අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිජපන්ත්‍රාසජනකතීරණය ඔබේනවෝදනී තිළිණිපවුලේ සැමටබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Fullmetal Alchemist (2017) AKA Hagane no renkinjutsushi Sinhala Subtitles | මම පොරොන්දුව රකිනවා, මාව විශ්වාස කරන්න [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 29 votes.
Please wait...

එක්තරා දේශයක ඇල්කෙමි කියන, යම් දෙයක් පරිවර්තනයට යොදාගන්න, පෞරාණික ගුප්ත විද්‍යාවක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක ගොඩක් දියුණු විද්‍යාවක්. එඩ්වඩ් එල්රික් කියන්නෙ මේ කතාවේ ප්‍රධාන චරිතය. එයයි එයාගෙ මල්ලි අල්පොන්සෙ එල්රික් අම්මත් එක්ක ජීවත් වෙන්නෙ නගරෙන් එහා තියෙන රිසෙම්බුල් කියලා ගමක. එයාලගෙ තාත්තත් දක්ෂ ඇල්කෙමි විද්‍යාඥයෙක්. තාත්තා එයාලව දාලා ගියාට පස්සෙ මේ දෙන්නා තනියෙම ඇල්කෙමි පුරුදු වෙනවා. ඒත් මේ දෙන්නගේ අම්මා වසංගතය නිසා මැරෙනවා. මේ නිසා දුක් වෙන එල්රික් සහෝදරයෝ අම්මව හදන්න ඇල්කෙමි යොදාගන්නවා. ඒත් මේකෙ වෙන වැරැද්දක් නිසා මල්ලිගෙ ඇඟයි එඩ්වඩ්ගෙ අතකුයි කකුලකුයි එයාලට අහිමි වෙනවා. අතුරුදහන් වුන මල්ලිගෙ ආත්මය කොහොමරි ළඟ තිබුන යකඩ ඇඳුමකට බද්ධ කරන්න එඩ්වඩ්ට පුළුවන් වුනත් එයාලගෙ ඇත්ත ඇඟවල් අරගන්න ලැබෙන්නෙ නෑ. වැරැද්ද නිසා නැතිවුන අතටයි කකුලටයි හරියන්න එයාලගෙ යාළුවෙක් වෙන වින්රි කෘතිම අතපය එඩ්ට හදලා දෙනවා. මේකත් එක්ක එඩ්ට ඕන වෙනවා මල්ලිගෙ ඇඟ ගන්න ක්‍රමයක් හොයාගන්න. මෙයාගෙ දක්ෂකම නිසාම අඩු වයසින් රජයේ නිල ඇල්කෙමි තනතුරකුත් ලැබෙන නිසා එයාට තවත් ලේසි වෙනවා ඇඟවල් ලබා ගන්න එක සම්බන්ධයෙන් පර්යේෂණ කරන්න. මේ යන ගමන අතර තුරදි එයාලා හොයාගන්නවා මායා ගල කියන පාෂාණයට හැකියාවක් තියෙනවා කියලා එයාලගෙ ඇඟවල් ලබාගන්න. මායා ගල හොයන්න පටන් ගන්න නිසා ගොඩක් කරදර වලට මූණ පාන්න එල්රික් සහෝදරයන්ට සිද්ධ වෙනවා. කතාව බලලම දැනගමු එයාලගෙ අරමුණ ඉෂ්ඨ කරගන්න එයාලට හැකියාවක් ලැබෙයිද කියලා.

මේ කතාවට පදනම් වෙන්නෙ හිරෝමු අරකාවාගේ ලෝක ප්‍රසිද්ධ Fullmetal Alchemist කියන චිත්‍ර කතා මාලාව. මේකෙ ඇනිමේටඩ් සීරිස් දෙකක් සහා තවත් ඇනිමේටඩ් ෆිල්ම් නිකුත් වෙලා තිබ්බත් මේක තමයි පලවෙනි ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක. මේ කතාව චිත්‍රකතාවට වඩා ගොඩක් වෙනස් වුනත් මූලික තොරතුරු ඒ විදියටම දැකගන්න පුළුවන්. චිත්‍ර කතාවටම සමාන සීරිස් එක Fullmetal Alchemist : Brotherhood කියන නමින් 2009 දි නිකුත් වෙනවා. මේකෙ සිංහල උපසිරසිත් ළඟදිම බයිස්කෝප් අඩවියෙන් ලබාගන්න හැකියාව ලැබෙයි. හරියටම කතාවෙ සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා බලාගන්න ඕන නම් සීරිස් එකත් බලන්න. මීට වඩා හොඳ ලිපියක් ඒකට සූදානම් කරලා තියෙන්නෙ. ගොඩක් නොතේරෙන තැන් විසඳගන්න පුළුවන් වෙයි. තව කියන්න ඕනෙ ෆිල්ම් එකට වඩා ගොඩක් ඇනිම් සීරිස් එක සුපිරියි කියලා. 😉

මේක දෙන්න හිටියෙ සීරිස් එකට සබ් දීලා, ඒත් අධ්‍යාපන වැඩ නිසා ඒක කල් ගියා, ඒත් මේ සතියෙ ඒකත් ඉවර කරන්න පුළුවන් වෙයි. බයිස්කෝප් කියන්නෙ හැමදාම අළුත්, පරණ ටීවී සීරිස්, ෆිල්ම් වලට ⁣හොඳම සබ්දෙන අඩවියක්. ඉතින් කාටත් කලින් මේ ෆිල්ම් එකට සබ් එක බයිස්කෝප් එකෙන්ම දෙන්න ඕන නිසා සීරිස් එකට කලින් ෆිල්ම් එක අරන් ආවේ. මේක නෙට්ෆ්ලික්ස් එකට ඇවිල්ලත් දවස් 5ක් වගේ වෙන්නෙ. හොඳ කොපියක් ආව නිසා ඉක්මණටම සබ් එක කළා. අඩු පාඩු තිබ්බොත් කියන්න. පුළුවන් තරම් ඉක්මණට තමයි සබ් එක කලේ. 👍

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

44 thoughts on “Fullmetal Alchemist (2017) AKA Hagane no renkinjutsushi Sinhala Subtitles | මම පොරොන්දුව රකිනවා, මාව විශ්වාස කරන්න [සිංහල උපසිරැසි සමඟ]

  • Thilankadissanayake

    thanks you

    Reply
  • ruchiralakmal

    Thanks for the sub

    Reply
  • Bhagyasingh

    Akke attack on titan anime ekata sub dennako

    Reply
  • Dhamma Wansa

    Fatta thanku so much..

    Reply
  • Mawan Geethanjana

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • Kaveen Gayath

    Thank you for sub

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය.

    Reply
  • ranga11112

    උපසිරැසියට ස්තුතියි සහෝ,
    බුදු සරණයි

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • A silent voice, Your Name wage supiri anime film wala sub dennooo.

    Reply
    • Mn qwe a wage thawath supiri film walata

      Reply
    • මං දෙක තුනකට දීලා තියෙනවා සබ්, මගේ නමට ගිහින් බලන්න, හැබැයි ඒ වගේමද කියලනම් කියන්න බෑ, ලස්සනයි කියලනම් කියන්න පුළුවන්.

      Reply
  • Chamara Diaz

    ඔබේ මහන්සියට තුති…~

    Reply
  • උපසිරැසියට ස්තූතියි

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Udara Damith Dissanayaka

    එල
    ටීවී එකේ
    hd ඒවාටද සබ් දෙන්නේ
    ඩවුන්ලෝඩ් කරලා තිය ගන්ඩ

    Reply
  • geeganagamage

    මේ වගේ ගොඩක් ලස්සන සුපිරි ෆිල්ම් අපි සැම වෙනුවෙන් අරගෙන එනවට ගොඩක් ස්තුතියි කරනවා . ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් නංගි

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

    Reply
  • AsithaDilruwan

    elama saho thanks

    Reply
  • sam fisherr

    anee man balana unnaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *