වෙ තිබුන ලිපියක් දැකල..ඇත්තමයි මේ ගැන වර්ණනා කරන්න වචන මදි මට..මානසික වර්ධනය අඩු පුද්ගලයෙකුගේ ඇසින් බොහොම සරළ විදියට ලෝකය දකින හැටි තමයි මේකෙන් දක්වන්නෙ..මේ චරිතයේ සුවිශේෂී ලක්ෂන ගොඩක් තියෙනව..ඔහු දෙයක් කරන්න ගියොත් ඒක උපරිමෙන් කරනව වෙන කිසි දෙයක් ගැන හිතන් නැතුව..ඒ වගේම යම් පමණක වාසනාවකුත් ඔහුට තියෙනව..මම දැන් කතාවෙන් ටිකක් කියන්නම්..එක්තරා ළමයෙක් ඉන්නව කකුල් වල ආභාද සහිත,ඒ වගේම මේ ළමයගෙ බුද්ධි වර්ධනයත් අඩුයි පොඩි කාලෙ..කොහොම හරි මේ ළමයට කුඩා කාලයේම හොද යෙහිලියක් හම්බෙනව..ඇයත් එක්කම ඔහුත් උසමහත් වෙනව..ඔහුගේ ජීවිතය ගෙවෙන අයුරු තමයි මේ චිත්‍රපටයෙන් දැක්වෙන්නෙ..පුදුම සංවේදි කතාවක්..බලන්න පටන් ගත්තම එක මොහොතකට වත් කතාවෙන් බාහිර දේවල් හිතට එන්නෙ නෑ..ඇත්තටම මෙහෙම පොඩි ලිපියකින් මේ කතාව බලනකොට අපේ හිත වැඩ කරන හැටි ගැන ලියන්න බෑ..ඒ නිසා කතාව බලන්න කියලමයි මම කියන්නෙ..ඇත්තටම පුදුම ලස්සන කතාවක්!

හ්ම්ම්..මේ ලිපිය කියවල ෆිල්ම් එක බලන්න හිතුනෙ නැද්ද?කමක් නෑ..මේ ටිකත් කියවන්නකො..මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 6ක් දිනාගෙන ඇති අතර තවත් සම්මාන 38ක ට නිර්දේෂ වී 32ක් දිනාගෙන තියෙනව..ඒ වගේම IMDB වර්ගීකර්ණය අනුව ලොව හොදම/ජනප්‍රියම චිත්‍රපට අතුරින් 42වන ස්ථානයෙයි මේක තියෙන්නෙ..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සහන් කහටපිටිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/24

129 thoughts on “Forrest Gump (1994) Sinhala Subtitles | වාසනාවන්තයෝ බලන්න! [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    sub ka extrat karanna beri mata witharada ethakota

    Reply
    • Sanupa Ranmeth - Admin

      Fixed 🙂

      Reply
  • Shehan kavishka

    sub ekata බොහොම ස්තූති!♥️

    Reply
  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • Manoj Lakshan

    Bohoma sthuthi.. Jaya wewa!

    Reply
  • සබට ගොඩක් ස්තූතියි ඒත් බලද්දි අකුරු වල අව්ලක් එනවනේ ඒ ඇයි කියලා දන්නවද,ඉස්පිලි පාපිලි වෙන් වෙලා එන්නේ අකුරු වල

    Reply
    • Anonymous

      Meloma rahak na sub ek

      Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Puduma lassana film ekak. Loveeeeeeee it. Thkz a lot

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Asama film ekak Thak you subtitle walata

    Reply
  • Ravindu Chandimal

    Balapu hodama film walin ekak. Thank you

    Reply
  • Thns sub ekat,. Jayawewa

    Reply
  • Nishanpradeep95

    Tnc ma brother keep it up

    Reply
  • amma patta mama me post ekak dekala awe meka balanna .sub ekata tnx machan

    Reply
  • Thanks Macho…………..

    Reply
  • ස්තූතියි බ්රද ❤️

    Reply
  • Jaime Lannister

    thnx bro………

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • LSM HUSKAA

    Ammo meka mn balapu hodama 1 pttaaah aniwama balapn.
    Oskar Schindler wage hodama miniha Forrest Gump.
    me wge watina deyak apita dunnata thanks,ela,pin broww.

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho obala karannawu me sewayata. jaya

    Reply
  • kaushan piumantha

    දෙන්න වදන් නෑ බන්,,, මම මෙතෙක් බලපු ෆිල්ම් සෙට් එකෙන් හොඳම ෆිල්ම් එකක් ඈ,සබට ස්තුතියි
    ජය!

    Reply
  • බොහොම ස්තුතියි සහෝදරයා මේ වගේ ලස්සන චිත්‍රපටයක් ගෙනාවාට.!

    Reply
  • සබට තැන්ක්ස්

    Reply
  • r.s.samantha

    menna mewa thamai macho film
    ela ela digatama sub denna bro.
    thank you sub ekata
    jaya wewa…!!!

    Reply
  • වරුණ නිරෝෂණ

    මේ වගේ කතා වලට මම හරිම කැමතියි…. බොහෝම ස්තුතියි තේරෙන භාෂාවෙන් අපිට චිත්‍රපටියක් බලන්න ඉඩකඩ සලසා දුන්නට…….

    Reply
  • Buddhika Liyanage

    Thanks Dear, its good job …!!!

    Reply
  • tharanaga

    මම බලපු හොදම චිත්‍රපටය…..

    Reply
  • Tharanga Lakmal

    ඇත්තටම කාලෙකින් බලපු හොදම film එකක්.සිංහල sub දුන්නාට සහන් සහෝදරයට තුති…

    Reply
      • හුටා………! කොමෙන්ටුවක් කියලා හිතලා reply එකක් දාලා. 😀

        Reply
  • අති විශිෂ්ටයි මේ වගේ ෆිල්ම් එකක් බලන්න නම් කෙනෙක් ඇත්තටම වාසනාවන්ත වෙන්න ඕනෙ.

    Reply
  • “චූටී මල්ලි”

    බලමු බලමු මචන්
    සබට තෑන්ක්ස්

    Reply
  • හිතට දැනෙන film එකක්.

    Reply
  • Jayan Chamal

    PATTTAIIIIIIIIIII TAVA DANNA

    Reply
  • සාරංග ලියනගම

    සුපිරි ෆිල්ම් එකක්.ආයෙම සිංහල සබ එක්ක බලන්න පුළුවන්.ගොඩක් ස්තූතියි සහෝ…

    Reply
  • මම වැඩිම සැරයක් බලපු ෆිල්ම් 1. නියමයි සහෝ සිංහල subtitle දාපු 1

    Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • චමිඳු සඳකැලුම් (චමියා)

    bohoma sthuthiyi yaaluwaa!!!!!

    Reply
  • අම්මා ගහයි බැට් එකෙන්….. මේක කලින් බලලා තියෙනවා….. පට්ටම පට්ට ෆිල්ම් එකක් මම බලපු…. සිංහල සබ් එකත් එක්ක අනිවා බලනවා මේක ආයෙත්…… 🙂

    Reply
  • maru..asawen balapu film ekak…

    Reply
  • බොහොම අගෙයි සහෝ!
    ඉදිරියේදීත් තව තව උපසිරැසි අරං එන්න.
    ජය!

    Reply
  • film එක, sub නියමයි ඒත් හැම තැනම තියෙන “:ෆොරස්ට් ගම්ප්” කියන වචනෙ නැතිනම් හොඳයි

    Reply
  • බොහොමත්ම ස්තූතියි සහන් සහෝ උපසිරැසියට. ජය෴෴

    Reply
  • thank you machan hoya hoya hitapu movie 1kak

    Reply
  • Isuru Sampath

    ලෝකේ හොදම චිත්‍රපටි අතරින් 20 වෙනි එක..
    ඒත් මන් තාමත් කල්පනා කරන්නේ
    ඇයි ඒකට එච්චර අඩු අගයක් ලැබුනේ කියලා.
    මගේ අදහසට අනුව නම් 1 නැත්තන් 2 විය යුතුයි…
    වචන නෑ මචන් අදහස් දක්වන්න…සබ් එකට ස්තූතියි…

    Reply
  • චමිඳු සඳකැලුම් (චමියා)

    බොහොම ස්තුතියි යාලුවා උපසිරසියට!

    Reply
  • me film eka nobalana ayo kumata vatiiii

    Reply
  • දුමිඳු

    නියම වැඩක්….!!!
    ජය. 🙂

    Reply
  • රාම් රාජ්

    ඇත්තටම ෆට්ට ෆිලම් එකක්.සබ් වලට ස්තූතියි.

    Reply
  • supiri film ekakata niyama hadinweema

    Reply
  • Thanks Friend.
    Great work.
    Good luck.

    Reply
  • Isuru dimantha

    බොහොම ස්තුතියි මෙ ෆිල්ම් එකට සබ් දුන්නට මෙක මම බලන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්…………. මෙ වගෙ වටින ෆිල්ම් biscopelk.com එකෙන් විතරමයි……..

    Reply
  • film eka thiye.. sub eka gannawa. tanx

    Reply
  • කැලුම් ගුණසේකර

    එළ එළ. නියමයි සහෝ. ඔන්න මාත් ගත්තා.

    Reply
  • elakiri movie eka thanks guys i really proud of you guys.. wish you all have long journey with us

    Reply
  • GODAK thanks me wage honda movies danawata i really proud of you my bros…puluwannam hoyala cast a way film ekath danna thank you guys have a long journey……….

    Reply
  • Harsha Lahiru

    Thanks Saho….

    Reply
  • nishadip1

    Good film. thanks!!!

    Reply
  • Ela,
    thank you very much

    Reply
  • බොහොම ස්තුතියි sahan………………

    Reply
  • mudiya / මුදියා

    කාලෙකට කලින් මේක බෑව.ඒත් බලන්න බැරි උනා.සිංහල සබ් දුන්න එක නම් ‍ලොකු දෙයක්.අනිව බලනව මේක.එල සහන් සහෝ පළවෙනි වැඩේම.ජයවේවා.බොහෝ………..ම ස්තූතියි…!

    Reply
  • සුපර්..දිගටම සබ් දෙන්න සහෝ

    Reply
  • Moda Joke…
    nattam balamu ne…

    Reply
  • වෙනුර

    උපරිමයි සහෝ හොදම ෆිල්ම්ස් දෙන ඔයාලට පින් අත් වේවා

    Reply
  • මංජුල

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ පට්ට

    Reply
  • නියමම ෆිල්ම්ස් මේවා.. 🙂
    දිගටම දෙන්න

    ජය…

    Reply
  • thxx saho maxxa film akak

    Reply
  • chamath cafe

    මමත් බලන්න ඕනේ මේක බලලා නෑ ඒත් පට්ට එකක් කියලා අහලා තිබුනා

    Reply
  • අසංක

    සුපිරි සහෝ මමත් මේක බලන්න ආසාවෙන් උන්නේ දැන් ඉතින් සබ් එක්කම බලන්න පුළුවනි …

    Reply
  • ජය වේවා නියම කොල්ලෙක් නේ හොදම ෆිල්ම් එකකට මුලින්ම දුන්න එහෙනම් මගෙන් සුභ පැතුම්!!!

    Reply
  • බොහොම ස්තූතී

    Reply
  • මේක නම් එල කිරී ෆිල්ම් එකක් ආයේ බලන්න ඕනේ සබ් එක්කම මොකද මේක සබ් නැතුව බැලුවට මට හරියට අල්ල ගන්න බැරි උනා..සහන් සහෝට පින් අත්වේවා ආයේ සබ් දුන්න එකට

    Reply
  • නියමයි නියමයි බලන්න ඕනේ 🙂

    Reply
  • හොට්ටා

    අනිවා බලනවා මේක..බයිස්කෝප් ජය වේවා

    Reply
  • ලස්සන ෆිල්ම් එකක් වාගේ බලන්න ඕනේ මේ වගේ සුපිරි ෆිල්ම්ස් දෙන බයිස්කෝප් එකටත් අලුතෙන් එකතු වූ සහන් සහොටත් බොහෝ තුති

    Reply
  • rusuru | රුසිරු

    පරණ උනත් මැක්සා මේක…අනිවා වාසනාවත් තියෙන්න ඕනේ මේ වගේ එකක් බලන්න.නොබලා ඉන්න එපා හැමෝම බලන්න .. සහන් සහෝට බොහෝ පින්

    Reply
  • පට්ට කතාවක් ,,, නියමයි සහන් දිගටම වැඩේ කරගෙන යන්න ජය වේවා

    Reply
  • mihin ලංකා

    පළමු සබ් එකට සුභ පැතුම් මේවා තමයි ෆිල්ම් ඇත්තටම බයිස්කෝප් එකේ උන සත්කාර්යය තේරෙනවා මේවා දැක්කහම එදා සබ් දෙන්න බැරි උනත් හොදම ෆිල්ම්ස් වල ලිපිවත් ලියලා කටිටිය අතරට මේවා ගෙනිහින් තියෙනවා… ජය

    Reply
  • meyka nam maxxa wage thanks

    Reply
  • Niyamai….niyamai palamu sub aka patta.digatama subs denna

    Reply
  • Maxxxa machan.wadey karagena yamu…

    Reply
  • Thanks 1st sub.gr8 film

    Reply
  • අනේ මේකට සිංහල subtitles තියන තැනක් හොයල දාන්නකො!!

    Reply
  • arkimideas

    චිත්‍රපටත් බලල තියනව මෙහෙම ඵකක් බලල නෑ ජීවිතේට

    Reply
  • This is one of Great movies i ever watched..itz awesome

    Reply
  • ela movie ekak niymai ………ela ela

    Reply
  • පොතේ ගුරෝ. බලල නැත්තම් මේ ‍ෆිල්ම් එකත් බලල review එකක් දාපන්.

    Shawshank Redemption [1994] (IMDB rating 9.2)

    හිරකාරයෙක් ගැන කතාවක්. පිස්සුම පිස්සු කොර. Maxxa level එක Forest Gump ට සමානයි කිවුවහැකි.

    Forest Gump ට ආසනම් අන්වාර්යයෙන්ම බැලිය යුතුයි!

    Reply
  • රිවස්

    Life is like a box of chocolates

    Reply
  • රිවස්

    එල ,එල කියන්නෙ එලම එල: ටොම් හෑන්ක්ස් රගනව කියන්නෙ පට්ට

    Reply
  • එළ මචන්…….

    Reply
  • ටොම් හෑන්ක්ස්ගේ ෆිල්ම්ස් වලින් මම දැකපු හොදම ෆිල්ම් එක මේක තමා………!!

    Reply
  • මසාච්චි

    ලස්සන ෆිල්ම් එක….

    Reply
  • පොතේ ගුරා

    එළ එළ..හැමෝම ආසාවෙන් බලලනෙ..නියමයි.. 😀

    Reply
  • රොයිලි

    ඇත්තටම ලස්සනයි. cast away බැලුවට පස්සේ tom hanks ගෙ නියම රගපෑමක් බලා ගන්න පුලූවන් උනා

    Reply
  • Machan maru film aka…Keyanna wachana nahe…

    Reply
  • මචන් සිරා ෆිල්ම් එක…හිතට වෑදුනා…. 🙁

    Reply
  • අති විශිෂ්ටයි 🙂 මේ වගේ ෆිල්ම් එකක් බලන්න නම් කෙනෙක් ඇත්තටම වාසනාවන්ත වෙන්න ඕනෙ.

    Reply
  • Menna methaninuth baanna puluwan.

    ************

    Reply
  • මරු ෆිල්ම් එකක්. කතාව ටිකක් බොරු කියල දැනුනට සම්පූර්ණ කතාවම හරියට හිතට වදිනව.

    Reply
  • පොතේ ගුරා

    මෙන්න මෙතනින් යන්න පුලුවන් චමිත සහෝදරය මේ චිත්‍රපටය ගැන ලිව්ව විචාරය කියවන්න..තව දුරටත් මේ ෆිල්ම් එක ගැන අවබෝධයක් ලබාදේවි එතනින්!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *